හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

    හොද ඩිවලොපර් කෙනෙක් වෙන්නේ කොහොමද?

    තමන් සියල්ල දන්නව කියල හිතන එක නවත්ත ගන්න ඕනි මුලින්ම ගොඩක් එවුන් මුලින් කෝඩ් කෑල්ලක් රන් කරපු වෙලාවෙ ඉදන් මම දන්නව කියල හිතන් ඉන්නව මෙලෝ සසරක් දන්නෙ නෑ බලපුවම.එහෙම තමන් නොදන්නව කියල දැන ගත්ත ගමන් උබලගෙ ඕළුව හිස් වෙනව අලුත් දේවල් දැන ගන්න.

    ගූගල් හරි මොකක් හරි එකක සර්ච් කරන්න ඉගෙන ගන්න ඕනි.
    මේක නන් හිතන තරන් ලෙසි වැඩක් නෙවෙයි පළපුරුද්ද අනුව සෙට් වෙන දෙයක්. කඩ්ඩ හොදටම ඕනි නෑ. සර්ච් කරන විදිහ තමා ඕනි.

    එරර් එකක් ආවම හතරවටෙන් අහන එක නවත්තන්න ඕනි. සර්ච් කරන එක නෙවෙයි එපා කියන්නෙ සර්ටයි, යාලුවටයි කෝල් කර කර අහන එක. තියරි වගේ දෙයක් නන් තමා අවුලක් නැත්තෙ හොයාගන්නම බැරි නන් ඒකත් එපා කියලයි මම නන් කියන්නෙ. ඒ කවුරුත් කරන්නෙ ගූගල් දෙය්යගෙන් අහන එක තමා ගොඩක් වෙලාවට.

    එරර් එකක් ආවම බය වෙන එක නවත්තන්න , එරර් එකක් කියන්නෙ උබට 10000ක් වත් ගෙවල ඉගෙන ගන්න බැරි දේවල් ගොඩක් කියල දෙන පන්තියක්. එරර් එකක් ආවම සතුටු වෙයන්. මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් පටන් ගන්නකොට මට ඒක අවුලක් නැතුව කන්ෆිග් කරන්න මාසෙකට වඩා ගියා මුලින්ම අලුත් ඉන්ටෙන්ට් එකක් දා ගන්න හෙන ගේමක් දුන්න. මම මේ කියන්නෙ 2010 ගැන දැන් නන් දෙන්නවනෙ ඔක්කොම එකටම.හැබයි SOAP වෙබ් සර්විස් එකක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක කනෙක්ට් කරා දවස් දෙක තුනකින් ඒ අර ගත්ත පැක්ටිස් එකෙන්.

    අනික් කාරනේ තමා ඩේටාබේස් එක මචන් ඔය කොච්චර තියරි වලින් කරත් පැක්ටිකල් කරන්න ගියාම එරර් කෝටියයි.බොරුවට හරි ප්‍රොජෙක්ට් පටන් අරන් ER ටික ඇදපන් හුරු වෙන්න. මේකට නන් දන්න කෙනෙක් සෙට් කර ගන්න වෙනව අඩු පාඩු හදා ගන්න.

    අනික් දේ තමා දන්න දේවල කාට හරි කියල දියන් ගුරු මුශ්ටිය තියා ගන්නෙ නැතුව, පුලුවන් නන් ඔපන් සොර්ස් ප්‍රොජෙක්ට් ටිකක් කරන්න ඉගෙන ගන්න කාලෙ. තියෙන ඒවට ජොයින් වෙලා උන් එක්ක වැඩ කරන්න.

    මට තව පුරුද්දක් තියෙනව මචන් හොදට හදපු වෙබ් එකක් දැකපු ගමන් සොර්ස් කෝඩ් එක බලල ඒකට පාවිච්චි කරල තියෙන අලුත් දේවල් මොනවද බලන එක.

    හැම ලැන්වේජ් එකක්ම ඉගෙන ගන්න ඕනි නෑ තමන් දන්න එක එක්ස්පර්ට් වියන් මුලින්. ඊට පස්සෙ ස්ක්‍රිප්ටින්ග් ලැන්වේජ් එකක් ඉගෙන ගන්න එහෙම නැත්තන් ඩබල් ඕපී එකක් ඉගෙන ගන්න.

    සුබ ප්‍රොගැමින් අනාගතයක්,
    ටයිප් කරපුවට අඩුම තරමෙ බලල නිකන් යන් නැතුව බම්ප් එකක් දාගෙන යමන් අනික් උන්ටත් බලා ගන්න.

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    තමන් සියල්ල දන්නව කියල හිතන එක නවත්ත ගන්න ඕනි මුලින්ම ගොඩක් එවුන් මුලින් කෝඩ් කෑල්ලක් රන් කරපු වෙලාවෙ ඉදන් මම දන්නව කියල හිතන් ඉන්නව මෙලෝ සසරක් දන්නෙ නෑ බලපුවම.එහෙම තමන් නොදන්නව කියල දැන ගත්ත ගමන් උබලගෙ ඕළුව හිස් වෙනව අලුත් දේවල් දැන ගන්න.

    sahathika aththa!!
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    "හැබයි SOAP වෙබ් සර්විස් එකක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක කනෙක්ට් කරා දවස් දෙක තුනකින් ඒ අර ගත්ත පැක්ටිස් එකෙන්. "
    :D
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බුම්ප් මචන් වටිනවා මචන් රේප් දෙන්න බැලූ
    You must spread some Reputation around before giving it to හෙළයෙක් again.
     
