හොඳ දෙයක්... පුරුදු කර ගත්තොත්...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
හොඳ දෙයක්... පුරුදු කර ගත්තොත්...

නිවෙස් වල කසල වර්ග තුනට වෙන් කර බැහැර කිරීම අනිවාර්ය කෙරේ


කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නගරසභා මගින් නිවෙස් වල කැලිකසල ඉවත්කිරීමේදී මේ වනවිට කසළ වර්ගීකරණයක් අනුව එය සිදුකෙරේ.
දින කිහිපයක්ම නිවෙස් වලට පැමිණ දිරන කසළ, නොදිරන කසළ සහ ප්ලාස්ටික් වීදුරු ලෙස වෙන් කරන ලද කසල වර්ග 3 ක් ඉවත්කිරීම සිදු කරනු ලැබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙම වැඩපිළිවෙල හඳුන්වාදී තිබෙන අතර


Pළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙම වැඩපිළිවෙල හඳුන්වාදී තිබෙන අතර
එමගින් කසල ඉවත්කිරීමේදී වඩා පහසු බව ඔවුන් දන්වා ඇත.


කෙසේ වෙතත් නිවැසියන්ට මේ ආකාරයේ වර්ග කර කුණු ඉවත්කර පුරුද්දක් නැති නිසා යම් යම් අපහසුතාවයන්ට පත්ව තිබුණි.
අද(29) පෙරවරුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ ගැන පැහැදිලි කළ අතර ඔහු දන්වා සිටින්නේ
ලබන නොවැම්බර් මස පළමු වැනිදායින් පසුව වර්ගීකරණය නොකළ කසළ එක්රැස් නොකිරීමට දිවයිනේ සියලුම මහ නගර සභා තීරණය කර ඇති බවයි.
දිවයිනේ සියලුම මහ නගර සභා තුළ නාගරික කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවා මෙම තීරණය ඇමතිවරයා දන්වා ඇත.
මෙම තීරණය නිවාස, වෙළෙඳසැල්, පාසල්, රෝහල් සහ රාජ්‍ය ආයතන යන සියල්ලටම අදාළ වන අතර
කසළ බැහැර කිරීමේ දී දිරන කසළ, නොදිරන කසළ සහ ප්ලාස්ටික් වීදුරු ලෙස වර්ග තුනකට වෙන්කළ යුතු වෙයි.
මෙසේ නොකර අක්‍රමවත්ව කසළ බැහැර කිරීම හේතුවෙන් කසළ කළමනාකරණයේ දී මහ නගර සභාවලට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.