-මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්ප

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    -මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්ප

    13221486_789766684487343_7521340018423681225_n.jpg


    -මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව-
    Episode 01


    ඒ ලන්ඩනයේ ග්‍රීෂ්ම ඍතුවයි.දරුණු හිරු රෂ්මිය පතිත වූ මාවත්වල දිවා කාලය ගෙවා දැමීමද ඉතා අසීරු බවක් පෙනුණි.ගිම්හානයේදී කොල වියලී හැලී ගිය ඕක් ගස්,මාර ගස් සහ පිපිඤ්ඤා වැල් ලන්ඩන් පරිසරයට එක් කලේ ප්‍රසන්න බවක් නොවේ.කෙතරම් උණුසුමක් තිබුනද මා මිත්‍ර හෝම්ස් හමුවීමට යාමට මම අමතක නොකලෙමි.මා යන විටත් හෝම්ස් සිටියේ ජොකා පිටිනි.
    "මේ මොකද හෝම්ස් උඹ ජොකා පිටින්.හඩ්සන් ගෑණිත් සැරින් සැරේට උඩට ඇවිත් යනව.එහෙව් එකේ උඹ ගල් පඹය වගේ මෙහෙම ජොකෙක් ඇඳන් ඉන්න එක හරිද?" හෝම්ස් අසභ්‍ය ආකාරයෙන් ඉන්න නිසා මම ඇසුවෙමි.
    "ඇයි දැන් උඹ කියන්නෙ මට මේකත් නැතුව ඉන්න කියලද?" හෝම්ස් කීවේ සුපුරුදු වචාල මුඛයෙනි
    "ඈ බං හෝම්ස් උඹ කැළණියෙ ලොකු නැන්දලහ ගිය වෙලාවෙ කැම්පස් එකේ කෙල්ලො ටික ඇවිත් උඹේ කලිසම ගලවගත්තද?" මා ඇසුවේ උපහාසයෙනි.
    "එව්ව කොහෙද වොට්සන් මාත් එක්ක.හැබැයි කෝකටත් කිියල කැම්පස් එක ළඟින් එද්දි මං ලොකු නැන්දගෙ දිග සායක් ඉල්ලගෙන ඇඳගෙනයි ආවෙ.ආරක්ෂක පූර්වෝපායක් විදියට කැම්පස් එක ළඟින් යන හැම එකාම දැන් දිග සායවල් ඇඳගෙනයි යන්නෙ වොට්සන්.කරුමෙ කියන්නෙ ඩෙනිමක් පේන්න බෑ.කැම්පස් කාරයො ටික ඒක ගලෝගන්නව කියහංකො." හෝම්ස් කීවේ බැරෑරුම් අයුරිනි.
    "නෝන්ඩි කරන්න එපා යකෝ.ඒක තමයි උප සංස්කෘතිය කියන්නෙ.අනික අට පාස් නැති,වැස්සකටවත් කැම්පස් ගියෙ නැති උඹ වගේ මරිමෝල් හඩ්ඩෙක්ගෙ කලිසමක් උන්ට මොනව කරන්නද." මම කීවෙමි.
    "ගහප් පයින් දැනගං.සයිටම් එකෙන් MBBS එක අරගෙන රට පොයි ගහන අලයා." එවර හෝම්ස්ට මලපැන තිබිනි.එවෙලෙහිම හෝම්ස්ගේ ෆෝන් එකට එක ළඟ කෙටි මිස් කෝල් 2ක් වැදිණි.හෝම්ස්ගේ මුහුණේ සිනා රැල්ලක් ඇඳී ගිය අතර තවදුරටත් මට බැනවැදීමේ අදහස ඌට අමතක විය.
    "ඇත්තමයි මේ උණුසුම නම් ඉවසන්නම බෑ වොට්සන්.ඒකයි මං මේ ජොකා පිටින් ඉන්නෙ.ව#ලටත් පොඩි හුලං පාරක් වදින්න කියල යටින් හිල් දෙකක් හදාගත්ත...මේ." හෝම්ස් ජොකාගේ වූ හිල් දෙකක් පෙන්වමින් මට කීවේය.
    "අනේ නිකං ෆල ෆල හෝම්ස්.ඕක ජොකා දිරල ගියපු නිසා හිල්වෙච්ච එකක්නේ බං.අනික ඕක උඹ ඒලෙවල් කරන කාලෙ කැන්ඩි ෆැෂන් එකෙන් උස්සපු ජොකා නේද" මීට වසර බර ගාණකට පෙර හෝම්ස් කැන්ඩි ෆැෂන් එකේදි ෂර්ට් එකක් ෆිටොන් කරන මුවාවෙන් ෆිටොන් රූම් එකක් ඇතුලට ජොකෙක්ද ගෙන ගොස් ඇතුලෙදි ඒක ඇඳගෙන ගානට ඉස්සූ අයුරු මට සිහිපත් විය.පසුව ඔහු ඒ ජොකා අපට පෙන්වමින් දැවැන්ත පොයියක් ගැසූ අතර සෑහෙන්න දුර්වර්ණ වී තිබුනද මේ ඒ ජොකාම බව හඳුනාගැනීමට මට හැකිවිය.
    "ඔව් බං.කොච්චර පරණ උනත් මං මේ ජොකාට ආදරෙයි වොට්සන්.ඒක හරිම කම්ෆටබල්." කට උල් කරමින් හෝම්ස් කීවේය.එවෙලේද හෝම්ස්ගේ දුරකථනයට තරමක් දිග මිස්කෝල් එකක් වැදුනු අතර ක්ෂණිකව විරාම ඝටිකාවක් ක්‍රියාත්මක කල හෝම්ස් යම් කාලයක් මැන කුඩා කොල කැබැල්ලක යමක් සටහන් කරගත්තේය.
    "කවුද හෝම්ස් ඔය සැරින් සැරේට මිස්කෝල් ගහන එකා?" සැක උපදවන අයුරින් මිස්කෝල් කිහිපයක් වැදුනු නිසා මම ඇසුවෙමි.
    "එකා එකා කියන්න එපා මිත්‍රයා.මේක තමා මේ දවස්වල මගේ අලුත් පතල.තාම හාරන්න හම්බුනේ නෑ හැබැයි.යුගයේ බඩුව ගල් චමරි" හෝම්ස් කීවේ ආඩම්බරයෙනි.
    "ටහිකේ හෝම්ස්.කොහොමද උඹ ඒකට කොක්ක ගැහුවෙ?"
    "දක්ෂතාවය තමයි වොට්සන්.එදා මරිජුව සංවිධානය කරපු මැයි රැළියට ගිය වෙලාවෙ මං ඒකිට බැල්මට් එක දාගෙනමයි හිටියෙ.මං දැක්ක ඒකි ලඟ තිබුනෙ HTC ෆෝන් එකක්.සෙනග අස්සෙම මං ඒකිට පු# දුන්න වොට්සන්.මං හෙමීට ඒකිට කිට්ටු කරල කිව්ව ඇපල්,සැම්සුන්ග් ෆෝන් නම් මෙලෝ රහක් නෑ.HTC බ්‍රෑන්ඩ් එකට ගහන්න ආයෙ ලංකාබෙල් වලටවත් බෑ.සුපිරිම කැමර් කොලිටිය,ෆේක් කලර්ස් නම් කවදාවත් වදින්නෙ නෑ.අපිට ඕන ඕන විදියට බැටරිය රිමූව් කරගන්න පුලුවන්.චාජ් කලොත් තොරණකට කරන්ට් එක දෙන්න තරම් බැටරි පවර් තියෙනව,ඉන්ටර්නෙට් යද්දි ලිප ලඟ තිබ්බත් රත් වෙන්නෙ නෑ.HTC ඇවිල්ල සුප්පම ෆෝන් එකක්.කියල අති කුජීතම විදියට පු# දෙන්න මං අමතක කලේ නෑ වොට්සන්.මගේ ටෝක් එකට කොරවෙලා ගියපු ගල් චමරි මාත් එක්ක ෆිට් වෙච්ච පාර ඒකිගෙ නම්බරෙත් මට දීල ගියා.අන්නේකයි." හෝම්ස් කීවේ උජාරුවෙනි.
    "නොදකිං හෝම්ස්.උඹ සැම්සුන්ග් එකක් පාවිච්චි කරන ගමන් HTC වලට කඩේ ගියා.උඹ පාවාදෙන්නෙක්,දේශද්‍රෝහියෙක්,අමු නීච ජඩයෙක්,වල් හු#න්නෙක්." මම කෝපයෙන් කෑගැසීමි.
    "වෑඈඈ...හ්.අනෙ හු#ත.ඔය කොයික තිබ්බත් වැඩක් නෑ බං රීලෝඩ් එකක් දාගන්න අතේ සතේ නැත්නම්." හෝම්ස් කීවේය.
    "ඇත්තමයි හෝම්ස්.කොහොම අපි ඇත්තටම හොඳ ෆෝන් එකක් අඳුරගන්නෙ." මම ඇසුවෙමි.
    "කොච්චර මොන මොන ඉලම්පහුරු තිබුනත් හොඳ ෆෝන් එකක් නම් චාජ් කරල විනාඩි විස්සෙන් බැටරිය බහින්න ඕන මිත්‍රයා.එහෙනං ඒක හොඳ ෆෝන් එකක්" හෝම්ස් කීවේ ජොකා පල්ලෙන් අත දමා ව#ල කසන අතරතුරදීය.එවෙලෙහිද හෝම්ස්ට මිස්කෝල් එකක් වැදිනි.හෝම්ස් එවරද විරාම ඝටිකාව ක්‍රියාත්මක කර යමක් සටහන් කරගත්තේය.
    "මොකක්ද බං උඹ ඔය කරන්නෙ?" මම ඇසුවෙමි.
    "මේ ගල් චමරි මිස්කෝල් ගහන්නෙ බං.එදා මැයි රැලියෙදි නම්බරේ ගත්තට මොකද කරුමෙට අපෙ රත්තරං අගමැතිතුමා දෙවනිද ඉඳල වැට් එක ගහන්න තියාගත්තනෙ හු#ත.ගාස්තු වැඩිවෙච්ච නිසා අරකි මෙසේජ් එවන්නෙ නෑ බං.මිස්කෝල් තමයි ගහන්නෙ.ගහන මිස්කෝල් එකේ දිග පළල මැනල මං හිතාගන්න ඕන ඒකි කියන්නෙ මොකක්ද කියල.මේකි එක ළඟ මිස්කෝල් දෙකක් ගහන්නෙ මිනිහ ගෙදර නැති වෙලාවට." හෝම්ස් කීවේ කුප්ප සිනහවක් දමමිනි."අප්පිරියයිනේ හෝම්ස් අරූ බදු ගහන්න තියාගත්තම අපිට බඩු ගහන්න විදියක් නැති උනා.ඔය විදියට මිස්කෝල් එකෙන් ඒකි කියන දේ තේරුම්ගන්න පුලුවන්ද හෝම්ස්.ඒක ලේසි වෙන්ට බෑ." මම කීවෙමි.
