හොර ගෑණු අතේ මාට්ටු...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොර ගෑණු අතේ මාට්ටු...

    අම්මාගෙයි දුවගෙයි ඇඳුම් සොරකම අතේ පත්තු වෙයි...

    බොරලැස්ගමුව පොලිසිය ආසන්නයේ පිහිටි සුපිරි නිමිඇඳුම් වෙළෙඳ සලක නිමි ඇඳුම් සොරා ගෙන යමින් සිටි මවක හා දියණියක එම වෙළෙඳසල් හිමිකාරිනිය ඇතුළු පිරිස විසින් අල්ලා ගැනීමෙන් පසු එම දෙදෙනා අදාළ පිරිසට තර්ජනය කර එහි තිබූ පොල්ලකින් එම හිමිකාරිනියට පහරදී එහි දේපොළවලට රුපියල් ලක්ෂයක පමණ අලාභහානියක් කර තිබේ.

    පෙරේදා (10 වැනිදා* දහවල් 12.30ට පමණ මෙම මව හා ඇයගේ දියණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    පහරකෑමෙන් පාදයකට හානි සිදුවූ වෙළෙඳසැල් හිමිකාරිනිය කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

    සැකකාර මව හා දියණිය අදාළ වෙළෙඳසලෙන් නිමි ඇඳුම් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ ටික වේලාවක් වෙළෙඳසල තුළ සිට ඇත.

    ඔවුන්ගේ සැකසහිත හැසිරීම හා එක් වරම වෙළෙඳ සලෙන් ඉවත්ව යෑම ගැන සැක සිතූ එම වෙළෙඳසල් සේවිකාවක වහා එළියට ගොස් අදාළ මවගේ බෑගය පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව කියා තිබේ.

    එහිදී එම මව එම ස්ථානයේදී බෑගය පරීක්ෂා කිරීමට ඉඩ දිය නොහැකි බව වෙළෙඳ සල් සේවිකාවට පවසා තිබේ.

    පසුව එම සේවිකාව මව හා දියණිය වෙළෙඳසලට කැඳවා ගෙන පැමිණ ඇති අතර, එහිදී ඔවුන්ගේ බෑගය පරීක්ෂාවට ලක් කිරීමේදී එම වෙළෙඳසලෙන් සොරා ගන්නා ලද නිමි ඇඳුම් තිබී හමුවී තිබේ.

    එහිදී වෙළෙඳසල් හිමිකාරිනිය මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකාර මව එය බලෙන් ලබා ගෙන ජංගම දුරකථනය ද පොළොවේ ගසා ඇතැයි ද හෙළිවී තිබේ.

    අනතුරුව එම සැකකාර මව එහි තිබූ පොල්ලක් රැගෙන වෙළෙඳසල් හිමිකාරිනියට සහ එහි ඉදිරිපස වීදුරුවලට, රූපලාවන්‍ය කට්ටලවලට අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි.

    සැකකාර මව සහ දියණිය නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    source