

හයිලන්ඩ් කිරිපිටි ඒක හොඳයි නේ, දිය වෙන්නේ නෑ ලේසියෙන්, එහෙම වෙන්නේ කිරි ප්‍රෝටීන් අයින් කරලා නැති නිසා, ප්‍රෝටීන් වල ලක්‍ෂණයක් තමයි උණුසුමට කැටි ගැහෙන එක,හරියට බිත්තරයක් තම්බනකොට වගේ, ඉතින් හයිලන්ඩ් එකත් දිය කරන්න උණුවතුර දැම්මම කැටි ගැහෙනවා, ඉතින් බොහෝ උදවිය සලකන්නේ මේක හරි කරදරයක් වධයක් විදියට, එහෙම හිතල හයිලන්ඩ් බොන්න ගන්නේ නැහැ, ලොකු බ්‍රෑන්ඩ් නේම් තියන කොම්පැණි වල කිරි පිටි වල කිරි ප්‍රෝටීන් අයින් කරලා තියෙන්නේ, ඒවා ගන්නේ වේ ප්‍රෝටීන් කියල කියන අතිරේක නිෂ්පාදනය හදන්න, ක්‍රීඩකයන් බර උසුලන අය එහෙම ශරීර වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ගන්නේ whey ප්‍රෝටීන් වලින්.![]()
සහතික ඇත්ත මචෝ. මිනිස්සුන්ගෙ ඔළු විකෘති කරල තියෙන්නේ. ටීවි එකේ ඇඩ් වලින් මිනිස්සුන්ගෙ ඔළු, සිතුම් පැතුම් පාලනය කරන්න පුළුවන්.
දිරවන්නෙ නැහැ. මම වමනෙ දැම්මා උදේ එළි වෙනකන්. ඇස් රතු වෙලා. ඇඟේ පලු දාලා රතු වෙලා හිටියේ. වමනෙ ගියා සොස්ජස් පොතු. මම විඳපු දුක මම තමයි දන්නේ. අපේ ගෙදර අය බයවෙලා හොඳට (මගේ රත්තරන් අම්මා,තාත්තා)
. ඔයාලා ලින්ගුස් ජාති කනව නම් පොඩ්ඩක් රෙපියුටඩ් ඒවා ගන්න(Elephant house, Keels, Goldi..) එදායින් පස්සෙ මම ලින්ගුස් නම් කටේ තියන්නෙ නැහැ. මම මැරෙන්න බය නෑ. ඒත් මගෙ රත්තරන් අම්මට දුකක් දෙන්න කැමති නෑ. ගෝල්ඩ් හෙයාර් ක්‍රීම්. හේමාස් හෝල්ඩින්ග්ස්
කොණ්ඩෙට ආදරෙයි නම් ගාන්න එපා. ගෝල්ඩ් හෙයාර් ජෙල් ගැන නම් දන්නෙ නෑ. හැබැයි ක්‍රීම් එක ගාන්න එපා කියලයි මම කියන්නේ. ඕක ගෑවම සතියක් විතර යනකොට මගේ කොණ්ඩෙ යන්න ගත්තා රොතු පිටින්. හරියට නිකන් භූමිතෙල් ගෑව වගේ. ඛණිජ තෙල්, ග්ලීසරින්, පර්ෆියුම්, ටර්පන්ටයින්... මේව තියෙනවා. හේදුවට යන්නෙත් නෑ. සතියක් ගාල ඉතුරු ටික විසික් කරල දැම්මා. අම්මට කියල පොල්තෙල් ටිකක් රත් කල ඔළුවට දාල අම්මගෙ අතින්ම අත ගා ගනින්.![]()

එන්න ඇතුළට බ්‍රෝ.... ...............................................................................................................................................................................................................
මට මෙහෙම අදහසක් ආවා. අපි එදිනෙදා ජීවිතයේදි පරිභෝජනය කරන දේ වල ගුණාත්මක භාවය පිළිබඳ තමුන්ට හිතෙන අයුරින් මේ ත්‍රෙඩ් එකේ කොටමු. ඒ කියන්නේ ආහාරපාන, විලාසිතා වගේ දේවල් සහ ඒවා පාවිච්චිය නිසා අපේ ජීවිත වලට ඇති අයහපත් බලපෑම් වගේ දේවල් කතා කරමු. හා ද ?![]()
අරමුණ- විෂ සහිත භාවිතයට නුසුදුසු දෑ හඳුනා ගැනීම හා ඒවා පාරිභෝජනය අඩු කිරීම තුළින් නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගැනීම.
