හොඳ මී පැණි හඳුනා ගැනීමට දන්නවාද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොඳ මී පැණි හඳුනා ගැනීමට දන්නවාද?

    මී පැණි යෝගවාහී ගුණය(පහසුවෙන් ශරීරයේ ඕනෑම සියුම් නාලයක් තුලින් පවා ගලා යා හැකි) ඇති ඉතා වටිනා ඖෂධයකි, පානයකි. එහි පිරිසිදු භාවය සහ තත්වය මත ඖෂධීය ගුණයද අඩුවැඩි වේ. ඉතා උසස් තත්වයේ මී පැණි දුර්ලභය. ඒ නිසාම ඒවායේ මිලද අධිකය. මේ නිසාම බොහෝ විට වෙළදපොලේ තත්ත්වයෙන් බාල මී පැණිද විකිණිමට තිබේ. වත්මන් පරම්පරාවේ බොහෝ දෙනා නිවැරදි ලෙස හොද මී පැණි වෙන් කර හදුනා ගැනීමට නොදනි. අනාදිමත් කාලයක සිට හෙළයා විසින් පුරුදු පුහුණු කල ක්‍රම වේදයන් ඇසුරෙන් හොද මී පැණි වෙන් කර හදුනා ගැනීමට යොදා ගත හැකි සරල පරීක්ෂණ කිහිපයක් මෙහි දක්වන්නෙමු. එය ඔබට අත්වැලක් වනු ඇත.
    • ගිනිකූරක බෙහෙත් තුඩ මී පැණියෙන් තෙමා ගැසූ විට ක්ෂණිකව දැල්වේ නම් ඒ මී පැණි හොද මී පැණි යැයි පිලීගැනේ.
    • කන හුණු අල්ලේ තවරා ඒ මත මී පැණි ආලේප කර ඒ දෙක හොදින් කලවම් කල විට අතට මද රස්නයක් දැනේ නම් එයද හොද මී පැණි හදුනා ගැනීමේ ලක්ෂණයකි.
    • පිරිසිදු මි පැණි සුනඛයන් නොකන බව කියනු ලැබේ.
    • හොද මී පැණි පිරිසිදු ජල විදුරුවකට දැමූ විට කෙලින්ම පහලට ගමන් කරයි. ස්වල්ප වේලාවකින් දිය විම ඇරඹේ.
    • පිරිසිදු මී පැණි සාමාන්‍යයෙන් බර වැඩිය.
    • අමිශ්‍ර පිරිසිදු මි පැණි භාජනයක දමා හොදින් කට වසා සීල් කර තැබිය හැක. උතුරන්නේ නැත.
    • කඩදාසියක් මතට දැමුවිට කඩදාසියට උරා ගැනීමක් සිදු නොවේ.
    • ගින්නට දැමූ විට ශබ්ද නොනගාම ඉතා ඉක්මනින් දැවී යයි.
    • දෙහි යුෂ, කන හුණු, මී පැණි මිශ්‍රකර තැටියක දමා ලිපේ තබා රත් කරමින් කූරු ගාන විට හොද මී පැණි දියරයක් සාදයි. සීනී හෝ වෙනත් පැණි වර්ග මිශ්‍ර කර ඇත්නම් මිශ්‍රනය ගල් වී බුල්ටෝ වැනි ඝන තත්ත්වයට පත්වේ.
    • අර්ධ වශයෙන් විනිවිද පෙනෙන මිහිරි/මධුර රසැති මී පැණි හොදය.
    • ආවේනික රසක් සහ සුවදක් හොද මී පැණි වලට ඇත.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නිවෙසේ වෙද මහත්තයා-මී පැණි

    නිවෙසේ වෙද මහත්තයා-මී පැණි

    සවන් වැකෙන මිහිරි තෙපුල් උපමා කෙරෙන්නේ මී පැණි වලටයි. දිවට දැනෙන ඉහළම පැණි රස සමාන වෙන්නේ මී පැණිවල ප‍්‍රණීත රසයටයි. අපේ දෙසවන් හා දිව එක ලෙස පිනවන්නට සමත් සොබා දහමේ ස්වර්ණමය දියරය මී පැණියි. එහි ඖෂධීය ගුණයෙහි ද නිමක් නැත. මල්පැණි වලින් ලබා ගන්නා පැණි හා මී මැස්සාගේ ඛේඨයෙහි විශේෂ එන්සයිමයක්් එක් වී ඇති වෙන කි‍්‍රයාවලියකින් මී පැණි නිපදවෙයි.



    ඖෂධයක් ලොව ඖෂධ අතරින් පි‍්‍රයමනාපම, මිහිරිම ඖෂධය මී පැණියි. මේ ස්වර්ණමය දියරය, බැක්ටීරියා වෛරස් හා දිලීර නාශකයකි. ගෙඩි, පිළිකා වැළැක්වීමේ ගුණයක් මී පැණිවල පවතින බව පර්යේෂණ මගින් හෙළි වී තිබේ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ද මෙය නැතිවම බැරි ඖෂධයක් වාගේම ආහාරයක් ද වෙයි. මී පැණි ශක්ති ජනක පානයකි. පුරාණ ඔලිම්පික් කී‍්‍රඩකයන් මේ රහස දැන සිටි නිසාදෝ මී පැණි ආහාරයට ගෙන ශරීරයට ශක්තියක් ලබා ගෙන තිබේ. ඊට අමතරව මෙහි තුවාල සුව කිරීමේ ගුණයක් ද පවතී.



    සියවස් ගණනක සිට මී පැණි තුවාල, පිළිස්සුම් සඳහා ප‍්‍රතිකාර කිරීමට යොදා ගනී. මී පැණිවල ග්ලූකෝස් හා ෆෘක්ටෝස් නම් සීනි වර්ග දෙක බහුලවම ඇත. මේවා ජලය උරා ගැනීමට සුවිශේෂීී හැකියාවක් දක්වයි. මී පැණි තුවාලයක ගැල් වූ විට තුවාලයේ ඇති ජලය උරා ගනී. එවිට තුවාලය වියළී බැක්ටීරියා, දිලීර වර්ධනය නතර වෙයි. තුවාලයක් සුවපත් වෙන්නේ ඒ නිසයි. තුවාල සුව කිරීමේ බලයක් පැවතීමට තවත් කාරණයක් හේතු වෙයි. මී පැණිවල ග්ලූකෝස් ඔක්සිඩේස් නම් එන්සයිමය ජලය සමග එක් වූ විට හයිඩ‍්‍රජන් පෙරොක්සයිඩ් සෑදෙයි. එය විස බීජ නාශකයකි. මී පැණි හැන්දකින් අපේ රුධිරයෙහි ඇති ප‍්‍රතිඔක්සිකාරක ( විස නාශක ) රසායන මට්ටම වැඩි කර ගත හැකියි. ඒ සඳහා ඔබ කළ යුත්තේ දිනකට මී පැණි හැන්දක් ගැනීමයි.





    වැඩිහිටියන්ට වැළඳෙන දියවැඩියාවට හා රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට යොදා ගත හැකි ඖෂධයක් ලෙස මී පැණි හඳුන්වන්න පුළුවන්. මී පැණි මේස හැඳී එකකින් සිරුරට කැලරි 64 ක් ලබා ගත හැකියි. මෙය සොබා දහමේ ශක්ති ජනක පානයක් ලෙස පිළිගැනෙන්නේ මේ බලමහිමය නිසයි. මාංස පේශීන් විඩාවට පත් වූ විට මී පැණි පොදක් රස විඳ බලන්න. තුවාලවලින් සම රැක ගැනීමට මෙන්ම සමෙහි නීරෝගීකම පවත්වාගෙන යාමට ද මී පැණි උපකාරී වෙයි. සමෙහි තෙතමනය සුරකිමින් අලුත් සෛල වර්ධය වීමට ආධාර කරමින් පැහැපත්, සුසිනිඳු සමකට හිමිකම් කීමේ වාසනාව මී පැණි උදා කර දෙයි. කෘති‍්‍රම පැණි නරක කොලෙස්ටරෝල් වැඩි කළක් මී පැණි නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. වැඩිහිටි දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමටත් මී පැණිවලට හැකියාව තිබේ. මේ පුවත දියවැඩියා රෝගීන්ට නම් සුභාරංචියකි. උදෑසන කෝපි කෝප්පයට, තේ කෝප්පයට මී පැණි ස්වල්පයක් එක් කර රස විඳින්න.



