හොර රහසේ SMS යවන්න TED! ලෝකෙන්ම 2 වැනි තැන රාජකීයන

හොර රහසේ SMS යවන්න TED! ලෝකෙන්ම 2 වැනි තැන රාජකීයන

165965_10150913243633367_39225733_n.jpg



සන්නිවේදනයේ දී අප තරුණ පරපුර අතර දැන් වඩාත් ම ජනප්‍රියව පවතින්නේ SMS පණිවුඩ හුවමාරුවයි. අඩු වියදම සහ පෞද්ගලිකත්වය සුරැකීම එයට හේතු වූවා විය හැකියි. මඟ තොටදී දුම්රියේ බස් රියේ යන එන කොතැනක වුව ජංගම දුරකථනයේ Screen සහ Key board දෙස නොබලා වුව තත්පර කීපයකින් ඇඟිලි හුරුවට SMS ගැසීමට අද තරුණ තරුණියෝ හපන්නු වෙති. දැන් දැන් වැඩිහිටියන් අතර දSMS භාවිතය ජනප්‍රිය වී තිබේ.

සන්නිවේදන ක්ෂේත්‍රය දියුණු වෙමින් අලුත් තාක්ෂණය එකතු වෙද්දී මේSMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයක් නිපදවීමට අපේ පුංචි හපන්නු තිදෙනෙක් සමත්ව සිටිති. කොළඹ රාජකීය විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන මේ හපන්නු සිය මෘදුකාංගය අන්තර්ජාතික තරගයකට ඉදිරිපත් කර ලෝකයේ ම දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූහ. ඔව්හු නමින් රොෂ්නාල් ලිහිනිකඩු, අදීශ ගම්මන්පිල සහ චමත් පලිහවඩන ය.

ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600 කට වඩා සහභාගි වූහ.

වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවැති මේ තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනා ගත්තේ මේ රාජකීය සිසුන් තිදෙනා ය. පළමු සහ තෙවැනි තැන් පිළිවෙළින් ඇමෙරිකානු සහ ඉන්දීය සිසුන් විසින් දිනා ගනු ලැබිණි. අපේ සිසුන් ඉදිරිපත් වූයේ Application Development (මෘදුකාංග නිර්මාණය) යන තේමාව යටතේ වූ තරගයට ය. තරගය සඳහා ඔවුන් ඉදිරිපත් කළේ SMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයකි. ලොව කිසිවකු විසින් මෙතෙක් එවැනි මෘදුකාංගයක් නිපදවනු ලැබ නොතිබිණ.

“අපි තුන්දෙනා ම විනෝදාංශයක් ලෙසට මෘදුකාංග තැනීමේ කටයුත්තේ යෙදිලා ඉන්නේ. අප මේ මෘදුකාංගය මුලින් ම අප පාසලේ Royex ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. ඉන්පසු අනිත් අයගේ උදව් උපකාර හා අදහස් අරන් අඩුපාඩු හදාගෙන එය සංවර්ධනය කළා. පාසලෙන් ද අපට උදව් ලැබුණා. අප මෙය තරගය සඳහා ඉදිරිපත් කරද්දී තරග සංවිධානය බාර ඉනෝකා සමරක්කොඩි ගුරුතුමිය අපට උදව් වුණා” යැයි රොෂ්නාල් පැවසීය.

මේ සිසු දරුවන් පරිගණක භාවිතයට හුරු වූයේ කුඩා කල පටන්ය. දිගින් දිගටම පරිගණක අතපත ගාමින් සිය දැනුම දියුණු කරගත් ඔව්හු මෘදුකාංග නිපදවීම සඳහා පිවිසුණේ අටවැනි ශ්‍රේණියේ දී ය. පාඨමාලා හදාරමින් සිය පරිගණක දැනුම දියුණු කරගත් ඔවුනට මෙතෙක් දුරක් පැමිණීම සඳහා දෙමවුපියන් ගුරුවරුන් හා රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතහිත දුන් බව ඔව්හු පැවසූහ.

ඔවුන් තමන් නිපදවූ මේ මෘදුකාංගය නම් කර ඇත්තේ TED (Text Encryptor and Decryptor) ලෙසිනි.

“මේ මෘදුකාංගය භාවිතා කළ හැක්කේ ජාවා අනුගත (Compatible) ජංගම දුරකථන සඳහා පමණයි. එසේ ම මෙහි ආරක්ෂිත බව ලැබීමට නම් SMS පණිවුඩ හුවමාරු කරගන්නා දෙපාර්ශ්වයට ම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මේ මෘදුකාංගයෙන් ලැබෙන සුරක්ෂිතභාවය නිසා පිටස්තර කිසිවකුට හෝ ඒ අදාළ දුරකථන හිමියාගේSMSකියවීමට ලැබෙන්නේ නැහැ” යැයි චමත් TED මෘදුකාංගය පිළිබඳව අප දැනුම්වත් කළේය.

\රොෂ්නාල්, අදීශ හා චමත් තිදෙනා එක්ව නිපද වූ TED මෘදුකාංගය පිළිබඳව වැඩිදුරටත් අප හා තොරතුරු පැවසුවේ අදීශය.

“පණිවුඩය ලබන්නා හා යවන්නා යන දෙදෙනාටම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මෙය ජංගම දුරකථනයෙන් පළමු වතාවටInstall වන විට ඔහු වෙත User Account එකක් හා Password එකක් දෙනු ලැබේ. යම් SMS එකක් ලද විට TED, account එකට SMS එක ලැබේ.

එවිට එම පණිවුඩය දුරකථනයේ නිවැරැදි අයිතිකරුට මිස අන් අයකුට කියවිය ;නාහැකි යි. අන් අයට මේ පණිවුඩය දැකීමට හැකි නමුත් එය(encrypted) රහසිගත භාෂාවකින් ඇති නිසා කිසිදු අයුරකින් අන් අයකුට කියවිය නොහැකි ය. මෙමගින්SMS වල ආරක්ෂිතභාවය සුරැකෙනවා.”

ලෝකයෙන් ම දෙවැනි තැන ලැබූ මේ හපනුන්ට ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ දින පහක් ගත කරමින් විශ්වවිද්‍යාල කීපයක සංචාරය කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අතරතුර පරිගණක විද්‍යාව පිළිබඳ වැඩමුළු කීපයක් සඳහා ද සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.

TED මෘදුකාංගය පිළිබඳ වැඩිදුර තොරතුරු www.tedmobile.net වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ඔව්හු පවසයි.


 
Last edited:
  • Like
Reactions: eregoda899

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේක කොහෙද බන් අලුතෙන් හොයා ගත්තු දෙයක් වෙන්නේ.මම මිට අවරුදු 3කට කලින් මේ වගේ මොබයිල් software පාවිච්චි කරලා තියනවා.සිම්බ්යන් os එකට හදපු මේ වගේ ජාති ඕන තරම් තියනවා.
    හැබැයි මෙතන ළමයි software එකක් හදපු එක නම් අගය කල යුතුම දෙයක්..
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,471
    5,575
    113
    Software eka nam ela eth TED kiyanne copyrighted namak USA company ekaka (TED education eke). eka nisa mekata denma wena namak dagaththanam hoda.
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මේක කොහෙද බන් අලුතෙන් හොයා ගත්තු දෙයක් වෙන්නේ.මම මිට අවරුදු 3කට කලින් මේ වගේ මොබයිල් software පාවිච්චි කරලා තියනවා.සිම්බ්යන් os එකට හදපු මේ වගේ ජාති ඕන තරම් තියනවා.
    හැබැයි මෙතන ළමයි software එකක් හදපු එක නම් අගය කල යුතුම දෙයක්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: