හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ")
ලංකා දුම්රිය සේවය මෑත කාලයේ ආනයනය කල දුම්රිය ඇන්ජින් හා මැදිරි විවිධ දෝෂ සහිත වීම බොහෝ දෙනාගේ කතා බහට ලක් උනා.
ඒ කතා කෙසේ වෙතත් මට ලංකා දුම්රිය සේවය සතු වටිනාම සම්පතක් වන M4 ගනයේ දුම්රිය ඇන්ජින් පිළිබඳ යමක් කතා කරොත් හොඳයි කියලා.
කැනඩාවේ මොන්ට්රියල් ලොකෝමෝටිව් වර්ක්ස් සමාගම තමයි M4 දුම්රිය ඇන්ජින් නිපදවා තියෙන්නේ. 1975 වසරේ ශ්රී ලංකා දුම්රිය සේවයට යෙදවූ මේ ඇන්ජින් කෙතරම් හොඳද කියනවා නම්, මීට වසර 36 කට පෙර ධාවනය ආරම්භ කල දුම්රිය ඇන්ජින් 14 ම අද වෙනකොටත් ධාවනයේ යෙදෙනවා.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දිගින් වැඩිම දුම්රිය ඇන්ජින් තමයි M4 වර්ගයට අයත් ඇන්ජින්. බර ටොන් 93ක් පමන වනවා. සිලින්ඩර 12ක 251C3 වර්ගයේ ඩීසල් ඇන්ජිමක් වන මේ දැවැන්තයාගේ බලය උපරිම වශයෙන් 2000hp පමන වෙනවා. උපරිම වේගය පැයට සැතපුම් 65යි.
ශ්රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ නාවලපිටියේ සිට බදුල්ල දක්වා කොටස හැරෙන්නට අනෙකුත් සෑම මාර්ගයකම ධාවනය කරවීමේ හැකියාවක් මේ ඇන්ජිමට පවතිනවා.
මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි මේ දුම්රිය ඇන්ජින් වලට යොදා ඇති නම්. ශ්රී ලංකාවේ කදූ, ගංගා, දිය ඇලි වගේම වැදගත් ස්ථාන වල නම් මේ ඇන්ජින් වලට යොදවා තියෙනවා. මේ නම් නිසා ගොඩාක් කුඩා දරුවන් මේ දුම්රිය ඇන්ජින් වලට ඇලුම් කරනවා.
ඇන්ජින් අංකය හා නම
743 - මඩු
744 - සීගිරි
745 - රුවන්වැලි
746 - නමුණුකුල
747 - කැළණි
748 - වළවේ
749 - දුන්හිඳ
750 - ඉසුරුමුණි
751 - දියළුම
752 - පේදුරු තුඩුව
753 - සමනළ
754 - මැණික්
755 - මහවැලි
756 - ලක්ෂපාන
ගාල්ල turntable එක වෙත.
මාතර දුම්රිය ස්ථානයේ.
මේ තියෙන්නේ ඉන්ධන මාපකය.

Thanks 4 sharing
Api dawasak Galle giya oya train ekaka..... 

Niyamai Bro...