හොඳයි,නරකයි

r runner

Member
May 12, 2015
2,396
781
0
හොඳයි, නරකයි දෙකම අපටයි



111.jpg


හොඳයි: සිහින් සිරුර රැකගන්න කටට සැර කෑම හොඳයි







1121.jpg



රසගැන්වූ කටට සැර ආහාර ගැනීම කෙනෙකුගේ සිරුර සිහින්ව තබාගැනීමට උපකාරී වෙතැයි ඔිස්ටේ්‍රලියාවේ, ඇඩිලේඩ් සරසවියේ පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. කෑම කා ගෙන යද්දී බඩ පිරෙනකොට උදරය ඇදෙද්දී ආමාශයීය ස්නායුව ක්‍රියාවලියක් මුදාහරින්නේ බඩ පිරී ඇති බව මොළයට සංඥා කිරීමටය. මේ ක්‍රියාවලිය නියාමනය වන්නේ TRPV1 ප්‍රෝටියෙන්. මිරිස් ආදී කටට සැර ආහාර ගත්විටත් සක්‍රීයවන්නේ මේ ප්‍රතිග්‍රහයකමයි. එතකොට බඩ පිරුණේ නැතිවුණාට පිරී ඇතිබවට පණිවුඩය මොළයට යනාවා. කෑම ගැනීම එලෙස පාලනය වෙනවා. සිරුර සිහින්ව තබාගැනීමට උපකාරී වෙන්නේ එලෙසයි.



හොඳයි: ටිකක් අඬන එක මානසික සුවයට හොඳයි




හා හා අඬන්න එපා කියා ඇඬීම නතර කරන්න අපි උත්සාහ කරන්නේ ඇඬීම හොඳ නැතැයි හිතන නිසාවෙන්. ඒත් මේ ගැන විද්‍යාඥයන් දරන්නේ වෙනස් මතයක්. මේ ගැන නැවත වතාවක් සොයා බැලීමට නෙදර්ලන්ත පර්යේෂකයන් ක්‍රියා නළා. ස්වෙච්චා පිරිසකට දුක්බර කතා පුවතක් රැගත් චිත්‍රපටයක් නැරඹීමට සැලැස්සුවා. චිත්‍රපටය නරඹද්දී පිරිසක් ඇඬුවා. මුලදී මදක් කනස්සළු ගතියෙන් සිටියත් චිත්‍රපටය නරඹා විනාඩි 90ක් යද්දී හැඟීම් හා ආවේග හික්මවා ගත් සිය සගයන්ට වඩා ඇඬූ පිරිස යහ සිතින් පසු වීෙමන් පැහැදිලි වන්නේ ඇඬීමෙන් ප්‍රයෝජනවත් ප්‍රතිපල ලැබිය හැකිබවයි.



නරකයි: උස් සිහින්ව නැඟෙන හඬ නරකයි


113.jpg




අනාගතයේ කවදා හෝ ඔබ දේශපාලනයට පිවිසීමට අදහස් කරන්නේ නම් උස් සිහින්ව නැඟෙන හඬක් තිබීම නරකයි කියලා තමයි විද්‍යාඥයන් සලකන්නේ. කාට හෝ එවැනි අදහසක් තිබේ නම් තම කට හඬ ගැඹුරු කර ගැනීමට ක්‍රියා කළ යුතු යයි මියාමි සරසවියේ පර්යේෂකයන් පිරිසක් කියා සිටිනවා. ඹවුන් දෙශපාලඥයෙකුගේ කට හඬ පට දෙකක් ස්වේච්චා පිරිසකට අසන්නට සැලැස්සුවා. ඉන් එකක් උස් සිහින්ව නැඟෙන හඬක් සහිත එකක් වූ අතර අනික ගැඹුරු හඬ සහිත එකක්. ඒවාට සවන් දුන් පිරිසෙන් සියයට 75ක්ම කැමැත්ත දක්වා ඇත්තේ ගැඹුරු හඬටයි. මේ තත්ත්වයට හේතුවන්නේ ගැඹුරු හඬ ටෙස්ටොස්ටෙරෝන්(testosterone), හයිය හත්තිය සහ බලවත්කම හා සම්බන්ධ කර සැලකීම විය හැකි බවයි පර්යේෂකයන්ගේ අදහස.



නරකයි: රැය නිදිවරා යළි රැය පහන්වීමට කලින් අවදිවීම නරකයි


බොහෝ රෑ වනතුරු නිදා නොගෙන සිටීමත් උදේ රැයින් අවදිවීමත් සෞඛ්‍යයට නරකයි යනුවෙන් කැලිෆෝනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් කියා සිටිනවා. එසේ කිරීම හෙම්බිරිස්සාව වැළඳීමෙ නියත මගක් හැටියටයි ඔවුන් දකින්නේ දිනකට පැය හතක් හෝ අටක් නිදා ගන්නා අයට වඩා පැය හයකට අඩුවෙන් නිදන්නන්ට සෙම්ප්‍රතිශ්‍යාව සෑදීමේ ඉඩකඩ වැඩි බව ඔවුන්ගේ පර්යේෂණවලින් හෙළි වී තියෙනවා.



BBC Knowledge ඇසුරෙනි