හොරු ටික විශේෂ අධිකරනයකින් කූඩුවට යවනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හොරු ටික විශේෂ අධිකරනයකින් කූඩුවට යවනවා

රාජපක්ෂලාව කූඩු කරන විශේෂ අධිකරණයක් දායි ?
November 9, 2016 Don Tokka 0 Comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් සහ එවකට සිටි මැති ඇමතිවරුන් සිදුකර ඇති මහා පරිමාණ වංචා පිලිබද විභාගයට විශේෂ අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර තිබෙනවා. ජනාධිිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවිල් සංවිධාන සිදුකළ බලපෑම්වල ප්‍රතිපලයක් ලෙස මෙම අධිකරණය පිහිටුවීමට නියමිතයි.

පසුගිය කාලය පුරා හිටපු පරිපාලනයන් සිදුකළ අක්‍රමිකතා පිලිබද අධිකරණයට කරුණු දැක්වුවද විභාග කිරීම් කඩිනමින් සිදු නොවන බවයි ඇතමුන්ගේ මතය වී ඇත්තේ. අධිකරණය රාජපක්ෂකරණය වී තිබීමේ ප්‍රතිපලයක් ලෙස එය සිදුවන බවයි පැවසෙන්නේ.

වර්ථමානය වන විටත් අධිකරණය සියයට සියයක් ස්වාධීන නොමැති බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවසනවා. ඊට හේතුව වී ඇත්තේ අධිකරණයට පූර්ණ නිදහස ලබාදුන්නද රාජපක්ෂ පිල්ලි තවමත් ක්‍රියාත්මක වීම බවයි පැවසෙන්නේ. අගමැතිවරයා කියා සිටියේ ඇතැම් කරුණු පිලිබද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද නොහැකි බවයි.

මෙම තත්වය සැලකිල්ලට ගෙන රාජපක්ෂවරුන් සහ හිටපු මැති ඇමතිවරුන් පිලිබද මහා පරිමාන වංචා විමර්ශන විශේෂ අධිකරණයක් මගින් සිදුකිරීමටයි තීරණය වී ඇත්තේ. මෙම අධිකරණයට සිදුකරන පත්කිරීම් නීත්‍යාණුකූලව සිදුකිරීම සදහා අවශ්‍ය පියවර මේ වන විටත් ජනාධිපතිවරයා ගෙන ඇතැයි සදහන්. ලබන වසර මුලදී මෙය පිහිටවීමට නියමිත බවත් වාර්තා වනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
14563379_1127422207344438_5918430278698820254_n.jpg