හොඳ gas hob එකක් කියන්න පුලුවන්ද ?

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    හොඳ gas hob එකක් කියන්න පුලුවන්ද ? යන්න පුලුවන් උපරිම මිල 40ක් වගේ
    මේ ටික ගැන මොකද හිතන්නේ
     

    Attachments

    • buyabans.com-2021.08.18-07_37_07.jpg
      buyabans.com-2021.08.18-07_37_07.jpg
      138.6 KB · Views: 160
    • buyabans.com-2021.08.18-07_35_51.jpg
      buyabans.com-2021.08.18-07_35_51.jpg
      180.5 KB · Views: 162
    • www.wasi.lk-2021.08.18-07_08_28.jpg
      www.wasi.lk-2021.08.18-07_08_28.jpg
      236.2 KB · Views: 161
    • www.singersl.com-2021.08.18-06_59_30.jpg
      www.singersl.com-2021.08.18-06_59_30.jpg
      181.8 KB · Views: 187

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මම ELBA, CANDY, Beko එහෙම හොදයි කියල අහල තිබබ හින්ද බලල ගත්තෙ CANDY එකක් softlogic එකෙන්.

    මුලින් ගත්තෙ 1 hot plate/3 gas burner එක. අවුරුද්දක් වගෙ යද්දි hotplate (පාවිච්ච් නොකර තිබ්බ හින්ද වෙන්න ඇති ) එක මලකඩ කෑව.

    මාරු කරගත්ත 4 gas burner එකකට.

    කිසිම අවුලක් නෑ.

    Gas Savings එකත් ගොඩක් හොදයි.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹ අහලා තියෙන්නේ හොඳ එකක් නේ , හොඳ එකක් නම් Hafele or Rinnai . 40කට නම් හොඳ ඒවා හොයන්න අමාරුයි , ගන්න කලින් හදපු රට කොහෙද කියලා බලලා ගන්න
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    glass top eewa nam ganna epaa kiyala thamai mata kiyanna thiyenne

    -->paavichchiya amaarui mokak hari wedunama kedenna tiyana ida wedi
    -->glass eka rath wena nisaa baajana thiyanna thiyana stand eka tikak usai ethakota gindara apathe yanawa wedi
     
    • Like
    Reactions: NRTG

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕවයේ සේෆ්ටි තියෙන එකයි නැති එකයි අතරේ වෙනස මොකක්ද?
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Hafele නම් සෑහෙන්න හොඳයි, හැබැයි ගණන්. මගෙ තියෙන්නේ ඉලෙක්ට්‍රික් හොබ් එකක්, උන්ගේ බඩු හොඳයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම ගන්න හොයනකොට හොයාගත්ත දේවල්
    ඉතාලි ඒවා තමා හොදම
    අපිට ගන්න පුළුවන් මුදලට තියෙන්නේ එල්බා බ්‍රෑන්ඩ් එක. මොකද පාර්ට්ස් තියාව. කම්පැටිබල් පාර්ට්ස් තියනවා ඕන තරම්. ගත්ත බොහෝ දෙනා හොදයි කියනවා (මම ඇහුවේ අරන්ගෙන අවුරුදු 4-5 පැනපු කීප දෙනෙක් ගෙන්)
    ග්ලාස් ටොප් එකට වඩා යකඩ ටොප් තියන ඒවා කල් පවතිනවා. ග්ලාස් ටොප් පුපුරනවා/ කැඩෙනවා කියලා යම් ප්‍රමානයක් දෙනා කම්ප්ලේන් කරනවා. මමත් විශ්වාස කරනවා ග්ලාස් ටොප් ඕන නෑ අපි වගේ සාමාන්‍ය කට්ටියට. අපිට ඕන සවි ශක්තිය, කල් පැවැත්ම.
    ග්ලාස් ටොප් ඉකමනට පිරිසිදු කරන්න පුළුවන්.
    රිනයි හොද උනාට හොබ් ලංකාවේ ප්‍රචලිත නෑ. ගාන වැඩියි. පෙනුම තියන අඩු කොලිටි නිකන් ලිපක් 2000 ඉදන් තියෙද්දී රිනයි ලිපත් මැලේසියන් එකක් 12-15ක් උනාට, ඔරිගීනල් ජපන් එකක 25 පනිනවා.

    වැදගත්ම දේ හොබ් එක හොදයි කිව්වට එක පාර 22CM භාජන 4ක් තියලා උයන්න බෑ. සාමාන්‍ය අපි ගෙවල් වැල 3-4 දෙනෙක්ට උයන භාජන 2ක් තමා සෙට් වෙන්නේ. එහෙම 3- 4 හොදට ඉඩ ඇතිව තියලා උයන්න පුළුවන් හොබ් එකක් 65,000 - 70,000 පනිනවා (2020 මුල කාර්තු දෙකේ මිල ගණන් අනුව)
    එතකොට ලිප් 4කට ගෙව්වට ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. කඩ වල කොත්තු, ෆයිඩ් රයිස් දාන සයිස් වෝක් එකක් තියලා ඉව්වොත් වතුර එකක් රත් කරගන්න වත් ඉඩ මදි.
    ලිප් 3 එකක් 4රෙ එකකට වඩා ගණන්, හැබැයි හොදට ඉඩ තියනවා....


    ගෑස් ලිපේ හදලා තියන නිෂ්පාදකයාට අනුව, යොදාගෙන තියනම අමුද්‍රව්‍ය අනුව ලිපේ කාර්යක්ෂම තාව වෙනස් වෙනවා. නිකන් ලිපක ඉනොවෙක්ස් එකට වඩා ඉක්මනට රිනයි ලිපේ රස්නේ, කර්යක්සම තාව වැඩිය්. දැලි බැදීම අඩුයි, ඉනොවෙක්ස් ලිපට වඩා රිනයි ලිපක ගෑස් පවිච්චිට අඩුයි.. රිනයි ලිපක ලිප බර්නර් කෑල්ල සුද්ද කරන්න ඕනෑම නැති තරම. හැබැයි ඔය නැෂනල් වගේ හොර බ්‍රෑන්ඩ් වැල නිකන් ලිප නිතර නිතර සුද්ද කරන්න ඕනා.... හොබ් එකටත් ඕක අදාළ වෙනවා ඇති. කියන්න තරම් අත්දැකීම් නැහැ.

    ඔන්න මම දන්නා, හොයාගත්ත දේවල්.....
    හොබ් ඒකක් ඕනෑම නැති නම්, රිනයි ලිපක් ගන්න. වාසියි , ලාබයි ලිප ගෑස් දෙකම, ලේසිය්. හැබැයි ගෑනු සතුටු කරන්න නම් අමාරු වෙයි....
     
    Last edited: