හෝකන්දර ‘අමරගොඩ’ මරණ ගොඩක් කළ සය පුද්ගල ඝාතන

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    Writer : SANDINI PRARTHANA
    https://www.manthrana.com/2021/06/0...hWnN3tIrPcVrnoWhaJvtPXrlOy6lpwsGc_B_iVU_nNTHw

    1999 පෙබරවාරි 10, හෝකන්දර ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් හයදෙනෙකු ඝාතනය කෙරුණා. ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන චෝදනා ඔප්පු කළ නඩු විභාගය මෙන්ම, රංචු ගැසී ස්ත්‍රි දුෂණ කිරීමේ චෝදනාවට දඬුවම් දුන් මුල්ම නඩුව ලෙසටත් හෝකන්දර සය පුද්ගල ඝාතන ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වෙනවා

    පොලිසියට ඇමතුමක් – “ගෙදරක අමුතු දෙයක් වෙනවා“


    වන්නිආරච්චිගේ දොන් නිහාල් චන්ද්‍රගුප්ත ජීවත් වෙන්නේ බොරලැස්ගමුවේ. ඔහු, 1999 අවුරුද්දේ පෙබරවාරි මාසේ 10 වැනිදා හෝකන්දර අමරගොඩ පාරේ පදිංචි, ඔහුගේ ඥාතියෙකු වන ධම්මිකා හිඟුනෙආරච්චිට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වෙලාවේ, අසල්වාසී නිවසක ‘අමුතු සද්ද වගයක්’ ඇහෙන බව ධම්මිකා නිහාල්ට කියනවා. ධම්මිකා තරමක් බය වෙලා ඉන්න බවත් නිහාල්ට තේරෙනවා. ඒත් අසල්වාසීන් එක්ක ලොකු ගනුදෙනුවක් නැති නිසා ධම්මිකා මේ ‘අමුතු සද්ද’ ගැන හොයන්න අසල්වැසි නිවසට යන්නේ නැහැ.

    එදාම රෑ 8.10 ට විතර නිහාල් දෙවෙනි වතාවටත් ධම්මිකාට කතා කරනවා. ඒ වෙද්දී ධම්මිකා ඉන්නේ හොඳටම බයවෙලා. සාමාන්‍යයෙන් හවස් වෙනකොටම ලයිට් පත්තුවෙන අසල්වැසි නිවස, අද මේ වෙද්දිත් කළුවරේ බවත්, වෙනදා මේ වෙලාවට ගාල් කරන, ඔවුන්ට අයිති එළදෙනුන් තවමත් වත්ත පුරා නිදැල්ලේ ඇවිදිමින් කෑගසන බවත්, බල්ලන් වෙනදාට වඩා බුරමින් කලබලයෙන් හැසිරෙන බවත් ධම්මිකා නිහාල්ට කියනවා.

    මොකක් හෝ වරදක් වෙලා බව තේරෙන නිහාල් ධම්මිකාගෙන් ඒ ‘අමුතු යමක් වෙන’ නිවසේ ලිපිනය ඉල්ලගෙන අතුරුගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් දෙනවා. හැබැයි අතුරුගිරිය පොලියේ දුරකථනය හා සම්බන්ධ වෙන්න නිහාල්ට බැරි වෙනවා.

    ඒ නිසා ඔහු තලංගම පොලිසියට දුරකතනයෙන් කතාකරලා මේ සිදුවීම කියනව. එතකොට වෙලාව රෑ 8. 30 ට විතර ඇති.

    තලංගම පොලිසියෙන් මේ ස්ථානයට යන්නේ රෑ 11 ට විතර.

    අන්ධකාරයේ තිබ්බ නිවසට යන පොලිසිය දකින්නේ, සිදුවී තියෙන මහා අපරාධයක්.

    කොල්ලුරගේ කුසුම් පෙරේරා කියන්නේ, අමරගොඩ මේ සිදුවීම වුණු නිවසේ සිටි කොල්ලුරගේ සිරියාවතී පෙරේරාගේ බාල නැගණිය.

    1999 පෙබරවාරි 11ට එළිවෙන පාන්දර 3.00 ට විතර, තලංගම පොලිසියෙන් කුසුම් පෙරේරාගේ ගෙදරට එනවා. ඒ කුසුම්ගේ සොයුරිය, සිරියාවතීගේ ගෙදර වෙලා තියෙන ඛේදවාචකය ගැන දැනුම් දෙන්න.

    අපරාධයේ පසුබිම

    විතානගේ ලලනදාස කියන්නේ අතමිට සරු ගොවියෙක්. ඉඩම් හිමියෙක්. ඔහුගේ බිරිඳ කොල්ලුරගේ සිරියාවතී පෙරේරා.

    මේ යුවල සිය දරුවන් එක්ක පදිංචිවෙලා හිටියේ හෝකන්දර අමරගොඩ පාරේ අක්කර දෙකක පමණ විශාල වත්තක තිබුණු ගෙදරක.

    image-60.png

    මේ යුවලට දරුවෝ හතර දෙනයි. විතානගේ චන්ද්‍රා ප්‍රියංගනී ලොකු දුව, මේ සිදුවීම සිදුවන කාලයේ සුමති පුවත්පත් සමාගමේ ගිණුම් ලිපිකාරිණියක් විදිහට සේවය කරමින් සිටියා. පවුලේ එකම පුතා නිස්සංක, පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙක්. චිත්‍රා දයාංගනී මේ පවුලේ තුන් වැනි දරුවා. ඇය ඒ වෙද්දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්. පවුලේ බාලයා නයනා දමයන්ති, ගිණුම්කරණය හදාරමින් සිටින්නේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම පැටිකාලේ ඔය පැත්තේ හිටියේ මේ සිදුවීම එක වෙනකොට.

    ඒ දවස් වල රටේ මිනිස්සු හෝකන්දර කියන ගමේ නම කියනකොටත් පිළිකුල් කරා මේ සිදුවීමෙන් පස්සේ.

    අමරදාස ගෙදර ඉද්දි පොලිසියෙන් රෑ එකට විතර ඇවිත් අරං ගිහින් මැරුවා කියලා මිනිහගේ වයිෆ් කියන්නේ.

    කොහොමහරි මිනිහගේ බොඩි එක ගොඩ දාලා ට්‍රස්ෆොමර් එකක එල්ලලා තිබ්බා පනුවෝ වැටෙද්දී.

    මේකට සම්බන්ද සමහර අය දැන් නිදහස් වෙලා. අමරදාසගේ තව පුතෙක් එහෙම ඉන්නවා.

    කේස් එකට නම ගෑවුන සමහර අය රට.

    අතවරට ලක්‌ උන ගෑනු ළමයාගේ යෝනියට අලවංගුවක් ඔබලා තිබ්බා. අනෙකුත් කාන්තාවන්ගේ ඒවටත් කොසු මිටවල් ඔබලා තිබ්බා.
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    image-61.png
    image-62.png
    image-63.png

    අසල්වැසියන් සමඟ වැඩි ඇසුරක් නොතිබුණු මේ පවුල, ගමේ වැදගත් සහ කාටත් හිරිහැරයක් නැති පවුලක් ලෙසට නම් දරා සිටියා.

    අමරදාස කියන්නේ ලලනදාස පවුලේ අසල්වාසීන්. අමරදාස ගමේ යම් බලයක් තිබුණු මුදලාලි කෙනෙක්. නීත්‍යානකූල මෙන්ම, නීත්‍යානුකූල නොවන ව්‍යාපාර කරමින්, ගෝලබාලයන් පිරිවරාගෙන හිටි අමරදාස, ලලනදාස පවුලේ අයට ලොකු හිරිහැරයක් වෙමින් තිබුණා.

    අමරදාසගේ පිරිස්, ලලනදාසගේ නිවසේ ගස්වල ගෙඩි හොරෙන් කැඩීම, බලහත්කාරයෙන් ලලනදාස ඉඩමේ වතුර කාණුවක් කැපීම, හොර මත්පැන් බූලි හැංගීමට ලලනදාසගේ ඉඩම පාවිච්චි කිරීම මෙන්ම, මේවාට විරෝධය පෑම නිසා අමරදාස සහ ගෝලබාලයන් ලලනදාසට පහර දීමත් මේ හිරිහැරවලට අයත් වුණා.

    අමරදාසගේ සේවකයෙකු වුණු සංජීව නොහොත් ‘උක්කුවා’සහ අමරදාසගේ පුත් ගයාන් සුරංග ඇතුළු පිරිස මේ පවුලේ දියණියන්ට අයුතු යෝජනා කිරීමත් මේ හිරිහැර අතරේ තිබුණා.

    එමෙන්ම ලලනදාස පවුලේ දෙවැනි දියණිය වූ චිත්‍රා දයාංගනී පිළිබඳව කැමැත්තක් උක්කුවා ගේ සිතේ තිබී, ඒ පිළිබඳව ඇයට කියූ විට ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා උක්කුවා මේ පවුල කෙරෙහි ඇතිකරගත් වෛරයක්ද තිබුණා.

    මේ ආකාර සිදුවීම් කිහිපයක්ම සම්බන්ධයෙන් ලලනදාස පවුල, වරින්වර තලංගම පොලිසියට පැමිණිලි කරනවා.

    ඝාතනය සිදුවෙන්න මසකට පමණ පෙර, මෙම පිරිස ලලනදාස පවුලේ සාමාජිකයන්ට පහර දෙනවා. මේ පිළිබඳව නඩුවක් හෝමාගම අධිකරණයේ පැවරෙනවා.

    මරණයෙන් විසඳාගැනීම

    1999 පෙබරවාරි 10, මෙම නඩුවේ නඩු වාරයක් හෝමාගම උසාවියේ පැවැත්වෙනවා.

    එහි සාක්ෂී දීමට සිරියාවති හා චන්ද්‍රා ප්‍රියංගනී නම් වූ වැඩිමහල් දියණිය උසාවියට යනවා. එදින විත්තිකරුවන් ලෙස, ‘උක්කුවා’ පෙනී සිටීමට නියමිතව තිබුණත්, එදින ඔහු අධිකරණයට පැමිණෙන්නේ නැහැ. අමරදාස සහ ගයාන් සුරංග එදින අධිකරණයට පැමිණෙනවා.

    මෙදින ලලනදාස නිවසේ පුතු නිස්සංක රැකියාවට යනවා. බාල දියණිය නයනා දමයන්ති අය අධ්‍යාපනය හදාරන ආයතනයට යනවා. නිවසේ සිටින්නේ ලලනදාස සහ ඔහුගේ දෙවැනි දියණිය වූ චිත්‍රා දයාංගනී පමණයි.

    එදින අධිකරණයට නොගිය ‘උක්කුවා’, සම්පත්සිරි නන්දන සහ මහින්ද සිරිවර්ධන යන අය සමඟ ලලනදාස නිවසට ඇතුළු වනවා. මොවුන් තිදෙනා නිවසට ඇතුළු වන්නට ඇත්තේ උදෑසන 10 ත් සවස 2 ත් අතර කාලයේ.

    ඔවුන්ව සපා කෑමට උත්සහ කළ නිවසේ සිටි සුනඛයෙකුව, සිරුරේ ගලක් ගැට ගසා ළිඳට දමා මරණයට පත් කරනවා.

    නිවැසියන්ගෙන් මුලින්ම ලලනදාසව ඝාතනය කරන මේ පිරිස, චිත්‍රා දයාංගනීව කාමරයට ගෙනගොස් ඇඳෙහි ගැටගසා අතවර කරනවා. (උක්කුවා, සිය කැමැත්ත පවසමින් පසුපස ආවේ මේ දියණියගේයි ).

    මේ වනවිට උසාවියට ගොස් පැමිණ සිටින ගයාන් සුරංග, පසුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ ‘ජොන්ටි’ සමඟ ලලනදාසගේ නිවසට පැමිණෙනවා.

    ගයාන්, ඒ වනවිටත් අඩපණව සිටි චිත්‍රා දයාංගනීට අතවර කිරීමට ගොස් එය නවත්වන්නේ, ඔහුගේ පියාවන අමරදාස ඒ මොහොතේ එහි පැමිණීම නිසායි. මේ අතරතුර කාලයේ අධ්‍යාපන ආයතනයෙන් නිවසට පැමිණ, මුළුතැන්ගෙය දෙසින් නිවසට ඇතුළු වෙමින් සිටි නයනා දමයන්තිව මොවුන් මරාදමන්නේ නිවස පිටුපස වැසිකිළිය ආසන්නයේදී. ඉන් පැය දෙකකට පමණ පසු අධිකරණයට ගොස් නිවසට පැමිණි සිරියාවතී සහ චන්ද්‍රා හා වැඩිමහල් දියණිය ගෙල කපා මරා දමනවා. මේ අතරතුර නිවසේ පිටුපස වෙල්යාය දිගේ මෙන්ම නිවස ඉදිරියේ පාර දිගේත් මොවුන් වරින්වර හෝකන්දර ටවුමට ගොස් එන අයුරුත් අසල්වැසියන් දකිනවා. නිවසේ රැඳී සිටින කාලයේ එහි තිබූ ‘Celebration’ වර්ගයේ බිස්කට් පැකට්ටුවක් කඩා මොවුන් එය ආහාරයට ගන්නවා.

    ඉන්පසු (රාත්‍රී හත හෝ ඊට පසු – ආසන්න වෙලාවකදී) මෙතෙක් වෙලා වරින්වර සමූහ ලිංගික අතවරවලට ලක්වී අසාධ්‍යව සිටි චිත්‍රාව කාමරයේ දොරේ සරනේරුවක එල්ලා මරාදමනවා.

    රාත්‍රී අටට පමණ නිවසට පැමිණි නිස්සංක, ඔහුට පහර එල්ල කළ අමරදාසට පෙරළා පහර දෙනවා. නිස්සංක මියයන්නේ කැපුම් තුවාලවලින්. ඔහුට තරමක් එහායින්, ඔහුව ඝාතනය කළ අමරදාසත්, නිස්සංකගේ පහරදීම් නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටිනවා. (රෝහල්ගත කිරීමෙන් පසු ඔහුත් මියයනවා)

    සැහැසිකමේ තරම හෙළිකළ, පොලිස් පරීක්ෂකගේ සාක්ෂිය

    රාත්‍රී 8.30 ට පමණ ලැබෙන බොරලැස්ගමුවේ නිහාල් චන්ද්‍රගුප්තගේ දුරකථන ඇමතුමෙන් පසුව, තලංගම පොලිසිය ලලනදාස නිවසට පැමිණෙන්නේ රාත්‍රී 11.00 ට පමණ.

    පොලිස් ජීප් රිය නවත්වන විටම, ලලනදාසගේ වත්තේ සිට කාන්තාවක් සහ දරුවෙක් බියවී දිව එන ආකාරය පොලිසිය දකිනවා. මේ දෙදෙනා අමරදාසගේ බිරිය සහ එක් පුතෙකු වන වන මීමනගේ සිරියාවතී සහ බුද්ධික විතානගේ බවට පසුව හඳුනා ගැනෙනවා. ඒ මොහොතේ කිසිවක්ම ප්‍රකාශ කිරීමට බැරි තරම් බිය වී සිටින මේ දෙදෙනාව, පොලිස් ජීප් රිය තුළ වාඩි කරවන්නට පොලිසිය කටයුතු කරනවා. (පසුව සිරියාවතීද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළත් ඇය නිදහස් වනවා.)

    පොලිස් පරීක්ෂක සුරවීර, පසුපස දොරෙන් නිවසට ඇතුළු වන විට, මුළුතැන්ගෙයි විදුලි පහනක් දැල්වී තිබුණා.

    වී ගබඩා කිරීම සඳහා භාවිතා කළ විශාල ලී පෙට්ටියක් තුළ, වාඩි වී සිටින ආකාරයෙන්, ලලනාදසගේ මළ සිරුර තිබූ අතර, ඔහුගේ අත් සහ කකුල් කොහු කඹයකින් බැඳ තිබුණා.

    ලලනදාසගේ සිරුර තිබූ එම කාමරයට යාබද කොරිඩෝවක සිරියාවතී සහ චන්ද්‍රා ප්‍රියංගනීගේ සිරුරු බිම වැතිර සිටින ආකාරයෙන් තිබූ අතර, සිරුරු දෙකේම ගෙලවල්වල කැපුම් තුවාල දක්නට ලැබුණා. ඒ අවට ලේ ගලාගොස් තිබුණා. මළ සිරුරු දෙක අතර කොරිඩෝවේ තාප්පයට හේත්තු කර තිබූ අඩි 6 ක් පමණ දිග, ඉහළ කොටසේ ලේ තැවරී තිබූ අලවංගුවක් තිබුණා.

