Writer : SANDINI PRARTHANA
https://www.manthrana.com/2021/06/0...hWnN3tIrPcVrnoWhaJvtPXrlOy6lpwsGc_B_iVU_nNTHw
1999 පෙබරවාරි 10, හෝකන්දර ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් හයදෙනෙකු ඝාතනය කෙරුණා. ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන චෝදනා ඔප්පු කළ නඩු විභාගය මෙන්ම, රංචු ගැසී ස්ත්‍රි දුෂණ කිරීමේ චෝදනාවට දඬුවම් දුන් මුල්ම නඩුව ලෙසටත් හෝකන්දර සය පුද්ගල ඝාතන ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වෙනවා
පොලිසියට ඇමතුමක් – “ගෙදරක අමුතු දෙයක් වෙනවා“
වන්නිආරච්චිගේ දොන් නිහාල් චන්ද්‍රගුප්ත ජීවත් වෙන්නේ බොරලැස්ගමුවේ. ඔහු, 1999 අවුරුද්දේ පෙබරවාරි මාසේ 10 වැනිදා හෝකන්දර අමරගොඩ පාරේ පදිංචි, ඔහුගේ ඥාතියෙකු වන ධම්මිකා හිඟුනෙආරච්චිට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වෙලාවේ, අසල්වාසී නිවසක ‘අමුතු සද්ද වගයක්’ ඇහෙන බව ධම්මිකා නිහාල්ට කියනවා. ධම්මිකා තරමක් බය වෙලා ඉන්න බවත් නිහාල්ට තේරෙනවා. ඒත් අසල්වාසීන් එක්ක ලොකු ගනුදෙනුවක් නැති නිසා ධම්මිකා මේ ‘අමුතු සද්ද’ ගැන හොයන්න අසල්වැසි නිවසට යන්නේ නැහැ.
එදාම රෑ 8.10 ට විතර නිහාල් දෙවෙනි වතාවටත් ධම්මිකාට කතා කරනවා. ඒ වෙද්දී ධම්මිකා ඉන්නේ හොඳටම බයවෙලා. සාමාන්‍යයෙන් හවස් වෙනකොටම ලයිට් පත්තුවෙන අසල්වැසි නිවස, අද මේ වෙද්දිත් කළුවරේ බවත්, වෙනදා මේ වෙලාවට ගාල් කරන, ඔවුන්ට අයිති එළදෙනුන් තවමත් වත්ත පුරා නිදැල්ලේ ඇවිදිමින් කෑගසන බවත්, බල්ලන් වෙනදාට වඩා බුරමින් කලබලයෙන් හැසිරෙන බවත් ධම්මිකා නිහාල්ට කියනවා.
මොකක් හෝ වරදක් වෙලා බව තේරෙන නිහාල් ධම්මිකාගෙන් ඒ ‘අමුතු යමක් වෙන’ නිවසේ ලිපිනය ඉල්ලගෙන අතුරුගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් දෙනවා. හැබැයි අතුරුගිරිය පොලියේ දුරකථනය හා සම්බන්ධ වෙන්න නිහාල්ට බැරි වෙනවා.
ඒ නිසා ඔහු තලංගම පොලිසියට දුරකතනයෙන් කතාකරලා මේ සිදුවීම කියනව. එතකොට වෙලාව රෑ 8. 30 ට විතර ඇති.
තලංගම පොලිසියෙන් මේ ස්ථානයට යන්නේ රෑ 11 ට විතර.
අන්ධකාරයේ තිබ්බ නිවසට යන පොලිසිය දකින්නේ, සිදුවී තියෙන මහා අපරාධයක්.
කොල්ලුරගේ කුසුම් පෙරේරා කියන්නේ, අමරගොඩ මේ සිදුවීම වුණු නිවසේ සිටි කොල්ලුරගේ සිරියාවතී පෙරේරාගේ බාල නැගණිය.
1999 පෙබරවාරි 11ට එළිවෙන පාන්දර 3.00 ට විතර, තලංගම පොලිසියෙන් කුසුම් පෙරේරාගේ ගෙදරට එනවා. ඒ කුසුම්ගේ සොයුරිය, සිරියාවතීගේ ගෙදර වෙලා තියෙන ඛේදවාචකය ගැන දැනුම් දෙන්න.
අපරාධයේ පසුබිම
විතානගේ ලලනදාස කියන්නේ අතමිට සරු ගොවියෙක්. ඉඩම් හිමියෙක්. ඔහුගේ බිරිඳ කොල්ලුරගේ සිරියාවතී පෙරේරා.
මේ යුවල සිය දරුවන් එක්ක පදිංචිවෙලා හිටියේ හෝකන්දර අමරගොඩ පාරේ අක්කර දෙකක පමණ විශාල වත්තක තිබුණු ගෙදරක.
මේ යුවලට දරුවෝ හතර දෙනයි. විතානගේ චන්ද්‍රා ප්‍රියංගනී ලොකු දුව, මේ සිදුවීම සිදුවන කාලයේ සුමති පුවත්පත් සමාගමේ ගිණුම් ලිපිකාරිණියක් විදිහට සේවය කරමින් සිටියා. පවුලේ එකම පුතා නිස්සංක, පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙක්. චිත්‍රා දයාංගනී මේ පවුලේ තුන් වැනි දරුවා. ඇය ඒ වෙද්දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්. පවුලේ බාලයා නයනා දමයන්ති, ගිණුම්කරණය හදාරමින් සිටින්නේ.