හොරා මාමේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ෂර්ලොක් හෝම්ස් හා ඩොක්ටර් වොට්සන් රහස් පරීක්ෂක කටයුත්තක් සඳහා කාන්තර
    ප්‍රදේශයට ගියෝය. මහ රෑ නින්දෙන් පිබිදුණු ෂර්ලොක් හෝම්ස් විසින් ඩොක්ටර්
    වොට්සන් අවදි කරනු ලැබීය.

    ෂර්ලොක් - ඩොක්ටර් වොට්සන් නැඟිටලා බලනවා අහසේ මොනවද පේන්නේ කියලා


    වොට්සන් - ආ හොඳට තරු පායලා නේ


    ෂර්ලොක් - ඉතිං මොකක්ද ඒකෙන් ලැබෙන නිගමනය?


    වොට්සන් - ඉහළ අහසේ වලාකුළු රහිතයි. වැලි කුණාටුවක් වැනි අනතුරකට ඉඩක්

    නෑ.

    ෂර්ලොක් - තව මොනවද පේන්නේ?



    වොට්සන් - අපි හරියටම ඉන්නේ දඩයක්කාරයාගේ තරුව යට. ඒ කියන්නේ උතුරු

    අක්ෂාංශ 12 සිට නැඟෙනහිරට...

    ෂර්ලොක් - නෑ... තාරකා විද්‍යාව නෙවෙයි මම අහන්නේ වෙන මොනවද පේන්නේ?


    වොට්සන් - තාරකා ආලෝකය ප්‍රබලයි. ළඟදී හඳ පායන එකක් නෑ...


    ෂර්ලොක් - නෑ මනුස්සයෝ. වෙන මොනවද පේන්නේ?


    වොට්සන් - ආ... වායුගෝලය හා ජල වාෂ්ප අතින් ගත්තම...


    ෂර්ලොක් - නෑ... නෑ... ඔය විකාර නෙවෙයි වෙන මොනවද පේන්නේ...


    වොට්සන් - ඒ කියන්නේ සූර්ය ග්‍රහණයක් වගේ එකක් ගැනද?


    ෂර්ලොක් - නෑ... මනුස්සයෝ කූඩාරම හොරු ගලවගෙන ගිහිං... ඒකනේ අහසේ තරු

    පේන්නේ.

    meka nam patta
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,082
    754
    113
    Paris
    ජීවිතයේ නරකම දවස...

    බාර් එකක සිටින පුද්ගලයෙක් තමාගේ බීම වීදුරුව දෙස ඔහේ බලාගෙන සිටී. පැය භාගයක් ගතව ඇතත් ඔහු තවමත් බීම පානය නොකර ඒ දෙස බලා සිටී.

    කලබල ඇතිකරන, හැඩිදැඩි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් බාර් එකට ඇතුල් වන්නේ මේ අවස්ථාවේදීය. බීම වීදුරුව දෙස බලා සිටින පුද්ගලයා අසලට පැමිණි ඔහු, කිසිම වග විභාගයකින් තොරව එම වීදුරුව රැගෙන බීගෙන බීගෙන ගියේය.


    අසරණ පුද්ගලයා හඬන්නට පටන් ගත්තේය. ට්‍රක් ඩ්‍රයිවර් ඔහු සනසමින් "කමෝන් මෑන් ! මම නිකං විහිළුවක් කළේ. අඬන්න එපා, මම තව ඩ්‍රින්ක් එකක් ඔයාට අරන් දෙන්නම්. කව්රු හරි අඬනවා බලන් ඉන්න මට බැහැ" යැයි කියා සිටියේය.


    "නැහැ, ඒකමත් නෙවෙයි" අසරණ පුද්ගලයා පවසා සිටියේය. "අද දවස මගේ ජීවිතයේ නරක ම දවසයි. ඉස්සෙල්ලා ම, මට නින්ද ගිය නිසා වැඩට යන්න පරක්කු වුණා. ඒ ගැන කුපිත වුන මගේ බොස් මාව රස්සාවෙන් අයින් කළා....මම කාර්යාලයෙන් පිටව මගේ කාර් එකට යද්දී ඒක හොරකම් කරලා. "තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ"යි කියල පොලිසිය කිව්වා. මම ටැක්සියක් අරගෙන ගෙදර ගියා. මගේ පර්ස් එකයි ක්‍රෙඩිට් කාඩ්ස් ටිකයි ටැක්සියේ බව මට මතක් වෙනකොට ටැක්සිය ගිහිං.”

    "මම ගෙදරට ඇතුල් වෙද්දී, මගේ බිරිඳ උයන්පල්ලාත් එක්ක එක ඇදේ. මම ගෙදරින් පිටවෙලා මේ බාර් එකට ආවා. එහෙම ඇවිත්, මගේ ජීවිතය ඉවර කර ගන්න හිත හිතා ඉන්නකොට ම, ඔයා ඇවිත් මගේ වහ ටික බිව්වා."
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,082
    754
    113
    Paris
    වඩේ කෑම...

    ඔන්න යලුවනෙ එකමත් එක රටක හිටිය බොනපර්ට් කෙනෙක්....

    මිනිහ දවසක් හොදටම බීල මගදි කන්න වඩෙ එකකුත් අරගෙන යනව....


    ඔහොම යනකොට සරම පොඩ්ඩක් හදා ගන්න ගිහින් අතෙ තිබ්බ වඩෙ එක බිම වෙටෙනව....


    සරම හදා ගත්ත මිනිහ කලුවරෙම බිම වෙටුන වඩෙ එක හොයන්ව....


    මිනිහට අහු වෙන්නෙ පරෙ හිටිය ගෙම්ම්බෙක්....


    මිනිහ දෑන් ගෙම්බව වඩෙ එක කියල කටෙ දා ගන්න හඩන්නෙ...


    එතකොටම ගෙම්බ බය වෙල " බක!! බක!! " ගෑව...මිනිහ කියපි " බැ බැ කියල හරි යන්නෙ නෑ බොල...රුපියල් 10ක් දීල ගත්තෙ කන්නනෙ...." කියල කටෙ ඩ ගත්තලු....