හොර පවුලම අද CID යට

Dec 11, 2016
79
19
0
හොර පවුලම අද CID යට

ශිරන්ති CID යේ..! ප්‍රශ්න කරද්දී ලඟ ඉන්න දෙන්නැයි පර්සි මහේන්ද්‍ර ඉල්ලයි: රහස් පොලිසිය බෑ කියයි: රොකට් රෝහිතත් FCID යේ

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.15, ප.ව‍.1.15) රහස් පොලිසියට පැමිණීම මග හරිමින් කට්ටි පනිමින් සිටි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ හෙවත් ‘මැදමූලන රන් අම්මන්ඩි‘ නමින් කුප්‍රසිද්ධ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ බිරිඳ, අද (15) ප්‍රකාශයක් ලබා දීම සඳහා රහස් පොලිසියට පැමිණියා ය.

ඇය සමග පැමිණි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ද නාමල් රාජපක්ෂ ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ වහල් මන්ත්‍රීවරුන් ද සීඅයිඩිය අබියස රොක්ව සිටිති. ගෝඨාභයද පැමිණ ඇත. ආධාරකරුවෝද කැඳවා තිබේ.

ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී පර්ස් මහේන්ද්‍ර සහ නීතිඥයන්ට ඇය ලඟ සිටීමට අවසර ඉල්ලූ නමුත් ඔවුන්ට අවශ්‍ය නම් රහස් පොලිසියේ වෙනත් ස්ථානයක රැඳී සිටීමට අවස්ථාව සලසා දිය හැකි යයි ද ප්‍රශ්න කරන ස්ථානය වෙත පැමිණිය නොහැකි යයිද රහස් පොලිස් නිලධාරීහු දැනුම් දුන්හ.

ඒ අනුව පර්සි මහේන්ද්‍ර සහ නීතිඥයන් වෙනත් ස්ථානයක රැඳී සිටින අතර ශිරන්ති රාජපක්ෂ පමණක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති අතර මේ වන විට ඇයගේ ප්‍රකාශය සටහන් තබමින් සිටී.

රාජපක්ෂලාගේ වාහනයක් අවශ්‍ය නම් ඇතුලට ගැනීමට ඉඩ දිය හැකි යයි රහස් පොලිසිය පැවසුවද ටී.වී. කැමරා වලට ප්‍රචාරය සඳහා අවශ්‍ය බැවින් ඔවුන් වාහනය ඇතුලට ගැනීමට කැමැත්තක් දක්වා නැත.

මේ අතර පර්සි මහේන්ද්‍ර විසින් ශිරන්ති රාජපක්ෂව අද අත් අඩංගුවට ගන්නවා දැයි රහස් පොලිස් නිලධාරීන්ගෙන් විමසන ලද අතර නිලධාරීන් පිළිතුරු දී ඇත්තේ එවැන්නක් කිව හැක්කේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බවයි. ශිරන්තිගෙන් අද ප්‍රශ්න කරන්නේ සිරිලිය ගිණුම ගැනද? තජුඩීන් ඝාතනයට ඇයගේ රථයක් භාවිතා කිරීමද ? රත්තරන් මං කොල්ලයද ? අන් කාරණාවක්ද? යන්න ගැන මෙතෙක් හෙළිවී නැත.

මේ අතර ශ්‍රී ලංකාවට අයත් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරනවා යැයි කියමින් මහජන මුදල් රුපියල් මිලියන 320 ක් වියදම් කළද එවැනි කිසිදු ‘අහස් ලබ්බක්‘ ගුවනේ නැති වීම ගැන ‘රොකට් රෝහිත‘ හෙවත් ‘චිචී‘ නමැත්තාගෙන් ද අද මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරයි.
 
  • Like
Reactions: Shadow.Walker