හොඳට කියවල උත්තර දෙන්න

බේරාගන්නේ අම්මා&

  • අම්මා

    Votes: 32 88.9%
  • නෝනා

    Votes: 4 11.1%

  • Total voters
    36
  • Poll closed .

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොඳට කියවල උත්තර දෙන්න

    කලබල වෙන්න එපා... හෙමින් කියවල උත්තර දෙන්න...

    ඔන්න මෙහෙම හිතන්න...
    ඔයාල පොඩි කාලේදී ඔයාලගේ තාත්ත නැති වෙනවා... එතකොට ඔයාලගේ පවුලේ වෙන දරුවෝ නැහැ... අම්මට රස්සාවත් නැහැ.. අම්ම ඔයාව හදාගන්න ගොඩක් මහන්සි වෙනවා.... ලෙඩක් දුකක් හැදුනම, ඔයාලට කලින් අඬන්නේ අම්ම... ගෙවල් වල වලන් පිඟන් හෝදන්න ගිහිං, වත්තවල උදලු ගාල කියක් හරි හොයාගෙන ඇවිත් කන්න බොන්න දෙන්නේ... නයට සල්ලි ගෙනත් පොත් පත් අරගෙන දෙනවා... ඔයා කද්දී අම්ම බඩගින්නේ ඉන්නවා.. අන්තිමට ඔයා නිදි කරවල, වලන් හෝදන්න යද්දී ඒවා හුරගෙන අම්මගේ බඩට මොනවා හරි දාගන්නවා, පස්සෙන්ද කියක් හරි හොයාගන්න ඕන නිසා.. දරුවට අවනම්බුවක් වෙයි කියල ඇඟ විකුනන්නෙත් නැහැ... අම්මගේ ඇස් දෙක වගේ බලාගන්නේ... ලොකු මහත් වෙද්දී අම්ම කෙමෙන් කෙමෙන් වයසට යනවා... දැන් ඔයා සමාජේ තේරුම් ගෙන හොඳට පඩියක් ගන්න ජොබ් එකක් කරනවා... අම්ම ඉන්නේ දැන් ඔයා ළඟ... කන්නේ බොන්නේ ඔයා සලකන නිසා... අම්මට වගේම ඔයාටත් අම්මව දකින්නේ නැතිව ඉන්න බැහැ...
    ඒ අස්සේ අම්ම ලස්සන කෙල්ලෙක්ව ඔයාට යෝජනා කරනවා....

    අම්මට වෙනස් කමක් වෙයි කියල ඔයා ඒ කෙල්ලට අකමැති වෙනවා... ඒත් අම්මගේ කැමැත්තට ඉඩ දීල කැමති වෙනවා... ඒ කෙල්ල ඇත්තට ලස්සනයි... එයා පොඩි කාලේ තාත්ත අම්මට හොඳටම ගහල වද දීල, දාල ගිහිං... ඒ නිසා පිරිමින්ට කැමති නැති කෙනෙක්.... ඒත් ඔයා අම්මට සලකනවා දැක්කම ඔයාගේ දිහා බලාගෙන ඔයාව තාත්ත විදියට දැකගෙන ඒ කෙල්ල ඔයත් එක්ක ජිවත් වෙනවා... අම්මගෙන ඇරුනම රසට කන්නේ බොන්නේ ඒ කෙල්ල හදන කෑම බිම... එයා බලාපොරොත්තු වෙනවාටත් වඩා ඔයා එයාට යුතුකම් කරනවා... එය ඔයාගෙන් බලාපොරොත්තු වෙන ආරක්ෂාව ඔයා දෙන බවටත් පොරොන්දු වෙනවා... උදේට වැඩට යනකොට වගේම රෑ නිදාගන්න යද්දිත් ඔයාගේ කකුල් දෙක අල්ලලා වඳින්නේ ඔයා නියම පිරිමියෙක් නිසා... ගෙදර වැඩ වගේම අම්මගේ වඩාත් කරන්නේ කෙල්ල... අම්මට හොඳම යාලුවෙක් හම්බ උනා වගේ...

    ඔන්න දවසක් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යනවා... යන්නේ මහා මුහුදේ දුපතකට....
    දුපත කිට්ටු වෙද්දී කිලෝමීටර 2 ක් විතර තියෙද්දී බෝට්ටුව සුළඟට අහු වෙනවා...
    බෝට්ටුව විනාස වෙනවා....
    ඔයා අමාරුවෙන් කොටයක් අල්ලාගෙන නගිද්දී,
    අම්මයි නෝනයි දෙන්න ගිලෙන්න යනවා...
    ඔයාල තුන් දෙනාටම පීනන්න බැහැ...
    කොටේ ඉන්න පුළුවන් දෙන්නටයි...

    හිතල බලල දෙන්න බලන්න ඔයා කාවද කොටේට ඇදලා ගන්නේ කියලා...
    මගේ අම්ම මතක් කරන්නේ නැතිව කොමෙන්ට් දෙන්න...
    පෝල් එකේ කාගේවත් නමක් බලන්න බැරි වෙන්න හදපු නිසා හදවතට එකඟව වෝට් කරන්න...
    බම්ප් එකට වඩා කොමෙන්ට් එක වැදගත්...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    දෙන්නම කොටය උඩ තියලා.. මම යනවා බං..
    එක්කෙනෙක් බේරගෙන මැරි මැරි ජීවත් වෙනවට වඩා ඒක ලේසියි..
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kiwwa kiyala hita ganin.. labba

    එකෙක් මගෙන් උදේ ඇහුව කෙල්ලෝ ගැන කතා කරද්දී මේ දේ...
    මම හිරිවැටිලා ගියා...
    ඒ නිසයි දැම්මේ..
    ඇත්තට එහෙම දෙයක් උනොතින් හිතෙද්දීත් බයයි බං...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උත්තරේ හරි සරළයි. මට හොඳටම පීනන්න පුලුවන් (Breast Stroke එක වැදි දියුණු ලෙසම ප්‍රගුණ කරලා ඉන්නේ ). නොගීලී එක තැන වතුරේ ඉන්නත් පුලුවන්. ඒ නිසා ඒ දෙන්නට කොටේ උඩ ඉන්න කියලා මම වතුරේ ඉන්නවා.

