හොරෙක් මිනීමරුවෙක් මානසික රෝගියෙක් රටේ න

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    හොරෙක් මිනීමරුවෙක් මානසික රෝගියෙක් රටේ න

    හොරෙක් මිනීමරුවෙක් මානසික රෝගියෙක් රටේ නායකයා කරමු!

    “තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවුනදේ නව ව්‍යවස්ථාව මඟින් ලබාදෙන්න දරණ උත්සාහය පරාජය කළ යුතුය. අපි “එළිය” සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් මස 06 වෙනිදා බොරලැස්ගමුවේ දී පැවසීය”

    ඉහතින් දැක්වෙන්නේ 2016 සැප්තැම්බර් 08 දින “ලංකාදීප” පුවත්පතේ පලවූ වාර්තාවකින් කොටසකි.

    ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය පිලිබඳව පලමු වරට ඉඟියක් ලැබෙන්නේ “එළිය” නැමැති සංවිධානය හෙවත් ලංකා ඊ නිව්ස් විසින් හඳුන්වන පරිදි ‘බඩ එළිය‘ නමැති සංවිධානය මගින් පවත්වන ලද ඉහත සඳහන් රැස්වීමේදීය.

    රාජපක්ෂ වහලුන් හා රාජපක්ෂවරුන්ගෙන් බඩගෝස්තරය සපුරා ගන්නා ඇතැම් හාමුදුරුවන්ද “බඩ එළිය” ව්‍යාපෘතිය මගින් ගෝඨාභය ජාතික දේශපාලන තලයේ සුදු චරිතයක් බවට පත් කිරීමට අපමණ වෙහෙසක් දරති. මෙම ව්‍යාපාරයේ භික්ෂූන්ගේ මූලිකයා ලෙස කටයුතු කරන්නේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ අධිපති මැදගොඩ අභය තිස්ස නමැති චෝරවාදී කාස මුණ්ඩකයා යි. නර්ස් සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, විමල් වීරවංශගේ ගෝලයකු වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, බෙංගමුවේ නාලක, නියංගොඩ විජිතසිරි යන චෝරවාදී කාස මුණ්ඩකයන් පිරිසක් ද අත්වැල් සපයමින් පෙරමුණ ගෙන සිටිති.

    මෙම චෝරවාදී කාස මුණ්ඩකයන් ගෝඨාභය කරලියට ගෙන ඒමට මේතරම් වලිකන්නේ ඇයිදැයි සොයාබැලිය යුතු වැදගත් කරුණකි.

    අභය තිස්ස චෝරවාදියා ගෝඨාභයගේ ආශිර්වාදයෙන් බොරලැස්ගමුවේ කඩ කාමර 30 කින් යුතු සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. මෙම ගොඩනැගිල්ල යුධ හමුදාවේ සම්පත් භාවිතා කොට ඉදි කළ බව නොකියන්නේ ඔහු පමණි. මීට අමතරව පැපිලියානේ තවත් ගොඩනැගිලි රාශියක් ගෝඨාභයගේ උදව් උපකාර ඇතිව රජයේ මුදල් වැයකර ඉදිකර ඇත. මෙම උදව් උපකාරවලට ණය ගෙවීමට අභය තිස්ස චෝරවාදී කාස මුණ්ඩකයා අද බෞද්ධාගමට මුවා වී ගෝඨාභය ප්‍රවර්ධනය කිරීමේ කාරියේ නියැලී සිටී.

    නර්ස් සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද කාස මුණ්ඩකයා ද දිගු කාලීන රාජපක්ෂලාගේ වහලෙකු වූ බැවින් ද, නාරාහේන්පිට තිඹිරිගස්යාය පාර පුළුල් කිරිමේදී අභයාරාමයේ අත්පත්කර ගනු ලැබූ ඉඩම් සඳහා විශාල වන්දි ප්‍රමාණයක් අයථා ලෙස ලබාගෙන ඇති බැවින් ද, රාජපක්ෂලාට පක්ෂිම භාගය දීමට සිදුවී ඇත. අභයාරාමයේ නියම අධිපතිකම හිමි භික්ෂූන් වහන්සේ මු ආනන්ද පිස්සූන් වහන්සේට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයකට ද එලැඹ ඇත.

