හොඳ කොල්ලෙක් වෙන හැටි

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හොඳ කොල්ලෙක් වෙන හැටි

    අද කාලෙ කොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ නරක ළමය නැත්නම් නරක කොල්ල කියන ලේබල් එක වදින එක. පොඩි කාලෙනම් බොහෝ විට ළම්යි වැඩිහිටියන් අනුමතනොකරන දේවල් කරන්නෙ වැඩිහිටියන්ගෙ අවදානය තමා වෙත යොමුකරගැනීමේ ක්‍රමයක් විදියට. කෙසේවෙතත් වැඩිහිටි වියට පත්වෙන කොට තමා ජීවත් වෙන පරිසරයෙන් සමාජය සම්මත නොකරන ඇතැම් දුර්ගුණයන් තමාට දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරෝපණය වන්නට පුලුවන්.

    View attachment 48859

    එවිට දෙමාපියන්ගෙන්, පාසලේ ගුරුවරුන්ගෙන්, යහලු යෙහිලියන්ගෙන් ආදී වශයෙන් නරක කොල්ලෙක් කියන ලේබලය වදින්ට පුලුවන්. මේනිසා යහපත් යහලු යෙහෙලියන්ගෙන් ‍කොන්වීම, ගුරුදෙගුරුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් අනවශ්‍ය විදියට තාඩන පීඩණ වලට ලක්වීම සහ තමාට ලැබෙන්න තියෙන ඇතැම් වරප්‍රසාද අහිමිවීයාම සිදුවන්න පුලුවන්. මෙහි ඇති භයානක තත්වය නම් මෙසේ කාලයක් ළමයෙකු ලේබල් කිරීමෙන් එම ළමයා හෝ තරුණයා සමාජයට වෛර කරන, සමාජයට හානිදායක පුද්ගලයෙකු බවට පත්වීමයි.

    ඔබ තරුණයෙක් නම් සහ දැනටමත් ඔයකියන ලේබලය වැදී ඇත්නම් පහත සඳහන් කරුණු කිහිපය ටික කලක් මුලදි ආයාශ‍යෙන් හෝ අත්හදා බැලීමෙන් ඔ‍බගේ ජීවිතයට නැවුම්බවක් උදාකරදිය හැකිය. අපි සමාජ සත්‍‍වයෝ වෙමු. අපිට සමාජයෙන් හුදකලාවී ජීවත් විය නොහැකිය. එම නිසා සමාජය තුල තමන්ට හිමි තැන තමන්ම තීරනය කරගත යුතුය. එවිට එය ඔබ මියෙන තුරු ඔබට ලැබෙන මහත් වූ දායාදයක් වන්නේය.

    දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුදෙගුරුන්ට ගරු කිරීම.

    මෙය බොහෝවිට ළමාකාලය තුල දැකිය හැකි කරුණක් වූවාට, ක්‍රමයෙන් කරදඬු උස්මහත් වෙනකොට නොසලකා හරින කරුණකි. තමා දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුදෙගුරුන්ට ගරු කරණ විට ඔවුන්ගේ සිතේ ඔබ ගැන යහපත් ප්‍රතිරූපයක් ගොඩ නැගේ.

    පුලුවන් හැම ආකාරයෙන්ම තමා වෙත අනෙකා ආකර්ශනය කරගැනීමට උත්සාහ කරන්න.

    මෙය ඔබ ආයාශයක් අරගෙන කලයුත්තක් නොවේ. තමාගේ පිරිසිදු බාවය ගැන සැලිකිලිමත් වීම. පිලිවෙලට ඇදුම් ඇදීම. ආදී පුංචි දේවල් මගින් උබට මෙය කල හැකියි.

    ]කිසි වි‍ටෙක අන්අයට අපහස නොකිරීම සහ ඔවුන් සම්බන්දව බොරු නොකියීම.

    බොහෝ විට මෙය යහලු යෙහෙලියන් අතරේ විහිලු‍ව‍ට මෙන් සිදු වූවත් මෙයින් යම් යම් අයහපත් ප්‍රතිඵලයන් උදාවිය හැකිය.

    ]කිසිවෙකු සමග කිසි‍විටෙක ගැටුම් ඇති කර නොගැනීම.

    බොහෝ විට තරුණයින් අතර මෙවන් ගැටලු ඇති වන්නේ මිත්‍රයන්ගේ කාරණාවලට තම සීමාව ඉක්මවා කටයුතු කිරීමෙනි. තම ජීවිතයේ සැබෑකරගැනීමට තිබෙන ඉලක්ක සඳහා මෙසේ අනවශ්‍ය කාරණාවලට යොදවන කාලය යෙදවීමෙන් මෙවන් ගැටලු අවම කරගත හැකිය.

    තරහව පාලනය කරගැනීම.

    බොහෝ විට කොල්ලෙකු තවත් කොල්ලෙකුට තදින් යමක් පැවසුවොත් එයට නොදැවිනි ආකාරයෙන් ක්‍රියා කිරීම සාමාන්‍යයෙන් තරුණයින්ගේ හැටිය. එහෙත් තැන නොතැන නොබලා එසේ ක්‍රියා කිරීමෙන් තමන් මෙතෙක් වර්ධනය කරගත් තමන්ගෙ ප්‍රතිරූපය(Card එක) එක මොහොතකින් නැතිවීයා හැකිය.

    හැකි පමණ උදව් උපකාර කිරීම.

    සම වයසේ යහලු මිත්‍රයන් අතරනම් මෙය බහුලව ඇති දෙයකි. මෙසේ එකිනෙකාට උදව් උපකාර කිරීමෙන් ඔවුනොවුන් අතර ඉතා ශක්තිමත් මිතුදමක් ගොඩනැගේ. එවිට යහලුවන් අතරද ඔබගේ ප්‍රතිරූපය ඉහල එකක් වනු ඇත. ඔවුන්ගෙන් නිසි ගෞරවය ඔබට ලැබෙනු ඇත. මෙහිදී උදවි උපකාර කිරීමේදී හරි වැරැද්ද සොයා බලා එය කිරීම වැදගත්ය.

    අන් අය තමාව රිදවූතැන් සහ තමාගෙ සතුරන්යයි සිතන අය අමතක කරල දාන්න.

    මෙවිට ඔබගේ සිතේ එවන් අය ගැන මොහොතක් පාසා ඇතිවෙන වෛරය පහව යනු ඇත. එවන් නපුරු සිතුවිලි සිතෙන් පහව ගිය විට සිතට දැනෙන සැහැල්ලුව අමුතුවෙන් කිවයුතු නැත. අනික එවන් අයට ඔබ දක්වන ප්‍රතිචාරය අඩුවෙන තරමට ඔවුන්ද ඔබකෙරේ පැහැදීමට ඉඩ ඇතිය. ඒ වගේම ඔබට සිදු විය හැකි හදිසි කරදර වලින්ද ඔබ මිදෙනු ඇත.

    සෑම අවස්තාවකදීම තමා අතිනුත් තම මිත්‍රයින්ගේ අතිනුත් සිදුවෙන වැරදි වැරදි ආකාරයෙන් දැකීම.

    බොහෝවිට යහලුවන් සමග ඇති මිත්‍රත්වය නිසා ඔවුන් සමග කරන සුලු සුලු වැරදි, වැරදි සෙල නොසිතයි.එමගින් ඔබටත් යහලුවන්ටත් සමාජයටත් එයින් අවැඩක් සිදු වෙයි. තමන් ගෙ වැරදි ‍තමාම අවබෝද කොටගෙන නිවැරිදි කරගන්නවා මෙන්ම. තම මිත්‍රයින්ගේ දකිනු ලබන වැරදි ඔවුන්ට පෙන්වාදී ඔවුනුත් ඒවායින් මුදවා ගැනීමෙන්. ඔවුන් සමග ඔබ ගතකරන පරිසරය හොඳ එකක් වන‍වා මෙන්ම ඔන්ගේ සිතේ ඔබ ගැන ඉහල ගෞරවයක් දීර්ඝ කාලීණව ඇතිවේ.

    සෑම අවස්තාවකදීම දෙමාපියන්ට හොඳින් ඇහුම්කන් දීම.

    දෙමාපියන්ට ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇත. තරුණයින් වශයෙන් අප බොහෝ දේ දන්නවායයි හිතුවත් එය එසේ නොවෙයි. හැකි සෑම අවස්තාවකදීම ඔවුන්ගේ අවවාද අනුශාසනා වලට ඇහුම් කන්දීම අපි සියලු දෙනාටම ජීවිත‍ය දිනන්නට හේතුවේ.



    ටිකක් හිතල බලන්න තරුණයෙක් විදියට සමාජය තුල හොඳ ‍ප්‍රතිරූපයක් සදා ගැනීම කොතරම් වටිනවාද කියල.
     
    Last edited: