හොඳ දත් බුරුසුවක් යනු...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    හොඳ දත් බුරුසුවක් යනු...

    [FONT=&quot]හොඳ දත් බුරුසුවක් යනු කුමක්ද?[/FONT]
    [FONT=&quot]වෙළෙඳපොළේ විවිධ වර්ගයේ දත් බුරුසු දැක ගත හැකි වුවත් තමන්ට ගැළපෙන දත් බුරුසුවක් තෝරා ගත යුතු බවට බොහෝ දෙනකුට වැටහීමක් නැත. හොඳ දත් බුරුසුවක් යනු දත්වලට හෝ විදුරුමසට හානියක් නොවන ලෙස දත් මතුපිට, දත් අතර හා විදුරුමස් දාරය මත රැඳෙන බැක්ටීරියා පථ හා ආහාර කැබලි කාර්යක්‍ෂමව පිරිසිදු කර ඉවත් කළ හැකි එකකි.[/FONT]
    [FONT=&quot]දත් බුරුසුවක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු[/FONT]
    [FONT=&quot]දත් බුරුසුවක හැඩ, හිසෙහි ප‍්‍රමාණය, කෙඳි වල ස්වභාවය, මිටේ දිග හා එහි හැඩය, කෙඳි හා මිට නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යය, තිබිය යුතු කෙඳි පොකුරු ගණන හා කෙඳි සංඛ්‍යාව ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. දත් බුරුසුවක් නිෂ්පාදනය කළ යුතු ශ‍්‍රී ලංකා ප‍්‍රමිති පිරිවිතර දක්වා ඇති නමුත් සාමාන්‍ය පාරිභෝගිකයන්ට මේ සියල්ල පරීක්‍ෂාකර දත් බුරුසුවක් මිලදී ගැනීම ප‍්‍රායෝගිකව අපහසු කටයුත්තකි. ඒ නිසා කෙඳිවල ස්වභාවය හා කෙඳි ප‍්‍රමාණය හා දත් බුරුසුවේ ප‍්‍රමාණය මූලිකව සැලකීමට සිදුවේ.[/FONT]
    [FONT=&quot]කටට ගැළපෙන දත් බුරුසුවක්[/FONT]
    [FONT=&quot]දත් බුරසුවක් මිලදී ගැනීමේදී කටට හා වයසට ගැළපෙන දත් බුරුසුවක් මිලදී ගැනීම වඩා වැදගත්ය. කුඩා දරුවන්ට කුඩා හිසක් ඇති කුඩා දත් බුරුසුවක් ප‍්‍රමාණවත් වන අතර ළදරුවන්ට ඇඟිල්ලට දමා මැදිය හැකි දත් බුරුසුවක් හොඳින් ගැළපෙයි. කුඩා දරුවන්ට වැඩිහිටියන් භාවිත කරන දත් බුරුසුවක් භාවිත කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දත් නිසි ලෙස පිරිසිදු නොවීමත් විටක මුඛයේ මෘදු පටක වලට හානි සිදුවීමත්ය. දරුවන් වැඩි වෙලාවක් දත් මැදීමට අකමැත්තක් දක්වන බැවින් කාර්යක්‍ෂමව මැදෙන කුඩා දත් බුරුසුවක් දරුවාට තෝරා දීමට වැඩිහිටියන් වග බලා ගත යුතුය.[/FONT]
    [FONT=&quot]දත් බුරුසුවට කුඩා ඔළුවක්[/FONT]
    [FONT=&quot]දත් බුරුසුවක හිස කොටස කුඩා වීම වැදගත් වන්නේ දත්වල සෑම පැත්තක්ම මැදීමේ පහසුව ලබා ගැනීමටය. දත්වල ඇතුල් පැත්ත, හණුව කෙළවරේ ඇති දත්වල පිටුපස, ඇදවුණු දත් හා විකලාංග දන්ත ප‍්‍රතිකාර කිරීමේදී සවිකරනු ලබන කම්බි කොටස් අතරින් දත් පිරිසිදු කිරීමේදී දත් බුරුසුවේ කුඩා හිස වැදගත් මෙහෙයක් ඉටු කරයි. සාමාන්‍යයෙන් වැඩිහිටියකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී.2.5 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මි. 