    “බඩ එළිය” ව්‍යාපාරයේ තවත් ප්‍රධාන චරිතයක් රඟපාන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කාස මුණ්ඩකයා ද රාජපක්ෂ පාලන සමයේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය ඇතිව රජයේ වාහන 4 ක් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති චෝරවාදියෙකි. මෙම කාස මුණ්ඩකයන් සියලු දෙනාම උත්සාහ දරන්නේ බුදු දහම පලිහක් කරගෙන සිංහල බෞද්ධයන්ගේ ඡන්දය නැවතත් රාජපක්ෂ ගොබිලන්ට ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටය. මේ තක්කඩියන් ගෝඨාභය ජාතික දේශපාලනයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්කිරීමේ මූලික අභිලාශය දූෂිත රාජපක්ෂලා නැවතත් බලයට පත් කිරීම මගින් තම තමන්ගේ බඩ ගෝස්තර වුවමනාවන් ඉටු කර ගැනීමයි.

    න්‍යායාචාර්ය හොරු
    “බඩ එළිය” ව්‍යාපාරයේ ගිහි නායකත්වය නාලක ගොඩහේවා , දයාන් ජයතිලක , චරිත හේරත් , ගෙවිඳු කුමාරතුංග , මනෝහරද සිල්වා ආදී දේශපාලන චින්තකයන් වීමට මහත් වෙහෙසක් ගන්නා අඳ බාලයන් කිහිප දෙනෙක් බාර ගෙන ඇත. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරියක් යැයි කියාගන්නා අරඹේවෙල නැමැත්තියක් ද අමුතු රංගනයක යෙදෙන්නීය. “බඩ එළිය” සංවිධානයේ ගිහි න්‍යාය ආචාර්යවරුන්වන නාලක ගොඩහේවා රජයේ මුදල් ලක්ෂ 50 ක් නාමල් රාජපක්ෂගේ නිල් බලකායට ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට දැනට ඇප පිට සිටින දූෂිතයෙකි. ක්‍රිස් සමාගමෙන් මිලියන 70 ක කොමිස් මුදල් ලබාගෙන රාජපක්ෂලාගේ රග්බි සමාජයකට දීම සම්බන්ධයෙන්ද නාලක ගොඩහේවාට නඩු දමා ඇත.

    අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා ද “බඩ එළියේ” ප්‍රබල සාමාජිකයෙකි. මොහුද රාජපක්ෂ සමයේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය, හෙජින් ගනුදෙනුව හා හම්බන්තොට පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා තරඟ සංවිධානය කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධව රුපියල් බිලියන ගණනක දූෂණවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී පරීක්ෂණ සිදුකරමින් සිටින දූෂිතයෙකි.

    මෙම නීල කාස දූෂිතයනට රාජපක්ෂලා බලයට ගෙන ඒමෙන් තොරව ඉදිරිපත්වී ඇති චෝදනාවලින් නිදහස් වීමට කිසිදු හැකියාවක් නැත. මෙම ඊනියා දේශපාලන න්‍යාචාර්‍යවරුන් මීට පෙර “විපත් මඟ” නමින් සංවිධානයක් අටවාගෙන සම්මන්ත්‍රණ මාලාවක් ප්‍රදේශ කිහිපයක් පවත්වනු ලැබීය. තමන්ගේ හිතවතුන් ටික දෙනා හැර මහජනතාවගේ සහභාගීත්වයක් එම සම්මන්ත්‍රණවලට නොලැබීම නිසා එම “විපත් මඟ” ට උරුම ස්වාභාවික මරණයට ලක්ව වාෂ්ප වී ගියේ ය. මෙම ව්‍යාපාර දෙකෙන්ම ගෝඨාභයගේ ප්‍රතිරූපය ප්‍රවර්ධන කිරීම මෙම සුළුතර දූෂිත කල්ලියේ අරමුණ වුවද රටේ ඉන්නේ ඔවුන් සිතාගෙන සිටිනවාට වඩා බුද්ධිමත් ජනතාවක් නිසා මේ වන විට එය කිසිදු ලෙසකින් සාර්ථක වී නැත. දැනට සිදුව ඇත්තේ ඔවුන් විසින් සොරකම් කරන මුදලින් කොටසක් අනිවාරතේ වියදම් වීම පමණි.