    Last edited:

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    sahenna watina upades tikak
    mamath php igenaanimin sitimi.bt tama mukuth prj kale na
    w3school tama tama balanne.umbala danna igena gatta sites thiye nam post karamu katath balagattaki
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    "හැබයි SOAP වෙබ් සර්විස් එකක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක කනෙක්ට් කරා දවස් දෙක තුනකින් ඒ අර ගත්ත පැක්ටිස් එකෙන්. "
    :D

    ඇයි උයා හිනා වෙන්නෙ මම කිව්වෙ මේකනෙ අර මුල ටික කරගන්නව කියන්නෙ තනියම ගූගල් දෙයියට පූජා තියල ලෙසටම වැඩේ කරගන්න පුළුවන් තත්වෙකට ඇවිත්. පැක්ටිකල් ඒව ගැන විතරයි මම කියල තියෙන්නෙ.තියරි නන් මම දන්නෙ නෑ.

    බුම්ප් මචන් වටිනවා මචන් රේප් දෙන්න බැලූ
    You must spread some Reputation around before giving it to හෙළයෙක් again.

    කමක් නෑ එක පාරක් දීලනෙ

    sahenna watina upades tikak
    mamath php igenaanimin sitimi.bt tama mukuth prj kale na
    w3school tama tama balanne.umbala danna igena gatta sites thiye nam post karamu katath balagattaki

    මම අලුතෙන් ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පිළිවෙලක් තියෙනව.
    1, ඒක රන් කරල හෙලෝ වර්ල්ඩ් එක ප්‍රින්ට් කරනව
    2, ලූප්,ඉෆ් එල්ස් ෆොර් ලූප් කොහොමද දාන්නෙ බලනව.
    3, ඊගාවට M.V.C විදියට ලියන්න පුළුවන්ද බලනව (මේක නන් හොද වැඩක් නෙවෙයි එච්චරම. එහෙම නොකරනව නන් කරන්න තියෙන්නෙ ක්ලාස් තියෙනව නන් ඒව ගැන ඉගෙන ගන්නව ෆන්ක්ෂන් තියෙනව නන් ඒව ගැන ඉගෙන ගන්නව. )
    4. හොද ප්‍රොජෙක්ට් එකක් කරන්න පටන් ගන්නව බය අතහැරල ඒකෙ ඕන වැඩේ කරන්න ඕනි පාත් එක හොයාගෙන ඒ විදිය කොහොමද දැන් ඉගෙන ගන්න ලැන්වේජ් එකෙන් කරන්නෙ කියල ගූගල් කරනව.

    ඔහොම කරා කියල එක පාරට ඔක්කොම පහළ වෙන්නෙ නෑ අවුරුදු ගානක් යනව ඕනිම ලැන්වේජ් එකක් හරියට ෆිට් වෙන්න.

    මම සර්ගෙන් ඉගෙන ගත්තෙ ජාව විතරයි ඔය ක්‍රමයට පීඑච්පී, ජාව ස්ක්‍රිප්ට්, පයිතන්, රූබි වගේ ගොඩක් ඒව ඉගෙන ගත්ත.

    ඔය මගේ ක්‍රමය ඒක උබේ ක්‍රමය නොවන්න තියෙන ඉඩ 99% මචන්.
    ඔය උබ කියන සයිට් එක ඇරෙන්න වෙන එකක් මට හරියටම මතක නෑ මචන් මම ගූගල් එකෙන් එන ඒව පාවිච්චි කරේ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    sahenna watina upades tikak
    mamath php igenaanimin sitimi.bt tama mukuth prj kale na
    w3school tama tama balanne.umbala danna igena gatta sites thiye nam post karamu katath balagattaki

    මුලින්ම මේක බලන්න http://thenewboston.org/list.php?cat=11

    ඊළගට මේ සයිට් එකේ තියන එව්වා බලන්න http://www.tutorialspoint.com/php/index.htm

    ඊටපස්සේ පොඩි ප්‍රොජෙක්ට් එකක් දෙකක් කරන්න තනියම හිතල හරි කමක් නැ.

    ඊට පස්සේ වෙලාව තියන හැටියට හොද පොතක් කියවන්න :lol:
     
    sahenna watina upades tikak
    mamath php igenaanimin sitimi.bt tama mukuth prj kale na
    w3school tama tama balanne.umbala danna igena gatta sites thiye nam post karamu katath balagattaki
    Lynda.com PHP Essential Training & PHP Beyond the Basics course deka balapan. Ubata hugak knowledge ganna puluwan. Eke podi podi systems hadanawath ekka.

    Essential Training
    http://extratorrent.cc/torrent/30994...+Training.html

    Beyond the basics
    http://kickass.to/php-with-mysql-bey...-t7521261.html
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    මුලින්ම මේක බලන්න http://thenewboston.org/list.php?cat=11

    ඊළගට මේ සයිට් එකේ තියන එව්වා බලන්න http://www.tutorialspoint.com/php/index.htm

    ඊටපස්සේ පොඩි ප්‍රොජෙක්ට් එකක් දෙකක් කරන්න තනියම හිතල හරි කමක් නැ.

    ඊට පස්සේ වෙලාව තියන හැටියට හොද පොතක් කියවන්න :lol:

    විල්සන් මාමා;16608428 said:
    Lynda.com PHP Essential Training & PHP Beyond the Basics course deka balapan. Ubata hugak knowledge ganna puluwan. Eke podi podi systems hadanawath ekka.

    Essential Training
    http://extratorrent.cc/torrent/30994...+Training.html

    Beyond the basics
    http://kickass.to/php-with-mysql-bey...-t7521261.html

    oya thiyene oni karana badu supply karala gedratama,, :):):)