හෝටන් තැන්නේ කෑම්ප් කරමු

dilshanmad

Active member
  • Apr 15, 2008
    316
    135
    43
    O

    online ut book karnna puluwanneda? Mn wilpattuwe cottage ekak ehema book kala..
    Thawama online book karanna baha , wildlife ekata gihin thama book karanna one 😭

    Saththu enne nadda bn ? Diviyo ehema ?
    Ehema Loku Awulak une naha , දිවියා enawa enawalu, but karadarayak wela naha katawath
    ------ Post added on Jun 24, 2021 at 3:40 PM
     
    • Like
    Reactions: planner123

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Kellek ekka taniyen gihn camp kranna beida bn
    මම wife එක්ක දවස් දෙකක් ඉඳලා ආවා. Toilet තියනවා අවුලක් නෑ. online book කරන්න බෑ දන්න තරමින්. යනවනං camp site 1 එක ගන්න. ඒක තමයි ලස්සනම.
    28164402_1551106738340011_530460767622192042_o.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මම wife එක්ක දවස් දෙකක් ඉඳලා ආවා. Toilet තියනවා අවුලක් නෑ. online book කරන්න බෑ දන්න තරමින්. යනවනං camp site 1 එක ගන්න. ඒක තමයි ලස්සනම. View attachment 132474
    wisthara dapanko bn puluwan nan. tent aran yanna oneda? ethanin ganna puluwanda? price anan manan
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,019
    13,912
    113
    126
    Hogwarts
    මම wife එක්ක දවස් දෙකක් ඉඳලා ආවා. Toilet තියනවා අවුලක් නෑ. online book කරන්න බෑ දන්න තරමින්. යනවනං camp site 1 එක ගන්න. ඒක තමයි ලස්සනම. View attachment 132474
    Aran giya badu list eka danna puluwanda machan... hamotama wedagat wei...
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    wisthara dapanko bn puluwan nan. tent aran yanna oneda? ethanin ganna puluwanda? price anan manan
    බත්තරමුල්ලේ වනජීවී [Department of Wildlife Conservation] එකෙන් පුළුවන් තරම් කලින් booking එක දාගන්න. camp site තුනක් තියනවා. පලවෙනි එක හොඳයි. දෙන receipt එක අනිවාර්යයෙන් අරං යන්න. ටෙන්ට් අරං යන්න ඕන. දැන් නං ඒ ළඟ පාත කුලියට දෙන තැන් ඇති. ඒත් sure නෑ.

    නොදිරන දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. සංගීත භාණ්ඩ බෑ. අරක්කු ගෙනියන්න තහනම් ඒත් හෙමීට කියලා ශේප් කරගන්න පුළුවන්. උනුත් දන්නවා ෂොට් එකක් නොදා ඔය සීතලේ ඉන්න බෑ කියලා. ගිණි ගොඩවල් ගහන්න බෑ [හොරෙන්වත් එපා]. ඒ නිසා කෑම හදාගන්න අපි නං පොඩි ගෑස් සිලින්ඩරයයි තනි ලිපකුයි අරං ගියා.

    camp site one එකට gate එකේ ඉඳලා 1km වගේ තියනවා වාහන ගෙනියන්න බෑ. යන දිහාක හදලා තියන පාරවල් වලම යන්න. trail එකෙන් එලියට යන අයට නඩු දාන්න වනජීවී එකට අයිතිය තියනවා. ඒ නැතත් off trail ගිහිං පැටවූ එක්ක ඉන්න දිවියෙක් ගෝනෙක් එහෙම සෙට් උනොත් ඉවරයි.

    කෑම උයද්දී පුළුටු එන බැදුම් පුළුවන් තරම් අඩු කරන්න. අපි රෑ චිකන් බැදගෙන කාලා ඒ පුළුටු ගඳට දිවියෙක් ඇලෙන් එහා පැත්තේ ඉඳන් අපිට අඩි දහයක් විතරම ලං උනා. හැබැයි ඔය කතාව පහුවදා වනජීවී අයට කීවම එයාලා කිව්වේ අපි හරි වාසනාවන්තයි එච්චර ලඟින් දිවියෙක් දකින්න ලැබිච්ච එක. උන් හරි කුලෑටි, මිනිස්සුන්ට ලං වෙන්නේ නෑ. threat එකක් නැත්තං, පැටවූ නැත්තං පහර දෙන්නේ නෑ කියලා. පුළුටු ඉවට එන්න ඇති ටික වෙලාවක් වටේ කැරකිලා යනවා කියලා.
    කොහොමත් අවදානමක් ගන්න එපා.

    ප්ලාස්ටික්, පත්තර සිලි මලු විසි කරලා අහු උනොත් නඩු.

    රෑට පට්ට සීතලයි, මොනවා නැතත් හොඳ බ්ලැන්කට් එකක් අරං යන්න නින්ද යන්න ඕනනං.

    නානා ප්‍රකාර සත්ත්ව, උරග, කුරුළු, මල්, ශාක වර්ග තියනවා. ජනප්‍රවාද, මිත්‍යාකතා, ස්වභාවික විපත් තොරතුරු තියනවා යන්න කලින් හොඳින් කියවලා යන්න.

    එන්න කලින් ..., තිබ්බ විදිහටම හෝ ඊටත් හොඳින් හිටපු තැන සුද්ද පවිත්‍ර කරලා එන්න.

    Aran giya badu list eka danna puluwanda machan... hamotama wedagat wei...
    මම අරං ගියේ මේවා --

    පොඩි gas stove එකක්
    ලීටර් 5 සිලින්ඩර් එකක්.
    වලං පිඟන්
    දවස් දෙකකට කෑම.
    පොඩි බඩගින්නට බිස්කට්, චීස්, [සීතලට බඩගිනි වැඩියි]
    ටෙන්ට් එකක්, යටින් එලන්න ඉටිරෙදි කෑල්ලක්
    හොඳ බ්ලැන්කට් එකක්.
    ටෝච් එකක්
    ප්‍රථමාධාර ආම්පන්න
    කැමරා ආම්පන්න
    වතුර බෝතලයක්
    power bank එකක්
    ලයිටරයක්
    බ්‍රැන්ඩි බෝතලයක් [Gate එකෙන් ඇතුල් වෙන්න කලින් bag check කරනවා හොරෙන් අරං යන එක ලේසි නෑ... කලින් කියලා ෂේප් කරගත්තා]
    දේශීය පොඩ්ඩක් සහ අවශ්‍යය ද්‍රව්‍ය [වටිනාකම කියලා නිම කරන්න බෑ]
    ------ Post added on Jun 25, 2021 at 1:36 PM