1 ක් පමණ වීමත් ප‍්‍රමාණවත්ය. ඒ අයුරින් කුඩා දරුවකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මී. 1 ක් පමණ වීමත් ප‍්‍රමාණවත්ය. දරුවකුගේ දත් බුරුසුව ලොකු දත් බුරුසුවකට මාරු කළ යුත්තේ එවැනි දත් බුරුසුවක් මූඛය තුළ හැසිරවීමට හැකියාව ලැබුණු පසුය. ඒ අතරම දත් බුරුසුවේ හිසේ කෙළවර රවුම් වී තිබීම අවශ්‍ය වන්නේ මුඛයට හානි සිදුවීම වළක්වා ගැනීමටය.[/FONT]
    [FONT=&quot]දත් බුරුසුවේ කෙඳි වලින් හානියක් නොවෙන්න ඕනෑ[/FONT]
    [FONT=&quot] වෙළෙඳපොළේ ඇති දත් බුරුසු කෙඳිවල ස්වභාවය අනුව මෘදු, මධ්‍ය සහ දෘඨ ලෙස වර්ගීකරණය කර ඇති බව දක්නට ඇත. දත් වල ඇති කහට පැල්ලම් සහ අවර්ණ ස්වභාවය ඉවත් කිරීම සඳහා සමහර දෙනෙක් දෘඨ හෝ මධ්‍යස්ථ ස්වභාවයෙන් යුතු කෙඳි සහිත දත් බුරුසු භාවිතයට පෙළඹුනත් දීර්ඝ කාලීනව භාවිතය මගින් දත්වලට, දත් මුලට හා විදුරුමසට හානි සිදුවිය හැක. එමගින් පසුකාලීනව දත් හිරිවැටීමකටත් කල්ක කුහරය මතුවීමෙන් දත් අජීවී වීමටත් ඉඩ තිබේ. එනිසා දන්ත ශල්‍ය වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක්ය.[/FONT]
    [FONT=&quot]කෙඳිවල වර්ණය සැළකිය යුතුද?[/FONT]
    [FONT=&quot]කෙඳිවල වර්ණය දත් මැදීමේ කාර්යක්‍ෂමතාව කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. කෙසේ වුවද සුදු හෝ අවර්ණ කෙඳි වැදගත් වන්නේ විදුරුමස් ආසාදනය වී ඇති විටක කෙඳිමත තැවරෙන රුධිරය පහසුවෙන් පෙනෙන නිසාය. එසේම දත් බුරුසුව හොඳින් පිරිසුදු වී ඇත්දැයි බලා ගැනීමටත් සුදු කෙඳි තිබීම පහසුවකි. කල් ගත වන විට කෙඳිවල වර්ණය වෙනස් වන අයුරින් නිපදවා ඇති දත් බුරුසු සමහර රටවල ඇත. එහෙත් සුදු කෙඳි සහිත දත් බුරුසු සොයමින් කාලය කා දැමීමද නිශ්ඵල ක‍්‍රියාවකි.[/FONT]
    [FONT=&quot]දත් බුරුසුවක කෙඳි පොකුරු කොපමණ තිබිය යුතුද?[/FONT]
    [FONT=&quot]කාර්යක්‍ෂමව මැදීමකට ප‍්‍රමාණවත් කෙඳි පොකුරු සංඛ්‍යාවක් දත් බුරුසුවකට තිබිය යුතුය. ඒ අනුව වැඩිහිටියන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 20 ක් පමණද ළමයින් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 18 ක් පමණද ළදරුවන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 10 ක් පමණද තිබීම ප‍්‍රමාණවත්ය. සාමාන්‍යයෙන් කෙඳි නයිලොන් වලින් නිපදවා තිබීමත් විදුරු මස තුවාල නොවීම සඳහා කෙඳි කෙළවර රවුම්වීමත් වැදගත් ලක්‍ෂණය. එසේම හිස කොටසේ කෙඳි සමතල ලෙස තිබීම සුදුසු වන අතර, එය ” ඵ” හැඩයට තිබීමත් වරදක් නැත. දත් බුරුසුවේ හිසට ආවරණ කොපුවක් තිබීමත් හොඳ ලක්‍ෂණයකි.[/FONT]
    [FONT=&quot]මිටේ වංගු තිබීම අවශ්‍යමද?[/FONT]
    [FONT=&quot]දත් බුරුසුවක් තෝරා ගැනීමේදී මිටේ වර්ණය හා මිටේ හැඩය ගැන බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙති. දත් බුරුසුවක් අල්ලා ගැනීමේ පහසුව තකා ප‍්‍රමාණවත් දිගකින් සහ පැතලි මිටකින් යුක්ත විය යුතුය. නිවසේ සාමාජිකයන් සඳහා එකම වර්ණය තෝරා නොගැනීමෙන් දත් බුරුසු මාරු වීම වළක්වා ගත හැක. දත් බුරුසුවේ මිට වර්ණයකින් යුක්ත වුවත් එය පාරදෘශ්‍ය ප්ලාස්ටික් වලින් නිපදවා තිබීම වැදගත් වන්නේ එවැනි පාරදෘශ්‍ය මිටක බැක්ටීරියා රැඳී සිටීම අඩු බවට පරීක්‍ෂණ මගින් පෙන්වා ඇති බැවිනි. එසේම දත් මැදීමේ පහසුව සඳහා විවිධ හැඩයෙන් හා වංගු සහිතව මිට නිපදවා ඇති අතර ඔබ කැමති අයුරින් එවැන්නක් තෝරා ගැනීම වරදක් නොවේ. දත් බුරුසුවේ මිට නිපදවා ඇති ප්ලාස්ටික් වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා සරල පරීක්‍ෂණයක් නිවසේදී ඔබට කළ හැක. සෙල්සියස් අංශක 63 සිට 67 දක්වා රත් කළ ජලයෙහි ගිල්වා තැබූ විට දත් බුරුසුවේ මිට මෘදු වී නැමී නොයන්නේ නම් ඔබ මිලදී ගෙන ඇති දත් බුරුසුවේ ප්ලාස්ටික් වල ප‍්‍රමිතිය හොඳයි. එසේම දත් බුරුසුව දවටනය කර ඇති පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණය පළුදු නොවී ඇත්දැයි බලන්න.[/FONT]
    [FONT=&quot]ඔබ කුමන දත් බුරුසුවක් තෝරා ගත්තද දත් මදින්නේ වැරදි ක‍්‍රමයකට නම් ඔබට ලැබෙන ප‍්‍රතිඵලය ඉතා අවම බව මතක තබා ගන්න.

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]([/FONT] දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ [FONT=&quot])[/FONT]
    [/FONT]
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ කිසිම දත් බුරුසුවක්, දත් හරියට මැදීමට යෝග්‍ය නොවන නිසා, Ebay එකෙන් මට අවශ්‍ය දත් බුරුසු ගෙන්වා ගැනීම ආරම්භ කල බව සතුටින් දන්වමි...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලංකාවේ කිසිම දත් බුරුසුවක්, දත් හරියට මැදීමට යෝග්‍ය නොවන නිසා, Ebay එකෙන් මට අවශ්‍ය දත් බුරුසු ගෙන්වා ගැනීම ආරම්භ කල බව සතුටින් දන්වමි...

    Aniwa...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, සිරාවටම ලංකාවේ මුඛ රෝග වැඩි වෙන්න ලොකුම හේතුව, හරි ප්‍රමිතියක දත් බුරුසු නැති එක.. Signal, Denta, Clogard නේ තියෙන්නේ මුළු රටටම දත් බුරුසු.. මේ එකක් වත් එකිනෙකට වෙනස් නෑ අඩුම තරමේ කෙදි වල softness එකෙන් වත්..
    ඉතින් මේ රටේ මිනිස්සු කොච්චර දත් මැද්දත් වැඩක් නෑ, දත් බුරුසුවෙන් වෙන දේ වෙන්නේ නැත්නම්...
