හොමාගම පිටිපන අවට ඉඩම් අක්කර 5000ක්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
හොමාගම පිටිපන අවට ඉඩම් අක්කර 5000ක්

හොමාගම පිටිපන අවට ඉඩම් අක්කර 5000ක් රජය කොරියාවට දෙන්න යන කතාවක් යනවා.. අත්පත් කරගන්න ඉඩම්වලට ලැබෙන්නේ තට්ටු නිවාසයක්ලු... මේක ඇත්ත කතාවක් ද? තොරතුරු දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද?
 
  • Like
Reactions: rayrox

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තාක්ෂණ නගරේ හදන්නේ ඔහේ නේද. ඔය කොරියාවට ඉඩන් දෙන කතාව බොරු කියල චම්පික මේ ඊයේද පෙරෙදද කිවේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    තාක්ෂණ නගරේ හදන්නේ ඔහේ නේද. ඔය කොරියාවට ඉඩන් දෙන කතාව බොරු කියල චම්පික මේ ඊයේද පෙරෙදද කිවේ.

    දියුණුව එපා, තාක්ෂණය එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට අපේ රට බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය වෛද්‍යරත්න මහතා පවසයි.


    ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (11) දින හෝමාගම තාක්‍ෂණ නගරයට එරෙහි විරෝධය යථාර්ථයක්ද? යන මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    මෙම මාධ්‍ය හමුව අමාත්‍යාංශයේ සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට තාක්‍ෂණ නගරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලාල් පේ‍්‍රමනාත්, එන්.එස්.බී.එම්. හරිත සරසවියේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු රාජ් පේ‍්‍රමදාස, ස්ලිම්ටෙක් ආයතනයේ සුනන්ද ගුණසේකර යන මහත්වරුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු අදාල ව්‍යාපෘති නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    එහිදී අදහස් දැක්වූ අතිරේක ලේකම්වරයා, ඉඩම් වගාබිම් මංකොල්ල කන තාක්ෂණ නගර ප්‍රෝඩාව අපට එපා යනුවෙන් මේ මොහොතේ පිටකොටුව ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. මේ සම්බන්ධව ඔවුන් මතු කරන ගැටළු කිහිපයක් තිබෙනවා. යථා තත්වය මාධ්‍ය වෙත පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ.

    ඔවුන් නගන මූලික තර්කය තමයි මේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය හරහා අක්කර 4000 ක ඉඩම් ප‍්‍රමාණයක් රජය විසින් කොරියාවට විකුණන්න බලාපොරොත්තු වන බවත්, එම අක්කර 4000 කොරියානු රජයට නැතිනම් කොරියානු සමාගම්වලට විකිණීම නිසා අති විශාල ජනතාවකට ඔවුන්ගේ ගම්බිම් වාසස්ථාන අහිමිවන බවත්, විශාල ප‍්‍රමාණයක් නිවාස අහිමි කර ඔවුන් තට්ටු නිවාසවලට ගාල් කිරීමට උත්සාහ කරන බව වගේම සිංගප්පූරු ගිවිසුම යටතේ සිංගප්පූරුවේ අපද්‍රව්‍ය ගෙනත් දැමීම වැනි තවත් සුරංගනා කතා ඔවුන් විසින් ප‍්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම මේ නිවාස හදනකම් නැනෝ තාක්ෂණ ආයතනය මගින් වර්ෂාව ප‍්‍රමාද කිරීමට කිසියම් රසායනික ද්‍රව්‍යයක් අහසට විද ඇති බවටද අලූතින් මතයක් ඇතිකර තිබෙනවා. කිසිම තාර්කික භාවයක් නැති චෝදනා රාශියක් ඉදිරිපත් කරනවා.

    තාක්ෂණ නගර ව්‍යාපෘතිය සලකන්නේ මේ රටේ අනාගතය තීරණාත්මක ලෙස ආර්ථිකය හසුරුවන, ආර්ථිකයේ නව පිම්මක් පනින, හිරවෙලා ඉන්න මධ්‍යම ආදායම් උගුලෙන් ගැලවිලා තාක්ෂණය දැනුම, නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි. සාම්ප‍්‍රදායික තේ, පොල්, රබර්, ඇඟලූම් ආර්ථිකය තවදුරටත් ඉදිරියට යන්න බැහැයි කියලා සනාථ වෙලා තිබෙන මොහොතක මේ රටේ ආර්ථිකව නව පිම්ම ගන්න අවශ්‍යවෙන යටිතලය සකස් කරන්න තමයි මේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නේ. මේ සම්බන්ධව අපි ඉතාමත්ම කණගාටු වෙනවා. මම කණගාටු වෙනවා, අපේ රටේ තමයි රටට දියුණුව එපා, තාක්ෂණය එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට.

    මෙහි යතාර්ථය අපි මෙසේ පැහැදිලි කර ගමු. මේ කියන ඉඩම් අක්කර 4000ක් අත්පත් කර ගැනීම සහ එය කොරියානු සමාගම්වලට විකිණීම. මේ චෝදනා නගන අයත් දන්නවා, හැබැයි නොදන්නවා වගේ මේ කි‍්‍රයාවන් සිදු කරනවා. මොකද මේ රටේ ඉඩම් කිසිම රටකට විකුණන්න බැහැ. එය මේ රටේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුවත්, මේ රටේ ඉඩම් පණත අනුවත් මේ රටේ කිසිම ඉඩමක් විදේශිකයෙකුට විකුණන්න බැහැ. නමුත් 77 පසු නව ආර්ථික ක‍්‍රමය රටට පැමිණියාට පසු පොදුවේ මෙරට පැවැතුණ රජයන් තේරුම් ගත් ප‍්‍රතිපත්තියක් තමයි මේ රට සංවර්ධනය කරන්න බාහිරින් එන ආයෝජන අවශ්‍යයි කියන එක. අයෝජන මණ්ඩලයක් පිහිටුවලා මෙරටට එන ඍජු ආයෝජන, විදේශීය ආයෝජන අවශ්‍යයි එය ප‍්‍රවර්ධනය කළ යුතුයි කියන ප‍්‍රතිපත්තිය අනුව විදේශ ආයෝජන මෙරටට පැමිණිය හැකියි. එවැනි විදේශ ආයෝජන තාක්ෂණ නගර භූමිය තුළ පිහිටුවන්නත් පුළුවන්.

    ඒ වගේම මේ රටේ ඉඩම් විකිණීම සඳහා කොරියානු රජය හෝ කොරියානු සමාගම් සමග කිසිදු ගිවිසුමක් ශ‍්‍රී ලංකා රජය හෝ අප අමාත්‍යාංශය අත්සන් කොට නොමැති බව සඳහන් කළ යුතුයි. හැබැයි මේ පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ දැවැන්ත ලෙස තාක්ෂණය අතින් ඉදිරියට ගිය රටක් හැටියට කොරියාව අපි දන්නවා. මෙහි ඔවුන් අත්කර ගත් තාක්ෂණ දියුණුවත් සමග ඔවුන් සතු විද්‍යාඥයින් ඇතුළු විශේඥයින්ගේ දැනුම අප රටට ලබාගන්න, මේ තාක්ෂණ නගරය දියුණු කිරීම සඳහා යොදා ගැනීමේ අරමුණ ඇතිව අපි අවබෝධතා සංදේශයක් අත්සන් කර තිබෙනවා. මෙය අවබෝධතා ගිවිසුමක් ලෙස වැරදියට ප‍්‍රකාශ කරනවා. නමුත් මෙය අවබෝධතා සංදේශයක්. ඒ තුළ ඇත්තේ කොරියානු රජයේ, ඉඩම් යටිතල පහසුකම් සහ ප‍්‍රවාහන අමාත්‍යංශය අපත් සමග අවබෝධතාවයකට එළැඹී තිබෙනවා මේ තාක්ෂණ නගරයේ සැලසුම සකස් කරන්න එයට අදාල වෙනත් විශේඥ කණ්ඩායම් අපත් සමග හුවමාරු කර ගැනීම වගේම මෙම කාර්යයේ නියුතු වන අපේ පිරිස් පුහුණු කරන්න ඔවුන්ගේ දායකත්වය ලබාදීම තමයි එහි අරමුණ. එහෙම නැතිව ඔවුනට ඉඩම් දෙන්න, මේකට හිලව් කරන්න ගිවිසුමක් නැහැ. ඔබ දන්නවා ලෝකයේ ඕනෑම දියුණු රාජ්‍යයන් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට තාක්ෂණික සහය ලබාදෙනවා. එවැනි අවබෝධතා සංදේශයක් තමයි අපි අත්සන් කර තිබෙන්නේ කොරියාවත් සමග.

    විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ අක්කර 4000 කියන කතාව සම්පූර්ණ බොරුවක්. මොකද මූලික සැලසුම්වලදී හෝමාගම ආශ‍්‍රිත අවට ප‍්‍රදේශය මේ සඳහා සමීක්‍ෂණයට බඳුන් කරද්දී තාක්ෂණික ශඛ්‍යතාවය, ඒ කියන්නේ මේ නගරයේ යම් යම් කි‍්‍රයාකාරකම් පිහිටුවන්න පුළුවන් අවශ්‍ය විභවය පවතින විශාල ප‍්‍රදේශයක් හඳුනා ගත්තා. විභවය කියන්නේ භෞතික වශයෙන් මේ සඳහා ඇති විභවය. එයින් අදහස් වෙන්නේ නැහැ මේ සියළු ප‍්‍රදේශ මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බවට. මේ වන විට විභවතාවය සහිත ශඛ්‍යතාවය සහිත ප‍්‍රදේශ අතරින් අපි දැනටමත් අක්කර 200 ක් පවරාගෙන එම ස්ථානයේ කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති තිබෙනවා. නැනෝ තාක්ෂණ ආයතනය, ටෙලිකොම් ආයතනය ඊට අමතරව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ යම් යම් පරීක්‍ෂණාගාර, ඒ වගේම අනාගතයේ ඉදිවන ජෛව තාක්ෂණ උද්‍යානය, වගේම කොළඹ, ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාල තාක්ෂණික පීඨය. දැනටමත් එහි පවතින භීඵඊ විශ්ව විද්‍යාලය මේ සියල්ල පවතින්නේ දැනටමත් අත්පත් කරගෙන තිබෙන අක්කර 200 ඇතුලේ. ඊට අමතරව අපි හඳුනාගෙන තිබෙනවා තවත් අක්කර 250 ක් පවරා ගැනීම සඳහා තාක්ෂණ නගරයේ සිදුවන කි‍්‍රයාකාරකම් වෙනුවෙන්. මේ අක්කර 250 තුළ තිබෙන්නේ විශාල ඉඩම්, පර්චස් 10, 15 ජනතාව පදිංචි ඉඩම් නෙමෙයි. දඹුගොල්ලවත්ත අක්කර 34, කාවුලූහේන වත්ත අක්කර 42 යි. හොරගල වත්ත අක්කර 120 යි. දෙහිගහවත්ත අක්කර 23, තලගල වත්ත අක්කර 27යි. මෙන්න මේ ඉඩම් තමයි අපි හඳුනාගෙන තිබෙන්නේ. මෙම ඉඩම්වලට අයිතිකාරයෝ හිටියත් ජනතාව පදිංචි ඉඩම් නෙමෙයි. ඒ පිරිස් එම ඉඩම් තමන්ගේ ආයෝජනයන් ලෙස තබාගෙන මෙම ප‍්‍රදේශයෙන් බාහිරව තමයි ජීවත් වෙන්නේ.

    මෙම ඉඩම් මැනුම් කිරීමේදී දඹුගොල්ලවත්ත කියන ඉඩමෙන් අපට දැන ගන්න ලැබුණා එම ඉඩමට මායිමේ එක ගෙයක් තිබෙන බවත්, හොරගොල්ල වත්ත කියන ඉඩමේ මායිමේ ජනතාව පදිංචි නිවාස කිහිපයක් තිබෙනව බව. ඒ ඉඩම් අපි මිනුම් කටයුතු කිරීමේ දී පියවර ගෙන තිබෙනවා පවරා ගැනීමේ කාර්යෙන් බැහැර කරන්න. ඒ මිනිසුන්ගේ අයිතිවන නිවාස අපි කිසිසේත් පවරා ගන්නේ නැහැ.

    මේ මොහොතේ පවතින්නේ බාහිර පාර්ශව විසින් හේතුවක් නැතිව ජනතාව අතර අති කරන අනියත බිය. මොකද ඕනෑම කෙනෙක් තමන්ගේ ඉඩම අහිමිවනවා කියන සංවේදී කාරණය ඔලූවට දැම්මහම ඔවුන් ඒ පිළිබඳව බොහෝ කලබල වෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා මේ හඳුනා ගත්ත අක්කර 250 ඇතුලේ කිසිදු ගෙයක් අහිමි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම පුද්ගලයෙකුට.

