හොරණ නගින්න ____ )( ____

මගේ මංගල කතාවට උණුසුම් ප්‍රතිචාර දැක්වූ සැමට මගේ මෙව්වා එක. බොක්කෙන්නං බොක්කෙන් කියල last row ගැන්සියටම, ඔන්න හැරෙන තැපෑලෙන් (නෑ නෑ ලංකාවේ එක නෙමෙයි) දෙවනි ළමා කතාවත් කොටන්නයි යන්නේ. ඔන්න warning හොඳේ, කිචි පැකට් එකක් ලඟින්ම තියාගන්ඩෝ…….

මේ සීන් එකේ වීරයට අපි අමර කියමු (ඔව් ඔව් අර එක වසරේ සාමගේ මෙව්ව එක තමයි. අර සල්ගහේ මල් කැඩුවේ. බුවා තමයි). බුවා මට සෙට්උනේ මම A/L කරද්දී ගියපු පංතියකදී. මුන්නැහෙගේ චරිත සහතිකය කිව්වනම් කාටවත් කරදරයක් නැති (සිංහලෙන් කිව්වොත් “කාට” නමින් යමෙක් වේද, උට පමණක් කරදරයක් නැති) ආතල් ඩයල් එක. ඉන්නතැන පාළුවක් නැහැ. However, බුවා සීරියස් මූඩ් එකෙන් කියන දේවල් කියන්නේ ඇත්තටමද ආතල් එකටද කියන්න මම අද වෙනකන් දන්නේ නැහැ.

කව්රුත් දන්නවනේ A/L කරන්න ගත්තු ගමන් වටේම auntල ටික (සිංහලෙන් නැන්ද කියන්න ගිහින් තෝ වගේ හිපාටුවෙක්ට මගේ දුව දෙන්නේ නැහැකියල අහගන්න ඕනේ නැහැනේ) මේ සර් ගාවට ගියානම් ඔයා නිකන්ම පාස් වගේ මෝඩ චූන් දෙන විත්තිය. අපේ අම්මලත් ඕවට ඉතින් එක පයින්නේ. අනේ, පටන් ගත්තු දවසේ ඉඳලම physics වලට පටබැඳිගේ සර් ගාවට ගියපු මට මේ අහවල් පන්තියටත් යන්න උනා. ගියාට පාඩු නැහැ මටම කියාපු අලුගුත්තෙරුවෝ රොත්තක්ම සෙට්උනා. (සහෝදරවරුනි, අහවල් පන්තියේ අන්තිම පේලිය රන් කලේ අපි සෙට් එක බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.) අමරයත් ඔය සෙට් එකේම එකෙක්. හරි හරි පඳුර වටේ තැලුව ඇති. දැන් කතාවට බහිමුකො.

අහවල් පන්තියේ අතරමැද විනාඩි 20ක තිරිංගයක් (බ්‍රේක් එකක්) හම්බ වෙනවා. පන්තිය අතර පච කෙලීම, කෙල්ලන්ට කොලගුලි ගැසීම, සර්ට අවලන් චිට් ලිවීම වැනි භාරදූර වගකීම් වලින් හෙම්බත් වෙච්චි අපේ සෙට් එකට මේ තිරිංගය දෙය්යෝ දුන්න වගේ. ඉතින් තිරිංගයට අපි යනවා පාර අයිනේ තිබුන කඩයකට. එතනදී අපි යව්වනයේ දැවෙන ප්‍රශ්න වන පරිගණක, ජංගම දුක, ක්‍රීඩා, වන්ඩි තව මොනවද???? හප්පොච්චියේ ගෑනු ළමයි ගැන හරබර සාකච්චා…… හරි හරි ආයේ පඳුර වටේ යන්නේ නැහැ.

මේ කියන දවසේ අපි තිරිංගය ඉවරවෙලත් පැය බාගෙකට විතර පස්සේ පන්තියට ගාටන්න හිතාන කඩේ ඉඳන් පාරට බැස්සා. අමරේ ඉදිරිපෙළ, ඊළඟට ගුන්නා, followed by මමතුමා. අතිරේක භට පිරිස් මට පස්සේ. ඔන්න බොලේ හොරණ ප්‍රයිවෙට් එකයි කැස්බෑව ලංගමයි ඉස්මයන්න රේස් එකක්. අපි දැක්ක විතරයි කන්න පින තියනවනම් ඉබ්බා pizza delivery කියල හිතපු හොරණ බස් එක අපි ඉස්සරහම නැවැත්තුවේ නැතැයි. Overtake කරපු ලංගමේ ඇරියේ නැතැ පොලීසිය දැක්ක කසිප්පු කාරය වගේ. අපිට ෆුල් හොල්මන් මොකෑ රියතුමා නැවැත්තුවේ කියලා. රියතුමා අඥ්ඥකොරොස් මුන් මොකෑ නගින්නැත්තේ කියල. මඥ්ඥන් ලයින් එකෙන්ම අපිව ඉක්මන් කරන්න හිතාන රියතුමා කියාපි හොරණ හොරණ කියල (කොන්දතුමා පිටිපස්සේ මුදල් එකතුකරන සේක).

මෙන්න බොලේ දොර ගාවම හිටපු අමරයා අර සීරියස් මූඩ් එකෙන් කියනවා “හොරණද…… ඔහොම කෙලිම්ම ගිහිල්ල පොකුනුවිටින් වමට හැරිල යන්න.”



viking800x600.jpg



උපුටා ගැනීම : ලාස්ට් රෝව් ඩොට් නෙට් GETAKIMBULAA ගේ post
 
  • Like
Reactions: Fire Dragon