    මට මේක හොදටම තේරුනේ, රට ඉදල ආපු නෑදෑයෙක්, එයා හොටෙල් එකේ පාවිච්චි කරන්න දුන්න දත් බුරුසු දෙකෙන් extra එකක් මට දුන්න වෙලාවේ.. මං ඒක දවසක් මැදලා විසි කරන්න හිතාගෙන ගත්තේ.. මොකද ඒක disposable toothbrush එකක් නිසා.. මං හිටුවා වැඩි කොලිටියක් නෑ කියල..
    දත් මදින්න ගත්ත ගමන් තමයි වෙනස තේරුනේ මචන්.. මාර ම සොෆ්ට් කෙදි.. අනික මාර හීනි කෙදි.. ඉතින් දත් දෙකක් අස්සෙන් පවා කෙන්ද යනවා.. ආයිත් නෑ ඔය ඉස්සරහ දත් අස්සේ හිරවෙන මස්, පලා වර්ග එහෙම නියමෙටම සුද්ධ වෙනවා.. කටට මාර ෆ්‍රෙෂ් ගතියක් දැනුනේ පාවිච්චි කරලා ඉවර උනාම.. මෙච්චර කල් මං මැද්දේ පොල් මුඩ්ඩකින් නේද කියල හිතුනා... ( Clogard එකක් මං පාවිච්චි කලේ)
    ඉතින් කොහොම හරි මං හිතුව කෙදි සොෆ්ට් නිසාත් මේක, disposable කියල ගහලම තියෙන නිසාත්, සතියෙන් කෙදි ටික නැවිලා යයි කියලා.. මොකද මෙහෙ තියෙන බ්‍රෂ් එකක් වත් මං මදින විදිහට සති 3 කට වඩා පාවිච්චි කරන්න බෑ, කෙදි ඔක්කොම නැවෙනවා.. මං ඉතින් කෙදි නැවෙයි කියල හිතන් (දුක සේ) දිගටම පාවිච්චි කළා.... දැනට මාස 3 ක් මචන්... කෙන්දක් නැමෙන්න හිතල වත් නෑ... ඒ වගේම කෙදි වල සොෆ්ට් ගතියත් එහෙම්මම තියෙනවා...

    මට අපේ රටේ ටූත් බ්‍රෂ් ගැන සියලු ආසාවල් නැති උනා ඔය වැඩෙන් පස්සේ.. මං දැනටමත් ebay එකෙන් order කළා මචන් ලා... අපේ රටේ මිනිස්සුන්ගේ සෞක්‍යය නැති කරන්නේ මේ රටේ තියෙන වෙළද ඒකාධිකාරය මිසක් වෙන දෙයක් නෙමෙයි...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Ebay godak thiyenne chinese products ne bn.ewwath lanlawe brush wage neda?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ebay godak thiyenne chinese products ne bn.ewwath lanlawe brush wage neda?
    machan, ලංකාවේ බ්‍රෂ් වල කෙදි මාර ගනකමයි. කෙදි durable නෑ.. මං නම් කියන්නේ ලංකාවේ හදන බ්‍රෂ් ඇර ලෝකේ තියෙන අනිත් බ්‍රෂ් ඔක්කොම හොදයි...:frown:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    rep++++++++
    ලංකාවේ හොද බුරුසු මොනවද?
    සිග්නල් soft series එක හොද නැද්ද බං??
    වැඩක් නෑ බං... සතියයි.. කෙදි ඔක්කොම නැමෙනවා... ඊට පස්සේ හොද කොන්ඩේ ඩයි කරන පාවිච්චි කරන්න...:no:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    machan, ලංකාවේ බ්‍රෂ් වල කෙදි මාර ගනකමයි. කෙදි durable නෑ.. මං නම් කියන්නේ ලංකාවේ හදන බ්‍රෂ් ඇර ලෝකේ තියෙන අනිත් බ්‍රෂ් ඔක්කොම හොදයි...:frown:

    Sirawata?
    Uba ebay eken gaththe unbranded ekakda?