හොරුන්ට වැඩේ දෙමු.... කෙලවෙලාම යන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    හොරුන්ට වැඩේ දෙමු.... කෙලවෙලාම යන්න

    ප්‍රමිතියට පිළිවිතරයන්ට අනුකූල නොවන භාණ්ඩ හා සේවා පිලිබඳ පැමිණිලි

    මෙම සේවාව සපයනු ලබන්නේ භාණ්ඩ පාරිභෝගිකයන් ආරක්ෂා කිරිම හා ඔවුන් වෙත සපයනු ලබන භාණ්ඩ හා සේවාවන්හි උසස් තත්ත්වයන් යුක්ත බවට වගබලා ගැනීම සඳහාය.
    එවැනි භාණ්ඩ හා සේවාවන්ට අදාල නිෂ්පාදනය, නිර්මාණය, සැපයීම, ගබඩා කිරිම, ප්‍රවාහනය හා විකිණීම සඳහා අදාල ප්‍රමිති හා පිළිවිතරයන් විටින් විට ගැසට් පත්‍රයන්හි ප්‍රකාශයට කරනු ලබන දැන්වීම් වලට නිශ්විත ලෙස දක්වා ඇත.(කරුණාකර බී පරිශිෂ්ඨයෙහි දක්වා ඇති 2003 අගෝස්තු 25 වැනි සඳුදා දිනැති අංක 1303/1 ගැසට් පත්‍රය බලන්න.)
    භාණ්ඩ හෝ සේවාව ලබා ගෙන මාස 3 ක් ඇතුලතදී මෙම සේවාව ලබා ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.


    සුදුසුකම්

    මෙම සේවාව පැමිණිලි කරන්නෙකුට සුදුසුකම වනුයේ පාරිභෝගියකු වීමය.
    පැමිණිල්ල ඉදිරිපත් කල යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුලතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුලතදීය.
    ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය

    පැමිණිල්ලෙහි දැක්විය යුත්තේ කවරකුගේ අත්සනද?
    පැමිණිලි ලිපියෙන් පීඩාවට ලක්වූ පාර්ශවයෙහි (පැමිණිලි කරන්නාගේ ) අත්සන තැබිය යුතුය.

    පැමිණිල්ල ඉදිරිපත් කල යුත්තේ කවර ස්ථානයටද?
    පැමිණිලි කරන්නා පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් හෝ සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

    පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කා වෙතද?

    පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පැමිණිලි කරන්නා විසින් සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

    ඉල්ලුම් පත්‍ර
    මෙම ක්‍රියාදාමය සඳහා විශේෂ ඉල්ලුම් පත්‍ර කිසිවත් නැත. පීඩාවට ලක් වූ පාර්ශවය (පැමිණිලි කරන්නා ) සිය පැමිණිල්ල ලිපි මගින් ඉදිරිපත් කල වුවද ඒවා පිළිගැනේ.

    පියවරෙන් පියවර ක්‍රියාපරිපාටිය

    පියවර 1 : පීඩාවට පත් පාර්ශවය (පැමිණිලි කරන්නා) ලිඛිත පැමිණිල්ලක් හා අදාල සනාථ කිරීමේ ලියවිල්ල සිද්ධියෙන් මාස තුනක් තුලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරයි.
    පියවර 2 : අධිකාරිය පැමිණිල්ල ලියාපදිංවි කර එය පරික්ෂාවට ලක් කරයි.
    පියවර 3 : නිමැයුම්කරු/ වෙළෙන්දා නිරික්ෂණය කිරිම සඳහා කැඳවයි.
    පියවර 4 : නිමැයුම්කරු/ වෙළෙන්දා යෝජිත සමථයකට පත් කිරිමේ කරුණු වලට එකඟ වෙයි.

    සටහන 1

    නිමැයුම්කරු/ වෙළෙන්දා සමථයකට පත් කිරිමේ කරුණු වලට එකඟ නොවන්නේ නම්,
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය විසින් නිමැයුම්කරු/වෙළෙන්දා පරීක්ෂණයක් සඳහා කැඳවයි.
    වන්දි ගෙවීමට, භාණ්ඩ වෙනුවට වෙනත් භාණ්ඩයක් දීමට හෝ මුදල ආපසු ගෙවන ලෙසට වග උත්තරකරු වෙත නියෝග නිකුත් කෙරේ.
    නිමැයුම්කරු/වෙළෙන්දා කවදුරටත් එකඟ නොවන්නේ නම්
    අදාල මහේස්ත්‍රාත් අධිකාරණයෙහි වගඋත්තරකරුට එරෙහිව නඩු පැවරේ.
    සටහන 2
    පැමිණිල්ල නියමිත කාල සීමාව තුලදී ඉදිරිපත් කර නොමැති නම්,