    "ලේසි උනේ නෑ වොට්සන්.තියෙන ආර්ථික බංකොලොත් භාවයත් එක්ක මට ඒකට පුරුදුවෙන්න උනා දැන් මං ඒ විෂයේ ප්‍රවීණයෙක්."මිස්කෝල් භාවිතයෙන් සංකීර්ණ පණිවිඩ හුවමාරුව' කියල මං පොත් පිංචකුත් ලියල ඇති.උඹට ඕනනං කියවල පුරුදුවෙයං.මේ දවස් ටිකට කොල්ලො සීයක් විතර ඇවිත් ඒක ඉල්ලගෙන ෆොටෝකොපි ගහගත්තා." හෝම්ස් කීවේය.
    "අනේ මටනං ඕක එපා හෝම්ස්.ඕකෙන් පුරුදුවෙලා අපෙ ගෑණිත් මට මිස්කෝල් ගහන්න තියාගත්තම මට මේ දිනූ නිදහස නැතිවෙනව.දැන් ඉස්සර වගේ ගෑණි මට කෝල් දිදී හොයන්නෙ නෑ.ඒ අතින් බලද්දි ගාස්තු වැඩිවෙච්ච එක මට නම් හොඳයි හෝම්ස්." මම කීවෙමි.
    "ඒ කියන්නෙ දුරකථන ගාස්තු වැඩිකරපු එකෙන් සතුටට පත්වෙන එවුනුත් ඉන්නව.ඒවයින් කාරියක් නෑ වොට්සන්.ඔය පත්තරේ පොඩ්ඩක් අරන් බලහං." හෝම්ස් කීවේය.
    "ජොයින්ට් පොල්ලක් ඔතන්නද.ඉඳහං මගේ ලඟ පේපර් ඇති." මම කීවේ සතුටිනි.
    "නෑ හු#තියේ.ඔය ලංකාදීප පත්තරේ අරං බලපිය.නිව්ස් එක." හෝම්ස් ගුගුලේය.ස්ටූල් එක මත තිබුනු ඉරිදා ලංකාදීප පුවත්පත අතට ගත් මා එය කියවන්නට ගතිමි.
    "ඇමතිමේනියා & සමර්ස්ලෑම් 2016
    @ පාල්ලිමන්ට් ඩී.සී.
    මේන් ඉවෙන්ට් Thriceපෙරුම vs Pleasant රණවීර
    බුහා හහ් හහ් හා..."
    "ඔය ගෝරිය වැඩක් නෑ මිත්‍රයා.ඕකෙ තනිකරම තියන්නෙ අර Thriceපෙරුම කාරයගෙ පොයිය විතරයි.ඌ කරාටි කෙරුවය කියල හෙන පම්පෝරියක් ගහල බං.උගෙන් ගුටිකාපු නැති එකෙක් මේ ඒරියල් එකේ නැතිලු.හිටපු අගමැතිතුමත් උගෙන් ගුටි කෑවලු.අනේ හු#ත.ඒක වැඩල්ලෑ බං අනිත් එක කියෝහං." හෝම්ස් කීවේ මට මල්තෝර බීඩියක්ද දෙමිනි.
    "අනිත් එක මොකක්ද?...සැඳැල්ලද?"
    "මට ඔය නිළියන්ගෙ පට්ටන්දර උඹට පෙන්නන්න ඕන නෑ හු#තෝ.රසවිත කෑල්ල කියෝහං." හෝම්ස් කෑගැසීය.
    "අතිගරු මාලන් සැමුවෙල්ස් සාමිවරයාට මෝල තද වේ." සිරස්තලය එසේ සටහන් විය.
    "ජිල්ටොක්ස් ජංකි සමාගම,කිඩාරම් සුවඳ හඳුන්කූරු සමාගම,බොම්බෙලිගොඩ කරෝල කොරිය,හිතලයිදෝ නැත්දෝ පිට කසන කම්බිකූරු සමාගම,හුකාරිස් තෙල් මෝල,අනේ නාරායන හක්ගෙඩි කඩය ඇතුලු ව්‍යාපාර විශාල ප්‍රමාණයක හිමිකරු වූ දේශමාන්‍යය,පොයිශූරි ගරු මාලන් සැමුවෙල්ස් සාමිවරයා මෑතක සිට දරුණු උමතුවකින් පෙලේ.ඔහු පොම්නයෙකු වගේ යැයි කියමින් විරුද්ධවාදීන් කටකතා පැතිරවූවද සාමිවරයා,අපේ රත්තරං අගමැතිතුමා අනුගමනය කරමින් ජීවත් වූ බව නොරහසකි.නමුත් මෑතක සිට ඔහුගේ මෝල අධික ලෙස ඉහල ගොස් ඇති අතර ඔහුගෙන් බේරීමට නොහැකිව බංගලාවේ සේවය කල තරුණ සේවිකාවන් විශාල ප්‍රමාණයක් රැකියාවෙන් ඉවත්වී ගොස් ඇති අතර ඉතිරි සේවිකාවන් කිරල ඇබ දෙක බැගින් භාවිතා කර ආරක්ෂාව සලසාගන්නා බව ආරංචි මාර්ග පවසයි.ඔහුට මේ එකවරම සෑදුනු මෝල් කුලප්පුව ගැන තමා පුදුමයට පත්වන බවත් සේවිකාවන්ට කරදර කරන්නේ නැත්නම් ඕක ඔන්න ඔහෙ තිබුනත් කමක් නැති බවත් සැමුවෙල්ස් ආර්යාව සිනාමුසු මුහුණින් පවසා ඇත.සාමිවරයාව පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරුන් රෝගයක් විනිශ්චය කරගැනීමට නොහැකිව අසරණ වී ඇති අතර ප්‍රතිකාර කිරීමට පැමිණි එක් වෛද්‍යවරයෙක් සාමිවරයාගේ අතවරයටද ලක් වී තිබේ.මෙම ගැටලුව පිටුපස දරුණු අභිරහසක් පවතින බවත් ඒ පිළිබඳ තමා දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කොටදෙණියාඩ් පොලීසියේ රහස් පරීක්ෂක ඇජිත්රෝහන් මහතා පවසා ඇත.
    අදත් පිටපත - මහින්ද අබේසුන්දර."
    "ඒක නම් බොහොම බැරෑරුම් ගැටලුවක් හෝම්ස්.අධික කුපාඩිග්භූතයි." මම කීවෙමි.
    "ඒක නම් එහෙම තමයි වොට්සන්.මෙන්න බලපං මට අද උදේ ආපු විදුලි පණිවිඩේ." හෝම්ස් මට ටෙලිගැරැං කොලයක් දික් කලේය.
    "අරූට මෝල.මටයි කැක්කුම.පිහිටවෙයං හෝම්ස්" විදුලි පණිවිඩය එසේ සඳහන් වී තිබිණි.
    "කවුද හෝම්ස් මේ ටෙලිගැරැං එක ගහල තියන්නෙ" මම ඇසුවෙමි.
    "ඔය අර මාලන් සැමුවෙලාගෙ ගෑණි හැමිනිලාද සැමුවෙල්ස් ආර්යාව බං.දුරකථන ගාස්තු වැඩිවෙච්ච නිසා කුම්මැහිකමට ඒකි ටෙලිග්‍රෑම් එකක් එවල.මේ ගැටලුව මට භාර දෙන්න ඕනවෙලා වෙන්නැති.මාත් විදුලි පණිවිඩයක් යැව්ව අද එන්න කියල.තව ටිකකින් එයි." හෝම්ස් කීවේය.
    "ඒක කෑල්ලක්ද හෝම්ස්?" හෝම්ස් දුන් බීඩිය දල්වාගන්නා අතරතුර මම ඇසුවෙමි.
    "හ්ම්ම් ආරංචි හැටියට නම් කතාව එහෙම තමයි වොට්සන්.සුදු ටිකක් පොෂ් පාරක් කියල තමයි ආරංචි.සැමුවෙල් සාමියා හැට පැනපු නාකි දර හැවක් උනාට මේක අවුරුදු 28ක විතර මස් කෑල්ලක් කියල තමයි හන්දියෙ වීල් පාක් එකේ එවුන් කිව්වෙ." හෝම්ස් කීවේ සතුටිනි.
    අපගේ නවාතැනට ඔබ්බෙන් මාවතේ අශ්ව කරත්තයක් නතර කරන හඬ පැහැදිලිව ඇසිනි.
    "මල හු#තයි වොට්සන් අර ගෑණි ඇවිල්ලා." හාන්සි පුටුවේ සිටි හෝම්ස් පු#ට කඩියෙක් ඇන්නාක් මෙන් නැගී සිටියේය.ඔහු විගහට කාමරයට ගොස් බෝල සරමක් හා බැනියමක් ඇඳගෙන ආවේය.පොර මූණෙ පවුඩර් ගා තිබුනු බව මට ලාවට දැකගත හැකිවිය.
    මද වෙලාවකින් අපගේ නවාතැනේ පඩිපෙළ නැගගෙන අයෙකු ඉහත මහලට ශබ්දය ඇසිනි.නැගුණු හඬ අනුව එය හයිහීල් එකක් තරප්පුවේ ගැටෙන ශබ්දය බව හෝම්ස් මෙන්ම මාද හඳුනාගත්තෙමි.තව මොහොතකින් මෙතෙන්ට කෑල්ලක් බහින නිසා මගේ ගතේ හෙන හීං කුචියක් නැගීගෙන යන ලයින් එකක් දැණිනි.ඉස්කෝලෙදි කට්ටිය එක්ක වටවෙලා ඉඳන් කන්න සෙට් වෙලා බත් එක දිග අරිනකං මල පෙරේතකමෙන් බලං ඉන්න කාඬාලි ඕලෙවල් ශිෂ්‍යයෙක් මෙන් දෙඅත්ල එකට අතුල්ලමින් කෑදර මූණෙන් දොර දිහා බලා ඉන්න හෝම්ස් කාරයා දුටුවිට ඌත් මම වගේම කුයික් වී ඇතිබව මට වැටහිණි.අපි පුල පුලා බලා සිටි ඒ මොහොතේ අපගේ නිවහනේ සීනුව නාද විය.
    "ආ...ඇතුලට එන්න සැමුවෙල්ස් ආර්යාවෙනි." හෝම්ස් උස් හඬින් කීවේය.

    https://www.facebook.com/5592897342...0.1463412162./789766684487343/?type=3&theater

    13230314_792364527560892_2779511505366436101_n.jpg


    -මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව-
    Episode 2

    අපගේ නිවහනේ දොර විවෘත කරමින් ඇය විසිත්ත කාමරයට ඇතුළු විය.හෝම්ස් කට ඇරගෙන දිව සාක්කුවේ දාගෙන මළ පෙරේත ලීලාවෙන් ඇය දෙස බලා සිටි ආකාරයට ඇය ආපසු යාවිදෝ කියා සැකයක්ද මට ඇතිවිය.සැමුවෙල්ස් සාමිවරයා මෙලෝ රහක් නැති කළු නාකි නස්කූනියෙක් වුවත් හැමිනිලා ආර්යාව පට්ට කෑල්ලකි.සුදු හුරතල් මූණක් හිමි ආර්යාවට තිබුනේ අවුරුදු 28-30ක පමණ අයිටම් කඳමන්ට් එකකි.ඇය ඇඳ සිටි රුවන්ගි මොඩ්ල් ගවුමේ බුරියට සහ පපුවට හුලං වදින්නට සාදා තිබූ වෘත්තාකාර සිදුරු දෙක නිසා සුදු පපුවත් ලොකු බුරියත් මනාව දැකගැනීමට හැකිවිය.හතරදෙනෙක්ට වදයක් නැතුව වාඩිවී ඕමියක් ගැසීමට තරම් ඉඩකඩ තිබුනු ඇගේ බුරිය සෑහෙන්න වෘත්තීය පුහුණුවක් ලද එකක් බව පෙනෙන්නට තිබිනි.ඊයෙ පෙරේදා හෝම්ස් සහ මම රස කරමින් Xhamster එකෙන් බාගෙන බැලූ වැලකද මේකි වගේම කෑල්ලක් සිටි බව සිහිවී මට පොඩ්ඩක් නැග්ගේය.(ප්‍රෙෂර් එක)
    "අනා...ගඩ් මානිංග් ෂර්ලක් හර්ම්ස් මහත්මයා" ඇයගේ උච්චාරණය තුල අනර්කලීමය ස්වභාවයක් ගැබ්වී තිබුනු අතර ඇය ගැබ් ගත් පාටක් පෙනෙන්නට නොතිබිනි.ඇගේ කළු හිසකෙස් තැනින් තැන ලා තඹ පැහැයෙන් මලකඩ කා තිබිණි.
    "ගුඩ් මෝනිං බබා.ඉඳගන්නකෝ ඔය හතරපස්පොලකිං." හෝම්ස් කීවේ කුපාඩි ස්වරයෙනි.
    "තෑන්ක්ස් හර්ම්ස් මහත්මයා" කට උල් කරමින් පැවසූ ඇය ගස්සමින් කකුලක් පිට කකුලක් දමාගෙන අප ඉදිරියේ වූ පුටුවේ අසුන් ගත්තේය.ඇගේ ගවුම හැතැම්ම කාලක් පමණ ඉහලට පලා තිබුනු නිසා ගල්කිස්ස ගලේවෙල අධිවේගී මාර්ගය පැහැදිලිව දිස්වීමෙන් මට කවි සිතුවිලි පහලවුවත් මා කට වහගෙන සිටියේ සීන් එක මේරිට ආරංචි උනොත් මට කොහුපාර කා එලියෙ නිදන්නට සිදුවන නිසාවෙනි.ඇත්දල පැහැ ගත් ඇගේ ගල් දෙක දුටුවන්ට හික් ගෑවෙන සුළු විය.හැබැයි උඩ හරිය ටිකක් කළු බව මම අස්සෙන් දුටුවෙමි.
    "ඔබේ පැමිණිම අපිට ගෞරවයක් සැමුවෙල්ස් ආර්යාවෙනි.කොහොමද ඉතිං..?" හෝම්ස් වර්ඩ් එක දැම්මේය.
    "ඇවිදගන්නෙත් හරි අමාරුවෙන් හර්ම්ස් මහත්මයා.යටිබඩත් රිදෙනව.අර වේcගෙ පුතා අනින්න ගත්තම අනිනවනෙ කොළ බොක්කටම වැදිල කාබන් පාර කඩල යන්නම.මේකට නම් ඉක්මනටම විසඳුමක් අවශ්‍යයි මහත්මයා." ඇය පැවසුවේ වේදනාත්මක ස්වරයෙනි.
    "ඉක්මන් විසඳුමක් විදියට නම් කිරල ඇබ දෙකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ ආර්යාවෙනි." හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි.
    'දෙන්නෙ කැ#යගෙ යටිබඩ කොරවෙලා වල්ල මිනිමයිස් වෙන්න.ඇයි යකෝ.උඹ මට මේක විසඳල දෙනවද නැත්නම් මම ඇජිත්රෝහන්ටම කේස් එක බාරදීල එයාගෙන් විසඳුමක් ගන්නද.කැ# ලයින් එපා හර්ම්ස් මහත්මයා.හරිද..." යක්ෂාවේශ වූ සැමුවෙල්ස් ආර්යාව කෑගැසුවාය.හෝම්ස් ඩිම් විය.
    "තරහ ගන්න එපා පැටියෝ.ඔය සුදු මූණ කළුවෙයි.මං විහිළුවක්නෙ කලේ.අපි උණුසුම් කෝපි එකක් බොන ගමන් නිවීසැනසිල්ලෙ පොඩ්ඩක් කතා කරමුද." හෝම්ස් කීවේය.
    "මට නිවීසැනසිල්ලෙ පෙං කෙලින්න වෙලාවක් නෑ හෝම්ස් මහත්මයා.අනික මට ඔය කෝපි බීල පුරුද්දකුත් නෑ.තියෙනවනම් සුදුවැයින් හොඳ කසිප්පු ෂොට් එකක් දෙන්න.මල්තෝර බීඩියකුත් එක්ක." ඇය කීවේ සෙටියේ කුෂන් එකෙන් ගල්දෙක වසාගන්නා අතරතුරදීය.මං වැලකැඳය වගේ බලා ඉන්නවා ඇය දකින්නට ඇත.හෝම්ස් දුන් කසිප්පු වීදුරුව එක ෂොට් එකට ගසාදැමූ ආර්යාව මේසය මත තිබූ මල්තෝර බීඩියක් ගෙන දල්වාගත්තාය.
    "හොඳයි එහෙනම් ආර්යාවෙනි.ඔබේ ගැටළුව ගැන කතා කරමු.මේ මගේ මිත්‍රයා දොස්තර වොට්සන් මහත්මයා.ඌ කොහොමත් පොම්නයා.ඌ හිටියට කමක් නෑ ආර්යාවෙනි ඔබතුමිය කතාව කියන්න." හෝම්ස් කීවේය.
    ඒකට නම් ඌට කොයිවෙලාවකහරි රිටන් එකක් දීමට මම තරයේ සිතාගත්තෙමි.
    "ඔවාල සරලව හිතුවට මේක ගොඩක් සංකීර්ණ ගැටළුවක් හෝම්ස් මහත්මයා.මංනෙ දන්නෙ රෑට විඳින්න ඕන දහදුක.සාමියා කොන්ට්‍රෝල් කරනව කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.වතුරට ගල් ඉන්න දැම්ම වගේ ලේසියෙන් ඇතුලට බැස්සට අරූ වරම ගත්තු හනුම වගේ හතරහට පලන්න ගත්තම දැනෙන අමාරුව වචනෙන් විස්තර කරන්න බෑ මහත්තයෝ." ආර්යාව කීවේ බීඩිය බොන අතරතුරදීය.
    "සැමුවෙල්ස් සාමිවරයට ඉස්සර මේ වගේ මෝලක් තිබුනෙ නෑ නේද ආර්යාවෙනි." හෝම්ස් ඇසුවේය.
    "ඉස්සර මොන මෝලක්ද හලෝ.අර තෙල් මෝල විතරයි ඌට තිබුනෙ.දැන් සති 3-4කට කලින් ඉඳල තමයි මේ කුලප්පුව හැදුනෙ.ඇත්තමයි සාමිවරයත් නිකං වැහි දෙයිය වගේ කියලයි මට හිතෙන්නෙ හෝම්ස් මහත්තයෝ."
    "ඇයි හොඳට ගලනවද..?" මම ඇසුවෙමි.
    "උඹත් හිමිජ්ජා වගේ ඉඳල ජනේලෙන් දෙනව නේද.නෑ නෑ මහත්මයා මං ඉස්සර කොච්චර නම් සාමියට කියනවද පොඩ්ඩක් ට්‍රයි කරලවත් බලන්න කියල.ම්හු...බල්ලට පොල්ලෙන් ගැහුව වගේ අනිත් පැත්ත හැරිල බුදියගන්නව.ඒත් දැන් එපා කියද්දි හු#තයි පු#යි යාවෙනකං එලෝ එලෝ ගහනව මහත්මයා.ඌත් හරියට වැහි දෙයිය වගේ.දෙනකොට දෙනව මයිල් හැලෙන්න."ආර්යාව කීවේ මට සිනහවකින් සංග්‍රහ කරමිනි.මට හෙන සතුටක් දැනුනි.
    "සාමිවරයගෙ අරියාදු ඉවසන්න බැරුව බංගලාවෙ හිටපු සේවිකාවො අස්වෙලා ගියා කියන්නෙ ඇත්තද එතකොට..?" මම ඇසුවෙමි.
    "සේවිකාවො විතරක් නෙවෙයි දොස්තර මහත්තයෝ.ගෙදරට හැමදාම පත්තරේ ගේන අර මනුෂ නානායක්කාර කොලුවත් සාමිවරයගෙ අතවර්ට ලක් උනා.ඌ දැන් බංගලාවට පත්තරේ ගේන්නෙ නෑ.අරලියගහ මන්දිරේටත් පත්තරේ ගෙනියන්නෙ ඌ තමයි.ඇත්තම කිව්වොත් හිටපු සේවිකාවො 28 දෙනාගෙන් 21 දෙනෙක්ම අස්වෙලා ගියා මහත්තයෝ.වෙනදට අත දැම්මත් මදි කියන මටවත් උහුලගන්න බැරි නම් අර යන්තං දහඅට පැනපු පැඟිරි කෙල්ලො ඉවසගන්න බැරුව අස්වෙලා යන එක අසාධාරණයි කියන්නත් බෑ." ආර්යාව කීවාය.
    "දැන් ඉන්න දහඅටේ කෙල්ලොත් එක්ක ඔයාලට හැරෙන්නවත් බෑ ආර්යාවෙනි.උන් හරිම හොට්.හිහී.." මම කීවෙමි.
