විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ අක්කර 4000 කියන කතාව සම්පූර්ණ බොරුවක්. මොකද මූලික සැලසුම්වලදී හෝමාගම ආශ්රිත අවට ප්‍රදේශය මේ සඳහා සමීක්ෂණයට බඳුන් කරද්දී තාක්ෂණික ශඛ්‍යතාවය, ඒ කියන්නේ මේ නගරයේ යම් යම් කි‍්‍රයාකාරකම් පිහිටුවන්න පුළුවන් අවශ්‍ය විභවය පවතින විශාල ප්‍රදේශයක් හඳුනා ගත්තා. විභවය කියන්නේ භෞතික වශයෙන් මේ සඳහා ඇති විභවය. එයින් අදහස් වෙන්නේ නැහැ මේ සියළු ප්‍රදේශ මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බවට. මේ වන විට විභවතාවය සහිත ශඛ්‍යතාවය සහිත ප්‍රදේශ අතරින් අපි දැනටමත් අක්කර 200 ක් පවරාගෙන එම ස්ථානයේ කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති තිබෙනවා. නැනෝ තාක්ෂණ ආයතනය, ටෙලිකොම් ආයතනය ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යම් යම් පරීක්ෂණාගාර, ඒ වගේම අනාගතයේ ඉදිවන ජෛව තාක්ෂණ උද්‍යානය, වගේම කොළඹ, ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාල තාක්ෂණික පීඨය. දැනටමත් එහි පවතින භීඵඊ විශ්ව විද්‍යාලය මේ සියල්ල පවතින්නේ දැනටමත් අත්පත් කරගෙන තිබෙන අක්කර 200 ඇතුලේ. ඊට අමතරව අපි හඳුනාගෙන තිබෙනවා තවත් අක්කර 250 ක් පවරා ගැනීම සඳහා තාක්ෂණ නගරයේ සිදුවන කි‍්‍රයාකාරකම් වෙනුවෙන්. මේ අක්කර 250 තුළ තිබෙන්නේ විශාල ඉඩම්, පර්චස් 10, 15 ජනතාව පදිංචි ඉඩම් නෙමෙයි. දඹුගොල්ලවත්ත අක්කර 34, කාවුලූහේන වත්ත අක්කර 42 යි. හොරගල වත්ත අක්කර 120 යි. දෙහිගහවත්ත අක්කර 23, තලගල වත්ත අක්කර 27යි.