හොයාගන්න අමාරු පිරිත්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සූර්‍ය පිරිත
    ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන ඛෝ පන සමයේන සුරියෝ දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ සූරියෝ දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තයං වේලායං ඉමං ගාථාං අභාසි.
    නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
    සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති
    අථ ඛෝ භගවා සූරියං දේව පුත්තං ආරබ්භ
    රාහුං අසුරින්දං ගාථාහි අජ්ඣභාසි
    තථාගතං අරහන්තං – සූරියෝ සරණං ගතෝ
    රාහු සුරියං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.
    යෝ අන්ධකාරේ තමසී පභංකරෝ
    වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ
    මා රාහු ගිලි චරං අන්තලික්ඛේ
    පජං මම රාහු පමුඥ්ච සුරියන්ති.
    අථ ඛෝ රාහු අසුරින්දෝ සුරියං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.
    කින්නුසන්තරමානෝ ව – රාහු සුරියං පමුඤ්වසි.
    සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.
    සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ.
    බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය සුරියන්ති.

    මෝර පිරිත

    උදේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.

    ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

    යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
    තේ මේ නමෝ තේච මං පාලයන්තු
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
    ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.

    යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.

    අපේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

    ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.

    යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
    තේ මේ නමෝ තේච මං පාලයන්තු
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
    ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.

    යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.