හෝටල් ක්ෂේත්රයේ නිතර ඇහෙන වචන 11 ක තේරුම් ම&#
හෝටල් ක්ෂේත්රයේ නිතර ඇහෙන වචන 11 ක තේරුම් මෙන්න මේවයි
අපි ඕන කෙනෙක් කැමතියිනේ මචං නිවාඩු පාඩු තියෙන දවසක හොඳ හොටෙල් එකකට ගිහින් රිලැක්ස් එකේ ඉඳලා එන්න. හැබැයි දැන් එහෙම හිතාගෙන හොටෙල් එකක වෙබ්සයිට් එකක් එහෙම බලනකොට ගොඩ දෙනෙක් අවුල් යනවා හෝටල් ක්ෂේත්රයේ පාවිච්චි වෙන එක එක වචන තේරුම් ගන්න බැරුව. උදාහරණයක් විදියට ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් කිව්වහම සමහරුන්ට නිකං කොයිල් වගේ. මෙහෙමනම් ඒ වගේ අමුතු අමුතු වචන වලට තියෙන බය නැතිකරගන්න, ඒ වල තේරුම් ඉගෙනගන්න එක හොඳයිනේ!
1. Full Board, Half Board, Bed and Breakfast
ෆුල් බෝඩ් (FB) කිව්වහම ඒකෙන් කියවෙන්නේ පැය විසිහතරකට කාමරයත්, උදේ කෑම, දවල් කෑම සහ රාත්‍රී කෑමත් ඇතුළත් කියන එක තමයි. හැබැයි එයින් පිට ගන්න ආහාර වර්ග සහ බීම වර්ග වලට සල්ලි ගෙවන්න වෙනවා පුතා.
එතකොට හාෆ් බෝඩ් (HB) කියන්නේ පැය විසිහතරට හෝටල් කාමරය, උදේ කෑම සහ රාත්‍රී කෑම ලැබෙනවා කියන එක. ගොඩක් වෙලාවට කොහේ හරි ඇවිදින්න යන්න හෝටලයක් බුක් කරනවා නං ගැලපෙන්නේ හාෆ් බෝඩ් තමා.
බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් (B&B) කියන්නේ නමෙන් කියවෙන විදියටම නිදාගන්න ඇඳයි උදේ කෑමයි දෙනවා කියන එක තමා. හරියටම කිව්වොත් පැය විසිහතරට කාමරය සහ උදෑසන ආහාර වේල දෙනවා කියන එක. උදේ කෑම කියන්නේ ඉතින් ගොඩාක් දුරට බුෆේ තමයි!
හැබැයි රූම් ඔන්ලි (Room only) කියලා තියෙනවා නං ඒ කියන්නේ කෑම බීම බලාපොරොත්තු වෙන්න එපා, පැය විසිහතරට කාමරේ විතරයි කියන එක!
2. Rack Rate, Nett Rate
හෝටලේක රැක් රේට් එක කියලා කියන්නේ ඒ අය “අපේ කාමරයක් ෆුල් බෝඩ් හරි හාෆ් බෝඩ් හරි දෙන්නේ මෙන්න මේ ගාණටයි” කියලා ඇඩ්වටයිස් කරන ගාණ. හැබැයි ඔය Booking.com හරි Agoda.com වගේ සයිට් එකකින් හෝටලේ බුක් කරනවට වඩා මේ ගාණ වැඩියි. මොකද මේ ගාණෙන් තමයි ඊලඟට ඩිස්කවුන්ට් අඩු වෙන්නේ.
නෙට් රේට් එකක් කියන්නේ හොටෙල් රූම් එකක් බුක් කරනකොට ඔය බදු අනං මනං ඔක්කොම එකතුවෙලා අන්තිමට හැදිලා එන ගාණ.
3. Check-In, Check-Out, (Early Check-in, Late Check Out)
චෙක් ඉන් කියන්නේ සාමාන්‍යයෙන් හෝටලේට අපි එන්න ඕන වෙලාව. චෙක් අවුට් කියන්නේ පිටවෙන්න ඕන වෙලාව. සමහර හෝටල් වල මේ චෙක් ඉන් සහ චෙක් අවුට් වෙලාවල් ෆ්ලෙක්සිබල්. එහෙ මෙහෙ කරගන්න පුලුවන්. හැබැයි සමහර හෝටල් වල සක්කරමුත්තා ඇවිත් කිව්වත් චෙක් ඉන් චෙක් අවුට් වෙලාවල් වෙනස් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත් චෙක් ඉන් හවස 2 කියලා තිබුණොත් ඒ කියන්නේ උදේ 10 ට ආවට රූම් එක දෙන්නෙ නෑ කියන එක තමා. එතකොට චෙක් අවුට් දවල් 12 කියලා තිබුණොත් ඒ කියන්නේ 12 වෙනකොට රූම් එක දීලා යන්න ඕන කියන එක. හැබැයි හොටෙල් එකක් බුක් කරනකොට පොඩ්ඩක් බලන්න මේ වෙලාවල් තමන්ට ගැලපෙන්නෙ නැති නං කතා බහ කරලා එහෙ මෙහෙ කරගන්න.
අර්ලි චෙක් ඉන් සහ ලේට් චෙක් අවුට් කියන්නේ මොකද්ද කියලා දැන් තේරෙනවනේ. හෝටල් වල මේ වෙලාවල් ඉස්සරහට සහ පස්සට ගන්න පුලුවන් යම් සීමාවක් දක්වා. උදාහරණයක් විදියට දවල් 12 ට චෙක් අවුට් එක තිබ්බට පොඩ්ඩක් කියලා දවල් 2 වෙනකල් චෙක් අවුට් වෙන වෙලාව පස්සට දාගන්න පුලුවන්. ඒ තමයි ලේට් චෙක් අවුට්.
4. Early Bird offer
මේ කියන්නේ කුරුල්ලෝ ගැන නෙවෙයි. ඔය සමහර හොටෙල් වල සහ රෙස්ටුරන්ට් වල ඩිස්කවුන්ට් එහෙම දෙනකොට කියනවා කියලා. ඒ කියන්නේ යම් කිසි දිනයකට පෙර බුකින්ග් එකක් දානවා නං විතරයි ඒ ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ කියන එක. ඒ කියන්නේ අපායට යතත් කලින් යන්න කියන එකම තමයි!
5. First come first serve basis
මේ කියන්නේ “අපේ ජොයින්ට් එකට ජනාධිපති තුමා ආවත්, කලින් ආපු අයව අතෑරලා ජනාධිපති තුමාට කෑම දෙන්නෙ නෑ” කියන ප්‍රතිපත්තිය තමා. ඒ කියන්නේ එන එන පිළිවෙලට තමයි සලකන්නේ. එතකොට පරක්කු වෙලා ඇවිත් වේටර් මහත්තයට කලින් තමන්ට සලකන්න කියල සද්ද දාන්න බෑ. මේක රෙස්ටුරන්ට් වලට තමයි අදාළ වෙන්නේ.
6. A La Carte menu
මේ දිව උළුක් වෙන ප්රංස යෙදුමේ තේරුම තමයි “මෙනුපතින්” කියන එක. හැබැයි ඒකේ ඇත්ත තේරුම මෙහෙමයි. එක්කෝ ඒ කියන්නේ මෙනු එකේ තියෙන අයිටම්ස් වෙන වෙනම ඕඩර් කරන්න පුලුවන් කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට ත්‍රී කෝස් මීල් එක රුපියල් 3000 කියලා ගහලා තිබුණත්, ඕන නං අපිට පුලුවන් රුපියල් 1500 කට නූඩ්ල්ස් ඩිෂ් එකත්, රුපියල් 600 කට සැලඩ් එකත් විතරක් ඕඩර් කරන්න. එතකොට A La Carte menu කියන්නේ ඒ විදියට තෝරාගෙන කන්න බොන්න පුලුවන් විදියේ මෙනු එකක් කියන එක. ඇත්තටම ලංකාවේ හැම රෙස්ටුරන්ට් එකකම වගේ තියෙන්නේ A La Carte menu තමා!
7. Sittings
මේකත් හොටෙල් රෙස්ටුරන්ට් එකක වගේම වෙන ඕනම රෙස්ටුරන්ට් එකකත් භාවිතා වෙන වචනයක්. මේකෙන් කියන්නේ කාලා බීලා ඉවර කරලා තොලොංචි වෙලා යන්න රෙස්ටුරන්ට් එකෙන් දීලා තියෙන වෙලාව. උදාහරණයක් විදියට අපි කියමු හොඳ ෆැන්සි රෙස්ටුරන්ට් එකක 6.30 – 9.00 First Sittings සහ 9.00 – 11.30 Second Sittings කියලා ගහල තිබුණොත් ඒ කියන්නේ අපිට මේ කාල අන්තරයන් දෙකෙන් එකක් තෝරගෙන එතනට යන්න පුලුවන් කියන එක. හැබැයි එතකොට හරි විදිය තමයි තමන් තෝරගත්තු Sittings එකේ වෙලාවට එලියට එන එක.