    මී පැණිවල අඩංගු පෝෂක සමහරක් ෆෘක්ටොස් 38 %ග්ලූකෝස් 31 % සුක්‍රෝස් 1% ජලය 17 % වෙනත් සීනි වර්ග 9 % විටමින් බී 2, බී 6 යකඩ මැන්ගනීස් පෙ‍්‍රීටීන තන්තු ඛනිජ ලවණ විටමින්



    මිලදී ගැනීම සියයට සියයක්ම පිරිසුදු මී පැණි තෝරා ගැනීමෙන් සියයට සියයක්ම ගුණයක් ද ලබා ගත හැකියි. තද පැහැ මී පැණි රසයෙන්ද ඉහළයි. මී පැණි අසුරා තැබිය යුත්තේ වාතය නොයන පරිදි වැසූ බඳුනකයි. එවිට වාතයේ ඇති තෙතමනය උරා නොගනී. සිසිල්, වියළි තැනක මී පැණි ගබඩා කර තැබිය යුතුයි.



    මී පැණි රුව රකීබ්ලෙන්ඩරයක දමා පිපිඤ්ඤා දියරමය තත්ත්වයට පත් කරන්න. ඉන්පසු පිපිඤ්ඤා පෙරා ඊට මී පැණි තේ හැඳි 2 ක් එක් කර මිශ‍්‍ර කරන්න. මිශ‍්‍රණය කපු රෙදි කැබැල්ලකින් මුහුණේ ගල්වන්න. වියළුණු පසු සෝදා හරින්න. ඇපල් බ්ලෙන්ඩර් කර දියර තත්ත්වයට පත් කර, මී පැණි මේස හැන්දක් මිශ‍්‍ර කර මුහුණේ ගල්වා මිනිත්තු 15 ක් තබා සෝදා හරින්න. බිත්තර සුදුමදයට මී පැණි මිශ‍්‍ර කර මුහුණේ ගල්වා වියළුණු පසු සෝදා හරින්න. උණුසුම් ජලයට මී පැණි කෝප්ප 1 /4 ක් එක් කර ස්නානනය කරන්න. වියළි සමට මී පැණි, ලෙමන් හා එළවළු තෙල් ගල්වා මිනිත්තු 10 ක්් තබා සොදා හරින්න. සම පැහැපත් කරන සියලුම කෘති‍්‍රම ආලේපන පරදන්න මී පැණි සමත් බව ඔබට වැටහේවී.



    මී පැණිවලින් අත් බෙහෙත් * හෘද රෝගීන්ට - කුරුඳු කුඩු හා මී පැණි පාන් මත ගල්වා කෑමට ගන්න. බටර් හා ජෑම් මෙන් ඒවා හදවතට සතුරු නැත. * ආතරයිටීස් රෝගීන්ට - වේදනාකාරී තැන්වල මී පැණි ගල්වන්න.



    * හිසකෙස් අධිකව ගැලවී යන අයට - උණුසුම් ඔලිව් තෙල්, මී පැණි, කුරුඳු කුඩු නෑමට පෙර හිසෙහි ගල්වන්න.



    * දත් කැක්කුමට - කුරුඳු කුඩු පාප්පයට මී පැණි එක් කර වේදනාකාරී දත මත ගල්වන්න.



    * කොලෙස්ටරෝල් අධික අයට කුරුඳු කුඩු, මී පැණි හා මිශ‍්‍ර කර ජලයට එක් කර පානය කරන්න. * අජිර්ණයෙන් පෙළෙන විට - ආහාර ගැනීමට පෙර කුරුඳු කුඩු මී පැණි හැන්දකට මිශ‍්‍ර කර පානය කරන්න.



    * දීර්ඝායු ලබන්නට - මී පැණි සහ කුරුඳු කුඩු ස්වල්පයක් මිශ‍්‍ර කර තේ දිනපතා පානය කරන්න.



    * කුරුලෑ හිසරදයක්් වී ඇති අයට - නින්දට පෙර මී පැණිවලට කුරුඳු කුඩු මිශ‍්‍රකර කුරුලෑ මත ගල්වන්න. පසුදින සෝදා හරින්න.



    * තරබාරු අයට - දිනපතා මී පැණි, කුරුඳු කුඩු මිශ‍්‍ර කර තම්බා ගත් ජලය පානය කරන්න බර අඩුවෙයි.



    * මුව දුගඳ නම් මී පැණි හා කුරුඳු කුඩු උණු ජලය සමග මිශ‍්‍ර කර කට සෝදන්නවරක ආහාරයක් තවත් වරක ඖෂධයක් වන මී පැණි රසබර පුරාවෘත්ත, සාහිත්‍ය, ආගමික, විශ්වාස හා බැඳී පවතී.

    චම්පිකා දීපානි රණසිංහ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මී පැණිවල සංයුතිය

    මී මැස්සන් විද්‍යාත්මක වර්ගීකරණය
    උප වංශය-Apinac
    වර්ගය-Apris
    වංශය-Hymenoptera
    උප වංශය- Apinac

    මී පැණිවල සංයුතිය
    ජලය- 19.0-24.5%
    ඩෙක්ස්ටෙුාස් 34.2-39.2%
    ලෙවිලිලෝස් 36.8-40.5%
    සුක්රෝස් 0.3-2.12%
    ඩෙක්ස්ටීන් 1.5%
    ඛනිජ 0.03-0.46%
    නයිටුජන් 0.1-0.65%
    විටමින් වර්ග B1,B2,B5,B6,B12 C,K


    • ඇමයිනෝ අමිල ඇතුළු සංයෝග 70 ක් පමණ මී පැණි වල අඩංගු වෙි.
    • මී මැස්සන් විසින් උරා ගනු ලබන මල් වල මධු කොටස් වද වල ගබඩා කිරීමෙන් මී පැණි හට ගනී.
    • මොවුන් මලින් මලට ගොස් රොන් ගෙන පාදයන් මත තැවරෙන මල් වල පරාග ඔවුන්ගේ ශාුවයන් සමඟ මුසු වී මී පැණි සෑදේ.
    • මී මැසි රාජධානියේ මී මැසි රැජින, වැඩකාර මැස්සන්, පිරිමි මැස්සන් ලෙස වර්ග 03 කි.
    • මී පැණි වල අඩංගු පොස්පරස් මානසික ශක්තිය වර්ධනය කරයි.ශක්තිය වඩවයි.
    • නින්ද නොයෑමට රාතිුයට මී පැණි තේ හැන්දක් බීම ගුණදායකයි.
    • අසාත්මිකතාවයන්ට, ඇදුමට හා පීනසට ඉතාමත් ගුණදායකයි.
    • රුධිරයේ හිමොග්ලොබින් පුමාණය වර්ධනය කරයි.
    • ආහාර දිරවීමෙි ශක්තිය අඩු අයටත්, මුත්‍රාශයේ ආබාධ පවතින අයටත් ගුණදායකයි.
    • අධිමෙිදතාවය අඩුකර හෘද රෝග වළක්වයි.
     
    • Like
    Reactions: sumbaraya

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොඳ මී පැණි ඕනි නම් මාව කොන්ටැක්ට් කරන්න :rofl::D;)හොඳම එක දෙන්නම් ;):yes:
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ගූඩ් ත්‍රේඩ් බ්‍රො,
    ලගදි රෙප් දීපු නිසා දෙන්න විදිහක් නෑ.