හදපු විදිය පැහැදිලි කරලා කියපන්කො බන් , අපි වගේ දැනුම අඩු කෙනෙක්ට කරගන්න පුළුවන් විදියට
පරන ලැප්ටොප් බැටරියක් ගලවලා සෙල් ටික ගලවගන්න ඕන ඩැමේජ් වෙන්නෙ නැතිව. ලැප්ටොප් බැටරියෙ ගොඩක් වෙලාවට සෙල් දෙක තුනක් ඩැමේජ් වෙලා ඇත්තෙ ඒක හොයාගන්න ලැප්ටොප් වල තියන 16850 බැටරි චාජ් කරන්න පුලුවන් චාජරයක් හොයාගන්න ඕන. කෙලින්ම බැටරිය දාල චාජ් කරන චාජර් තියනවා එහෙම නැත්තම පොඩි USB චාජින් මොඩියුල් තියනවා ඒකට බැටරිය සෙට් කරලා USB කේබල් එක ගහල චාජ් කරගන්න පුලුවන්
https://www.daraz.lk/products/18650...a0e.searchlist.list.9.49652cc8yGBEPx&search=1
https://tronic.lk/product/3-7v-single-battery-charger-18650-500ma
මෙහෙම සේරම සෙල් වෙන වෙනම චාජ් කරලා දවස් දෙක තුනක් තියල බලන්න ඕන නිකන්ම බැහැල යන සෙල් තියනවද කියලා එහෙම බැහැල යන සෙල් අයින් කරලා හොඳ සෙල් 3ක් හරි 6ක් හරි තෝර ගන්න ඕන. මීට වඩා හොඳට හොඳ සෙල් හොයාගන්න පුලුවන් මොනවා හරි බල්බ් එකක් වගේ සෙට් කරලා තියල වැඩිම වෙලාවක් තියන බැටරි තෝරල අරගත්තොතින්
මල්ටිමීටරයක් තියනවා නං වැඩේ ලේසියි, එහෙම නැත්නම් බයික් එකක බල්බ් එකක් වගේ තියල බලලා එලිය වැඩිම බැටරි ගන්නත් පුලුවන්
බැටරි 3ක් නම් ගත්තෙ ඒ තුන සීරීස් විදියට පාස්සල හරි බැටරි 3ක් දාන්න පුලුවන් පොඩි බැටරි කේස් එකක් අරගෙන දාගන්න ඕන
https://tronic.lk/product/battery-holder-case-for-3x18650-3s-series
බැටරි 6ක් තියනවා නං දෙක දෙක පැරලල් කරලා සෙට් 3ක් හදලා ඒ සෙට් තුන සීරීස් කරන්න ඕන, මේ විදියට බැටරි ගොඩක් තියනවා නං පැරලල් බැටරි ගාන වැඩි කරලා ගොඩක් වෙලා වැඩ කරන්න හදා ගන්න පුලුවන්
ඊට පස්සෙ BMS එක අරගෙන බැටරි වලට සෙට් කරන්න ඕන BMS එක සෙට් කරන විදිය පහල දාල තියනවා BMS එකේ B-, B1, B2, B+ කියලා තියනවා ඒව හරියට සෙට් කරන්න ඕන. අවුට්පුට් එක ගන්න BMS එකේ වෙනම +/- තියනවා ඒකට තමයි චාජරේ ගහල චාජ් කරන්නෙ සහ ලයිට් එක සෙට් කරන්නෙ
මේ අවුට්පුට් එකට ස්විච් එකක් එක්ක 12v LED පටියක් සෙට් කරාම ලයිට් එක හරි, චාජ් කරන්න 12v ඇඩැප්ටරයක් ගහන්න ජැක් එකක් සෙට් කර ගන්න පුලුවන්
https://www.daraz.lk/products/3s-10...0e.searchlist.list.51.fd604463Rhrg7d&search=1
ඕන නං BMS එක නැතිව අර මුලින් කියපු USB මොඩියුල් එකකින් හරි චාජරේකින් හරි බැටරි චාජ් කරලා 3ක් සීරීස් කරලා ලයිට් එක පත්තු කරගන්න පුලුවන්. එතකොට චාජ් කරද්දි බැටරි තුනම පැරලල් කරලා එක සැරේ තුනම චාජ් කරගන්න පුලුවන්. ලයිට් එකට සෙට් කරද්දි සීරීස් විදියට සෙට් කරන්න ඕන
රවුටරේට වගේ නං ස්විච් එකක් නැතිව එක දිගටම රවුටරේ චාජරෙත් ගහල රවුටරේටත් දීල තිබුනම රවුටරේට UPS එකක් වගේ වැඩ කරනවා