හොඳම මිතුරා මාරයා විය
කැලණියේ, හුණුපිටියේ නාහේන මැතිව් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ධනුෂ්ක තරංග ගුණරත්න ත්‍රීරෝද රථ රියෑදුරෙකි. හතළිස් වියෙහි පසුවන ධනුෂ්කට පිරිමි දරුවන්ම තිදෙනෙකි. ඔහු සිය බිරිඳත්, දරු තිදෙනාත් ජීවත් කරවන්නට නොවිඳිනා දුක්වින්දේය. ඉගෙනීමට උපන් හපන් දක්වන තම දරුවන් තිදෙනාට කිසිදු අඩුවක් නොකරන්නට ධනුෂ්ක වග බලාගත්තේය. දිනෙන් දින කරදඬු උස්මහත් වන දරුවන් දෙස බලන ධනුෂ්කට තමන් විඳින දුක්ගැහැට අමතකව යන්නේ නිරායාසයෙනි. තමන් වෙනුවෙන් සිය තාත්තා කරන අරගලය දරුවන් ද නොදැන සිටියා නොවේ.
සමිති සමාගම්වල මෙන්ම ගමේ පැවැත්වෙන ඕනෑම උත්සවයකදී පෙරමුණ ගන්නේ ධනුෂ්කය. යහපත් ගතිගුණවලින් හෙබි ඔහු අවැඩක් වන දෙයක් නොකරන්නට වගබලා ගත්තාය. ඔහු ගමේ පන්සලේ ප්‍රධාන දායකයකු ද විය. ඒ හේතුවෙන් ධනුෂ්ක දැහැමි ජීවිතයක් ගත කිරීමට එය මහඟු පිටිවහලක් විය. ඉතාමත් සරල ජීවිතයක් ගත කළ ධනුෂ්කට ගමේ කවුරුත් එකහා සමානව ආදරය දැක්වූවේය.
නාහේන මැතිව් නිවාස සංකීර්ණයම කම්පාවට පත් කරමින් ධනුෂ්ක මරා දමා ඇති බවට ලැව්ගින්නක් මෙන් පැතිර යන්නට විය. ඒ පසුගිය 9 දා අලුයම් කාලයේදීය. ඒ ආරංචියත් සමග ගමේ කවුරුත් නිදි ඇඳුම් පිටින්ම ධනුෂ්කට වූ විපත බලන්නට ඇදී එන්නට වුහ. තියුණු ආයුධවලින් කපාකොටා මරා දමා තිබුණේ ඔහුගේ ත්‍රිරෝද රථය තුළදීමය. 'ධනුෂ්කව මරන්නට තරම් තරහාකාරයෝ හිටියේ නෑ', 'ගුණයහපත් මනුස්සයන්ට මේ සමාජයේ වැඩි පැවැත්මක් නැහැ', 'මේ අපරාධය කවුරුද කළේ', 'මේ අපරාධය කරපු එකාට නම් හොඳක් වෙන්න එපා' ඔය ආකාරයේ කතා කා අතරත් කතා වෙන්නට පටන් ගත්හ.
ධනුෂ්කගේ බිරිඳ කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාට සිය සැමියාගේ ඝාතනය ගැන පැමිණිලි කරන්නට කළාය. ඇය හැඬූ කඳුළින් වචන ගොතගසමින් අපරාධය ගැන කියන්නට වූවාය. අපරාධවල සුලමුල සොයා යැමට දක්ෂ නිලධාරියෙක් වූ චමින්ද මහතාට මෙම ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න ඉඟියක් ලබා ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ නියෝග මත කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාට ධනුෂ්කගේ ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන්නේ ඔය අතරවාරේදීය. චමින්ද මහතා මේ ඝාතනයට අන් කිසිවක් සැක කළේ නැත. ඇය සිද්ධිය පිළිබඳව පැමිණිලි කරන ආකාරය ගැන සැකයක් ඇති වන්නට විය. ස්ථානාධිපතිවරයා පළමුව ධනුෂ්කගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය. පසුව අපරාධයේ සුලමුල හෙළි කර ගැනීමට ස්ථානාධිපති චමින්ද මහතාට හැකි වූයේ තම රාජකාරි ජීවිතය තුළ මෙවැනි සිද්ධීන් තවත් එක් සිද්ධියක්ම පමණක් වූ බැවිනි.
ආත්මීය බැඳීමකින් මේ ආත්මයේදීත් තමන්ගේ ආදරණීය බිරිඳ නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නට ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අනියම් පෙම්සුව සොයා ගිය කාන්තාවන් තම සැමියන් විසින් ඝාතනය කළ පුවත් පසුගිය කාලය පුරාවටම අපි අසා ඇත්තෙමු. තවත් විටෙක තම ස්වාමිපුරුෂයාට අසීමිත ලෙස ආදරය දක්වන බිරින්දැවරුන් විසින් අනියම් පෙම්සුව සොයා ගිය සැමියන් ඝාතනය කළ පුවත් ද අපි අසා ඇත්තෙමු. එවන් සිද්ධිදාමය තුළ ධනුෂ්කගේ ඝාතනය පිටුපස ඇත්තේ ද අනියම් පෙමක අසුන්දර කතාවකි.