    ඊට අමතරව මේ අය කියනවා ජනතාව ගෙවල්වලින් එළියට ඇදලා දාලා මහල් නිවාසවලට දානවා කියලා. අපේ කිසිම අදහසක් නැහැ ඒ පිළිබඳව. මොකද කිසිම කෙනෙකුට නිවාස අහිමි කරන්නේ නැත්නම් මහල් නිවාස වලට ගෙනයනවාය කියන කාරණය පැන නගින්නෙත් නැහැ. හැබැයි නිවාස ව්‍යාපෘති සිදු කෙරෙනවා. මොකද ඒ නිවාස ව්‍යාපෘති කෙරෙන්නේ විශේෂයෙන්ම මේ අලූතින් ඇතිවන විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ එනවා. ඒ අයට පර්චස් 10 ඉඩම්වල ගෙවල් හදලා දෙන්න බැහැනේ. ඒ සඳහා ඔවුනට හොස්ටල් සෑදිය යුතුයි. ඒවා මහල් නිවාස ලෙස තමයි ඉදිවෙන්නේ. මේ විශ්ව විද්‍යාලවලට ආචාර්යවරු එනවා. ඒ වගේම අනාගතයේ මෙහි ඉදිවන සියලූ ආයතන වල සේවය සඳහා පැමිණෙන සේවකයින්ට ආසන්නයෙන් නිවාස පහසුකම් ලබාදිය යුතුයි. ඒ සඳහා නිවාස ව්‍යාපෘති ඉදිවනවා. එහෙම නැතිව අප ප‍්‍රදේශයේ පදිංචි ජනතාව අරගෙන ගිහිල්ලා ඒ අයව තට්ටු නිවාසවලට ගාල් කිරීමේ කිසිඳු සැලසුමක් අපේ නැහැ.

    ඒ වගේම මේ අය කියනවා මේ භූමිය තුළ ඉදිවන කර්මාන්ත ශාලාවලින් පිටකෙරෙන අපද්‍රව්‍ය මගින් විශාල පරිසර හානි මෙම ප‍්‍රදේශයට සිදුවෙනවා කියලා. හැබැයි අපි විශේෂයෙන්ම අවධාරණය කොට කියනවා මේ භූමිය තුළ කර්මාන්ත ශාලා ඇති වෙන්නේ නැහැ. මේ තාක්ෂණ නගරය තුළ අපි හඳුනාගත්තු කි‍්‍රයාකාරකම් කිහිපයයි තිබෙන්නේ. පළවෙනි දේ තමයි විද්‍යා තාක්ෂණ, නවෝත්පාදන පර්යේෂණ සඳහා ඉදිකෙරෙන පර්යේෂණාගාර එමගින් සිදු කරන්නේ නව තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම. මෙරට දරුවන්ගේ මොළ කෙසේද ආයෝජනය කරන්නේ කියන කාරණයයි. මෙය තුළ පරිසරයට හානි කරන පරිසාරික විමෝචන සහිත කිසිම කර්මාන්ත ශාලාවක් ඉදිවන්නේ නැහැ. ඒ සඳහා කර්මාන්ත පුර වෙනම තිබෙනවා. පර්යේෂණාගාරවලට අමතරව තිබෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනික පහසුකම්. එමගින් ඉගෙන ගන්නේ අපේ රටේ දරුවෝ. දරුවන්ට නිදහස් අධ්‍යාපනය යටතේ තාක්ෂණික අධ්‍යාපනය ලබන්න එන ගම් රටවල්වල දුප්පත් දරුවන්ට මෙම අවස්ථාව සැලසී තිබෙන්නේ. අමාත්‍යාංශය වශයෙන් අපි ඉතාමත්ම කණගාටුවෙනවා මෙම ව්‍යාපෘතිය සඳහා පදනමකින් තොරව කරන මේ විරෝධය, ඒ වගේම පරිසර හානි පිළිබඳව.

    ඒ වගේම මොවුන් කියනවා කෘෂි කාර්මාන්තයට, වාණිජ වගාවන්ට හානි සිදුවනවා යැයි කියා. නමුත් අප දන්නා තරමින් තාක්ෂණික නගරය සඳහා පවරා ගන්න ඉඩම්වල විශාල වාණිජ වගා නැහැ. සමහරවිට පුංචි පුංචි වගාවන් ඇති. නමුත් අප කියන්නේ නැහැ ඒ සියල්ලම බැහැර කරනවා කියලා. මොකද කිසිම් සංවර්ධන කටයුත්තක් කරද්දි කිසියම් කැප කිරීමක් කරන්න වෙයි. මොකද අක්කර භාගයක සමහරවිට තේවගාවන් නැතිවිය හැකියි. නමුත් අප බැලිය යුත්තේ අහිමිවන දේ නෙමෙයි රටට ලැබිය යුතු දේ. අපි මේ ඉඩම් බලෙන්, නොමිලේ ලබා ගන්නේ නැහැ. අපේ අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියේදී අපි ඉතාමත් වගකීමෙන් කියනවා ඒ ලබාගන්න සියළු ඉඩම් ඔවුනට එහි වාණිජ වටිනාකම අත්වන විදිහේ වන්දියක් ලබාදී ඉඩම් අත්පත් කර ගැනීම සිදු කරනවා මිස බලෙන්, ඔවුන් පලවා හැර නොමිලේ ඉඩම් ලබාගැනීමේ කිසිඳු සැලසුමක්, කිසිදු අදහසක් නැති බවද පැවසීය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    එරෝසන් කියන එකක් තමයි ඉතින්... එරෝසන් දෙයක් කියන්නේ හොදට හොයලා බලලා ඇනලයිස් කරලා... :yes::yes::yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තාක්ෂණ නගරේ හදන්නේ ඔහේ නේද. ඔය කොරියාවට ඉඩන් දෙන කතාව බොරු කියල චම්පික මේ ඊයේද පෙරෙදද කිවේ.