    "අනා ඇත්තමයි නේද.ඔයා නම් හරි ස්වීට් දොස්තර මහත්මයා.හරි ෆනී" ආර්යාවගේ ඒ වදන් ස්වල්පය මගේ කන් දෙකට ෂැන්ඩි නොකල මධුවිත වත්කරාන්නාක් මෙන් සනීපයක් ගෙන දුන්නේය.
    "ඒකනෙ ආර්යාවෙනි.මං එහෙම තමයි.එතකොට සැමුවෙල්ස් සාමිවරයගෙ හැසිරීමෙ වෙන මොකුත් අමුත්තක් පේන්න තියෙනවද?" මම ඇසුවෙමි.
    "හා හා...හා දැන් මෙතන රහස් පරීක්ෂකයා උඹද මමද.මේරි උඹට 10 වෙද්දී ගෙදර එන්න කිව්ව නේද?" ආර්යාව මට ටෝක් වීගෙන එන ලයින් එක දුටු හෝම්ස් ඉරිසියාවෙන් ගුගුලේය.ඌ මේරි ගැන කිව්වේ ආර්යාවට ඇසෙන්නටය.වේ# ෂර්ලොකාට වෙලාවක කෙලවිය යුතුය.
    "හා උඹම අහගනිංකො එහෙනං.හු#ත" මම කීවෙමි.
    "ඉතිං ආර්යාවෙනි.ඔබතුමිය ෆේස්බුක් වයිබර් එහෙම ඉන්නවද?" හෝම්ස් ඇසුවේය.
    "ඒව මේ පරීක්ෂණයට අදාල වෙන්නෙ නෑ නේද හෝම්ස් මහත්මයා." ආර්යාව ගත් කටටම කිව් අයුරින් හෝම්ස් කිංඩි වී පජාත විය.
    "ආ...ඕ...හුත්..ඔව් ඔව්ව්.මේ මං අහන්න හිටියෙ කවුද සාමාන්‍යයෙන් සැමුවෙල්ස් සාමිවරයා ලඟින්ම ඇසුරු කරන්නෙ.හිත මිත්‍රයො වගේ අය." කින්ඩියෙන් බේරීමේ උත්සාහයක් ලෙස හෝම්ස් ඇසීය.
    "සාමිවරයට මිත්‍රයන් හිටියෙ බොහොම සුළු පිරිසක් විතරයි හෝම්ස් මහත්තයෝ.ක්‍රිස් ගේල් ආදිපාදවරයා,ලන්දෙ සයිමන් අයියා,ඩිජේ බ්‍රාවෝ මහත්මයා,කරෝලිස් බටුවත්ත මහත්මයා,සුලෙයිමාන් බෙන් මුදලාලි,සිරිසේන ජනාධිපතිතුමා,නාගහවත්තෙ සුඛන සුත්තා මහත්මයා,ජී.එල්.පීරිස් ලොක්කා,කුමාර වෙල්ගම උන්නැහේ වගේ අය තමයි එයා ළඟම හිතවතුන් විදියට ආශ්‍රය කලේ.මීට අමතරව එයා පොඩිකාලෙ ඉඳලම අකිල විරාජ් මල්ලියි,මංකල සමරවීර අයියයි එක්ක හරි එකතුයි.ඒත් මේ කුලප්පුව හැදුනට පස්සෙ දවසක් එයා අරුන් දෙන්නට අන්නාසි ගෙඩි 2කින් ගහල පැන්නුව හෝම්ස් මහත්මයා."
    "එතකොට ඔබතුමිය ළඟින්ම ඇසුරු කරන අය කවුද ඉන්නෙ.මං ඇහුවෙ බංගලාවට නිතර යන එන අය." හෝම්ස් ඇසුවේය.
    "මට ඉන්නෙ හොඳම යෙහෙළියො දෙන්නෙක් විතරයි.ඒ අර ෆියුමි හංසමාලියි,ජේකලා මහේෂ්වරන් අක්කියි විතරයි.ඒ දෙන්න හැමවෙලාවෙම වගේ මගේ දුක සැප බලල යන්න ආව ගියා.ඊට අමතරව ඉතිං අර බ්‍රාසර්ස් හන්දියෙ පාට් ටයිම් හැම ජොබ් එකම කරන ජොනී සින්ස් තට්ටයියා තමයි ආවෙ.එයා ඉස්සර ආවෙ මහ රෑ කවුරුත් නිදි අතරෙ.ආව කියල කවුරුවත් අවදි කරන්නෙවත් නෑ හෝම්ස් මහත්තයෝ.මාව විතරයි ඇහැරවන්නෙ.අපේ සැමුවෙල්ස් සාමියට මේ කුලප්පුව හැදුනට පස්සෙ මට කෑම හිඟයක් නැති උනා හෝම්ස් මහත්මයා.මට කාගන්නවත් බැරිතරම් කෑම හම්බඋනා.කුලප්පු වෙච්ච සැමුවෙලා එක්ක බලද්දි ජොනී සීන්ස් තට්ටයිය මොකෙක්ද කියල හිතුන නිසා මං ඌට එන්න එපා කිව්ව හෝම්ස් මහත්තයෝ." ආර්යාව ලැජ්ජ බීච්චුවට දමා ඇත්ත හෙලිකිරීමට පසුබට නොවූවාය.හෝම්ස් තවත් මොනවදෝ විස්තර සහ ඕපාදූප කුරුඤ්ඤං හැටහුට හමාරක් විතර ඇගෙන් අසාගෙන සටහන් කරගත් අතර මම ඇගේ ගල් දෙක දීර්ඝ ලෙස නිරීක්ෂණ කලෙම්.
    "දැනට දැනගන්න තියෙන තොරතුරු නම් එපමණයි සැමුවෙල්ස් ආර්යාවෙනි.මම ගැටලුව විසඳල දෙන්න බාර ගන්නම්.කටක් ඇරල ඔබතුමියගෙන් අත්තිකාරමක් ඉල්ලන්න හිතෙන්නෙත් නෑ.තියෙනව නං ඔන්න ඔහෙ බුලත් කොලේක ඔතල කීයක්හරි මේසෙ උඩින් තියල යන්න." හෝම්ස් කීවේය.
    හෝම්ස්ට ගස්සා මුහුණ හරවාගත් ආර්යාව හෑන්ඩ් බෑග් එකෙන් පර්ස් එක ගෙන නෝට්ටු කිහිපයක් අතට ගත්තාය.
    "පොඩි ප්‍රශ්නයක් තියෙනව හෝම්ස් මහත්මයා.මං බුළත් කොළයක් ගෙනාවෙ නෑනෙ."
    "ආ ඒකට කමක් නෑ ආර්යාවෙනි.රුපියල් සීයෙ කොලේක ඔතල මුදල් තියන්න.මං ඒ රුපියල් සීයෙන් බුළත් කොළයක් කඩෙන් ගන්නං." හෝම්ස් කීවේය.ඌ එතනින්ද ගෑණිගෙන් ගාණක් කඩාගත්තේ අතිදක්ෂ ලෙසිනි.ගෑණුන්ගෙන් දත් පැන්නීමේ කලාවක් නම් හෝම්ස් එහි පිකාසෝය.රටේම ඉන්න කොල්ලන්ගෙන් දත් පන්නා ප්‍රකට විශේෂඥ දත්කාරියක් ලෙස කිරුළුපලන් බෙල්ලන්විල බඩු කසුනිගෙන්ද හෝම්ස් එකල දත පැන්නුවේ අතිශය කාර්යශූරය ලෙසිනි.
    "එහෙනම් මං ගිහිං එන්නම් මහත්වරුනි." මුදල් මේසය මත තැබූ ආර්යාව පිටත්වීමට සැරසිනි.
    "ආ...හදිසි අවශ්‍යතාවයක් සඳහා තොරතුරු දැනගන්න උවමනා වෙන්න පුලුවන්.ඔබේ දුරකථන අංකය දීල යන්න ආර්යාවෙනි." හෝම්ස් ඇඟට පතට නොදැනි කීවේය.
    "අනේ...අපි යාළුවො වගේ ඉමු හෝම්ස් මහත්මයා.අනික මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ.තොරතුරක් දැනගන්න ඕන උනොත් ඕන වෙලාවක බංගලාවට එන්න.මං ගිහිං එන්නම් ගායිස්.බායි ම්ම්ම්වාහ්..." ඇය කීවාය.
    "ටහිකේ පුදුම ලොකුවක්නෙ.හා හා පලයං ආර්යාවෙනි." හෝම්ස් කීවේ තරහෙනි.
    ගත සිත මන්මත් වී කුල්මත් කර ප#ය නග්ගා කක්කා බර සාදවන ඇගේ මියුරු සුවඳත් රැගෙන ඇය පිටව ගියාට පසු අපිට හෙණ පාළුවක් දැනුනි.විනාඩි තුනහමාරක් පමණ හෝම්ස් සමග ඇගේ කඳමන්ට් එක ගැන කතාකරමින් සිටි මා හෝම්ස්ට සමුදී නිවෙසට යාමට පිටත් වීමි.
    නිවසේදී දිවා ආහාරය ගන්නා අතරතුර සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව ගැන මම මේරිට කීවෙමි.'තමුසෙට තමයි එහෙම කුලප්පුවක්වත් හැදෙන්නැත්තෙ.කාල බීල අටවෙද්දි බුදියගන්නනෙ තමුසෙ බලන්නෙ.' කියමින් මේරි මට බැනවැදුනාය.හැමිනිලා ආර්යාවගේ ගල්දෙක ලස්සන යැයි වැරදීමකින් මේරි ඉදිරියේදී මට කියවුනු නිසා ඇය බත් බෙදන ලොකු හැන්දෙන් මට පන්න පන්නා පහර දුන්නාය.රෑ කාටත් හොරෙන් ෆේස්බුක් එකෙන් හැමිනිලා ආර්යාවව සර්ච් කරද්දී කරුමෙට ඒකත් මේරිට මාට්ටු වූ අතර ගියමාසෙ රත්තරං නැන්දම්මා ආපු වෙලාවෙ කොස් තම්බන්න ගිහිං බිඳුනු ලොකු මැටි කොරහේ ඉතිරිව තිබුනු අර්ධ ගෝලාකාර කොටස විසිකොට මේරි මට පහරදුන්නාය.පසුව මට රෑ එළියේ නිදන්නටද සිදුවිය.පසුදින පාන්දරම අවදි වූ මා නිවසේ සියළු වැඩපල කරදී මේරිගේ පෑන්T ඇතුළු සියළුම රෙදි සෝදා දී වැඳ අවසර ගෙන හෝම්ස් හමුවීමට යාමට අවසර ලබාගතිමි.මා යනවිට හෝම්ස් සිටියේ කක්කුස්සියේ සැරටම බොකක් දමමිනි.
    "ආ...වොට්සන් උඹ ආවද.ඔහෙන් වාඩිවෙලා ඉඳහං.මං එන්නං" හෝම්ස් ඇතුලෙ ඉඳන්ම කෑගැසුවේය.
    *තුන්වන කොටසින් හමුවෙමු*


    https://www.facebook.com/permalink.php?story_fbid=792364527560892&id=559289734201707&substory_index=0
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    13265871_795613813902630_3009747233975801535_n.jpg


    -මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව-
    Episode 3

    හෝම්ස් බොක දමා එනතුරු මම සැටියේ වාඩිවී ස්ටූල් එක මත තිබූ ගමගේ මල්තෝර බීඩියක් ගෙන දල්වාගතිමි.කක්කුස්සිය පැත්තෙන් ඇසෙන අති භයංකෘත ශබ්ද නිසා හෝම්ස් ධාරානිපාත බොකක් නිදහස් කරන බව මා දැනගතිමි.මෙතෙක් තිබූ අධික උණුසුම් කාළගුණය අවසන් වී ලන්ඩනයට දරුණු වැහිබර තත්වයක් උදා වී තිබුනු අතර.උදේ පාන්දරම පටන්ගත් නා කපන වැස්ස තවමත් අඩුවක් නොතිබිණි.ඒ මදිවට දැඩි සීතලක් ලයින් වී තිබුනු නිසා මට දාහතරවැනි වතාවටත් පම්ප් එකක් ලෝඩ් විය.මුත්‍රා බොක්කට ඩ්‍රෝවින් පින් වලින් අනින්නාක් මෙන් සැරටම පම්ප් එක ලෝඩ් වී තිබුනු නිසා මා සිටියේ දැඩි අපහසුවෙනි.හෝම්ස් කාරයා ටෙන්ඩර් පදනම මත කක්කුස්සිය බදු අරගෙන තිබුන නිසා මම ගිනි උඳුනට මුත්‍රා කලෙමි.ගිනි උඳුන දල්වා නොතිබුණු අතර අළුගොඩේ පම්ප් එක හඳුනාගැනීමට අපහසු වන ලෙස දර කැබැල්ලකින් අඟුරු ගොඩ මෙහෙක් මෙහෙක් කල මා මොකුත් නොකලාක් මෙන් සැටියේ වාඩිවී බීඩි පානය කලෙමි.මද වෙලාවකින් හෝම්ස් එලියට පැමිණියේ සිනාමුසු මුහුණෙනි.
    "සුබ උදෑසනක් මිත්‍රයා...ආයෙ බෙහෙතකටවත් බෙට්ටක් ඉතුරු කරගත්තෙ නෑ.ඔක්කොම දැම්මා." හෝම්ස් කීවේ සතුටිනි.
    "පුදුමයි බං උඹේ බොක ප්‍රෙෂර් එකට කක්කුස්සි පෝච්චිය පුපුරන්නෙ නැති එක." මම කීවෙමි.
    "කක්කුස්සි පෝච්චිය කෙසේ වෙතත් උඹේ ඔළුගෙඩිය නම් පුපුරන්න උත්සහ කරල තියෙන බවක් පේනව වොට්සන්.මොකද ඊයෙ රෑත් උඹ සන්ලයිට් කැටේ පෑගිල බාත්රූම් එකේ ලිස්සල වැටුනද?" හෝම්ස් ඇසුවේ කට කොනකින් සිනාසෙමිනි.ඊයෙ රාත්‍රියේ මේරි මැටි කොරහ කෑල්ලෙන් දමා ගසද්දී ඉන් දිවි ගලවාගැනීමට මා එහාට පැන්න මොහොතේ ඔළුව ටීවී ස්ටෑන්ඩ් එකේ වැදුනු අතර නළල නිල් පැහැවී තඩිස්සි වී තිබිනි.කරුමෙට මේ ගෝතයා එය දැක තිබිනි.
    "අනේ නෑ හෝම්ස්.ඊයෙ අපෙ පොඩිඑකා ගෙදර පාපිස්ස යටින් ජිල්බෝල ටිකක් තියල තිබුනා.ගෙට ගොඩවෙන්න අඩිය තියනව විතරයි මතක.සිහිය එනකොට මං හිටියෙ මේරිගෙ උකුලෙ ඔළුව තියාගෙන.ඒකි උණු අළු පොට්ටනියකින් තැව්ව හෝම්ස්.පට්ට ආදරයක් තියන්නෙ ඒකිගෙ.රත්තරං ගෑණි බං." මම යන්තම් පචයක් ගොතාගත්තෙමි.
    "අහා...එහෙමද.මං හිතුවෙ උඹ ගෑණි ඉස්සරහ හැමිනිලා ආර්යාවගෙ ගුණ වයන්න ගිහින් ආපදාවකට ලක් උනා කියල.කාරි නෑ වොට්සන්.මේ දවස්වල කැ#ම සීතලක් තියෙන්නෙ බං.ඉඳපං මං ගිනි උඳුන දල්වන්නම්." කියූ හෝම්ස් නැගිට ගොස් ගිනි උඳුන දල්වන්නට ගත්තේය.
    "පුහ්ක් විතරක්...හු#ත.හුරිජ්ජ ගන්දස්සාරෙ බෑ.මී හුරිජ්ජ නෙවෙයි.මේ මනුස්ස හුරිජ්ජ.ම්ම්හූ ම්හ්හ්." වඩාත් ඉව කර බලමින් හෝම්ස් කීවේය.
    "ඔබ කොහොමද හෝම්ස් හරියටම කියන්නෙ ඔය මනුස්ස හුරිජ්ජ කියල." මම ඇසුවෙමි.
    "අනෙ නිකං පලයං වොට්සන් යන්න.හුරිජ්ජ ගඳ අනුව ජීවියා හඳුනාගැනීම කියල පොත් පිංචකුත් ලියපු මට මේක මහ කජ්ජක් නෙවෙයි.මං හිතන්නෙ හඩ්සන් ගෑණි මාත් එක්ක තියෙන තරහට හොරෙන්ම ඇවිත් මේකට හුජ්ජ කරල යන්න ඇති.ගිනි උඳුන දල්වගන්න බැරුව සීතලට ගල්වෙලා මං මියයාවි කියල ඒ ගෑණි හිතන්න ඇති.වල් සුක්ති." හෝම්ස් කීවේ තරහෙනි.
    "ඒක වෙන්න පුළුවන්ද හෝම්ස්.හඩ්සන් ගෑණි කොහොමද හරියටම ඒම් කරල ගිනි උඳුනට හුජ්ජ කරන්නෙ.ඕකිගෙ කකුල දිගේ බේරෙයි නෙව." මම කීවෙමි.
    "උඹ නොදන්නව උනාට හඩ්සන් ගෑණි ඉලක්කෙට මුත්‍රා කරන්න පොල්කොළ පාවිච්චි කරනව බං.පොල්කොලේ ගානට තියල පීල්ල දිගේ ඕනම ඉලක්කෙකට මූත්‍රා කරන්න ඕකිට පුළුවන් මිත්‍රයා.ඒ උනාම මේකෙන් එන්නෙ කසිප්පු බීපු එකෙක්ගෙ හුරිජ්ජ ගඳ.හඩ්සන් ගෑණි බොන්නෙ ගල් විතරයි.එතනින් මගේ සැකය වෙනත් පැත්තකට යොමුවෙනව වොට්සන්" හෝම්ස් කීවේ තවදුරටත් ඉව කර බලමිනි.
    "ඕක හොයාගත්ත කියල උඹට ලැබෙන ප්‍රතිලාභයක් නෑනෙ හෝම්ස්.අර ගැටලුව ගැන මොකක්ද උඹ දරන අදහස." සීන් එක මාට්ටු වීමට යන බව වැටහුණු නිසා මම කීවෙමි.
    "මොන ගැටලුවද බං." හෝම්ස් ඇසුවේ පුදුමයෙනි.
    "අර බං සැමුවෙල්ස් කාරයගෙ මෝල් කුලප්පුව.මොකද උඹ වැඩේ අතෑරල දැම්මද?"
    "ටහිකේ වොට්සන්.මට හාංකවිසියක් මතක නැතිඋනා.මං අර ගෑණිගෙන් ඇඩ්වාන්ස් එකකුත් ගත්ත බං.අපි දැන්ම යමු සැමුවෙල්ස් බංගලාවට.ගිහින් බලමු ඉතිරිවෙලා තියෙන වැදගත් තොරතුරු මොනවද කියල.ඔය කොයික උනත් මේ ගිනි උඳුනට හුරිජ්ජ කරපු එකාව නම් මං අල්ලගන්නවමයි.අල්ලගෙන ඕකගෙ ප#ය කපල මැනිං මාකට් එකට දාල පො#නයන්ට වෙන්දේසි කරනව.ඊට පස්සෙ උඹට පුළුවන් ගිනි උඳුනේ මුත්‍රා අභිරහස කියල පාඨකයන්ට රසවත් කතාවක් ලියන්න." හෝම්ස් කීවේ පිටත් වීම සඳහා සූදානම් වන අතරතුරදීය.
    "ප#ය කපල මං මැරිල ගියාම කොහොම කතා ලියන්නද හෝම්ස්.උඹ නිකං රෝංග් ටර්න් කාරයෙක් වගේනෙ.උඹත් එක්ක ඉන්නත් බයයි." මම කීවෙමි.
    "වොට්සන් ඔවා...ඊයා හලෝ." හෝම්ස් කෑගැසීය.
    "හරි හරි බං.උඹ කක්කුස්සි බදු ගත්තම අපිට පම්ප් එකක්වත් දාන්න තැනක් නෑනෙ.ඉවසගන්නම බැරිතැන මං මේකට සූ පොඩ්ඩක් දැම්ම තමයි.උඹට තේරෙන්නෙ නෑ හෝම්ස් පම්ප් එකක් උහුලං ඉන්න තියෙන අමාරුව." මම කීවෙමි.
    "පුස්සැල්ලගෙ පන්ති ගිහිං ඉන්ටවල් දෙනකං පම්ප් එක බ්ලොක් කරගෙන ඉඳපු අපිට ඕකෙ අමාරුව කියල දෙන්න ඇවිත් හොම්බ කට සමතලා කරගන්න එපා මහත්තයෝ.සමහර දවස්වලට ප#ය අගිස්සෙ ගැටයක් දාගෙන තමයි උහුලං හිටියෙ.කාරි නෑ වොට්සන්.උඹට අදට සමාව දෙන්නං.අපි දැන්ම පිටත්වෙමු කැළණිමුල්ලෙ සැමුවෙල්ස් බංගලාවට.යනගමන් බැරියැ විස්තර කතා කරගන්න." හෝම්ස් කීවේ සාමකාමී ස්වරයෙනි.
    ජෝකර් වීථියේ අපගේ නවාතැනින් අප පිටත්වන විටත් දරුණු ලෙස වර්ෂාව පතිත වෙමින් තිබිනි.අප දෙදෙනාම වැහි කබා වලින් සැරසී සිටි නිසා වැස්ස එතරම් බාධාවක් නොවුනු අතර මහජන බැංකුවෙන් අළුත් අවුරුද්දට හෝම්ස්ට ලැබී තිබූ ලොකු කුඩය හඩ්සන් මහත්මිය විසින් ඉල්ලාගෙන ගොස් නැතිකර තිබිනු නිසා වැහි කබාවලින් පමණක් ආරක්ෂාව සලසාගැනීමට අපට සිදුවිය.ගවමුත්‍ර පිරවූ රිවෝල්වරය දමාගැනීමට හෝම්ස් අමතක නොකලේ සැමුවෙල්ස් කාරයාගෙන් ලිම්කික අතවර සිදුවීමට ඉඩකඩ ඇති නිසාවෙනි.වැස්ස නිසා මාවත පාළුවට ගොස් තිබුණු අතර හයර් එකක් නැතුව වේලි වේලි සිටි තණ්ඩලේ මමාගේ අශ්ව කරත්තයෙන් අපි පිටකොටුව බලා පිටත් වීමු.
    "අපි සරලව හිතුවට මේක බොහොම සංකීර්ණ ගැටලුවක් මිත්‍රයා.මේකෙ අගක් මුලක් ගලපගන්න මටත් තරමක් අපහසුයි.ඇත්තම කිව්වොත් මාත් ගැටළුවෙ හිරවෙලා ඉන්නෙ." අප අශ්ව කරත්තයෙන් ගමන්ගන්නා අතරතුර හෝම්ස් කීවේය.
    "සහතික ඇත්ත මහත්තයෝ.ඔක්කොම කාණු හිරවෙලා.වතුර බහින්න තරමක් අපහසුයි තමා.ඒකනෙ කොළඹ ඒරියල් එකම යටවෙලා තියෙන්නෙ.ආණ්ඩුවෙ එවුන්ට අගක් මුලක් ගලපගන්න බැරුවයි ඉන්නෙ." වැස්සේ හඬ අභිබවමින් තණ්ඩලේ මාමා කීවේය.
    "වැස්සට මුගේ කන් අගුල් වැටිලා.කියන එක නෙවෙයි ඇහෙන්නෙ.අනුන්ගෙ කතාවලට ජනේලෙන් පුක දෙන්නැතුව කට වහගෙන ඔය කරත්තෙ හරියට දක්කපං තණ්ඩලේ මාමා." හෝම්ස් උස් හඬින් කීවේය.
    තණ්ඩලේ මාමා දිගින් දිගටම ජනේලෙන් දෙන්න ගත් නිසා පිටකොටුවට එනතුරුම හෝම්ස් සහ මම නිහඬව පැමිණියෙමු.තදබදයෙන් සහ තෙරපීමෙන් කුර්තාෆ් වූ සීටීබී ලදරමක එල්ලීගත් අප සෑහෙන දුෂ්කර ගමනකට එළඹියෙමු.සුදු ඇන්ටි පාරකට ඔටෝම ජැකක් සෙට් වීම නිසා ප්‍රීතියෙන් මුසපත් වී සිටි හෝම්ස්ට ගමනේ වෙහෙසකර බවක් දැනුනු බවක්වත් පෙනෙන්නට නොතිබිණි.කරුමෙට මට සෙට් උනේ යාර දෙකක් පමණ දිගට යටි රැවුල වවාගත් බඩ තඩි නාකි මරක්කල මුදලාලියෙකි.මාර්ගය තරමක් ජලයෙන් යටවී තිබුණු නිසා බසය ගමන් කලේ නාකි ඉබ්බා හොර ගෑණි බලන්න යන්නාක් මෙන් ඉතා සෙමිනි.පැය එකහමාරක පමණ කටුක බස් ගමනකින් පසු කෙටි බෝට්ටු ගමනකින් අප සැමුවෙල්ස් බංගලාව වෙත පැමිණියෙමු.කැළණිමුල්ල ඒරියල් එකම ගංවතුරින් යට වී තිබුණු නමුත් සැමුවෙල්ස් බංගලාව තිබුණු ප්‍රදේශයට ගංවතුරින් බලපෑමක් වී නොතිබිණි.අඩි 8ක් පමණ උසට තිබූ වතුරෙහි බෝට්ටුවෙන් ගමන් ගන්නා අතරතුර හෝම්ස් වතුරට මූත්‍රා කල අතර එය ජලය සමග සංයුක්ත වී ගොස් ගංවතුරේ බැස කිඹුලන් සමග සුහදව සමූහ ඡායාරූප ලබාගත් කෙල්ලන් සෙට් එකක් නහවමින් ගලාගෙන ගියේය.
    "මේ ගංවතුරින් ආපදාවට පත්වෙච්ච අයට රජයෙන් මොකුත් ආධාරයක් ලැබුනෙ නෑ නේද මහත්මයා." නිහඬතාවය බිඳිමින් හෝම්ස් ඇසුවේ බෝට්ටුව පැදවූ තරුණයාගෙනි.
    "නැත්තෙ මොකද මහත්තයෝ.අපේ සුජීව සේනසිංහ මහත්මයා මේ ජනතාවට කෙහෙල්ගෙඩි වලින් ආධාර කලා.මේ මිනිස්සුන්ට ඉතිං කොච්චර කලත් මදිනෙ" ඔහු කීවේය.වැඩිදුරටත් පැවසූ දේවල්වලට අනුව ඔහු රජ ටොයියෙක් බව පෙනීගිය නිසා අප නිහඬව සිටියෙමු.කෙසේවෙතත් අප සැමුවෙල්ස් බංගලාවට පැමිණෙන විට උදෑසන 11 පමණ වී තිබිනි.
    සැමුවෙල්ස් බංගලාව ඉතා මනරම් වටපිටාවක සාදා තිබූ විශාල පැරණි දෙමහල් මන්දිරයකි.නගරබද ප්‍රදේශයෙන් තරමක් ඔබ්බට වන්නට තරමක් පාළු පෙදෙසක පිහිටා තිබුණු වලව්ව වටවී තිබුනේ උස් තාප්පයකිනි.අප වලව්වේ ගේට්ටුව අසලට ගොස් කෑමොර දුන්නෙමු.
    "වලව්වෙ කවුදෝ...ආර්යාව හැමනිලා...අපි ආවා." එකසිය දාහතරවන වතාවටත් හෝම්ස් යටිගිරියෙන් කෑගැසූ පසු වයස්ගත කුදගැහුණු සේවකයෙක් විශාල වත්තේ කෙලවරක සිට නොන්ඩි ගසමින් පැමිණ ගේට්ටුව විවෘත කලේය.
    "මොකද්ද අයිසේ මෙච්චරවෙලා උඹ පුක් ගැහුවද.අපි මේ පන යනකං කෑගහනව මෙතන." හෝම්ස් ගුගුලේය.
    "කෑගහන සද්දෙනං මට ඇහුණ මහත්මයා.ඒත් මට ඉක්මනට ඇවිදගන්න බෑ." ඔහු කීවේ අපහසුවෙනි.
    "අෆ්ෆටසිරි වොට්සන්.මූ ඇවිදින්නෙත් බකල් ගහ ගහ.සැමුවෙල් පවර් තමයි.නාකි සිකුරුටි කාරයෙක්ටවත් උගෙන් බේරිල්ලක් නෑ වගේ." හෝම්ස් මගේ කනට කර රහසින් කීවේය.
    "මොකද ලොකු උන්නැහේ බකල් ගහන්නෙ.අසනීපයක්වත්ද." මම ඇසුවෙමි.
    "අසනීපෙ මට නෙවෙයි මහත්මයා.අර මාලන් සැමුවෙල්ස් කියන පො#න සාමියට.අපිට තමයි ඒකටත් වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ.උඹට කියන්න මහත්තයෝ මං කක්කුස්සිට ගිහින් පහත් වෙන්න ඕන නෑ.යන්තං නැවෙනකොට බෙට්ට හැලිල ඉවරයි.ගඟකට බහින්න බෑ දණ්ඩි රිංගනව.ගංවතුරට බහින්න බෑ පාවෙලා එන බඩුමුට්ටු පොල්ගෙඩි හිරවෙනව." ඔහු කීවේ තරහෙනි.
    කලින් බාගයක් බී නිවා තිබූ මල්තෝර බීඩි කොට කෑල්ලක් සාක්කුවෙන් ගත් හෝම්ස් එය සන්තෝසමක් ලෙස මුරකරුට දුන්නේය.ගේට්ටුවේ සිට බංගලාවට යාර පන්සීයක පමණ දුරක් ඇවිද යාමට තිබිනි.බිම ගල් අතුරා මැනවින් සකසා තිබු අතර වත්තේ මල් වවා අලංකාර කර තිබිනි.දෙකේ පුළුං ගස් සහ ඔයිය පතන කොල වැල් බංගලාවට අලංකාරයක් එක් කල නමුත් මෑතක සිට ගෙවත්ත හරියාකාරව නඩත්තු කර නොතිබුණු බව පෙණුනි.සැමුවෙලා පු# පලන්න එන නිසා සේවිකාවන් බංගලාව හැරදමා ගොස් තිබුනු නිසා එසේ වන්නට ඇති බව අප නිගමනය කලෙමු.
    හැමනිලා ආර්යාව පැමිණ අපව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර තෙමිච්ච කුකුළන් දෙදෙනෙකු ලෙස සිටි අපිට සිසිල් කල සන්ක්වික් වීදුරු දෙකක් සමග අයිස්ක්‍රීම් කන්නට දුන්නේ ඉතා හිතවත් අයුරිනි.ඇය ඇඳ සිටි කොටු කොටු කොට ෂෝට සහ තුනී ස්කිනර් එක දුටුවන්ගේ නැග්ගවීමට සමත් ලයින් එකක් ඇයට ලබාදී තිබිනි.
    "ඇත්තමයි මේ වේcගෙ පුතා කරන වැඩවලින් මට නිවනක් නෑ හෝම්ස් මහත්මයා." ආර්යාව කීවේ තරහෙනි.
    "ඒ ඇයි ආර්යාවෙනි.ඊයෙත් සාමිවරය ඔබට පුk ඇරියද." මම ඇසුවෙමි.
    "ඒක නම් ඉතිං හැමදාම වෙන දෙයක්නෙ දොස්තර මහත්මයා.මේ එහෙම කතාවක් නෙවෙයි.අපේ සාමියා නිසා ගම්පහ කෙල්ලො සමූහ ගැබ් ගැනීමකට ලක්වෙලා.ඒ කෙල්ලන්ගෙ පවුල්වල එවුන් ඇවිත් වන්දි ඉල්ලනව කියහංකො." ආර්යාව කීවේ කලකිරීමෙනි.
    "සමූහ ගැබ් ගැනීමක්.කොහොමද ආර්යාවෙනි එහෙම එකක් වෙන්නෙ.සාමිවරයට ප#යවල් ගොඩක් තියෙන්නවද." මම ඇසුවෙමි.
    "හහ්...හහ්..හා. ගොන් කතා කියන්න එපා දොස්තර මහත්මයා.මේක උනේ එහෙම නෙවෙයි.එදා ගංවතුර ගලපු වෙලාවෙ බෝට්ටුවෙන් ගම්පහට ගිහින් එද්දි ගෙදරක උඩ තට්ටුවෙ ඉඳපු කෙල්ලෙක්ගෙ බුරුසක් දැකල අපෙ මිනිහ බෝට්ටුවෙ ඉඳන් ප්‍රසිද්ධියෙ අtea ගැහුවලු.බඩු ටික වැටිල තියෙන්නෙ වතුරට.ඒ කලබල අස්සෙ එතන වතුරෙ බැහැල සෙල්ෆි ගහ ගහ හිටපු කෙල්ලො අට දෙනෙක් සෙනිකවම ගැබ්බරවෙලා" ආර්යාව කීවේ කොන්ඩය ලිහා නැවත ගැටගසන අතරතුරදීය.
    "ටහිk.ඒව පාවෙල යනවනෙ නේද.මට නම්.හරිම කනගාටුයි ආර්යාවෙනි." මම කීවෙමි.
    "මං මීට කලිනුත් වතාවක් කිව්වා.මෙතන රහස් පරීක්ෂකයා මම.ඔය විස්තර මට කියන්න ආර්යාවෙනි.මූට කියල වැඩක් නෑනෙ.හරි...කමක් නෑ.කෝ දැන් සාමිවරයා.අපිට එතුමව බලන්න පුළුවන්ද." දෙයියනේ කියල මටත් හොඳ මුවෙක් දඩයම් වීගෙන එනකොට වන සංරක්ෂණ එකේ නිළධාරීන් මැද්දට පැන්නාක් මෙන් හෝම්ස් ඉරිසියාවෙන් කෑගැසීය.

    * හතරවන කොටසින් හමුවෙමු *



    https://www.facebook.com/559289734201707/photos/pb.559289734201707.-2207520000.1464112864./795613813902630/?type=3&theater
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    niyama wedak

    නව කතා කියවන්න කම්මැලි කමට හිටියට බන් මේක නම් එක හුස්මට කියවන්න පුළුවන්, ලංකාව එංගලන්තෙට සම්බන්ධ කරලා නියමෙට හදලා තියෙනවා,,ස්තුතියි නැවත කියවන්න පුරුදු කලාට,,,කෝච්චියේ යද්දී හිනා යනවා,,,good work brother,,,go ahead
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    13516713_811306475666697_4373215658066743570_n.jpg


    Episode 04

    "ඔව් පුළුවන් හෝම්ස් මහත්මයා.සාමිවරයා උඩ තට්ටුවෙ එයාගෙ කාමරේ ඇඳ උඩ දැප දාල ඇති.පරිස්සමට ගිහිං බලල එන්න.මේං මේ කිරල ඇබ දෙක මහත්වරු දෙන්නගෙ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වේවි." හැමිනිලා ආර්යාව කීවේ ප්‍රමාණයෙන් කුඩා කිරල ඇබ දෙකක් හෝම්ස්ටත් මටත් දික් කරමිනි.
    "අපිට ඕව අවශ්‍ය වෙන්නෙ නෑ ආර්යාවෙනි.අපේ ආරක්ෂාව සලසගන්න අපිට පුළුවන්.අනික අපි එක්ක පුක් ගහපු කැ#යොත් එක්ක බලද්දි සැමුවෙලා මොන සුක්තෙක්ද.අවශ්‍ය උනොත් කියල ආර්යාව ඔය දෙක ගහගත්තනම් තමයි හොඳ." හෝම්ස් කීවේය.
    "මෙව්වයින් කොහෙ ආරස්සා වෙන්නද හෝම්ස් මහත්තයෝ.මේව ජබොහ් ගාල ඇතුලට යයි.සාමිවරයගෙන් ආරක්ෂා වෙන්න මං පාවිච්චි කරන්නෙ ලීටර් එකහමාරෙ හිස් කොකාකෝලා මෙගා බෝතලේකුයි බටානා ගෙඩියකුයි.දැන්නං ඒකත් මදිවෙන සයිස් එකක් තියෙන්නෙ.අන්නේකයි." ආර්යාව කීවේ උජාරුවෙනි.
    "එහෙනං ලේසියෙන් දන්නන්න අමාරු ඇති.කමක් නෑ ආර්යාවෙනි.ඔබතුමිය පහලින් ඉන්න.මං වොට්සන් එක්ක ගිහින් සාමිවරයව පරීක්ෂා කරල එන්නම්." හෝම්ස් කීවේ ඔහු සමග පැමිණෙන ලෙස මට අතින් සංඥා කරමිනි.
    කළුවර ලීයෙන් තනා කැටයම් කර තිබූ තරප්පුවෙහි අත් වැටත් බුරුත වැනි දෘඩ ලීයකින් තනා තිබූ ශක්තිමත් තරප්පු පෙලත් බංගලාවට අලංකාරයක් එක් කල නමුත් අත් වැටෙහි තැනින් තැන වියලි කාක් බෙටි මෙන් සුදු පාටට වේලී ඇලී තිබුනු ලාටු පාරවල් නිසා එය ඇල්ලීමට පිළිකුල් බවක් දිස්විය.තවද තරප්පු පෙළෙහි ඉහල ප්‍රදේශයේ තැනින් තැන තිබූ බයින්ඩර් ගම් වැනි ලාටු නිසා හෝම්ස් සහ මා තරප්පුවේ ඇවිද්දේ මඩ කරියන් කකුලට කොටන නිසා අපහසුවෙන් වක්කඩ දිගේ ඇවිදින පොළොන්නරුවේ ගොවීන් දෙදෙනෙකු මෙනි.දිගින් දිගට හැමූ වෙරළු මල් ප්‍රෙෂ්නස් එක නිසා ඒවා සැමුවෙලාගේ බඩු පාරවල් බව අපට අවබෝධ විය.ක්ෂණිකව සාක්කුවෙන් බ්ලේඩ් එකක් ගත් හෝම්ස් තරප්පු අත්වැටේ වියලී ඇලී තිබූ ලාටුවක් සූරා එහි කුඩු ටික කුඩා පොලිතීන් කවරයකට දමා සාක්කුවේ දමාගත්තේය.ඒ මදිවට අත් කාචය ගෙන තරප්පුව හොඳින් පිරික්සා බැලීය.ඕකා හැමදාම ඔය වගේ වැඩ කරන නිසා මං කට වහගෙන බලා සිටියෙමි.ඉහත මහල විශාල දිගු බරාඳයකින් සමන්විතය.එය චතුරස්‍රාකාරව විහිදෙන බරාඳයකි.එහි සෑම පැත්තකම කාමර හැටහුටහමාරක් පමණ තිබුණු අතර බිම සෑම තැනකම ගුලිකර දැමූ සර්වියට් පේපර් තිබිනි.එකක් හැර අනෙක් සියලුම කාමරවල දොරවල් වසා තිබුනු නිසා අපි කෙලින්ම දොර විවෘත කර තිබූ කාමරයට පිවිසියෙමු.එය මනා සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබිනි.අක්කරයක් පමණ විශාල ඇඳක් සහ පතංගර සයිස් සෝෆාවක් තිබුණු අතර තවත් කණ්නාඩි මේසයක් සහ වෙනත් අටකලංපන්න කිහිපයක්ද තිබිනි.කාමරයේ බිත්තිවල මෙන්ම සිවිලිමේද තැනින් තැන සැමුවෙලාගේ බඩු ප්‍රහාර වේලී ඇලී තිබුනු නමුත් ඌ පෙනෙන්නට සිටියේ නැත.දැඩි අවධානමක් තිබුනද හෝම්ස් සහ මම කාමරයට පිවිසියෙමු.ඇඳට එහා පැත්තෙන් බිම වේ# බල්ලට පුk ඇරියාක් මෙන් වාඩිවී ටැබ් එකකින් යමක් බලමින් සිටි කළු උස වානරයෙක් වැනි දඩාර ඩෑල් එක සැමුවෙල්ස් සාමිවරයා බව අපට වැටහිණි.කළු ජොකෙක් පමණක් ඇඳගෙන අපට පිටුපා බිම වාඩිවී පොර ටැබ් එකෙන් බලමින් සිටියේ උදයන්ති අක්කි ඉස්සොයි රතු අලයි එක්ක බත් කාපු පිචැර් එක බව මම සයිඩ් එකෙන් දුටුවෙමි.පරීක්ෂණය අවසන් කර නැවත යෑමට පෙර ඒ පිචැර් එක මගේ ෆෝන් එකටත් බ්ලූටූත් කරගත යුතුයැයි මම අධිෂ්ඨාන කර ගත්තෙමි.
    "ෂ්... ෂ්ෂ්ෂ්... සාමිවරයානෙනි." නිහඬතාවය බිඳිමින් හෝම්ස් කතා කලේය.එකෙනෙහිම සැමුවෙලා හැරී අප දෙස බැලුවේ ව්‍රෙස්ට්ල්මේනියා එකේ මේන් ඉවෙන්ට් එක ජයග්‍රහණය කර බාගයක් දුරට ගොස් ආයෙත් හැරී ඕඩියන්ස් එක දෙස බලන අන්ඩර්ටේකර් මෙනි.අති භයංකෘත බැල්මට් එකක් දැමූ සැමුවෙලා නැගී සිටියේ අපිට විරිත්තමිනි.සැමුවෙල්ස් සාමිවරයා කළු උස මහත හයේ හතරෙ ඩෑල් එකකි.සඳමාලිගෙන් බූට් එක කෑ චමින්ද මෙන් කොණ්ඩය නෝට් ගා තිබුණු අතර මූණ තෙල් පාට වී තිබිනි.විරිත්තූ කට දෙපැත්තෙන් කෙල බේරුණු අතර පොල් ලෙලි දෙකක් එකපිට තැබුවාක් වැනි ඔහුගේ බරි තොල් දෙක දුටුවන් කුල්මත් කර කක්කා බර සාදවන සුළු විය.