    සරල ප්‍රශ්න කිහිපයක්.
    ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ කල්ලියේ සමහර මන්ත්‍රීවරුන් විටින් විට මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණි. මෙම අදහස සමාජගත කිරීමට අදහස් කරන මහත්වරුන්ට හා චෝරවාදීන්ට ඉතා සරල ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමු.

    * නව ව්‍යවස්ථාව සම්මත නොවී 2020 ජනාධිපතිවරණයක් පවත්වන බවට ඇති විශ්වාසය කුමක්ද ?
    * එසේ වන්නේ යයි උප කල්පනය කළද ඇමරිකානු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ හැකිද?
    * ඔහුට ඇති දේශපාලන පලපුරුද්ද හා අත්දැකීම් මොනවාද?
    * ගෝඨාභය හැර ශ්‍රී.ල.නි.ප. ජනාධිපති අපේක්ෂක ධූරයට ඉදිරිපත් කළ හැකි වෙනත් දේශපාලන නායකයකු ශ්‍රී.ල.නි.ප. හෝ ඒකාබද්ධ විපක්ෂයෙන් සොයාගත නොහැකි තරම් එය දුප්පත්ද?
    * ගෝඨාභය මිනීමැරුම් ඇතුලු අපරාධ රාශියකට හා රජයේ මුදල් අවභාවිතය කිරීම පිලිබඳ චෝදනා ලැබ එම විමර්ශන වල අවසානයේ සිටින නඩු දැමීමට ආසන්න පුද්ගලයෙක් බව නොදන්නවා ද?

    මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන බවට කිසිදු ඉඟියක් මේ දක්වා ඔහුගෙන් ප්‍රසිද්ධියේ පළ වී නැත. ඔහු නිරන්තරයෙන් පවසන්නේ තමන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන බවයි. තමන් ශ්‍රිලනිපයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තරඟ වදින්නේ නම් පොහොට්ටු පක්ෂයට රාජපක්ෂ කෙනෙකු නොමැතිව මෛත්‍රීපාල මහතාට විරුද්ධ වෙනත් අදූෂිත දේශපාලන පළපුරුද්දක් ඇති මිනිහෙක් ඇත්තේම නැතිද? එවැන්නෙක් සොයා ගැනීමට ඇති නොහැකියාව කුමක්ද? එ්කට කියන්නේ වහල් කමද ?

    නිදහස් ලංකාවේ ජාතික දේශපාලනයේ නායකයන් වූ ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණයක, සිරිමා බණ්ඩාරනායක, ඇන් ඇම් පෙරේරා, දොස්තර වික්‍රමසිංහ, ජේ.ආර්.ජයවර්ධන , චන්ද්‍රිකා බණ්ඩාරණායක , ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, අමිර්තලිංගම්, ආර් සම්බන්ධන්, තොන්ඩමාන්, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන නායකයින් දෙස බලන විට නන්දසේන ගෝඨාභය වනාහී ඉහත ජාතික නායකයින්ට අලගු තැබීමටවත් සුදුසු කමක් නැති හූණු බිජ්ජෙක් බව වටහා ගැනීමට කුහුඹු හිසක මොළයක් වුව නොසෑහෙන්නේ ද?