    වැඩේ කියන්නේ ඔතන ඕක හදනවනම් අවුලක් නෑ. බොරුවට හදනවා කියල බෝඩ් ගහගෙන ඉන්න එක විතරනේ කරන්නේ. හදන ලබ්බක් නෑ :no:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අර nsbm එක ඉස්සරහ අලුතින් හදන එක මොකද්ද බන් ...:confused::confused::confused: ලොකුවට ...ඒ හරියේ වටේටම building ..හැබැයි පැත්ත පළාතේ ඉන්න බැ පට්ට රස්නි ....:P:P:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩේ කියන්නේ ඔතන ඕක හදනවනම් අවුලක් නෑ. බොරුවට හදනවා කියල බෝඩ් ගහගෙන ඉන්න එක විතරනේ කරන්නේ. හදන ලබ්බක් නෑ :no:
    තාක්ෂණ නගරයක් කියන්නේ නං කල් ගිහිල්ල හරි හදන එක පාඩුවක් නෑ. දැන් සැලසුම ගහල තිබුන ඊළඟට එන ආණ්ඩුවක් හරි හදන්නේ නැතැයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දියුණුව එපා, තාක්ෂණය එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට අපේ රට බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය වෛද්‍යරත්න මහතා පවසයි....

    වීඩියෝ එකකුත් තියෙනව සම්පුර්ණ කතාවම

    https://web.facebook.com/megapolismin.gov.lk/videos/1902344370060342/
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    issra idan ma oke lands wen karala tibbe denna singapore uni walatai korea institute walatai. pitipana gal tiyenawa lands wala:):) nsbm eka tiyena area ekema technology hub kak karanna plan karala owa karla godak kal dan eka issrahata yanwa echchrai:) nano tec institure ewa dalath iwarai
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ අක්කර 4000 කියන කතාව සම්පූර්ණ බොරුවක්. මොකද මූලික සැලසුම්වලදී හෝමාගම ආශ‍්‍රිත අවට ප‍්‍රදේශය මේ සඳහා සමීක්‍ෂණයට බඳුන් කරද්දී තාක්ෂණික ශඛ්‍යතාවය, ඒ කියන්නේ මේ නගරයේ යම් යම් කි‍්‍රයාකාරකම් පිහිටුවන්න පුළුවන් අවශ්‍ය විභවය පවතින විශාල ප‍්‍රදේශයක් හඳුනා ගත්තා. විභවය කියන්නේ භෞතික වශයෙන් මේ සඳහා ඇති විභවය. එයින් අදහස් වෙන්නේ නැහැ මේ සියළු ප‍්‍රදේශ මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බවට. මේ වන විට විභවතාවය සහිත ශඛ්‍යතාවය සහිත ප‍්‍රදේශ අතරින් අපි දැනටමත් අක්කර 200 ක් පවරාගෙන එම ස්ථානයේ කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති තිබෙනවා. නැනෝ තාක්ෂණ ආයතනය, ටෙලිකොම් ආයතනය ඊට අමතරව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ යම් යම් පරීක්‍ෂණාගාර, ඒ වගේම අනාගතයේ ඉදිවන ජෛව තාක්ෂණ උද්‍යානය, වගේම කොළඹ, ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාල තාක්ෂණික පීඨය. දැනටමත් එහි පවතින භීඵඊ විශ්ව විද්‍යාලය මේ සියල්ල පවතින්නේ දැනටමත් අත්පත් කරගෙන තිබෙන අක්කර 200 ඇතුලේ. ඊට අමතරව අපි හඳුනාගෙන තිබෙනවා තවත් අක්කර 250 ක් පවරා ගැනීම සඳහා තාක්ෂණ නගරයේ සිදුවන කි‍්‍රයාකාරකම් වෙනුවෙන්. මේ අක්කර 250 තුළ තිබෙන්නේ විශාල ඉඩම්, පර්චස් 10, 15 ජනතාව පදිංචි ඉඩම් නෙමෙයි. දඹුගොල්ලවත්ත අක්කර 34, කාවුලූහේන වත්ත අක්කර 42 යි. හොරගල වත්ත අක්කර 120 යි. දෙහිගහවත්ත අක්කර 23, තලගල වත්ත අක්කර 27යි.

    Oka thami aththa. okata wiruddawa minissunta boru kiyala awussanne peratu gamiyo. anthare lahiruth innawa :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    l9MYWN7.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    ldqhGOs.jpg

    ENHd9Mj.jpg

    හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතියට කිසිඳු ඉඩමක් බලහත්කාරයෙන් පවරා ගන්නේ නැති බවත් ඒ කිසිවක් කොරියාවට විකුණන්නේ නැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ හෝමාගම ඉදිවීමට නියමිත තාක්ෂණ නගරය පිළිබඳව හෝමාගම ජනතාව තුළ පවතින ගැටළු විසඳා ගැනීමේ පිටිපන ප‍්‍රදේශයේ පැවැති සුහද කතිකාවතකට සහභාගී වෙමිනි.

    එසේම අදාළ සියළුම ව්‍යාපෘති තාක්ෂණික ව්‍යාපෘති පමණක් වන බවත් ඒ සඳහා ඉඩම් අක්කර 4,000 ක්ම අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කර ඇත.

    මෙහිදී තාක්ෂණ නගරය ඉදිකිරීමේදී ඉඩම් අත්පත්කරගැනීම සම්බන්ධව ජනතාව තුළ පවතින අනවශ්‍ය බිය සහ පැන නැගී ඇති ගැටළු නිරාකරණය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමද සිදු කෙරිණි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘සිංගප්පූරවෙන් කසළ ගෙනවිත් දමනවා යැයි ප‍්‍රදේශය පුරා අසත්‍ය ප‍්‍රචාරයන් පතුරවමින් යනවා, ඒවා පට්ටපල් බොරු. සිංගප්පූරුව හැතැප්ම හාර පන්දාහක් මහ මුහුදේ කුණු ගෙනවිත් දමන්න අවශ්‍යතාවයක් නැහැ. සිංගප්පූරුව කියන්නෙ ලෝකයේ ඉතාම හොඳින් කසළ කළමණාකරණය කරන තැනක්. ඒ අයගේ රටේ ඒ අය හදලා තිබෙනවා කෘතිම දූපතක්. එයට තමයි එයාලගේ කසල ගෙනිහින් දමන්නේ. අවශ්‍ය ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්, එය සංචාරක වශයෙනුත් පෙන්වන තැනක්.

    ඊ ළඟට කියනවා මේ නැනෝ තාක්ෂණ ආයතනය මගින් අහසට කිරණක් විදලා නියඟයක් ඇතිකරලා කියලා. මේවා පට්ටපල් බොරු. නැනෝ තාක්ෂණ ආයතනය මගින් එවැනි දේ නෙමෙයි සිදු කරන්නේ, අද මේ රටේ ඉතාමත්ම දියුණු වැඩසටහන් ගනණාවකට එම තාක්ෂණ ආයතනය නැඹුරු වී තිබෙනවා. රටේ තිබෙන ඉහළ ගනයේ ව්‍යාපාර ආයතන ගණනාවක් එයට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටට විශාල ආදායම් ප‍්‍රමාණයක් ඒ මගින් ඇතිකර තිබෙනවා. අපේ රටේ කුඹුරුවලට දාන පොහොර වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් අපතේ යනවා. පසුගිය දා ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකගේ මැදිහත් වීමෙන් නැනෝ තාක්ෂණ ආයතනයෙන් පොහොර යෙදීමට අලූත් ක‍්‍රමයක් සොයා ගනු ලැබුවා. එමගින් එම පොහොර ප‍්‍රමාණයෙන් අඩක් පමණ භාවිත කර එම ප‍්‍රයෝජනයම ලබාගත හැකියි. එය රටට ප‍්‍රයෝජනයක්ද, නැද්ද. ඊ ළඟට එතන රෙදිපිළි නිෂ්පාදනයක් සිදු කළා. වතුර ගැවෙන්නේ නැති. අද අපේ ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ අඳින ඇඳුමේ කිිසිම ආකාරයක දහඩිය පැල්ලම් නැහැ. එම විශේෂ රෙදි නිර්මාණය කලේ අපේ නැනෝ තාක්ෂණ ආයතනයෙන්. මේ වගේ වැඩ තමයි එතන සිදුවෙන්නේ. එහෙම නැතිව අහසේ වැස්ස නවත්වනවා වගේ වැඩ නෙමෙයි. මොනවද එතන කෙරෙන්නේ කියලා ඔබතුමාලගෙන් තෝරාගත් පිරිස්වලට එම පර්යේෂණාගාරවලට ගිහින් බලන්න අවස්ථාව ලබාදෙන්නම්.

    බොරු ප‍්‍රචාර යවලා මේ රටේ ජනතාව නොමග යවන්න එක්තරා කාලයක ඝාතන සංස්කෘතියකට මේ රටේ මුල්ගල තියපු පිරිස් තමන්ගේ දරු පවුල් විදේශ රටවල පදිංචි කරවලා ඇවිත් රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන පිරිස් තමයි මේවා සිදු කරන්නේ. අපට ඕනෙනම් ඔබතුමාලට නම් ගම් ඇතිව කියන්න පුළුවන් මේවා පිටුපස සිටින්නේ කවුද කියලා.

    ඊ ළඟට ඇයි අපි මේ ප‍්‍රදේශයම තෝරා ගත්තේ. රටක් උනහම රටකට අරමුණක් තිබිය යුතුයි. අපේ රටේ තවදුරටත් නිදහස් වෙළඳ කලාප ඇතිකරලා ඒ මගින් රටට දියුණුවක් ඇති කර ගන්න බැහැ. අපේ විශාල උගත් තරුණ පිරිසක් සිටිනවා. ඒ අය අලූත් රැකියා ක්‍ෂෙත‍්‍රවලට යොමුකළ යුතුයි. ඒකට නවෝත්පාදනය අවශ්‍යයි. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් අපි මෙහි ඇතිකරනවා කෞතුකාගාරයක් වගේ දෙයක්. සියළුම පාසල් දරුවන්ට ඇවිත් මේ නවීන විද්‍යාවේ අනාගත තොරතුරු එතන දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් මෙතන සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති කරනවා. මේ හැම තැනකම අපි පොදුවේ වැඩ කරගෙන යනකොට අපට තිබෙන ප‍්‍රශ්න, මාර්ගයක් හදන්න ගියහම වතුර නල අහුවෙනවා, විදුලි පද්ධතියට හානි වෙනවා. නමුත් අලූත් ජියෝ ඉන්ෆෝමේෂණ් තාක්ෂණ ආයතනයෙන් අපට එවැනි අවස්ථා මග හැර ගන්න පුළුවන්. ගොවියන්ට, ඒ වගේම කාලගුණ විද්‍යාඥයින්ට, ඒ වගේම අනෙකුත් අයට තොරතුරු දෙන්න ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයට පුළුවන් වෙනවා. එය වැදගත් රාජ්‍ය ආයතනයක් වෙනවා. ඒ වගේම මෙම ප‍්‍රදේශයේ, ජල පහසුකම්, විදුලි පහසුකම්, මාර්ග පහසුකම් මේ තුළින් දියුණු වෙනවා. ඒ නිසා මෙම ප‍්‍රදේශයට ඉදිරියට යන්න අරමුණක් ලැබෙනවා.

    එදා නොබැඳි සමුළුව අවස්ථාවේදී රත්මලානේ ගුවන් තොටුපල වැඩිදියුණු කරනවාට ප‍්‍රදේශයේ ජනතාව විරුද්ධ උනා. ඒ අනුව සිරිමාවෝ මැතිණිය කැණඩාවේ ආධාර ඇතිව කටුනායක ගුවන්තොටුපල හැදුවා. එයින් කටුනායක දියුණු උනා. කටුනායක ගුවන්තොටපුල අසල උපාලි විජේවර්ධන මැතිතුමා නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කලා. එම ප‍්‍රදේශය දියුණු උනා. එදත් ගොඩක් අය එයට විරුද්ධ උනා. නමුත් එම ප‍්‍රදේශයට අරමුණක් ලැබුණා. කටුනායක කියන ප‍්‍රදේශයට අරමුණක් ලැබුණා. එමගින් දස දහස් ගණන් රැකියා අවස්ථා ආදායම් ඇතිවුණා. මොරටු විශ්ව විද්‍යාලය ඇති කරනවාට ප‍්‍රදේශවාසීන් විරුද්ධ උනා. නමුත් අද එම ප‍්‍රදේශයම දියුණු උනා. කටුබැද්දට අරමුණක් ලැබුණා. විජේරාම විශ්ව විද්‍යාලය පිහිටුවනවාට විරුද්ධ උනා. නමුත් පන්සල් භූමියේ විශ්ව විද්‍යාලය බණ්ඩාරනායක මහත්මයා ඇති කළා. අද විජේරාම කිව්වම 12,000 ක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයක්. ඒ තුළින් එම මහරගම ප‍්‍රදේශයම වැඩිදියුණු වෙලා තිබෙනවා. මේ ප‍්‍රදේශයක් දියුණු කර ගන්න අරමුණක් අවශ්‍යයි.

    මෙම ප‍්‍රදේශයේ සහ මාලබේ ඇතිකරන්න යන වැඩපිළිවෙලින් ප‍්‍රදේශයට පමණක් නෙමෙයි රටටම විශාල ආලෝකයක් ලැබෙනවා. එහි කොටස්කාරයෝ බවට ඔබත් පත් කරගන්න අපි කැමතියි. ඒනිසා මේ ඉඩම් කොරියාවට විකුණනවා, පිටරටවලට විකුණනවා කියලා පට්ටපල් බොරු පතුරුවනවා. ඇත්තටම කොරියානු රජයට අපි ස්තූතිවන්ත විය යුතුයි මොකද මේ සියළු සැලසුම් කටයුතු අපට නොමිලේ කරලා දුන්නේ ඒ රජයේ උදව්වෙන්. ඊ ළඟට මේ යටිතල පහසුකම් ආදිය නංවන්න අපේ ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබෙනවා, එතුමන්ලා ණය මුදලක් අපට ලබාදෙනව කියලා. මොකද යටිතල පහසුකම් වැඩිදියුණු උනොත් තමයි ඒවා එන්නේ. අපටත් වඩා දුප්පත් කමේ සිටි කොරියාව අද අපේ හැමෝම අතේ තිබෙන සැම්සුන් ෆොන් එක, එල්.ජී. රූපවාහනිය වගේ පාරේ යන්නේ හුන්ඩායි මෝටර් රථය. මුහුදේ යන්නේ හුන්ඩායි නැව්. නමුත් 1960 දී මේ රටේ පැල්පත්වාසීන්ට කිව්වේ කොරියාව කියලා. දැන් අපේ රටේ ළමයි පොරකනවා කොරියා යන්න, 50,000 ක් රැකියාවල නියැලිලා ඉන්නවා. හිඟන මට්ටමේ සිටි කොරියාව කොහොමද ආර්ථික බලයක් උනේ ඒ විද්‍යාව තාක්ෂණය ඉදිරියට ගෙනල්ලා. ඒ අයට කවුද උදව් කළේ. ඒ අයට උදව් කළේ ජර්මනිය. ජර්මනිය උදව් කරන වෙලාවෙත් මෙහේ ඉන්න කට්ටිය වගේ ජර්මනියට රට විකුණනවා කියපු අය එහෙත් හිටියා. අද ජර්මනියට ගියහම ජර්මන් තාක්ෂණයෙන් සීමන්ස් එකේ තාක්ෂණයෙන් තමයි සැම්සොන්ග් එක හැදුනේ. බෙන්ස් තාක්ෂණයෙන් හුන්ඩායි එක හැදුණා. මේ අනුව ජර්මනියේ තාක්ෂණ උපකාරයෙන් කොරියාව බලවත් රටක් උනා.

    ඉතින් කොරියාව අපට උදව් කරන්නෙත්, අපට දැනුම් දී තිබෙනවා රස්සාවලට යන ළමයි නිකං මෙහේ ඇවිත් ගෙවල් හදලා වියදම් කරන්න එපා. ඒ අයට කර්මාන්ත හදන්න උදව් කරන්න, අපිත් කැමතියි ආසියානු රටක් හැටියට ඔබට අතදෙන්න කියලා. මෙතන මොකුත් කුමන්ත‍්‍රණයක් නැහැ මිත‍්‍රවරුනි. අපේ ළමයි එහේ තිස් හතලිස් දාහක් එහි රැකියාව කරනවා නම් එහින් අම්මලා තාත්තලා මෙහේ ජීවත් වනවා නම් ඒ අය කැමතියි තවදුරටත් ඒ ළමයි සමග රටතුළ ව්‍යාපාර ඇතිකරලා ඉදිරියට යන්න. මොකද ඒ ගොල්ලන් වැටිලා සිටි වෙලාවේ ජර්මනිය උදව් කළා අපි වැටිලා ඉන්න වෙලා අපට උදව් කරන්න ඒ අය ඉදිරිපත් වෙලා ඉන්නවා යැයිද පැවසීය.

    PneJJuK.jpg