හොඳම අම්මා සිංදුව

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හොඳම අම්මා සිංදුව

    උඹල හිතන විදියට හොඳම සිංහල අම්මා සිංදුව මොකක්ද?


    මගේ නම් මේක


    මාර content එකක් තියෙන්නේ




    dewani_budun_lesa.png

    dewani_budun_lesa.png
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113


    හිරු විකසිත වී මිය යන පොළොවේ
    එළිය අඳුර සම සමව බෙදයි
    ගත පණ නල වන් රුධිරය මව්ගේ
    කිරට හැරී කුසගිනි දුරලයි

    සමුදු වදන් සවනත පාවේ
    බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
    ලෝකය බිහි කළ මව්නි මගේ
    නුඹේ නමට මුළු ලොවම වඳී

    හිරු විකසිත වී.....

    හදමඬලේ සෙනෙහස් කඳුළින්
    සුදු බුදු රැස් විහිදුණි අහසේ
    එවන් මහිමයක් ලොවට උදා කළ
    මව්නි ඔබට මුළු ලොව ම ගැතියි

    හිරු විකසිත වී.....
     
    • Like
    Reactions: aruna1

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ආදරයේ උල්පත වූ අම්මා

    මා ඔබගේ පුතු වූ...

    ඔබ මතු බුදුවන දවසේ

    මා රාහුල කුමරුන් සේ

    සෙවණ පතා

    අද මෙන් පැමිණෙන්නෙමි

    සුලැඟිල්ලේ එල්ලී....



    සඳ දිය කොට කිරි වතුරෙන්

    ඒ දියරෙන් මුව දෝවා

    දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්

    මතකයි මා නැළවූවා

    ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී

    ඒ ජීවිතයට කිරි දී පණ දී

    මා දැඩි කළ අම්මා....



    තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා

    නිදි ගන්වා යහන් ගැබේ

    සිහිනෙන් ගෑ සුවඳක් මෙන්

    සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ

    දවසින් දවසට සෙනෙහස ළබැඳී

    ගෙනදී දිවියට නව පණ ලැබදී

    මා දැඩි කළ අම්මා...



    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

    තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: Gunther and aruna1

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,731
    7,928
    113
    මෙන්න මෙතන...
    රෑ අහසේ තරු දිලුනට
    නෑ එලියක් හඳ වාගේ
    ජීවිතයට මොනවා තිබුණද
    නෑ කිසිවක් නුඹ වාගේ


    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම

    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත


    පාට ඉතිරෙන දේදුන්නක හැඩ
    පාවී යන්නෑ සුළ‍ඟේ බොඳවී
    ලෝකය ගැන නුඹ දකිනා සිත
    පාට පාට දේදුන්නක් වාගේ


    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම

    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත

    සැනසෙන්නම් මා ///


    machan me sinduwe kiyanne kellek ganada..natnam amma ganada..:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113




    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා....

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…

    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මාවරුනේ…

    Singer : Nanda Malini
    Lyrics : Dharmasiri Gamage
    Music : Premasiri Khemadasa


    What a wonderful song this is :love::love::love:


     
    • Like
    Reactions: aruna1