    හොරෙක් මිනීමරුවෙක් නොවන රාජපක්ෂ කෙනෙක් සහ නොමළ ගෙයකින් අබ මිටක්
    අධ්‍යාපනික සුදුසුකම් හෝ දේශපාලන අත්දැකීම් පමණක් නොව හමුදාවේ කර්නල් ධූරයකට එහා අත්දැකීමක් පවා නොමැති, එම්බීසී නමැති යුද හමුදා ඉහළ නිලධාරීන් හදාරන යුද විද්‍යාව පවා හදාරා නැති ගෝඨාභයට ඇති එකම සුදුසුකම තම සහෝදරයා ලංකාවේ ජනාධිපති ධූරය දැරීම පමණි. රාජපක්ෂලා ට අද සිදුවී ඇත්තේ රාජපක්ෂ පරම්පරාවෙන් හොරෙක් මිනීමරුවෙක් නොවූ අයෙකු සොයාගැනීමට නොහැකි වීමය. තරමක් හෝ නාමය කිලිටි කරගෙන නැත්තේ චමල් රාජපක්ෂ පමණි. නමුත් ඔහුටත් එක්ක හරියන්නට ඔහුගේ ලොකු පුතා නීල කාස හොරෙක් විය. හොරෙක් මිනීමරුවෙක් නොවූ රාජපක්ෂ කෙනෙකු සෙවීම නොමළ ගෙයකින් අබ මිටක් සෙවීමටත් වඩා අමාරුය.

    මහින්දගේ සිට අනෙකුත් සියලුම රාජපක්ෂ පරපුරේ අය දූෂණයකට හෝ මිනීමැරුමකට හසුවී නඩු හබ වලට පැටලී බන්ධනාගාර ගත වී ඇප පිට නිදහස්ව සිටින්නවුන් වන අතර රාජපක්ෂලා වටේ සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, කුමාර වෙල්ගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග ආදී මන්ත්‍රීවරු සියලු දෙනා ද දූෂණ ක්‍රියාවලට හසුවී බන්ධනාගාර ගතවී ඇප පිට නිදහස්ව අධිකරණයේ නඩුවලට පෙනී සිටීමට සිදුවී ඇති පුද්ගලයන්ය.

    මහින්දගේ පිටේ නැගී පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට මාන බලන ඉහත සඳහන් පුද්ගලයින් සමඟ දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩලස් අලහප්පෙරුම, වැනි දේශපාලන අනාථයින්ට රාජපක්ෂලා හැර අන් පිලිසරණක් නැත. මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නීතියෙන් ඉඩක් ද නැත.

    කෙසේ වෙතත් දැන් තිබෙන නීතිය අනුව ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු පුරවැසිභාවය අත්නොහල හොත් ජනාධිපතිවරණයකට තබා ප්‍රාදේශීය සභා මැතිවරණයකට හෝ ඉදිරිපත් විය නොහැකිය. මෑතක් වනතුරු ගෝඨාභය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමා කිසි දිනක දේශපාලනයට නොඑන බව නමුත් මෑතක සිට එම ස්ථාවරය වෙනස් කොට ඇති බව පෙනේ.

    “විපත්මඟ”, “බඩ එළිය” වැනි සංවිධාන ඇති කොට තම දේශපාලන අනාථයින් ලවා ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට ගෝඨාභය උත්සාහ දරන ගෝඨාභයට මුහුණ පෑමට සිදුවන බරපතල ප්‍රශ්න කිහිපයක් ඇත.

    ඇවන්ගාඩ් වංචාව, මිග් යානා දූෂණය, දෙමාපියන්ගේ සොහොන් කොත් සෑදීමට රජයේ මුදල් රුපියල් මිලියන 690 වැය කිරීම, තාජුදීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 26 දෙනෙකු ඝාතනය කිරීම, රතුපස්වල වතුර ඉල්ලා කළ උද්ඝෝෂණයේ දී හමුදාව ලවා වෙඩි තබා පාසල් ලමුන් තිදෙනෙකු ඝාතනය කිරීම, කටුනායක රොෂෙන් චානක ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, හලාවත ජූඩ් ඇන්ටන් ඝාතනය ආදී මිනී මැරුම් රාශියක් සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන වලදී ගෝඨාභයගේ නම ඉදිරියෙන්ම තිබේ. මෙය මෙරට පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ප්‍රබල ලෙස ඉස්මතුව තිබෙන කාරණයකි.

    හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රහස් පොලීසියට දෙන ලද කට උත්තරයේ ඉහත සඳහන් මිනීමැරුම් වලට ගෝඨාභය රාජපක්ෂ ඝෘජුවම සම්බන්ධ බවට ප්‍රකාශ කර ඇත. අද දක්වාම එම පැමිණිල්ල විමර්ශණය නොකිරීම විමතියට කරුණකි.

    ගෝඨාභය නම් මානසික රෝගියාගේ අතීතය
    ගෝඨාභයගේ අතීතය පිලිබඳවද සැකැවින් හෙළිදරව් කිරීම අපගේ යුතුකමකි..,

    ගෝඨාභය රාජපක්ෂ මහතා 1991 දී හමුදාවෙන් විශ්‍රාම ගෙන ඇත්තේ තමා මානසික ආතතියෙන් පෙලෙන බවට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමෙනි. කෙසේ වුවද ගෝඨාභයගේ පෞද්ගලික ලිපිගොනුවේ තිබු එම වෛද්‍ය සහතිකය ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වීමෙන් පසුව අතුරුදහන්වී ඇති බවද සත්‍යයකි. එසේ නමුත් ගෝඨාභය නමැති හමුදා නිලධාරියා යුද්දයක් පවතිද්දී බොරු හේතු කියා විශ්‍රාම ගැනීමට එවක ආරක්ෂක ලේකම් වූ රන්ජන් විජේරත්න මහතා විරුද්ධ වෙද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම මත ගෝඨාභයට යලි තමා හමුවෙන්නැයි කී රන්ජන් විජේරත්න මහතා ඉදිරියේ දී ගෝඨාභය අතින් ලියා දුන් ලියුම මේ වන විට එජාප නායකයන් අත නැතැයි සිතන්නේ නම් එය විහිළුවකි.

    ගෝඨාභයගේ මානසික අසනීපය කෙසේ වුවද බ්‍රයන් සෙනෙවිරත්න නැමැති සුප්‍රසිද්ධ මානසික වෛද්‍යවරයෙක් (A Possible Psychiatric Disorder At the Top of the Government an Analysis of Gotabaya Rajapaksha) පල කර ඇති ලිපියක ගෝඨාභය රාජපක්ෂ මහතා “මානසික විකාරයකින්” පෙලෙන පුද්ගලයකු බව විස්තර සහිතව පිටු 22 වාර්තාවක් නිකුත් කර ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරය දරන සමයේ ගෝඨාභය ජනාධිපතිවරයාටත් වඩා බලයෙන් මත්ව ක්‍රියාකළ බවත් , ඔහු ඉතාම භයානක කෲර පුද්ගලයකු බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. (Most Feared and ruthless) තවදුරටත් කරුණු දක්වන වෛද්‍ය බ්‍රයන් සෙනෙවිරත්න මහතා ගෝඨාභය වහා කිපෙන සුළු පුද්ගලයකු බවත් ඔහු නිතරම අසභ්‍ය වචනයෙන් පුද්ගලයන් ඇමතීමට පුරුදුව සිටින පුද්ගලයකු බවත් එම ලිපියේ කරුණු දක්වා ඇත. ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසුව සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය වූ ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මියට පරුෂ වචනයෙන් බැන වැදුනු බවද එය පුවත්පතේ පලකිරීමටවත් නොහැකි තරම් පරුෂ වචන බවද සඳහන් කර ඇත.

    ගෝඨාභය තමාගේ බිරිඳට සුරතල් බලුපැටවකු ස්විට්සර්ලන්තයේ සිට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් යානාවක් අනිසි ලෙස යෙදැවීම සම්බන්ධයෙන් වූ පුවතක් පිලිබඳව ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය ගෝඨාභයගෙන් විමසූ විට ඇයට ඉතාම අසභ්‍ය ලෙස you f….g .shit Journalist – I Will put you in jail , I’m not afraid of bloody courts , I can bring an elephant if I sow choose. – ගෝඨාභයගේ මෙම ප්‍රකාශවලින් ඔහු අධිමානයෙන් (Grandiose delusions) පෙලුනු මායාකාරී ලෝකයක ජීවත්වූ පුද්ගලයක් බව බ්‍රයන් සෙනෙවිරත්න තවදුරටත් සඳහන් කර ඇත. මෙම මානසික ආබාධයට අමතරව Megalomania නැමැති මානසික ආබාධයකයකින්ද මොහු පෙලුනු බවට එම ලිපියේ කරුණු දක්වා ඇත. Megalomania නම් මානසික ආබාධයෙන් පෙලෙන පුද්ගලයන් බලයට හා ධනයට අසීමිත කෑදර කමක් දක්වයි.

    “A Brother out of control” ජනාධිපති රාජපක්ෂ ඔහුගේ සහෝදරයා අතේ දුරින් තබා ගත යුතු බව 2011 අගෝස්තු 16 දින හින්දු පුවත්පතේ වාර්තාවක් පළකර තිබුනි.

    පෝද්දල ජයන්ත පැහැර ගැනීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම , කීත් නොයාර්ට පහර දීම ආදි සිද්ධීන් රාශියකට ගෝඨාභය වගකිව යුතු බවට චෝදනා එල්ලවී ඇත. කරුණා අම්මාන්ට ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා දී එංගලන්තයට යැවීම සම්බන්ධයෙන්ද ගෝඨාභයට එරෙහිව චෝදනා එල්ල වූ අතර රවි රාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට කරුණා පාර්ශවයට මිලියන 50 ලබා දී ඇති බව ලියනාරච්චි අබේරත්න නැමැති පොලිස් නිලධාරියා 2016 පෙබරවාරි 26 දින ප්‍රකාශයක් ලබා දී ඇත.

    ඉදින් රාජ්‍ය මුදල් අවභාවිත කළ, මිනී මැරුම් චෝදනා සහ මානසික ආබාධයකින් පෙලෙන මෙවන් පුද්ගලයකු රටක නායකයෙක් කිරීමට නිකමට හෝ සිතන කාස මුණ්ඩකයන්ගේ සහ න්‍යායචාරීන්ගේ මානසික තත්ත්වය කෙසේ වනු ඇත්ද..?

    “එළිය” බඩ එළියක්ව බඩ වැටියකින් අවසන් වන බවට තවත් කතා කුමටද?

    -විශේෂ ලියුම්කරුවෙකු විසිනි-
    http://upfasrilanka.com/?p=277
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕවා කියන වෙලාවේ උසාවිය ඉස්සරහ වැරදි ඔක්කොම ඔප්පු කරලා පැහැදිලිව මනුස්සයට දෙන දඬුවමක් දීල හිරේට දැම්මනං මොකෝ :oo: කරන්න බැරිකමක් නෑනේ සාක්කි ඔක්කොම අතේ තියෙනවනේ :yes: ඇයි ඉතින් තාම පමා :oo:

    එතකොට අපිටත් පුළුවන් ඇත්ත නේන්නං මූ හරියන්නේ නෑ මේ වැඩේට කියල වෙන අතක් බලාගන්න :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    ඕවා කියන වෙලාවේ උසාවිය ඉස්සරහ වැරදි ඔක්කොම ඔප්පු කරලා පැහැදිලිව මනුස්සයට දෙන දඬුවමක් දීල හිරේට දැම්මනං මොකෝ :oo: කරන්න බැරිකමක් නෑනේ සාක්කි ඔක්කොම අතේ තියෙනවනේ :yes: ඇයි ඉතින් තාම පමා :oo:

    එතකොට අපිටත් පුළුවන් ඇත්ත නේන්නං මූ හරියන්නේ නෑ මේ වැඩේට කියල වෙන අතක් බලාගන්න :yes:

    ඔවා ටිකක් කල් යන වැඩ
    ඒ ටික හෙමිහිට වෙයි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොන්නයෙක් මිනිමරුවෙක් බැංකු හොරෙක් රට පාවාදෙන්නෙක් ත්ර්සතවදියෙක්ට රට දුන්න එකේ ඔව්ව මොනවද ? :lol::lol::lol:
     
    • Haha
    Reactions: SLBlackKnight

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    මරුසිරා;22352882 said:
    පොන්නයෙක් මිනිමරුවෙක් බැංකු හොරෙක් රට පාවාදෙන්නෙක් ත්ර්සතවදියෙක්ට රට දුන්න එකේ ඔව්ව මොනවද ? :lol::lol::lol:
    mu pissek ne
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මරුසිරා;22352882 said:
    පොන්නයෙක් මිනිමරුවෙක් බැංකු හොරෙක් රට පාවාදෙන්නෙක් ත්ර්සතවදියෙක්ට රට දුන්න එකේ ඔව්ව මොනවද ? :lol::lol::lol:


    මොනවට කියනවද ඒ ගැන :yes::yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    මරුසිරා;22352882 said:
    පොන්නයෙක් මිනිමරුවෙක් බැංකු හොරෙක් රට පාවාදෙන්නෙක් ත්ර්සතවදියෙක්ට රට දුන්න එකේ ඔව්ව මොනවද ? :lol::lol::lol:
    :lol::lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    වැඩ කරලා පෙන්නපු, මිනිස්සු ආදරය කරන මනුස්සයෙක් එක්ක තරග කරන්න මඩ ගහන ට්‍රික් එක හරියන්නෙ නෑ මචං. හිටං ටයි රනිල් ටයි කියපන් වැඩ කරන්න කියල. එතකොට ගෝටා එක්ක තරගයක් දෙන්න හිතන්නවත් පුළුවන්. හරි නොගියත්.
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මරුසිරා;22352882 said:
    පොන්නයෙක් මිනිමරුවෙක් බැංකු හොරෙක් රට පාවාදෙන්නෙක් ත්ර්සතවදියෙක්ට රට දුන්න එකේ ඔව්ව මොනවද ? :lol::lol::lol:

    up
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113


    ගෝඨාභය තමාගේ බිරිඳට සුරතල් බලුපැටවකු ස්විට්සර්ලන්තයේ සිට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් යානාවක් අනිසි ලෙස යෙදැවීම සම්බන්ධයෙන් වූ පුවතක් පිලිබඳව ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය ගෝඨාභයගෙන් විමසූ විට ඇයට ඉතාම අසභ්‍ය ලෙස you f….g .shit Journalist – I Will put you in jail , I’m not afraid of bloody courts , I can bring an elephant if I sow choose. – ගෝඨාභයගේ මෙම ප්‍රකාශවලින් ඔහු අධිමානයෙන් (Grandiose delusions) පෙලුනු මායාකාරී ලෝකයක ජීවත්වූ පුද්ගලයක් බව බ්‍රයන් සෙනෙවිරත්න තවදුරටත් සඳහන් කර ඇත. මෙම මානසික ආබාධයට අමතරව Megalomania නැමැති මානසික ආබාධයකයකින්ද මොහු පෙලුනු බවට එම ලිපියේ කරුණු දක්වා ඇත. Megalomania නම් මානසික ආබාධයෙන් පෙලෙන පුද්ගලයන් බලයට හා ධනයට අසීමිත කෑදර කමක් දක්වයි.


    මම හිතන්නෙ සමහර මානසික ආබාධ තියෙන මිනිස්සුන්ට අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳට හිතන්න පුළුවන් කියල කියන එක ඇත්ත වෙන්න ඕන. නැත්නම් අර තරම් මොලයක් තියෙන රනිල්ට මොනවත් කරන්න බැරිවෙලා
    තියෙද්දි ගෝට යුද්දෙ ඉවරකරන්න උදව්වෙලා, නගර සංවර්ධනය කරල තව හැට හුටාමාරක් දේවල් කරන්නෙ
    කොහොමද?