හොරු දෙන්නා

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ඉතා ධනවත් මහලු පුද්ගලයෙක් රෝගාතුර වී ඇඳට වැටුණේය. ඔහු තවත් ජීවත් වන්නේ පැය කිහිපයක් බැව් වෛද්‍යවරුන් ගේ නිගමනය විය. හෙතෙම වහාම තම පෞද්ගලික වෛද්‍යවරයා සහ නීතිඥවරයා කාමරයට කැඳවා ගත්තේය.
    මහලු පුද්ගලයා ගේ කීම මත වෛද්‍යවරයා සහ නීතිඥවරයා ඔහු මැදි කොට ඇඳේ දෙපස වාඩි වූහ.
    නීතිඥයා - ඇයි මට එන්න කිව්වේ?
    මහලු පුද්ගලයා - ඔහොම ටිකක් මගේ පැත්තකින් වාඩිවෙලා ඉන්නකෝ.
    වෛද්‍යවරයා - එතකොට මට එන්න කිව්වේ ඇයි?
    මහලු පුද්ගලයා - ඔයත් ඔහොම මගේ පැත්තකින් වාඩි වෙලා ඉන්නකෝ.
    මෙසේ පැයක් පමණ කාලය ගතවිය. මහලු පුද්ගලයාගේ මුහුණ, අත, පය සුදුමැලි වෙමින් ඔහු මිය යෑමට ආසන්න බව පෙන්නුම් කෙළේය.
    වෛද්‍යවරයා සහ නීතිඥයා යළිත් කලබල වී මහලු පුද්ගලයාට කතා කළහ.
    ”ඇයි අපිට එන්න කිව්වේ..? ඉක්මනට කාරණය කියන්න” යැයි ඔවුහු කීවෝය.
    මහලු පුද්ගලයා - මටත් ඕනේ ජේසුතුමා වගේම ස්වර්ගයට යන්න.
    නීතිඥයා සහ වෛද්‍යවරයා - ඉතිං අපි මොනවද කරන්න ඕනේ?
    මහලු පුද්ගලයා - ඔය දෙන්නා ඔහොමම දෙපැත්තේ වාඩිවෙලා ඉන්න. මොකද ජේසුතුමා මැරෙන වෙලාවේත් දෙපැත්තෙන් හිටියේ හොරු දෙන්නෙක් නේ.