8. BYOB
මේක ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ පාටි ඉන්විටේෂන් වලදී වුනාට හෝටල් ක්ෂේත්රයේදීත් සමහර වෙලාවට මේක අහන්න ලැබෙනවා. මේකෙන් කියන්නේ Bring Your Own Booze කියලා. එහෙමත් නැත්තං “තම තමන් බොන ඒවා අරගෙන වරෙව්” කියන එක තමයි. ගොඩක් වෙලාවට ඔය ඔෆිස් එකක සෙට් එකක්ම යන හොටෙල් බුකින්ග් වලදී එක එකා බොන්නේ එක එක ජාති වුණු වෙලාවට මේක හොඳ ඔප්ෂන් එකක්.
9. Day Guests
අපි කලිනුත් කිව්වා වගේ සාමාන්‍යයෙන් හෝටල් කාමරයක් දෙන්නේ පැය විසිහතරකටනේ. ඊට අඩු වුනත් රාත්‍රියත් අනිවා ඇතුළත් වෙනවා ඒ රේට් එකට. හැබැයි Day Guests කියන්නේ උදේ ඇවිත් හවස වගේ ඒ දවස ඇතුළතදී යන අය. සමහර තැන්වල එහෙමයි කියලා ගණන් අඩු කරන්නේ නැහැ. හැබැයි Day Guests කියලා විශේෂ ඩිස්කවුන්ට් ලබාදෙන තැන් නෑ කියන්නත් බෑ.
10. Resort Hotels, Boutique Hotels
රිසෝට් එකක් කියන්නේ ඇත්තටම නවතින්න එන අයට හොටෙල් එක ඇතුලේ සහ අවටම විවිධ ක්‍රියාකාරකම් තියෙන, එහෙම නැත්තං රිසෝට් එකෙන් පිට යන්න අවශ්‍ය නැති ආකර්ෂණයක් තියෙන හොටෙල් එකකට. උදාහරණයක් විදියට බීච් එකක, ගාර්ඩන් පාක් එකක, කඳු මුදුනක හදපු හොටෙල් එකක් රිසෝට් කියන්න පුලුවන්.
දැන් හෝටලයක් කිව්වහම සාමාන්‍යයෙන් ඔලුවට එන්නේ මිනිස්සු තුන් හාරසීයකට ඇවිත් නවතින්න පුලුවන් හෝටල්නේ. හැබැයි සමහර හෝටල් තියෙනවා, ඒවා ඩිසයින් කරලා තියෙන්නේම අඩුවෙන් අමුත්තෝ නතරකරගන්න. ඒ කියන්නේ දහයක් පහළොවක් නැතිනං පණහක් හැටක් වෙන්න පුලුවන්. මෙන්න මේ වලට කියන්නේ බූටික් හොටෙල් කියලා තමයි.
11. Eco Hotel
ගොඩක් අය Eco Hotel එකක් කිව්ව ගමන් හිතන්නේ එක්කෝ හතර අතේ ගස් වවලා තියෙන, එහෙම නැත්තං රෙස්ටුරන්ට් එකේ පුටු සිමෙන්ති වලින් ගස් වල කොටන් විදියට පේන්න හදපු විදියේ තැනක් කියලනේ. හැබැයි ඒකට නෙවෙයි ඉකෝ රිසෝට්, ඉකෝ හොටෙල් එකක් කියන්නේ. ඒකෙන් කියන්නේ පරිසරයට සිද්ධ වෙන හානිය අවම කරලා තියෙන තැනක් කියන එක. උදාහරණයක් විදියට ඒ වගේ හොටෙල් එකක කෑම බීම හදන්න වැඩිහරියක් අමුද්‍රව්‍ය ගන්නේ ගෙවත්තේ වගා කරලා තියෙන දේවලින් වෙන්න පුලුවන්. එයාර් කන්ඩිෂන් යුනිට් වෙනුවට ස්වභාවික සිහිල් සුලං රැල් එන විදියට කාමර හදලා තියෙන්න පුලුවන්. හරියටම හරිත සංකල්පය පිළිපදින තැනකට තමයි ඉකෝ රිසෝට් එකක්, ඉකෝ හොටෙල් එකක් කියන්න පුලුවන් වෙන්නේ.
Source : http://www.aniwa.lk

සලකන අයට සහ බුම්ප් කරන අයට +11 ගානේ දෙනවා.....