    වගඋත්තරකරුවන්ගෙන් නිරික්ෂණ/ සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
    කරුණු සමථයට පත් කිරිම සඳහා වගඋත්තරකරු එකඟ වන්නේ නම් ,

    පාර්ශව දෙකට කරූණු සාකච්ඡා කර එකඟත්වයකට එළැඹීම සඳහා කැඳවේ.
    පාර්ශව දෙකම කාරුණු සමථයකට පත් කිරිමට එකඟ නොවන්නේ නම්,

    අදාල මහේස්ත්‍රාත් අධිකරණයෙහි වගඋත්තරකරුට එරෙහිව නඩු පැවරේ.



    කාල නියමය

    ක්‍රියාදාමය කාල නියමය
    පැමිණිල්ලෙහි ස්වභාවය අනුව ක්‍රියාදාම කාලය වෙනස් වේ.

    ඉදිරිපත් කිරිමේ කාල නියමය

    වැඩ කරන දින :
    සඳුදා සිට සිකුරාදා (බදාදා හැර)
    කවුන්ටරය විවෘත වේලාවන් : පෙ.ව.8.45 සිට ප.ව. 4.45
    නිවාඩු දින : රජයේ හා වෙළඳ නිවාඩු දින
    වලංගු කාල නියමය

    නිෂ්පාදන : නිෂ්පාදන මිලට ගත් දින සිට මාස 3 ක් තුලදී
    සේවා : සේවා ලබාගත් දින සිට මසක් තුලදී
    සේවයට අදාල මිළ ගණන්
    සම්පූර්ණ වියදම අධිකාරිය විසින් දරනු ලැබේ.

    ගාස්තු
    පැමිණිලි කරන්නාගෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.


    දඩ මුදල්
    දඩ මුදල් කිසිත් නැත.


    අධිභාර
    මෙම සේවය ලබා ගැනීමේදී අමතර ගාස්තු කිසිවක් ගෙවිය යුතු නොවේ.


    අවශ්‍ය අමතර ලියවිලි

    මිලදී ගත් භාණ්ඩ වලට අදාල කුවිතාන්සි
    දෝෂ සහිත නිෂ්පාදනයන්හි සාම්පල්
    වගකීම් සහතික
    විෂයයට අදාල වෙනත් කවර හෝ සාක්ෂි ද ඉදිරිපත් කල හැක.



    සේවා වගකීම/ නියමයන්


    අධ්‍යක්ෂ සී.එන්.තිලකරත්න මිය 1 වෙනි මහල 1 වෙනි මහල 0094-11-2393495/ 0094-11-2445897/ 0094-11-2343577 0094-11-2399148 [email protected]
    විමර්ශන නිලධාරී ඊ.එල්.ගුනරත්න මයා 1 වෙනි මහල 1 වෙනි මහල 0094-11-2393495/ 0094-11-2393577/ 0094-11-2445897 0094-11-2399148
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මරුසිරා;20306338 said:
    අනේමන්ද නීතිනම් කෝටියයි .එත් ක්‍රියාත්මක නොවෙන එකයි ප්‍රශ්නේ:angry::dull:

    මේකේ තියෙන වාසිය තමා පාඩුව කොච්චර උනත් උනුත් කැමති නෑ නද්ය් ගිහින් චා වෙන්න
    උන්ගේ නම නේ සවුත්තු වෙන්නේ ...
    e නිසා අපි ඉල්ලන දෙයක් දෙනවා ගොඩක් වෙලාවට ,,:lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    මේකේ තියෙන වාසිය තමා පාඩුව කොච්චර උනත් උනුත් කැමති නෑ නද්ය් ගිහින් චා වෙන්න
    උන්ගේ නම නේ සවුත්තු වෙන්නේ ...
    e නිසා අපි ඉල්ලන දෙයක් දෙනවා ගොඩක් වෙලාවට ,,:lol:

    දෙයි මේන් කියල. ඇරලා දාවි වැරැද්ද ඔයාගේ පිටටම එන්න.
    එහෙම කරනවානම් තනියම කරන්න එපා. ඒකම වෙච්ච් දහ පහළොස් දෙනෙක් එක්ක එකතු වෙලා කරන්න. නැතුව අමාරුයි.

    ප.ලි. කෝ කට්ටිය බර ගානක් එකතු වෙලත් slt එකට දාපු කේස් වලට මොකද උනේ. මම නම් කරන්නේ උන්ගේ fb පේජ් එකක් තියෙනවනම් එකේ දානවා වැඩේ නිකම්ම කෙරිලා.
     
    Last edited: