හොරු අල්ලන නිව්ස්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හොරු අල්ලන නිව්ස්

    මාස 18ට දේශපාලඥයින් නිලධාරීන් හා ආයතන 209ක ගුවන් ගමන්

    පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා රාජකාරි හෝ පෞද්ගලික ගමන් සඳහා දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් හා ආයතන 209 ක් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා හා හෙලිකොප්ටර් යොදාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මින් මුදල් ගෙවීමකින් තොරව පුද්ගලයන් 40 දෙනෙකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හා ගුවන් යානා භාවිත කර ඇතැයිද විජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරේ සඳහන් වේ.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් උදය ගම්මන්පිල මහතා යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙම කරුණු දැනුම් දුන්නේය. එම කාලය තුළදී මුදල් ගෙවා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ලබාගත් පුද්ගලයන් සහ ආයතන 169 ක් සිටින බවත්, ඔවුන් විසින් ගුවන් ගමන් වාර 352 ක් සඳහා රුපියල් 201,446,540 ක මුදලක් රජයට ගෙවා තිබෙන බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

    රාජකාරි ගමන් සඳහා මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හා ගුවන් යානා ලබාගත් දේශපාලඥයන් හා රජයේ නිලධාරීන් අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ෆයිසර් මුස්තාපා, අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය හරින් ප්‍රනාන්දු, අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය සරත් ෆොන්සේකා, පොලිස්පති පූජිත ජයසුන්දර, අගවිනිසුරුවරයා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝද සිටිති.

    මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය ගුවන් වාර 35ක්ද, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගුවන් වාර 13ක්ද, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වාර 16ක්ද, ශ්‍රී ලංකා මහ බැංකුව ගුවන් වාර 07ක්ද, සෞඛ්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශවල ලේකම්වරුන් ගුවන් වාර 04 බැගින්ද, මහින්ද රාජපක්ෂ මහතා වාර 11 ක් සඳහාද මුදල් ගෙවා ගුවන් යානා ලබාගෙන තිබේ.
    මෙහිදී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රුපියල් 18,123, 142.56ක්ද, රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයා විසින් රුපියල් 6,130,108.24ක්ද, මහින්ද රාජපක්ෂ මහතා විසින් රුපියල් 5,253,283.48 ක්ද රජයට මුදල් ගෙවා තිබේ.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    14238244_1817752615127285_8055664634777333087_n.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක්

    මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය උල්ලංඝනය කර අදාළ මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපන් Taisei Corporation සමාගමට ලබා දී ඇත.

    මංතීරු හතරකින් සමන්විත කිලෝමීටර් 32.5 ක් දුරැති තුන්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේය.

    මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමකට පිරිනැමීමත් අරමුදල් මූලාශ්‍රය සඳහා ජපන් බැංකුවක් තෝරා ගැනීමත් ජපන් තානාපති කාර්යාලය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අතර සිදුව ඇති රහස් ලිපි හුවමාරුවක් මඟින් මෙරට ප්‍රභූ පුද්ගලයකු බරපතළ මූල්‍ය අපරාධයක් සැලසුම් කර ඇති බව පෙනී යන්නේ යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.

    2015 වසරේ දෙසැම්බර් මස අට වන දා කැබිනට් අනුමැතිය හිමි වූයේ කිලෝමීටර් 6.5 බැගින් මාර්ගයේ ඉදිකිරීම් කොටස් කර දේශීය කොන්ත්‍රාත්කරුවන් පස් දෙනකුට අදාළ ඉදිකිරීම් පවරා දීමටය. ඒ සඳහා තෝරා ගන්නා කොන්ත්‍රාත්කරුවන්ට මහා භාණ්ඩාගාරය මැදිහත් වී දේශීය හෝ විදේශීය බැංකුවලින් මූල්‍ය පහසුකම් සලසා දීමට ද තීරණය කර තිබිණි. අමාත්‍ය මණ්ඩල තීරණය වෙනස් කරමින් ජපන් Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කර තිබෙන්නේ කිලෝමීටර් 32.5 ක සමස්ත දුර ප්‍රමාණයම ඉදිකිරීම් කටයුතු ආවරණය කිරීම සඳහායි.

    මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා Taisei සමාගම නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයයි. එම සමාගමට අමතරව ජපන් තානාපති කාර්යාලය විසින් Penta – Ocean Construction, Wakachiku Construction යන සමාගම් දෙක ද නම් කර තිබිණි. ජපන් තානාපති කාර්යාලය අදාළ සමාගම් නම් කිරීමට හේතු වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර්. සූරියආරච්චි ජපන් තානාපති කාර්යාලයට යොමු කරන ලද විශේෂ ලිපියකි.

    එකී රහස්‍ය ලිපියට අනුව ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේ දී ජපන් සමාගම් තුනෙන් සමාගම් දෙකක් මිල ගණන් ඉදිරිපත් නොකරන බව පවසා ඉවත් වී ඇත.

    එම ඉවත් වීමත් සමඟ Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන්නේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගෙන නොවේ. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය විස්සක්ව තිබිය දී ජපන් සමාගමට ටෙන්ඩරය පිරිනමන්නේ රුපියල් බිලියන 159.2 කටය. එය ඉංජිනේරුමය ඇස්තමේන්තුවට වඩා 30% ක වැඩි වීමකි.

    ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අනිවාර්ය කෙරී ඇති ලන්සු බැඳුම්කරය ඉදිරිපත් කිරීමට ද ජපන් Taisei සමාගම සමත්ව නැත. ජපන් Taisei සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් මූලාශ්‍රය ලෙස තෝරාගෙන තිබෙන්නේ ජපානයේ Mitsubishi බැංකුවයි. එම බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණණුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමට ලබා දී ඇත්දැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සමාගම ‘ලන්සු බැඳුම්කරය’ තැන්පත් නොකිරීම හේතුවෙන් ගැටලුවක් පැනනැගී ඇති බවයි.

    අදාළ ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් සභානායක මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු කියා සිටියේ අදාළ ටෙන්ඩරය ජපානයේ Taisei සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා රජය කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවයි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගනුදෙනුව සම්බන්ධව මැදිහත්ව ඇති බවයි.


    http://www.colombotoday.com/23356-2233/