හොරකම හා නීතිය
අද මට ලොකු අකරතැබ්බයක් උනා. අද දවල් ගෙදර තිබ්බ මුදල් වගයක් හොරකම් කරලා තිබ්බ. සිද්ධිය වුනේ මහ දවල්. අම්මගේ මුදල් පසුම්බියේ තිබ්බ සල්ලි ටික ජනේලයෙන් අරගෙන ගිහිල්ලා.
මොනා කරන්නද. සිද්ධිය වුනාට පස්සේ කාටවත් බැනලා වැඩක් නෑනේ. කතා කරා 119 වලට. ඇමතුම කාර්යබහුල ලු. හදිසියකට ගන්න බැරි "හදිසි ඇමතුම්" අංකයෙන් වැඩක් තියෙනවද? පස්සේ අමාරුවෙන් ගත්තා ලයින් එක. එතන හිටියේ ගෑණු කෙනෙක්. එයා මට කියනවා හොරකම වෙච්ච වෙලාවෙ කියන්නේ නැතුව වැඩක් නැල්ලු. ඇයි දෙයියනේ හොරකම වෙන වෙලාවෙ දැනගත්තනම් පොලිසියට කතා කරනවද. අර හොරාගේ දෙක කඩල හොරකම් නවත්තනවනේ. පස්සේ ගියා පොලිසියට.
එතන පැමිණිල්ලත් ලියා ගත්තා. ඒත් දන්නවද පොලිසියෙන් මොකද කිව්වේ කියලා. එයාල කියනවා අමාරුවෙන් හොරෙක් අල්ලගත්තට වැඩක් නෑලු, උසාවියට දැම්මට පස්සේ මාස 2-3ක් හිරේ ගිහින් නිදහස් වෙනවලු. නඩුකාරයෝ ලිහිල් වැඩි ලු.
එයාල කිව්වා පසු ගිය දවසක් ලක්ෂ 40ක හොරකම් කරපු බඩුත් එක්ක හොරෙක් අල්ල ගත්තලු. එයා ඔන්න උසාවියෙන් දඩයක් ගහල නිදහස් කරලලු.
මට නම් අර නැතිවෙච්ච සල්ලි ගැන නම් බලාපොරොත්තුවක් නෑ. ඒත් මම මේ සිද්ධිය එක ලියන්න හිතුවේ අපෙ රටේ තියෙන නිතියේ හිල් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්නයි.
ඇත්තටම දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ තමන්ගෙ ගෙදරවත් මොකුත් පරිස්සම් කරගන්න බැරි රටක. නීතිය බල්ලට ගිය රටක. හොරකමක් උනාම අපිම හොරාව අල්ලලා පොලිසියට ගෙනියන්න ඔනේ රටක.