    අනික බං මම බෝට්‍ටු වලින් දූපත් බලන්න යන්න අදහසක් නෑ. ඒ නිසා ඔව්ව ගැන හිතලා වැඩක් නෑ. :lol::P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උත්තරේ හරි සරළයි. මට හොඳටම පීනන්න පුලුවන් (Breast Stroke එක වැදි දියුණු ලෙසම ප්‍රගුණ කරලා ඉන්නේ ). නොගීලී එක තැන වතුරේ ඉන්නත් පුලුවන්. ඒ නිසා ඒ දෙන්නට කොටේ උඩ ඉන්න කියලා මම වතුරේ ඉන්නවා.

    අනික බං මම බෝට්‍ටු වලින් දූපත් බලන්න යන්න අදහසක් නෑ. ඒ නිසා ඔව්ව ගැන හිතලා වැඩක් නෑ. :lol::P

    මට පීනන්න බැරි නිසා බස් එක පාලමක් උඩින් යද්දී උනත් ගිනි බයේ ඉන්නේ..:no::no:
    කලින් ඔෆිස් එකේ එවුන් ගියා බෝට්ටුවෙන් තල්මස්සු බලන්න ලයිෆ් ජැකට් දාගෙන...
    මම ගියේ නැහැ...
    බයයි වතුර යට මොකා ඉන්නවද දන්නේ නැහැනේ...:(:(:(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :(
    උත්තරේ හරි සරළයි. මට හොඳටම පීනන්න පුලුවන් (Breast Stroke එක වැදි දියුණු ලෙසම ප්‍රගුණ කරලා ඉන්නේ ). නොගීලී එක තැන වතුරේ ඉන්නත් පුලුවන්. ඒ නිසා ඒ දෙන්නට කොටේ උඩ ඉන්න කියලා මම වතුරේ ඉන්නවා.

    අනික බං මම බෝට්‍ටු වලින් දූපත් බලන්න යන්න අදහසක් නෑ. ඒ නිසා ඔව්ව ගැන හිතලා වැඩක් නෑ. :lol::P

    Same here (habai mama butterfly).
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද...?
    ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද...?
    ගෑණු අපිට සිය ගනන් සෙව්වැකි...
    හැබැයි අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැති...

    අත් මිට කාසි පනම් ඇති විට...
    එතකොට ගෑණුත් ඇති වට පිට...
    එයල අත මිට නැති දා හැර යයි යන්නට...
    නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට...
    සමහර තරුණ, තරුණියන්ට රැවටිලා...
    අසරණ මෑණියන්ට වෙනස්කම් කළා...
    ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ...
    එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ...

    එදා චූල පදුම රජතුමාගෙ බිසවට...
    පිපාසෙ උන කාන්තාරෙ යනකොට...
    රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට...
    රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට...
    ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට...
    රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට...
    තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට...
    අම්ම එහෙම කරයිද තම පුතාට...

    එදා රජතුම සහ බිසව කැලේ යනවිට....
    වැදි කුමරෙක් කඩා පැන්න සටනට...
    ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට...
    ආස හිතුන රජතුමාගෙ බිසවට...
    කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට...
    කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට...
    අන්න ඒක නිසා නහින්න වුනා රජාට...
    ළමයො අම්ම එහෙම කරයිද තම පුතාට...
    ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා...
    ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා...
    ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා...
    මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා...

    සමහර තරුණ, තරුණියන්ට...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙන්නම කොටය උඩ තියලා.. මම යනවා බං..
    එක්කෙනෙක් බේරගෙන මැරි මැරි ජීවත් වෙනවට වඩා ඒක ලේසියි..
    11.gif
    11.gif
     
    • Like
    Reactions: labu gediya

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට පීනන්න බැරි නිසා බස් එක පාලමක් උඩින් යද්දී උනත් ගිනි බයේ ඉන්නේ..:no::no:
    කලින් ඔෆිස් එකේ එවුන් ගියා බෝට්ටුවෙන් තල්මස්සු බලන්න ලයිෆ් ජැකට් දාගෙන...
    මම ගියේ නැහැ...
    බයයි වතුර යට මොකා ඉන්නවද දන්නේ නැහැනේ...:(:(:(

    පිස්සුද බං.අපෝ පීනන්න පොඩ්ඩක් ඉගෙන ගනින්. ලොකු දෙයක් නෑ. ලයිෆ් ජැකට් ඇඳගෙන ඔය ගමන් යද්දි ආතල් කුඩු වෙනවා බං. නිකන් රොබෝ වගේ. :(:( ඔච්චර බීච් එකක් ගාව ඉන්න බොට පීනන්න බෑ කියන්නේ අනේ අපොයි. :frown::frown:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඔකෙ හිතන්න දෙයක් නැ බන්,සනි ලියොන්ව බැන්දත් කොල්ලො වැඩිපුරම ආදරෙ අම්මට අම්මව තමයි බෙර ගන්නෙ