    ඊළඟ කාමරයේ දොර සරනේරුවල එල්ලා තිබූ චිත්‍රා දයාංගානිගේ මළ සිරුර මීළඟට සොයා ගත්තා. සිරුරේ දෑත් පිටුපසින් බැඳ, මුහුණ පහළට සහ සිරුර බිම ස්පර්ශ වන ආකාරයට එල්ලා තිබුණා. ඒ ආසන්නයේ තිබී රුධිරය, කොන්ඩම් එකක්, හිස් සිගරට් පැකට්ටුවක් හා සිගරට් අළු ද සොයාගත්තා.

    නයනා දමයන්තිගේ මළ සිරුර, නිවසේ පිටුපස වැසිකිළිය පිටුපස තිබුණා. සිරුර පුවක් අතුවලින් වසා තිබූ නිසා එක්වරම පෙනුණේ නැහැ.

    පොලිස් පරීක්ෂණ පැවැත්වෙද්දී එතැනට රැස්වූ අසල්වාසීන් විසින් පවුලේ තවත් සාමාජිකයෙකු අඩු බව පැවසූ නිසා වත්ත සෝදිසි කිරීමෙන් පසු, නිවසින් මීටර් 30 ක් පමණ දුරින් පිහිටි පොල් ගස් අතර නිසංකගේ සිරුර තිබී හමුවුණා. මළසිරුරේ ඇඳුම්වල ලේ සහ මඩ තැවරී තිබුණා. ඒ ආසන්නයේ තිබී, ලේ සහ මඩ තැවරුණු ‘කිතුල්’ පොල්ලක් ද සොයාගත්තා.

    නිසංකගේ සිරුරට තරමක් එහායින්, අසාධ්‍ය තත්ත්වයෙන් අමරදාස වැටී සිටියා.

    (අමරදාස මියයන්න පෙර මෙම ඝාතනවලට තමන් සම්බන්ධ බව පැවසූ බව ඇතැම් පුවත් වාර්තාවල සඳහන් වෙනවා.)

    මරණ පරීක්ෂණ පැවැත්වෙයි

    මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුයේ වෛද්‍ය නිලුක්ෂි අබේසිංහ සහ වෛද්‍ය එස්. නිරන්ජන් විසින්.

    මරණ පරීක්ෂණ වාර්තාවට අනුව,

    • ලලනදාස – බාහිර තුවාල 13 ක් සහ එක් අභ්‍යන්තර තුවාලයක්. මරණයට හේතුව බන්ධකයක් යොදාගෙන කළ ගෙල සිර කිරීමක්.
    • සිරියාවතී – බාහිර තුවාල 3 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයකින් සිදුවූ අධික ලේ වහනය.
    • නයනා දමයන්ති – බාහිර තුවාල 2 ක්. මරණයට හේතුව මුහුණෙහි සහ ගෙලෙහි ගැඹුරු කැපුම් තුවාලවලින් සිදුවූ අධික ලේ වහනය.
    • චන්ද්‍රා ප්‍රියංගනී – බාහිර තුවාල 11 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයක්.
    • චිත්‍රා දයාංගනී – බාහිර තුවාල 2 ක් සහ එක් අභ්‍යන්තර තුවාලයක්. මීට අමතරව ලිංගික අතවරයකදී සිදුවන තුවාල දකින්නට ලැබුණා. මරණයට හේතුව හුස්ම හිරවන සේ එල්ලීම.
    • නිස්සංක – බාහිර තුවාල 11 ක්. අභ්‍යන්තර තුවාල 2 ක්. මරණයට හේතුව ගෙලෙහි වූ ගැඹුරු කැපුම් තුවාලයක්.

      ගැහැණු ළමුන්ව මරා දැමීමට පෙර සිරුරට කැපුම් කෙටුම් කර වදහිංසා පමුණුවා තිබූ බව මනාව පැහැදිළි වුණා.
    සැකකරුවන් අත්අඩංගුවට

    පසු දින උක්කුවා (19) – පළමු චුදිත, සම්පත් සිරිනන්දන(25) – දෙවන චුදිත, සහ මහින්ද සිරිවර්ධන (21) – තෙවන චුදිත, පොලිස් අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා. රෝහල්ගත කිරීමෙන් පසු මියගිය අමරදාසගේ පුත් ගයාන් සුරංග (17) – සිව්වන චුදිත, ගමෙන් පිටවී සැඟවී තිබුණා. ඔහු පසුව නඩු විභාගය අතරතුරදී පොලිසියට භාර වුණා.

    අත්අඩංගුවට ගත් තිදෙනා සන්තකයේ තිබී ලලනදාස නිවසින් සොරකම් කළ රන් ආභරණද පොලිසිය සොයා ගත්තා. රන් වළලු කිහිපයක ‘චන්ද්‍රා’ යනුවෙන් කොටා තිබූ අතර, එක් මුදුවකද ‘C’ අකුරක් කොටා තිබුණා. මේ ඇතැම් අභරණ තමන් විසින් චන්ද්‍රාට තෑගී දී තිබූ ඒවා බව චන්ද්‍රාගේ පෙම්වතා අධිකරණයේදී හඳුනාගත්තා.

    ඩබ්ලිව්. ඩබ්ලිව් ජයන්ත හෙවත් ‘ජොන්ටි‘

    නඩුවේ සිව්වන චුදිත, 17 හැවිරිදි ගයාන් සුරංගගේ මිතුරෙකු වන ජොන්ටි, මෙම අපරාධය සිදුවූ දිනයේ ලලනදාස නිවසට පැමිණෙනවා. අපරාධයෙන් පසු දින දෙක තුනක් අතුරුදන්ව සිටින ඔහු, පසුව මෙම නඩුවේ ප්‍රබලතම සාක්ෂිය බවට පත්වෙනවා.

    1999 පෙබරවාරි 10, හෝකන්දර ටවුමේදී ජොන්ටිට ගයාන් සුරංගව හමුවෙනවා. ‘පොඩි වැඩකට යමං’ කියන ගයාන් ජොන්ටිත් එක්ක ලලනදාසගේ නිවසට එනවා. ඒ ආවිට වී පෙට්ටියක් ඇතුළේ තියෙන ලලනදාසගේ මළසිරුරත්, නයනා දමයන්තිගේ සිරුරත් ජොන්ටි දකිනවා. එමෙන්ම, කාමරයක ඇඳක බැඳ දමා සිටින චිත්‍රාට, උක්කුවා විසින් අතවර කරනු දකිනවා. ගයාන් ඒ අවස්ථාවේ, තමාටත් අවස්ථාවක් අවශ්‍ය බව කියමින් චිත්‍රාට අතවර කිරීමට සැරසුනත්, ඒ මොහොතේ ඔහුගේ පියා අමරදාස පැමිණීම නිසා ඔහු එය නවතනවා.

    ඉන්පසු ගයාන් සමඟ අසල්වැසි නිවසක් වූ පරණවිතාරන නිවසට යන ජොන්ටි එහෙන් දිවා ආහාරය ගන්නවා. මේ දෙදෙනා මේ නිවසින් ආහාර ගැනීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහිදී ” ලලනදාසලෑ දිහා දෙනෙක් මරල” යනුවෙන් ගයාන් විසින් පැවසූ බව පරණවිතාරන පසුව පවසනවා. ඉන්පසු සවස 3.30 ට පමණ යළිත් ගයාන් සමඟම ලලනදාස නිවසට යන ජොන්ටි, සිරියාවතීගේ සහ චන්ද්‍රාගේ මළ සිරුරු දකිනවා. ඉන් පසු ඔහු යළිත් එහි යන්නේ සවස 6.30 ට පසුවයි. ඒ අවස්ථාවේ, පළමු චුදිතයන් තිදෙනා චිත්‍රාට අතවර කරනු ඔහු දකිනවා.

    මේ අවස්ථා තුනේම ජොන්ටි ලලනදාස නිවසට යන්නේ ගයාන්ගේ ඉල්ලීම මතයි.

    පරිවේෂණ සාක්ෂි මත පදනම් වූ නඩුවක්

    මේ මුළු නඩුවම ජොන්ටිගේ සාක්ෂිය සහ අපරාධ ස්ථානයෙන් සොයාගත් සාක්ෂි මත පදනම් වුණා. කුමන සැකකරු විසින් කුමන ඝාතනය සිදුකළාද යන්න සොයා ගත නොහැකි වීම මෙහි යුක්තිය ඉටු කිරීමේදී විශාල ගැටළුවක් වුණා.

    අසල්වාසීන් අමරදාස කල්ලියට දැක්වූ අප්‍රමාණ බිය නිසා, ඇසින් දුටු දේ පවා ඔවුන් සඟවන බව පොලිසියට වැටහී තිබුණත් ඒ වෙනුවෙන් කළහැකි දෙයක් තිබුණේ නැහැ.

    නිවසේ තිබූ බිස්කට් ටින් එකක දෙවන චුදිත සම්පත් සිරිනන්දනගේ ඇඟිලි සළකුණු තිබෙනවා. එහෙත් පොලිසිය විසින් එය අල්ලාගන සිටින ලෙස නියමකර, තමන්ට පහර දුන් බව ඔහු උසාවියේදී පවසනවා.

    මෙහිදී, එතෙක් ලංකාවේ අපරාධ නඩු විසඳීමේදී සාක්ෂියක් ලෙස භාවිතා නොවුණු DNA සාක්ෂිද සළකා බැලෙනවා. ඒ අනුව අංක, 1,2,3, සහ 4 යන චුදිතයන් චිත්‍රාට සමූහ වශයෙන් අතවර කර ඇති බව ඔප්පු වෙනවා.

    එමෙන්ම එක සැකකරුවෙකුගේ ඇඳුම්වල තිබූ රුධිරය ද DNA පරික්ෂාවට ලක් කෙරෙනවා.

    මෙහි විද්‍යාත්මක සාක්ෂි මෙහෙයවූයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නයි.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    තීන්දුව

    1 වන 2 වන හා 3 වන සැකකරුවන්ට විරුද්ධව නිස්සංක හැර අනෙකුත් පුද්ගල ඝාතන පහටම මිනීමැරුම් චෝදනාව යටතේ 296 වගන්තිය ප්‍රකාර මරණ දඩුවමත්, දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය ප්‍රකාරව රන් භාණ්ඩ කොල්ලකෑමත්, සඳහා, 4 වන සැකකරු හැර අනෙකුත් සියළුම සැකකරුවන්ට අවුරුදු 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හිමිවනවා.

    image-64.png

    සැකකරුවන් සියලු දෙනාටම සමූහ ස්ත්‍රී දූෂණය වරදට 364(2) වගන්තිය ප්‍රකාරව අවුරුදු 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හිමිවෙනවා. මෙම දඬුවම් අඛණ්ඩව ලබා දිය යුතු බවටත් මෙහිදී තීන්දු කරනවා.

    පසුව මෙම චූදිතයන් සිව්දෙනා ජනාධිපති නීතිඥ රෙන්සි අර්සකුලරත්න මහතා, අධිනීතිඥ ශමාල් ඒ කොලර්, එල්. බරණ ගයාන් පෙරේරා ඇතුලු තවත් අධිනීතිඥවරයන් කිහිප දෙනෙක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කරනවා.

    සම්පූර්ණ නඩුව අවස්ථානුකූල සාක්ෂි මත රඳා පැවති බවත්, ජොන්ටි ගේ සාක්ෂිවල විශ්වසනීයත්වයේ ගැටළු ඇති බවත්, සමූහ දූෂණය සදහා 4 වන චූදිතයාගේ සම්බන්ධයක් නොමැති බවත් මෙහිදී ඉදිරිපත් කෙරෙන තර්ක වනවා.

    එහෙත් සියලු පුද්ගල වාචික සාක්ෂි, ද්‍රව්‍යමය සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇඟිලි සලකුණු සහ DNA සාක්ෂි සලකා බලා ජොංටිගේ සාක්ෂි මනාව සනාථ වී ඇති බවත් විශ්වාසනීයත්වය පිළිබද ගැටලුවක් නොමැති බවත් තීරණය කරනවා. පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙන්නේ DNA සාක්ෂි පදනම් ව සිව්වැනි අභියාචාකද සමූහ දූෂණයට සහබාගි වී ඇති බවයි.

    එමෙන්ම එක් චූදිතයෙකු දූෂණය කිරීමේ වරද සිදු කර ඇති බවත්, අනෙක් පිරිස් ආධාර සහ අනුබල දී ඇති බවත් තහවුරු වූ පසු, 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිළි කිරීම අනුව සමූහ දූෂන වරදට ඔවුන් සියල්ලෝම වැරදිකරුවන් වනු ඇති බවත් මෙහිදී සඳහන් වනවා.

    ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය යටතේ අභියාචනාව නිශ්ප්‍රභ කළ අතර මහාධිකරණයේ තීන්දුව එලෙසම ස්ථීර කිරීමට කටයුතු කළා.

    නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඬුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පැහැදිළි වුණේ නැහැ.

    පසු විපරම

    ලලනදාස පවුලේ සය දෙනාගේ මළ සිරුරු, ඔවුන් ජීවත් වූ වත්තේම මිහිදන් කළා.


    එමෙන්ම එම සයදෙනාගේ මරණවල වියදම තමන් තනිව දෑරු බවටත් එකල එක්තරා ප්‍රාදේශීය දේශපාලඥ නායකයෙකු පවසා තිබුණා.

    image-65.png

    ප්‍රකෝප වූ ගම්වැසියන් අමරදාසගේ නිවසද ඇතුළුව, අනෙකුත් චුදිතයන්ගේද නිවාස කිහිපයක් ගිනිබත් කළා.

    අමරදාසගේ මළසිරුර එක් රාත්‍රියක ගොඩගත් ගම්වාසීන්, එය හෝකන්දර මංසන්ධියට ගෙනගොස්, එයට ගවුමක් අන්දවා ප්‍රදර්ශනයට තබනවා. පසුව එය යළි මිහිදන් කරන්නේ පොලිසියේ මැදිහත් වීමෙන්.

    එවකට බාලවයස්කරුවෙකුව සිටි සිව්වන චුදිත ගයාන් මේ වනවිට නිදහස ලබා සිටිනවා.

    මියගිය අමරදාසගේ බිරිය සිරියාවතී, පවසන්නේ අමරදාස නිවසේ සිටියදී පොලිසියෙන් අල්ලාගෙන ගිය බවයි. එහෙත් සිදුවීම වූ ස්ථානයට මුලින්ම පැමිණි පොලිස් පරීක්ෂක සුරවීර මහතා මේ කතාව එකහෙළා ප්‍රතික්ෂේප කරනවා.

    මෙම නිවස අයිති ඉඩම රජයට පවරා ගැනෙනවා. අද ඒ ස්ථානයේ ඇත්තේ හමුදාවට අයත් ගොඩනැගිලියි.


    මෙම ඉඩම පවුලේ ඉතිරිව ඇති සමීපතම ඥාතින්ට එයට හිමිකම් කීමට අවස්ථාව නොදුන් බවටත්, එය රජයට පවරා ගත අවස්ථාවේ යම් යම් කතාබහ ඇති වී තිබුණා.
    පහත ඡායාරූපයේ ගේට්ටු කණු අතරින් ඈතින් පෙනෙන කහ පැහැති ගොඩනැගිල්ල මෙම අපරාධ සිදුවූ නිවසයි.

    image-66.png
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    මම පැටිකාලේ ඔය පැත්තේ හිටියේ මේ සිදුවීම එක වෙනකොට.

    ඒ දවස් වල රටේ මිනිස්සු හෝකන්දර කියන ගමේ නම කියනකොටත් පිළිකුල් කරා මේ සිදුවීමෙන් පස්සේ.
    ඔව්... මේක කියවනකොටත් ලොකු කම්පනයක් දැනෙනව ...
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    1980-2010 කියන්නෙ මේ රටේ කාලකන්නිම යුගයක් නේ බන්
    2020 න් පස්සෙ එන යුගයත් ඒ තරම් හොද නෑ වගේ පේන්නෙ බන් ... ඉස්සරහට මිනිස්සුන්ට කන්න නැතිව හෙන අවුලක් වෙනව... හොරකම් එහෙම සැහෙන්න වැඩි වෙයි ... :no::no:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    :sorry: :sorry: :sorry:



    dn kylth lokuma wenask penne na bn
    2010 - 2020 කාලය තමයි බන් ලංකාවෙ මිනිස්සු පොඩ්ඩක් හරි නිදහසේ හිටපු කාලය ... හරියට අපායේ ඉන්ටවල් වගේ ... දැන් ආයෙත් වැඩ පටන් ගන්න යන්නෙ ...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    2010 - 2020 කාලය තමයි බන් ලංකාවෙ මිනිස්සු පොඩ්ඩක් හරි නිදහසේ හිටපු කාලය ... හරියට අපායේ ඉන්ටවල් වගේ ... දැන් ආයෙත් වැඩ පටන් ගන්න යන්නෙ ...

    ow ekathama dn khmth aye yudde wage tyei wage