හොන්ඩා කාර් ලක්ෂ 12 ක් යළි කැඳවයි

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
හොන්ඩා කාර් ලක්ෂ 12 ක් යළි කැඳවයි

Accord-Hybrd-Honda.jpg


ගිනි ගැනීමේ අවදානමක් හේතුවෙන් එක්සත් ජනපදය තුළ අලෙවි කරන ලද හොන්ඩා මෝටර් රථ ලක්ෂ 12 ක් යළි කැඳවීමට සමාගම විසින් පියවර ගෙන තිබේ. 2013 සිට 2016 දක්වා නිෂ්පාදනය කරනු ලැබ ඇති Honda Accord Hybrid මෝටර් රථ මෙලෙස යළි කැඳවනු ලබන බව හොන්ඩා සමාගම ඊයේ (13) දිනයේ දී නිවේදනය කරන ලදී. මෙහි බැටරි සංවේදකවල වූ දෝෂයක් හේතුවෙන් එංජිම පිහිටි කොටස ගිනි ගැනීම් සම්බන්ධ සිදුවීම් 4 ක් වාර්තා වී ඇති බවත්, මේ හේතුවෙන් කිසිදු පුද්ගල අනතුරක් සිදුව නොමැති බවත් හොන්ඩා සමාගම කියා සිටී. අදාළ බැටරි සංවේදක ප්‍රතිස්ථාපනය නොමිලේ සිදුකරනු ලබන බවත් එක්සත් ජනපදය තුළ අලෙවි කර ඇති Accord Hybrid මෝටර් රථ දොළොස් ලක්ෂයක් මේ අනුව යළි කැඳවන බවත් හොන්ඩා සමාගම වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කොට ඇත. :rolleyes: