හොරශියෝ නෙල්සන්

duresh

Member
May 17, 2007
188
11
0
හොරශියෝ නෙල්සන්

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ප්‍රථම වංශාධිපති නෙල්සන් ලෙස අන්වර්ථ නාමය දිනා ඇති හොරශියෝ නෙල්සන් වර්ෂ 1758 සැප්තැම්බර් මස 29 වන දින උපත ලබන ලදී. නැපොලියානු යුද්ධයේදී මොහුගේ සේවය විශේෂයෙන් කැපී පෙනෙන ලදී. මොහුගේ යුධ අධිෂ්ටානය කෙතරම් ද කියතොත් යුධ පෙරමුණේ දී එක අතක් අහිමි වූ අතර එක ඇසක් ද අන්ධ විය. නමුත් මේ කිසිවකින් නොපසුබට වූ නෙල්සන් අවසානයේ ජයග්‍රහණ කරා යුද්ධය මෙහෙයවීමට සමත් විය. අවුරුදු 47 පමණ කෙටි කාලයක් ආයු වැළඳු මොහු 1805 ඔක්තෝම්බර් 21 වන දින මිය යන විටද යුධ පෙරමුණ මෙහෙයවමින් සිටියේය.
250px-HoratioNelson1.jpg

නවීන සමෘධිමත් පවුලක උපත ලද නෙල්සන් තම මාමා ( මවුරිස් සක්ලින්ග් ) ගේ අනුදැනුමෙන් නාවික හමුදාවට සම්බන්ධ වීමට හැකි විය. සාමාන්‍ය නාවික සෙබලෙකු ලෙස රැකියාවට බැඳුනු නෙල්සන් තම හැකියාවෙන් ඉහල තනතුරු වලට පහසුවෙන් ම ලඟා විය. 1778 වන විට නාවික හමුදාවේ ඉහලම තනතුරක් හෙබවූ නෙල්සන් නිර්බීත දෛර්ය සම්පන්න සෙබලෙක් ලෙස ප්‍රසිද්ද විය. ඇමෙරිකානු නිදහස් යුද්ධයේ ප්‍රබලතම සාමාජිකයෙකු වූ නෙල්සන්, යුද්දයෙන් පසුව දැඩිව රෝගාතුරු වූ බව කියවේ. යුධ පෙරමුණු කිහිපයකම තම නිසඟ දක්ෂතාව පෙන්වූ නෙල්සන් සුදු මහත්වරුන් ගේ වයිස් අද්මිරාල් තනතුර දක්වා උසස් කරන ලදී.
 

duresh

Member
May 17, 2007
188
11
0
Horatio Nelson, 1st Viscount Nelson

Thawa wisthara thiyenawa nam daanna machan la. me mama hoya gaththa tika. podi help ekak denna. hadissiyakata.