රංජිත් ධනුෂ්කගේ හොඳම මිතුරෙකි. ලොරි රථ රියෑදුරෙකු වන රංජිත් ධනුෂ්කගේ දුකසැප නිතරම සොයා බලන්නට විය. ඔහු ධනුෂ්කගේ නිවසට නිතරම යන්නට එන්නට විය. ඇතැම් අවස්ථාවලදී දෙදෙනා ඉරබැස ගියාටත් පසුව හමුවන අවස්ථා ද ඉඳහිට තිබුණි. රංජිත් ධනුෂ්කගේ බිරිඳ කෙරෙහි ආදරයක් ඇති වන්නට පටන් ගත්තේ ඔය අතරවාරේදීය. ඉඳහිට හොරෙන් දෙදෙනා හමුවන අවස්ථා නැතුව ද නොවේ. දෙදෙනාගේ ආදරය දුරදිග යැමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඇයටත් රංජිත් නැතුවම බැරිය. ඒ නිසා සිය සැමියාටත් හොරෙන් රංජිත්ව රාත්‍රී කාලයට නිවසට ගෙන්වා ගන්නටත් ඇය කටයුතු කළාය. රංජිත්ගේ ආරක්ෂාව භාරව කටයුතු කළේ නිමල් විසිනි. මහ රෑ ජාමය වනතුරුත් දෙදෙනා පෙම්සුව විඳින අතරේ ඔත්තු බලන්නේ නිමල් විසිනි. සිය සැමියාටත්, දරුවන්ටත් මේ කිසිවක් නොදැනෙන්නට කටයුතු කරන්නට ඇය වග බලා ගත්තාය. ඇයත් වෙනදා මෙන් සිය සැමියාගේත්, දරුවන්ගේ ඕනෑඑපාකම් සොයා බලන්නට ද වූවාය. ආදරණීය මවක්, බිරිඳක් වූවාය. ඕනෑවටත් වඩා ගුණයහපත් කාටත් කරදරයක් නොමැතිව ජීවත් වූ ධනුෂ්ක ද සිය බිරිඳ කෙරෙහි සැකයක් ඇති කර නොගත්තේය.
ඇය හා රංජිත් අතර පවතින ලෙංගතුකම දිනෙන් දින දළුලා වැඩෙන්නට විය. මේ හේතුව නිසාම ඇයට ධනුෂ්කව නොරිස්සන්නට වූවාය. කිසි දිනෙක නොතිබූ වෙනසක් ඇයගේ තිබෙන බව ධනුෂ්කට ඉවෙන් මෙන් දැනෙන්නට විය. නොයෙක් අවස්ථාවලදී දෙදෙනා අතර වචන හුවමාරු වන්නට විය. දරුවන් තිදෙනා ගැන ඕනෑවටත් වඩා වදවෙන ධනුෂ්කගේ මේ සිද්ධීන් මනසට ඇති කළේ මහත් කනගාටුවකි. ඔහු දසඅතේ කල්පනා කරන්නට විය. ධනුෂ්ක තම හොඳම මිතුරාගේ ක්‍රියාකලාපය සොයා බලන්නට උනන්දු වූයේ ඔය අතරවාරේදීය. ඇයගේ මේ වෙනසට සැබෑ හේතුව සොයන්නට ධනුෂ්ක උත්සුක වන්නට විය. නිදිය ගත්තා වගේ ඇයට හැඟවෙන ආකාරයෙන් සිය කාමරයේ ධනුෂ්ක සිටියේය. මධ්‍යම රාත්‍රිය ළංවෙමින් තිබුණි. සිය නිවසේ පිටුපස දොර අරින ශබ්දයක් ධනුෂ්කට ඇසුණි. ඔහු හොරෙක් මෙන් නිවසේ පිටුපසට ඇදෙන්නට විය. අදහාගත නොහැකි සිදුවීමක් සිදුවෙමින් තිබුණි. ධනුෂ්කට කරකියා ගත නොහැකි සෙයකි. තම හොඳම මිතුරා සිය බිරිඳ සමග සිටින ආකාරය දුටු ධනුෂ්කට ඇති වූයේ වේදනාවකි. කේන්තියකි. නමුත් ධනුෂ්කට කලින් රංජිත් ක්‍රියාත්මක විය. කුස්සියේ තිබූ මන්නය අතට ගත් රංජිත් ධනුෂ්කගේ හිසට තඩිබාන්නට විය. රංජිත්ගේ මන්නා පහරවලින් බිම ඇදවැටුණු ධනුෂ්ක කෙඳිරි ගාන්නට විය. ටික වේලාවකින් සිය පණනළ වාතයට මුසුකළේය. ඇයත් මේ සිද්ධියෙන් කම්පාවට පත් වූවාය. 'මගෙන් වරදක් වුණා.... දැන් කරන්න දෙයක් නෑ...' යෑයි රංජිත් විකාරයෙන් දොඩවන්නට විය. රංජිත් තම මිතුරාත් සමග එකතු වී ධනුෂ්කගේ ත්‍රිරෝද රථයට මළ සිරුර දැම්මේය. මළසිරුර සහිත ත්‍රිරෝද රථය ධනුෂ්ක ජීවිකාව කරගත් ත්‍රිරෝද රථගාලටම ගෙනගොස් දැමීමට කටයුතු කළේ මේ අපරාධය වෙන කිසිවකු හෝ කළ බවට හඟවන්නටය.
සමාජයේ කාටත් කරදරයක් නොමැතිව ජීවත් වූ ධනුෂ්කගේ ඝාතනය අභිරහසක් නොවී සුලමුල සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අපරාධකරුවන් සියල්ල දැන් සිටින්නේ බන්ධනාගාරගතවය. සිය දරුවන්ට පියකු අහිමි විය. ඇයට සිය පවුල් ජීවිතය අහිමි වූවාය. අනියම් පෙම්සුව විඳින්නට ගොස් පවුල් ජීවිතයම අඳුරු කරගත් ඇයට තමන් කළ වරද තේරුම් ගැනීමට නොහැකි වූවාය. තාවකාලික සැපතක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම අඳුරු කරගත් ඇයගේ මේ සිද්ධිය සමස්ත සමාජයටම පාඩමක් කියා දී තිබේ.
divaina.com