    "හ්‍රීප්...හූර්ර්ර්...ග්ර්ර්ර්..." හඬ නගමින් සැමුවෙලා ගොරවන්නට ගත්තේය.
    "මූට කතා කරන්න බැරිද හෝම්ස්.මූ ඉන්නෙ නිකං අස්සයෙක්ට කියල පුk ඇරගත්ත මනෝගනේෂන් වගේනෙ." මම හෝම්ස්ට කීවෙමි.
    "ඒක තමයි වොට්සන් මාත් බැලුවෙ.මූට කැ# මෝලක් නෙව තියෙන්නෙ.අපිටත් අරීවිද දන්නෑ.අවුලක් නෑ ඒවට ආවොත් ගවමුත්‍ර රිවෝල්වරෙන් තියනව මුගේ මූණට සුන්නෙ වෙලා යන්න." හෝම්ස් කීවේ සාමිවරයා දෙස හොරැහින් බලමින් දත්මිටි කමිනි.
    "කලබලවෙන්න එපා සාමිවරයානෙනි.අපි ආවෙ ඔබට උදව් කරන්න.ප#ය වෙන්න හදන්නැතුව ඔබතුමා ඔතනින් වාඩිවෙන්න." හෝම්ස් උස් හඬින් කීවේය.
    "උහෑ උහෑ.හු#ත හු#ත.උඹට ඔකනව.මරු ගල,කැ# පු#.ඌලුලු ඌලු..." සැමුවෙලා හෝම්ස්ට ඇඟිල්ල දික් කරමින් උඩ පැන පැන, පුක පත්තෑයෙක් කෑම නිසා රුදාවට උඩ පනින රතු ඉන්දියන් කාරයෙක් මෙන් ගෝත්‍රික ඩාන්ස් පාරක් ඉදිරිපත් කලේය.
    "බලපං හෝම්ස්.ඌ උඹව දැකල මෝල් වෙලා.උඹ ඌව වරදට පොළඹවනව බං.අර බලහං උගේ කූඩාරමකුත් ගහලා." මම කීවෙමි.
    සැමුවෙලාගේ ජොකා පුපුරන සයිස් එකට කූඩාරම අටවා තිබිනි.ඌ දිව එළියට දමාගෙන අත් ඉදිරියට දිගු කරගෙන හෝම්ස් දෙසට එන්නට තැත් කලේය.මම ක්ෂණික ඇඳ පල්ලට රිංගුවෙමි.
    "අල්ලන්නෙපා වනචරයා...චීයා හු#තා.එහාට පලකො කැ#යෝ.ඊය හලෝ.සාමි ඔයා නම් හරි හොඳ නෑ.ඔය ඉතින්..." ඒ හෝම්ස්ගේ කටහඬයි.මම ඇඳ පල්ලේ ගුලිවී සිටියෙමි.
    "ගුලු ගුලු.ෂෝයි පුප.කිකිළි කුකුලට ඔකල බිත්තරේ ඕව.සුකල සුකල ටෝං ටෝං.කටු පුපක්." සැමුවෙලා කෑගසමින් හෝම්ස් බදන්නට ආ බව මම ඇඳ පල්ලේ සිට බලා සිටියෙමි.මට පෙනුනේ උන් දෙන්නාගේ කකුල් පමණි.හෝම්ස්ගේ සපත්තුවට බලු ගූ ගොඩක් පෑගී තිබුණු බවද මා දුටුවේ එවෙලෙහිය.
    "එහාට පලයං කැ#යා.තියනෝ ප#යගෙ පරම්පරාවම හැඳිගෑවිලා යන්න.මේකෙ ගවමුත්‍ර පුරවල තියෙන්නෙ.මට කියල කොන කපාගන්නෙ නැතුව වාඩිවෙයන් කළු හරකා." හෝම්ස් ගුගුලේය.ඌ රිවෝල්වරය එල්ලකොට සාමිවරයා බියට පත් කරන්නට ඇත.
    බඩුවක් ගසා නිමවූ අවස්ථාවක මෙන් දැඩි නිහැඬියාවක් සමග පරිසරය සන්සුන් වූ නිසා මම ඇඳ පල්ලෙන් එලියට ආවෙමි.ඇඳ පල්ලේ ගුලිකර දමා තිබූ කොල කැබැල්ලක්ද මගේ කකුල වැදී එලියට විසිවිය.සැමුවෙලා බොහොම සන්සුන් ලීලාවෙන් සෝෆාවේ වාඩිවී සිටි අතර මුහුණේ වූයේ, මොන්ටිසෝරි ඇරී ගෙදර එනගමන් අම්මා චුයින්ගම් අරන් නොදීම නිසා අප්සට් ගිය කුඩා දරුවෙකුගේ වැනි හැඬුම්බර ස්වභාවයකි.හෝම්ස් ගවමුත්‍ර රිවෝල්වරයද අතැතිව කව්බෝයි මෙන් උජාරුවෙන් හිටගෙන සිටියේය.
    "ඉදකිං පොම්නය.මෝල් කාරයෙක් දැක්ක ගමන් ඇඳ පල්ලට රිංගනව.තෝ හොඳයි යූඇන්පී එකට බඳෝගන්න." හෝම්ස් මට දෝස්මුර දැම්මේය.
    "උඹට වගේ ගල්කාරයො පුප්කාරයො එක්ක ඔට්ටුවෙලා මට පුරුද්දක් නෑ හෝම්ස්.ඒකයි මං ඇඳ යට තිබුණු සාක්කි එකතු කලේ." මම කීවෙමි.
    "අහ් එහෙමද.මොනවද මිත්‍රයා ඔබ හොයාගත්ත තොරතුරු."
    "මං මෙන්න මේ වැදගත් කඩදාසි කැබැල්ල සොයාගත්ත හෝම්ස්." බිම තිබූ යථොක්ත කඩදාසි කැබැල්ල හෝම්ස්ට අහුලා දෙමින් මම කීවෙමි.
    "එපමණද වොට්සන්." හෝම්ස් කීවේ කඩදාසි කැබැල්ල සාක්කුවට ඔබාගනිමිනි.
    "වැදගත්ම දේ ඒක නෙවෙයි වලාමේ.මං හොයාගත්ත උඹ මෙතනට ඇවිල්ල තියෙන්නෙ බලු කක්කි ගොඩක් පාගල කියල.බුවෑක්ක." මම කීවෙමි.
    "මල හත්තිලව්වයි වොට්සන්.මොන කකුලෙද." හෝම්ස් ඇසුවේ කැලඹීමෙන් යුක්තවය."
    "වම.විළුඹ හරියට වෙන්න තියෙන්නෙ." මා කී විගසින් හෝම්ස් වම් කකුල ගෙන සැමුවෙලාගේ ඇඳේ මෙට්ටයෙහි පැති දාරයේ උලාගෙන උලාගෙන ගියේය.බලු ග්වූ කිලෝ එකක් පමණ මෙට්ටයේ ගෑවිනි.
    "දැට්ස් රායිට්.තෑන්ක්ස් මා බෝයි වොට්සන්." කී හෝම්ස් අත් කාචය ගෙන සැමුවෙල්ස් සාමිවරයාව නිරීක්ෂණය කලේය.කොණ්ඩෙ කපන්න බාබර් සාප්පුවට එක්කගෙන ගොස් ලෑල්ල උඩ වාඩිකරවූ දෙක වසරේ ශිෂ්‍යයෙක් බාබර්ගේ ටෝක්ස් එකට බයවී ඔළුව නවාගෙන ඉන්නාක් මෙන් නොසෙල්වී වාඩිවී සිටි සැමුවෙල්ස් සාමිවරයාව හොඳින් නිරීක්ෂණය කල හෝම්ස් සටහන් පොත ගෙන මොනවදෝ කුණුහරුප ටිකක් ලියාගත්තේය.
    "මූ ලඟින් මහ අමුතු ඉස්පිරිතාල ගඳක් එනව වොට්සන්.මේ හු#තා නාන්නෙ නැද්ද මන්ද" හෝම්ස් කීවේ නහය හකුලුවා ගනිමිනි.
    "තොගෙ ලඟින් එන මඩ පුවක් ගඳට වඩා නම් ඒක සුවඳයි හෝම්ස්" මම කීවෙමි.
    "සුවඳ නං තෝ මූත් එක්ක පුක් ගහපංකො කැවියා." හෝම්ස් තරහින් ගුගුලේය.
    * පස්වන කොටසින් හමුවෙමු. *