ඔයාලට තියෙන්නේ මේකට ඔයාලට හිතෙන පාවිච්චියට සුදුසු නොවන දේ නම් කිරීම.(නිෂ්පාදන සමාගම සහ එහි සන්නාමය(Brand name) ද සමග) එහ භාවිතයට නුසුදුසු වන්නේ ඇයි ?
ඉතින් ඔයාලගෙත් සහයොගය ලබා දෙන්න.
පහතින් අයිතම කිහිපයක් මම එක් කරන්නම්.
** ඇන්කර් කිරි - ෆොන්ටේරා (මම හිතනවිදිහට ගෙන්වා බෙදා හැරීම මහරාජා කැපිටල්)
ඇන්කර් විතරක් නෙමෙයි. ඔය රත්ති,මැලිබන් හැම හත් ජරාවක්ම (ෆොන්ටේරා) බොන්න හොඳ නැතුව ඇති. බලපන්කෝ හැමදාම උදේට ඔය බොන පිටි එකේ කොච්චර නම් වහ ඇත්ද ? බැර ලෝහ, Whey Protein, රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, ඇබ්බැහි කාරක, හෝමෝන විකෘත්තිකාරක... තව තව නොයෙකුත් දෑ ඇතුළත් වෙනවා. DCD ඇතුලත් වෙනවා කියල පහුගියකාල වල කතා වුණා මතකයි නේ ? ඉතින් චීනයේ ඇතුළු තවත් රටවල් ෆොන්ටේරා තහනම් කරා. රුපියලට නැවෙන අපි ගැන කතා කරන්න යන්නෙ නැහැ. ඉතින් මම කියන්නේ පුළුවන් නම් දේශීයව නිපදවන අබේවෙල වගේ කිරි බොන්න. නැත්තම් උදේට ප්ලේන්ටියක් ගහන්න.
අපේ මිනිස්සුන්ගෙ Brain Wash කරල තියෙන්නේ. උදේට කිරි බිව්වනෙැත්නම් දවසම අප්සට්, පන නෑ කියලා. කොටින්ම ඇබ්බැහිකාරක දාල තියෙන්නේ. පුළුවන් නම් අත් මිදෙන්න.
** මැගී නූඩ්ල්ස්- නෙස්ට්ලේ
මම නම් මැගි නූඩ්ල්ස් කන්නෙම නෑ. අප්පිරියයි. අනික ඒවයෙ අධි ඇබ්බැහිකාරක තියෙනවා. බැරලෝහ, MSG, ඊයම්... ඊයම් ප්‍රතිෂතය ඉතා ඉහළයි. ඊ්යම් කියන්නේ අධි ඇබ්බැහිකාරකයක්. පහුගිය දවස්වල ෆොටෝස් වගයක් ෂෙයා වුණා. ඒවායේ පවතින අධි ඊයම් සාන්ද්‍රණය එයට හේතු වුණා. ඒවා විනාශ කලේ ඩෝසර් ආධාරයෙන්. මේ තියෙන්නේ ඒ පින්තූරයක්.
![]()
සනෝජ්_තරංග;21967777 said:අනිත් කිරි පිටි වෙනුවට මේක ගැන මොකද හිතන්නේ ? මේක ලංකාවේ හදන්නේ කියල තමා ආරංචිය
![]()
ඔව් බන්. මේවා දිරවන්නෙ නැතුව ගිහින් ඒකෙ පොතු ටික වමනෙ ගියා. රෑ 12ට විතර ඉන්න බැරි පපුවෙ අමාරුවක් ආවා. වමනෙ යන්න එනවා. ඒත් යන්නෙ නෑ. ගෑස්ට්‍රයිටීස් උපරිමේටම. පස්සෙ අම්මා මට වමනෙ යන්න පොල්කිරි හදලා දුන්නා. පොල්කිරි කෝප්පයක් බීල වමනෙ කරා එළි වෙනකන්. පැකට් එකේ එක්ස්පයර් ඩේට් ඔක්කොම හරි. පුදුම දුකක් වින්දා. 