හොඳවයින් දෙකක්
ඔහොම හිටු තක්කඩි කොල්ලා? අද අඹ හොරා අතටම අහුවුණා. මං උඹලගෙ තාත්තාට කියල හොඳවයින් දෙකක් ඉල්ලලා දෙන්නං.’
තම වත්තේ කොනක පිහිටි මී අඹ ගසේ පැසුණු ගෙඩි අතුරුදන්වීම පිළිබඳ සෝදිසියෙන් සිටි මනෝ අඹ ගසේ නැඟ සිටි අසල්වැසි කොලු ගැටයකු අල්ලා ගනිමින් කෑගැසීය.
’මාත් මේ බලා ඉන්නෙ ඒකට තමයි අන්කල්’ අඹ අත්තක වාඩිවී සිටි අල්ලපු වත්තේ කුමාරසිරිගේ පුතා කිසිදු පැකිලීමකින් තොරව කීවේය.
’මොනවා බොල! ඒ මොකටද?’ මනෝ කෝපයෙන් දත් සපමින් ඇසීය.
’හොඳවයින් දෙකක් ඉල්ලා ගන්න උඩ අත්තේ ඉන්න තාත්තාගෙන්.’ කොලුවා උඩ බලමින් කීවේය.

බම්පියක් දියෝ