හොඳම_මුදල්_ඇමති_රවී
ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙනවා.
මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින්.
පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබෙනවා.
රවී කරුණානායක කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ.
විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක ගනු ලැබූ කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක්ව තිබෙනවා.
විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක සමත් වූ බවයි මෙහිදී නිරීක්ෂණය වී ඇත්තේ.
මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේයි. දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වනවා.
neth news

Last edited: