හොල්මන් ගැන

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔවු. මම හිතන්නේ හොල්මන් කිව්වට ඒ විඥානය තියෙන්නේ ප්‍රේත කියන අවස්ථාවේ කියලා. ෆේස්බුක් එකේ පෝස්ට් එකක මම දැක්කා යාන්ගල්මෝදර බස් අනතුරෙන් පස්සේ එතන හොල්මන් තිබුණා කියල. තව කීප දෙනෙක් තහවුරු කරලා තිබුණා ඒ කතාව. කොහොම උනත් කිසිම දේකට ඇලෙන්න හොඳ නෑ කියල බුද්ධ දේශනාවේ තියෙන එක හරියට හරි. එහෙම උනාම ප්‍රේත ස්වාභාවයෙනුත් ගැලවෙන්න ඔවුන්ට පුළුවන්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මං හැමෝටම කියන්නෙ මහරතුන් වැඩි මග ඔස්සේ බලන්න කියල. එතකොට ඔය දෙවියන් හොල්මන් ප්‍රේතයන් කියන්නෙ මොකද්ද කියල තේරෙයි. ඒ විතරක් නෙමේ මේ හාමුදුරුවන්ගෙ පන්සිල් මලුව වැඩ සටහනත් අහන්න. නිකමට පලවෙනි වැඩ සටහන අහන්න අද පෝය දවසෙ



     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    mama eka parak as walata dakala tinwa.... lokuwata hitan na e gana... eth mn pili gnnawa tinwa kiyala... ape achchilage gewal patte marichcha nanda kenek thama e gdra innwa.... mama nm marila masayakata withara passe dakke... eeta passe e patte giye na... tama innawalu e patte minissu hariyata dakinwa
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    අසාමාන්‍ය, අපිට තේරුම් කරන්න බැරි දේවල් තමා ගොඩක් වෙලාවට ඔය හොල්මන් විදිහට හිතන්නෙ..


    පව් කරන තැන වල හොල්මන් ගැවසෙනවා වැඩියි.මොකදහ මරනුම එක්ක කරපු පවු වලට මල පෙරේතයෙක් තමයි..පවු නොකර හිරි ඔතප්(පවු කිරීමට ඇති ලැජ්ජාව සහ බිය) ඇතිව ජිවත් වෙන්න පුළුවන් නං ලොකු දෙයක්..:yes:
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    ඔවු. මම හිතන්නේ හොල්මන් කිව්වට ඒ විඥානය තියෙන්නේ ප්‍රේත කියන අවස්ථාවේ කියලා. ෆේස්බුක් එකේ පෝස්ට් එකක මම දැක්කා යාන්ගල්මෝදර බස් අනතුරෙන් පස්සේ එතන හොල්මන් තිබුණා කියල. තව කීප දෙනෙක් තහවුරු කරලා තිබුණා ඒ කතාව. කොහොම උනත් කිසිම දේකට ඇලෙන්න හොඳ නෑ කියල බුද්ධ දේශනාවේ තියෙන එක හරියට හරි. එහෙම උනාම ප්‍රේත ස්වාභාවයෙනුත් ගැලවෙන්න ඔවුන්ට පුළුවන්.

    ඇලීම ඇතුව ජිවත් වෙන අය තමයි ප්‍රේත අවස්ථාවේ ඉන්නේ.සසර කරපු පවු නිසා හැප්පිලා මරුන.ඉපදුන ටිකේ පොඩි ගහගෙන විතරක් ඉදල පිනක් නොකරපු නිසා ඔයා කියන විඥානය කියන ප්‍රේත කියන අවස්ථාවේ ඉපදෙන්න ඇති. ඒ හදිසි අනතුරින් මිය ගිය සියලු අයට තවත් අකල්මරණ නොවේවා..ඔවුට ඒ සිටන අත්මෙන් මිදී මිනිස් ආත්මයක් ලබී නිවන් අවබෝදවෙත්වා..
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    හොල්මන් වඳ වෙලා ගිහින් මට පේන්නේ

    එක නං වෙන්න බෑ..මොකද අද කාලේ කරන හරියක් පවු කරන්නේ..ඉතින් හොල්මන් කියන අය කොහොම වැද වෙන්නද...
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මං හැමෝටම කියන්නෙ මහරතුන් වැඩි මග ඔස්සේ බලන්න කියල. එතකොට ඔය දෙවියන් හොල්මන් ප්‍රේතයන් කියන්නෙ මොකද්ද කියල තේරෙයි. ඒ විතරක් නෙමේ මේ හාමුදුරුවන්ගෙ පන්සිල් මලුව වැඩ සටහනත් අහන්න. නිකමට පලවෙනි වැඩ සටහන අහන්න අද පෝය දවසෙ





    ඔබට ගොඩක් පින්..
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    mohini kiyanne aththa kenek da? ehema nam eya mona rate kenek da? keedenwk innavada ? ekkenek venna ona. indian karayo kiyanne unge kiyala mana mohini eki ape nevei da? lamaya ekkamada enne? lamaya eyagemada?
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    mohini kiyanne aththa kenek da? ehema nam eya mona rate kenek da? keedenwk innavada ? ekkenek venna ona. indian karayo kiyanne unge kiyala mana mohini eki ape nevei da? lamaya ekkamada enne? lamaya eyagemada?

    මොහිනී කියන නම ගැන එක එක තන්වෙලා වෙන වෙනම ලියවිලා තියනව.පහල තියන ලිපි ටික කියවල බලන්න..



    චන්ද්‍රයා මෝදු වී ඇත. තරු රටා මවා ඇත. දරුවාත් සමඟ රෝහලෙන් එළියට පැමිණි රෝහිණී දිගු සුසුමක් හෙළුවාය.


    ‘‘අද ගමට යන බස් එක අල්ලගන්න හම්බවෙන්නේ නෑ. පයින් තමයි ගෙදර යන්න වෙන්නේ.’’ දරුවා කර පින්නාගත් ඈ පාළු මාවත දිගේ ඉදිරියට ඇදුණාය. නොදරුවත් සමඟ මහපාරට ආවත් කනත්ත ළංවෙන විට ඇගේ ගැහැනු සිත තැතිගන්නට විය. ගමට යන කවුරුන් ​ෙහා් හමුවේවියි සිතමින් වට පිට බලන්නට වූවාය.


    ගමන හෙමින් වුවත් ටික ටික කනත්ත අසලටම අෑ ළඟා වූවාය. ඇගේ බලාපොරොත්තු සඵල විය. පන්දමකුත් රැගෙන යමෙකු එනු ඇය දුටුවාය.


    ‘මේ වෙලාවට එන්නේ සෝමදාස අයියා. ටිකක් බිව්වට එයා හොඳ මනුස්සයා. අයියා එනකම් ඉඳලා එයත් එක්කම යනවා.’ රෝහිණී තමාටම කියා ගත්තාය.


    සෝමදාස යම් තරමකට වෙරි වී සිටියේය. පන්දම දෙපසට වනමින් ඔහුද කනත්ත අසලට පැමිණියේය. සඳ එළිය වැටුණු සොහොන් කොත් සුදු ඇඳගත් මිනිසුන්​ සේ දිස්වෙයි. සෝමදාස ද තැතිගත් සිතින් යුතුව ඉතිපිසෝ ගාථාව මුමුනමින් සොහොන් බිම පසු කරන්නට වූවේය.‘


    ‘අයි​ෙය්..’


    සෝමදාස දුටු රෝහිණී සතුටු සිතින් ඔහුව ආමන්ත්‍රණය කළේය.


    ‘සිතේ තිගැස්මත්, මද කල්පනාවත් සෝමදාසගේ සිත ව්‍යාකූල කළේය

    .
    ‘බුදු අම්මෝ, මෝහිනී’


    ඔහු පන්දම බිම දමා දුවන්නට වූවේය...


    ‘අයියේ මම රෝහිණී’


    ඇගේ කිසිදු වචනයක් සෝමදාසට නොඇසුණේය. ඔහු ඉතිපිසෝ භගවා කියමින් තව තවත් වේගයෙන් දුවන්නට විය.


    මෙවන් වූ අත්දැකීම් ලද අය බොහොමයක් සමාජයේ ඇත. එහිදී මෝහිනී නම් කවුද? ඇය සැබෑවටම සුදු සාරියකින් සැරසුණු දරුවෙකු අතින් ගත් සොඳුරු ලලනාවක්ද? ඇය තරුණ සිත් වශීකරගෙන ඔවුනට පීඩා ගෙන දෙන භූතාත්මයක්ද? නැතිනම් එය සිතින් මවාගත් මනසිකාරයක්ද?


    මේ පිළිබඳව තොරතුරු සොයා බැලු අතර මෙවන් වූ තතු අනාවරණය විය.


    සඳ රාහු ඇල්ලීම පිළිබඳව විකිපීඩියා විශ්වකෝෂයේ මෙසේ සඳහන් වී තිබුණි.


    ‘රාහු ග්‍රහයෙකි. රාහුගේ මව සිංහිතා වූ හෙයින් ඔහු සෛංහිකේය නම් විය. මේ ග්‍රහයා විසින් චන්ද්‍ර සූර්ය දෙදෙනා ග්‍රහණය කරනු ලබන බව කවි සමයයි. කිරි සයුර කලඹා ලත් අමෘතය දෙවියන් අතර බෙදන කළ රාහු අසුරයා වෙසින් පැමිණ අමා බිඳක් ලබා ගත්තේය. හිරු සඳු දෙදෙනා එ් සොරකම විෂ්ණුගේ ස්ත්‍රී අවතාරය වූ මෝහිනියට දැන්වූහ. කෝප වූ මෝහිනී චක්‍රායුධයෙන් රාහුගේ හිස කපා දැමුවේ අමෘතය ගෙලෙන් පහළට යාමට පෙරය. එහෙත් ඊට පෙර ඒ අමෘතය මුව තැවරී තිබූ හෙයින් රාහු හිස අමර විය. කඳ කේතු විය. රාහු වරින් වර හිරු සඳු ග්‍රහණය කරන්නේ ඒ කෝපයෙන් බව කියැවේ. මේ නිසා කවි සමයේ චන්ද්‍රග්‍රහණය හඳ රාහු ඇල්ලීම ලෙස හඳුන්වයි.


    මීට අනුව මෝහිනී යනු විෂ්ණු දෙවියන්ගේ ස්ත්‍රී අවතාරයයි. මෙම මෝහිනී සහ විෂ්ණු අතර සම්බන්ධය දක්වන තවත් එක් උදාහරණයක් වෙයි.


    එනම් මෝහිනියාටම් යනු ​ෙක්රළයේ සාම්ප්‍රදායික නර්තනයකි. එය කාන්තාවන් පමණක් රංගනයේ යෙදෙන්නෙකි. නිර්මාණය කර ඇත්තේ මොහින් (නරඹන්නන් වශීකරන) හා ආටම් (ශරීරයේ රිද්මය) එකතු කිරීමෙනි. මෙයින් විෂ්ණු දෙවියන් මෝහිනී ලෙස වෙස්ගත් කතන්දර දෙකක් කියවෙයි.


    ඉන් පළමුවැන්න වෙන්නේ මෝහිනී ලෙස වෙස්ගෙන යක්ෂයන් පලවා හැරීමයි. දෙවැන්න වන්නේ මෝහිනී ලෙස වෙස්ගෙන ශිව දෙවි බ්‍රහ්මපුර යක්ෂාවේෂයෙන් ගලවා ගන්නා බවයි.


    මෙය විෂ්ණු දෙවියන් ඇසුරින් කරන නර්තනයක් බැවින් ඉන් දෙවියන් කෙරෙහි ඇති බැඳීම පෙන්වා දෙයි.


    මූලික චලන 40 ක් අන්තර්ගත මෙම නර්තනය ස්වාධී පිරුනාල් රජු සමයේ ආරම්භ වී ඇත. මෙම නර්තනයේ මූලික පරමාර්ථය මනස මෝහනයට පත්කිරීමයි.


    මීට අමතරව හෙළ වෙදකමේදී නිර්වින්දන කාර්යය සඳහා මෝහිනී නම් චූර්ණයක් භාවිත කර ඇති බව පැවසෙන්නේය.


    ඉන්දියාවෙන් ආ සංකල්පයක් ලෙස ලාංකීය සමාජයේ මුල්බැසගත් මෝහිනිය ලංකාවේ සංස්කෘතියටද යම් ආකාරයේ බලපෑමක් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ සිට කළුකන්දාව ගම්මානයට යන දුර්ග මාර්ගයේදී සුන්දර දියඇල්ලක් හමුවේ. එම දිය ඇල්ල මෝහිනී ඇල්ල ලෙස නම් කිරීම තෙක් ඒ සංස්කෘතික විප්ලවය සිදුවී ඇත. එනම් ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ මතවාදය වී ඇත්තේ එම ඇල්ල අසල මෝහිනිය සිටි නිසා එය මෝහිනී ඇල්ල වූ බවය.


    මේ පෙර අපර දෙදිග සමාජයේ මුල්බැස ගෙන ඇති සන්සිද්ධීන්ය. එහිදී මෝහිනී නම් කාන්තාව හා ඇගේ සුන්දරත්වය පිළිබඳ මෙසේද අර්ථකථනය කළ හැකිය. එනම් මෝහන, මන නන්දන සිත් වශීකරණ, මනස ප්‍රබෝධමත් කරන යන එකම අර්ථ සහිත වචනය. එදා සමාජයේ සංකල්පයක් වෙන්නට ඇති. එය කවිසමය මගින් රූපශ්‍රීයෙන් අගතැන්පත් මනස වශීකරවන සුලු ස්ත්‍රියකට සමාන කර ඇති අතර වත්මන් සමාජය මගින් සුන්දර භූතාත්මයකට ආරෝපණය කර ඇත.


    මෙවන් වූ මතවාද රාශියක් ඇති මෝහිනිය පිළිබඳව මූලාශ්‍රගත තොරතුරු කතා කිරීමට ජනශෘති පර් යේෂකයෙකු වන කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ මහාචාර්යවරයෙකු වන සුනන්ද මහේන්ද්‍රයන් සම්බන්ධ කර ගත්තෙමු.


    මෝහිනී කියන ප්‍රතිරූපය ගැන මට මුලින්ම කියවන්නට ලැබුණේ වෛදික සාහිත්‍යයේ එන කෘතීන් වලින් බව මා දැනගත්තේ වෙරිටේල් මහතාගේ සංස්කෘත නාට්‍ය කලාව කියන කෘතියෙන්. එම කෘතියේ ඔහු දක්වා තිබෙනවා කෙනෙකු ආකර්ෂණය කිරීමේ බලය රංගන ශිල්පියෙකුට තිබෙන බවට නාට්‍ය ශාස්ත්‍රයට ආවේ වේද සාහිත්‍යයෙන් කියලා.


    මෝහනය කියන්​ේන ආකර්ෂණයට. ප්‍රේක්ෂකාගාරයක් වසඟකර ගැනීමේ ශක්තියයි මෝහනය. මෝහනය නැති තැන නිර්මෝහණය තිබෙනවා. සාමාන්‍ය චරිතයකට මෝහනයට පත්වෙන්න බෑ. ඒකට රංග අභ්‍යාස අත්‍යවශ්‍යයි.


    ජාතක පොතේ ඇතැම් කතාවල තිබෙනවා හුදකලාවේ මහමඟ යන මිනිසුන්ට ඔවුනගේ තනි නැති කිරීමට හමුවන මෝහනය වන කාන්තා ප්‍රතිරූප පිළිබඳව.


    තවදුරටත් අපිට පුරාණ කවි සමයේ මුණ ගැසෙනවා වන අසපු ළඟ පිපෙන ලිය තඹරා කියන මල් ජාතියක්. නමුත් මේවා විද්‍යාත්මකව ඔප්පු කර නෑ. ඒවා කවි සමයේ කල්පිත සුන්දර වස්තු නිර්මාණයට හසුකරගත්තත්, මේ හේතුව නිසා අචේතනික වස්තුවලට සචේතනික බවක් එකතු වෙලා තිබෙනවා. ඉන් මෝහනය නැමැති සංකල්පය කාන්තා රූපයක් බවට පත්වෙලා තිබෙනවා.
    ජනශ්‍රැතියට ඉන්දියාවේ කතා රාශියක් එකතුවෙලා තිබෙනවා. ඒවා ලංකාවටත් බලපෑමක් වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රාචීනවාදී රටවලටත් ඒවා බලපාලා තිබෙනවා. ඒවායින් කියැවෙන්නේ හුදකලාව ගමන් කරනා මිනිසුන්ගේ සිතේ හට ගන්නා ගති සොබාවයන්. ඊට දරුවකු අතින් ගත් ආකර්ශනීය තරුණ කාන්තාවක් භාවිත කරනවා. ආකර්ෂණය නිසා කෙනෙක් විපත්තියට පත්වෙනවා.


    මෙහිදී සත්‍ය ලෙස නම් වටපිට බලා සිත ආකර්ෂණය කරගන්නේ නැතිව තමන් නියැලී සිටින රාජකාරි කටයුත්ත සපුරා ගැනීමට වෑයම් කළ යුතු බවයි කියවෙන්නේ.


    වේලපත්ත ජාතකයේ එක්තරා තවුසෙක් වටපිට බැලීම නිසා මෝහනය වී අනතුරට පත්වූ ආකාරය සඳහන් කර තිබෙනවා.


    මෝහනය කියන සංකල්පය විද්‍යාත්මකව ඔප්පු කිරීමට බැරි නිසා නූතන ලෝකයේ මිනිස්සු ඊට වෙනත් අර්ථකථන දී තිබෙනවා.


    එනම් ඔවුන් කියනවා සොහොන් ළඟ මෝහිනී කියලා ළඳක් පෙනී සිටිනවා. ඇගේ අතේ දරුවෙක් ඉන්නවා. ඇයට වශීකරන ශක්තියක් තියෙනවා. ඇය අවතාරයක් කියලා. මා දන්නා පමණින් මේ ගැන ටිකක් හැදෑරූ කෙනෙක් තමයි මහගම සේකර කවියා. ඔහු මෝහිනී කියලා කවියක් ලිව්වා. එය පණ්ඩිත් අමරදේවයන් ගායනා කළා.


    මූලාශ්‍රගත සිදුවීම් වලින් පෙනී යනවා (ඉංග්‍රිසි පොත්) ප්‍රාචීන සාහිත්‍ය, (ජනකතා) මලක් දෙස බලා සිටින තාපසයෙකුට, ශාන්තුවරයෙකුට, මුනිවරයෙකුට තමන් තුළ පවතින ශක්තිය උරගා බැලීමට එවනු ලබන කිසියම් ආකර්ෂණීය රූපයක් මෝහිනිය ලෙස නම් කර ඇති බව.


    ඒ වගේම ලාංකීය සමාජයේ ආදීකාලීන කවි පොතක මෝහිනිය පිළිබඳ මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා.


    ගමට වැදෙන මෝහිනිය තරුණ සිත් වසඟ කර ගැනීමට සමත් වුණා.


    මෝහනය ඉංග්‍රීසි භාෂාවේ මෙස්මරයිස් (මෝහනය) සමාන අදහස් දෙන්නක්.


    රවින්ද්‍රනාත් තාගෝර්ගේ ‘ස්වජන නෞකා’ කියන පොතේ මෝහිනිය ගැන පැවසෙන එක කෙටිකතාවක් තිබෙනවා. ඒ වගේම බබාතී බට්ටාචාර්ය කියන වංග දේශිකයා ‘මෝහිනිය සංගීතයට ප්‍රියකරන වනගත කාන්තාවක්’ ලෙස හඳුන්වා දී තිබෙනවා.


    සෘග්වේද සමයේ සිට පෙරදිග සංකල්පවලටයි මෝහනය පිළිබඳව කතා කර ඇත්තේ.


    මෙය අදටත් විද්‍යාත්මක පදනමක් නොමැති සංකල්පයක් පමණයි.


    මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් මෝහිනිය පිළිබඳව එසේ අර්ථ දැක්වූ අතර වර්තමාන කවි සිතුවිලි මෝහිනිය අර්ථ ගන්වා ඇත්තේ මෙසේය.


    ‘ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ
    දොළ හඬන තුන්මං හන්දියේ
    කවුරු එනතුරු මඟ බලනවද
    මෝහිනී මගෙ නංගියේ
    මෝහිනී ආදර නංගියේ...//’
    උඹෙ දරුවා ගන්න කවුරුත්
    ​ෙනායන මූසල හන්දියේ
    උඹට දරුවෙක් දෙන්න
    ඕනෑ තරම් අය ඇත නංගියේ...//’
    සුරඟනට අමතන දරුවන්
    හඬද්දී කුණු බක්කියේ
    උඹ යකින්නක් උනේ කොහොමද
    කියා දීපන් නංගියේ..//’


    සමන් ලෙනින්ගේ හඬින් ප්‍රභාමත් වෙන එම ගීතයේ යකින්නක් ලෙස භයංකාරව අර්ථ දක්වා ඇති මෝහනිය සමාජ අසාධාරණයට ලක්වෙන කාන්තා චරිතයක් බවට පත්කර ඇත. එය කවියේ සඳහන් සියලු පද අරුත් විමසීමේදී මොනවට පැහැදිලි වෙයි.


    මෝහිනිය පිළිබඳ පෙර අපරදිග සමාජ මතවාදයන් එසේය. ඇය මෝහිනියගේ වෙස්ගත් විෂ්ණු අවතාරයද, නැතිනම් සමාජ අසාධාරණයට ලක්වී මියගිය කාන්තාවකගේ භූතාත්මයක්ද? එසේත් නැතිනම් ගොම්මනේ ඇවිද යන තරුණ පුතුන් හා හිමියන් නපුරින් ආරක්ෂා කරගැනීම සඳහා සමාජය විසින් නිර්මාණය කරගත් උපකල්පනයක්ද සිතීම ඔබට භාරය.



    https://www.yamu.lk/blog/7-devils-that-haunts-sri-lanka[/SIZE]
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචං උබල විශ්වාස කරනවද පෙරේතයෝ,බුතයෝ ගැන...

    මන් නං බය නෑ මොකද හිත දුර්වල නං තමයි බය කියන දේ දැනෙන්නේ:no:..මන් පොතක් කියෙවුව ඒ පොත කියෙවුවම නං බය හිතුන ටිකක් වගේ ඒ පොත මගේ අතින් හිතාගන්න බැරි විදියට නැතිඋනා:no:..හෙවුවා හම්බුනේම නෑ..එක වෙනමම කතාවක:oo:..මන් පොතේ නම කියනන් බලල තියනව නං කියපන් බන්..අපහු කියවන්න ආසයි..එක් සත්‍ය කතාවක් ජීවිතය තුලින්..

    මේකේ දෙවියන් පෙරේතයන් ගැන ඇත දකිඉමෙන් ලියපු මාරම පොතක්..book shop වලත් හෙවුවා හම්බුනේම නෑ ..:growl:

    ඔයාල මේ වගේ පොත් කියවල තියන් අනිවා reply කරන්න ..:P.

    ජය වේවා ..:love::love:


    අපට නොපෙනෙන ලෝකය 1 සහ 2 කියවන්න
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    elama..link ekak nadda. E-book ekaka:shocked:


    එහෙමනම් දන්නේ නෑ හැබැයි අනිවා කියවන්න ඕනේ පොත් දෙකක්.ලංකාවේ බිහිවෙච්ච ධර්ම දැනුම අතින් ඉහළම ස්වාමින්වහන්සේලා දෙනමක් වන බලංගොඩ ආනන්ද මෛත්‍රී ,රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේලා තමයි මේ පොත් ලිව්වේ.
     

    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    එහෙමනම් දන්නේ නෑ හැබැයි අනිවා කියවන්න ඕනේ පොත් දෙකක්.ලංකාවේ බිහිවෙච්ච ධර්ම දැනුම අතින් ඉහළම ස්වාමින්වහන්සේලා දෙනමක් වන බලංගොඩ ආනන්ද මෛත්‍රී ,රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේලා තමයි මේ පොත් ලිව්වේ.




    elama
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මචන් පුළුහන්නම් වෙනම ත්‍රෙඩ් එකක් දාපන්. මේ පෘථිවියෙම අපේ ඇස,කණ,නාසය,දිව,ශරීරය කියන පංචේන්ද්‍රයන්ගෙ senses(සංඥා) විදිහට රූප,ශබ්ධ,ගන්ධ,රස,ස්පර්ශ කියන ඒවා වලින් එහාට තවත් දේවල් තිබිය හැකිද ? ඒ වැනි තවත් දේ පවතියි නම් අනිවා අපි හැරුණුකොට වෙනත් සත්තු/හොල්මන් ඉන්නවා. එතකොට අපිව ඔවුන්ට නොපෙනනෙව සහ අපිව ඔවුන්ට නොපෙනෙනවා වෙන්නත් පුළුවන්.
    images.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    එළකිරි භූත කොටුව ත්‍රෙඩ් එක බලහන්. ඕන තරම් හොල්මන් කතා තියේ.