හොලිවුඩ් සිනමාවේ සුපිරි රූ මැවුම්කරුවෝ

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
හොලිවුඩ් සිනමාවේ සුපිරි රූ මැවුම්කරුවෝ

01. John Caglione

xpdq6pE.jpg


කුඩා කාලයේ පටන්ම horror චිත්‍රපට බැලීමට මහත් ඇල්මක් දැක්වූ john ඒවායේ සිටි භයානක හොල්මන්
හැඩගන්වා ඇති ආකාරයට දැඩි සේ ඇලුම් කර තිබෙනවා. බිහිසුණු ආකාරයට වෙස් ගැන්වීමට මොහු මුල් කාලයේදී
ඉගෙනගෙන ඇත්තේ සඟරා පරිශීලනය කරමින්. The dark knight චිත්‍රපටයේ heath ledger ගේ වේෂනිරුපන
ශිල්පියාට හිමි ඔස්කාර් සම්මානයට යෝජනා වෙලා තිබෙන්නේද john ගේ නමයි. dick tray, the insider,
salt ආදී සිනමාපටද ඔහු වේශ නිරූපනයෙන් දායක වී විශේෂ සටහන් තැබූ සිනමපටයි.


02. Richard Taylor

1RoAxGJ.jpg


lord of the ring, the return of the king, ආදී චිත්‍රපට සඳහා වෙස් ගැන්වීමෙන් දායක වූ මොහු චිත්‍රපට
නිෂ්පාදකවරයෙක් ද වනවා. ලෝකය පුරා සිටින සියලුම සිනමා ලෝලීන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ
lord of the ring චිත්‍රපටය සඳහා හොඳම වේශ නිරූපනයට හිමි සම්මාන කිහිපයක්ම මොහු ලබාගෙන තිබෙනවා.


03.Michele Burke

qG8taaL.jpg


Michele අයිරිෂ් ජාතික කාන්තාවක්. නිරූපිකාවක් විදියට රැකියාවේ යෙදීමට මැය කැනඩාව බලා පිටත්වෙනවා.
ඉන් අනතුරුව තමයි වේශ නිරූපන ශිල්පිනියක් බවට පත්වෙන්නේ. Michele ඔස්කාර් සම්මාන 2කට හිමිකම් කියන්නේ
dracula, quest for fire කියන චිත්‍රපට වල වේශ නිරූපනයට යි.


04. Stan Winston

F2XLw8A.jpg


මොහු ඇමරිකානු පුංචි තිරයේ මෙන්ම රිදී තීරයේද ජනප්‍රිය වේශ නිරූපන ශිල්පියෙක්. jurasic park, aliens,
predator, iran man, terminator යන චිත්‍රපට වලත් වෙස් ගැන්වීමේ කටයුතු කර ඇත්තේ මොහුයි.


05. Greg Cannom

3mkLBgx.jpg


හොලිවුඩ් පමණක් නෙමෙයි බොලිවුඩ් චිත්‍රපට වලටද දායක වී ඇති greg තුන් වතාවක් ඇකඩමි සම්මාන හිමි කරගත් අයෙක්.
එපමණක් නෙමෙයි ඔහුගේ නම ඇකඩමි සම්මාන 9කට යෝජනා වී තිබෙනවා, kapoor and sons චිත්‍රපටයේ
රිෂි කපුර් ගේ චරිතය වෙස් ගන්වා ඇත්තේ මොහුයි. titanic, the mask, earth 2 ආදී සිනමාපට සඳහාත්
මොහු දායක වී තිබෙනවා.


06. Chris Walas

PDOf2ph.jpg


ත්‍රාසජනක චිත්‍රපට වල ශිල්පින් වෙස් ගැන්වූ මොහු අතිශයින් ජනාදරයට පත්වන්නේ the fly චිත්‍රපටය හරහායි.
gremlins, raiders of the lost ark ආදී චිත්‍රපටද ඔහු වේශ නිරූපනයට සම්බන්ධ වී විශේෂ සටහන් තැබූ නිර්මාණයි.
හොඳම වේශ නිරූපන ශිල්පියාට සහ හොඳම කොණ්ඩා මෝස්‌තර ශිල්පියාට හිමි සම්මාන රැසක් chris ලබාගත්තේ
the fly චිත්‍රපටය වෙනුවෙනුයි.