මාලිමාව තමන්ගෙ වේදිකාවල කතා කරනවනෙ දේශපාලකයන් සොරකම් කල බිලියන ගානක් වත්කම් ගැන. පිටරට සඟවා තියෙන මේ මුදල් ගෙනාවොත් ලංකාවේ සියලුම ප්‍රශ්න ඉවරයි කියල තමයි මේ වෙනකොට මාලිමා පාක්ෂිකයන් හිතාගෙන ඉන්නෙ. අනුර කට උල් කරල පිටරට තියෙන වත්කම් නැවත ගේන හැටි කියද්දි උගත් නූගත් කවුරුත් ඒක කරන්නෙ කොහොමද කියල ප්‍රශ්න කරන්නෙ නෑ. ඇමරිකාවෙදි කෙනෙක් ඕක ප්‍රශ්න කරහම අනුරගෙ උත්තරය උනේ "බය වෙන්න එපා අපි ඒක කරනව" කියල.
සොරාගත් වත්කම් අයකර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ගවල සංකීර්ණත්වය ගැන මේ කාටවත් වැටහීමක් නෑ. මේක ජවිපෙ "රතු තරුව" යවල කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ සඳහා සහය දෙන්න පිහිටවපු ආයතනයක් තියෙනවා.
StAR නැත්නම් Stolen Asset Recovery Initiative කියන්නෙ සොරාගත් වත්කම් ආපසු අයකර ගැනීමට රටවල් වලට උපකාර කරන ලෝක බැංකු සමූහය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක්. දූෂණය හරහා ලබා ගත් සොරකම් කළ වත්කම් සෙවීමට, රාජසන්තක කිරීමට සහ ආපසු ලබා දීමට එය රටවලට සහාය වෙනවා. StAR ක්‍රියා කරන්නේ තාක්ෂණික සහාය සැපයීම, ධාරිතා ගොඩනැගීම සහ සොරකම් කළ අරමුදල් සොයා ගැනීමට සහ ආපසු අයකර ගැනීමට රටවල් අතර සහයෝගීතාවයට පහසුකම් සැලසීමෙන්. මූල්‍ය ගනුදෙනු විමර්ශනය කිරීමට සහ නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් හඳුනා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන, මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම එයට බොහෝ විට ඇතුළත් වෙනව.
නමුත් ප්‍රශ්නය තියෙන්නේ , මේ අය වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ මහන්සි වෙලා එලෙස නැවත අයකර ගැනීමට හැකි වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 1.9 ක් පමණයි. ඒකෙන් පේනව රටවල් වලින් හොරකම් කරල පිට රට සඟවා තියෙන වත්කම් සොයා ගැනීම හා නැවත අත්පත් කර ගැනීම කොයිතරම් දුෂ්කර ක්‍රියාවලියක් ද කියල.
මේ අය වඩාත්ම සාර්ථක වෙලා තියෙන්නේ පිලිපීනයේ දී. එහිද වසර 21ක කාලයක් පුරා මහන්සිවෙලා හොයාගෙන තියෙන්නේ ඩොලර් බිලියන එකක් පමණයි. ඒ සොයාගත් මුදල අපි ලංකාවේ ආර්ථිකය එක්ක ගලපලා බැලුවොත් වසර පහළොවක් පුරා StAR යටතේ අයකර ගන්නා ලද මුදලේ එකතුවෙන් ආවරණය වන්නේ ශ්‍රී ලංකාවේ මාස හතකට මඳක් වැඩි රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සඳහා පමණයි.
ඉතින් මොලයක් තියෙන මිනිහෙක්ට හිතෙන්න ඕනෙ හොරකම් කරපු සල්ලි ගෙනල්ල ලංකාවේ ප්‍රශ්න විසදීමට බලන් ඉන්නව කියන්නෙ තනිකරම බොරුවක් කියල. එහෙම දෙයක් වෙන්නෙ නෑ. අපි මේව ලියන්නෙ මිනිස්සු දැනුවත් කරන්න , රැවටෙන එක ඔබේ ප්‍රශ්නයක්. අපිට බූරුවො කිය කිය එන එන එකාට රැවටෙන මහා දේශපාලන නුවණැත්තො මේව අනුර කුමාරගෙන් ප්‍රශ්න කරල අහන්න.
