හෝටල් ක්ෂේත්‍රය ගැන දැන ගනිමු

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ela machan

    oya corse ekak kochchara kal thiyenawada??

    තැනේ හැටියට වෙනස්.
    නිර්දේශ කරන්නේ රජයේ හෝටල් පාසල. ( රජයේ හැම දෙයක්ම වාගේ දැන් පෞද්ගලික
    අංශයට සෙකන්ඩ් වෙලා තිබුනට මේක විතරක් අල්ලන්න පෞද්ගලික අංශයට බැරිවෙලා තියෙනවා )
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තැනේ හැටියට වෙනස්.
    නිර්දේශ කරන්නේ රජයේ හෝටල් පාසල. ( රජයේ හැම දෙයක්ම වාගේ දැන් පෞද්ගලික
    අංශයට සෙකන්ඩ් වෙලා තිබුනට මේක විතරක් අල්ලන්න පෞද්ගලික අංශයට බැරිවෙලා තියෙනවා
    )



    :yes::yes::yes::yes::yes::yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තැනේ හැටියට වෙනස්.
    නිර්දේශ කරන්නේ රජයේ හෝටල් පාසල. ( රජයේ හැම දෙයක්ම වාගේ දැන් පෞද්ගලික
    අංශයට සෙකන්ඩ් වෙලා තිබුනට මේක විතරක් අල්ලන්න පෞද්ගලික අංශයට බැරිවෙලා තියෙනවා )

    ELA
     

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    ow machan uba kiyala thiyna dewal nam okkoma wage hari eth machan hotel field eka kiyana tharam sundara na machan.mamath hotel field ekata enna hotel managment Dip eka karanna hitiye SITHM eke.mama field eka kohomada kiyala balannath ekka hilton eke wada kara.As a steward.marama kattak kava machan.tip eka average 500 withara thama dawasata hambu wenne.samahara dawas wala double shif watenava:(.niwadu dala thiyana dawas wenas wenava.owage godak dewal thiyanava.eth katta kagena 2 or 3 years addoth ela.

    anika machan shift kiwwata hamotama ehema na ban.hilton eke outlet 12 k thiyanava.bt ewayn 2 kaka wada karana ayata witharay shift thiyennne.anek ewaye godak ewnta hamadama night naththam split :(
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    හෝටල් ක්ෂේත්‍රය ගැන දැන ගනිමු.

    සමහරු A/L හා O/L ඉවර වෙලා ජොබ් වලට බහින්න හිතාගෙන ඉන්නවා ඇති. ඒ වගේම සමහරුන් මේ ක්ෂේත්‍රයට අලුතින්ම ඇතුල් වෙන්න හිතාගෙන ඉන්නවාත් ඇති. ඒ හැමෝටම වැදගත් වෙන්නයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ

    :yes::yes::yes::yes:

    වැදගත්. මම මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ තරු පන්තියේ හෝටල් ගැන පමණයි. ඒක ගැන හිතේ තියාගෙන මේක ඉදිරියට කියවන්න. :)

    හෝටල් ක්ෂේත්‍රයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලම බලමු. ක්‍රම දෙකක් තියෙනවා.

    01. හෝටල් පාසලකින් විධිමත් අධ්‍යාපනයක් අරන් ක්ෂේත්‍රයට පිවිසීම
    02. ඩිරෙක්ට් එන්ටර් වීම :D

    ඩිරෙක්ට් එන්ටර් වීම කියලා කිවුවේ hotel School නොගිහින් සෘජුවම හෝටලයට ඇතුලු වීම. මෙහෙම එන අයටත් දැන් චාන්ස් තියෙනවා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණුවත් එක්ක ගොඩක් සේවක අවශ්‍යතාවක් තියෙනවා. ඒක නිසා අයදුම් කරන අයව හෝටල් පාසල් පුහුණුවක් නැතත් ජොබ් එකට ගන්නවා. ඔය පොඩි පොඩි හෝටල් පාසල් රට පුරා තියෙන්නේ, මාස 03-04 කෝස් එකකින් පස්සේ ජොබක් හොයලා දෙන්න මෙයාලට පුලුවන් වෙන්නේ ඔය හේතුව නිසා. මොකද ඔය වගේ තැන් කරන්නේ කලින් හෝටල් වල ඉදලා අයින් උන කට්ටිය. එයාලා හෝටල් එක්ක තියෙන සබදතා නිසා ඇබෑර්තු තියෙන තැන් එයාලා දන්නවා.

    හෝටල් පාසලකින් විධිමත් අධ්‍යාපනයක් ලබලා මේ ක්ෂේත්‍රයට එනවනම් තමයි ගොඩක් ම හොඳ. එතකොට රැකියාව කරන්නත් ලේසියි.



    හෝටල් රැකියාවක ඇති වාසි අවාසි දැන් බලමු.


    හෝටල් ආශ්‍රිත රැකියා අනිත් රැකියා වගේ 8-5 නෙවෙයි. මේකට ටිකක් කැපවීම නම් අවශ්‍යය වෙනවා. අපි ඉස්සෙල්ලම මේ රැකියාවේ වාසි මොනවද කියලා බලමු.


    රැකියාව මුර ක්‍රමයට තියෙන නිසා ඇති පහසුව.

    ෂිෆ්ට් එකට වැඩ නිසා ගොඩක් වෙලාවට ලේසි වෙනවා. මොකද අනිත් රැකියා සතියේ දින වැඩ, සති අන්ත නිවාඩු. ගොඩක් වෙලාවට රජයේ ආයතනයක මොකක් හරි වැඩක් කර ගන්න යන්න උවමනා නම් අනිත් අය නිවාඩුවක් දාලා සතියේ දවසක යන්න වෙනවා. නමුත් හෝටල් රැකියා කරන්නෙකුට රෑ වැඩ මුරය තියෙන දවස් වලට මුලු දවල් වරුවම ෆ්‍රී. ඔය ගෑනු ලමය බලන්න යන්න උනත් පුලුවන්නේ ;);););), . අනික මම දන්න ගොඩක් අය සමහර දවස් වල උදේ ක්ලාස් වලට ගිහින් රෑ වැඩට එනවා. නිවාඩු නම් දවස් 6 හෝ 8 මාසේකට තියෙනවා.




    ප්‍රණීත ආහාර


    හෝටල් සේවකයන්ට හොද ආහාර පාන ලැබෙනවා.:yes::yes: හැමදාම පරිප්පුයි බතුයි නෙවෙයි. සතියෙන් සතියට උයන්න ඕන දේවල් තියෙනවා, හරියට කාල සටහනක් වගේ. මාසෙන් මාසෙට වගේ කෑම කාලසටහනත් වෙනස් වෙනවා. ඊට අමතරව අතුරුපස, තේ වේලාවට බිස්කට්, බනිස් වැනි යමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ස්ටාෆ් කෑම හරි නැත්තං පැමිණිලි කරන්න පවා පුලුවන්. රෑ වැඩ කරන අයට රෑ 01 ට විතර වෙනම ස්නැක් එකක් දෙනවා. මේව මේ නෝමල් ස්ටාෆ් එකට හොදේ. එක්සෙකටිවු ලෙවල් එකට ගියාම අමුත්තන්ට තියෙන ආහාරපාන තමයි ඉතින්.:eek:
    යායට දාලා තියෙන බුෆේ.:shocked::shocked: කන්න පුලුවන් අවුරුද්දකට ඇති වෙන්න.(පුලුවන්නම්)



    සැලරිය



    මේකනේ කාටත් වැදගත්.:D හෝටලයක පඩි දෙකක් දෙනවා. :eek::eek:එකක් මාසේ අන්තිමට. අනික සර්විස් චාර්ජ් එක.ඒක හැම මාසෙම15 වැනිදා වගේ හම්බවෙනවා. හෝටලයක හැම බිලකින්ම සීයට 10 ක් අය කරනවා. අන්න ඒ එකතුවෙන ගානින් සේවකයන් අතින් සිදුවූ අලාභ එහෙම පියවගෙන බෙදලා දානවා. මෙන්න මේක යි වැදගත්. මොකද හෝටලයට එන අමුත්තන් වැඩියි නම් සර්විස් චාර්ජ් එකට එකතු වෙන මුදල වැඩියි. තරු පහේ හෝටල් වල සර්විස් චාර්ජ් එකෙන් 50-60 හොයන්න පුලුවන්.
    අනික තමයි ටිප් එක. ගොඩක් වෙලාවට ටිප් එක නම් වරදින් නෑ. පඩිය ඉතුරුයි ටිප් එකට හම්බවෙන ගානෙන් එදිනෙදා වියදම් පියවා ගත්තම. ඉස්සර ක්‍රමයක් තිබ්බා ටිප් එක බෙදාගන්න ඕන,ලැබෙන ටිප් එක කැටයකට දාන්න ඕනි මොකද ටිප් හම්බවෙන්නේ නැති අය ඉන්නවා කියලා. දැන් ඒ තත්වය වෙනස්. ටිප් එකක් දෙන්නේ හොද සර්විස් එකක් දුන්නම. ඒක නිසා ගොඩක් හෝටල් තමන්ට ලැබෙන ටිප් එක සේවකයන්ට තියාගන්න දෙනවා, මොකද ටිප් එක ඕනි නම් හොද සර්විස් එකක් දෙන්න ඕන නිසා.:D මෙන්න මේ තත්වය නිසා වේටර් වරුන්ට ගොඩක් තැන්වල පඩිය අඩුයි. ඒත් කිචන් එකේ වැඩ කරන අයට පඩිය වැඩියි.


    අනික එක්සෙකටිවු ලෙවල් එකට ගියාම තමයි සැප හම්බවෙන්න පටන් ගන්නේ. මොකට හෝටල් වල ඉහල මිලට අලෙවිකරන ආහාරපාන 50% ක් වගේ වට්ටම් වලට ගන්න පුලුවන්. බර්ත්ඩේ කේක් එකක් වගේ රු. 3000 එකක් රු.1500 යට ගන්න එකම ලාබයි නේ.:cool::cool:
    අනිත් එක තමයි විශේෂයෙන් මේ හෝටල් කළමණාකාරීත්වය ගැන පාලනාධිකාරිය විසින් වැඩිපුර හොයනවා. හොද කළමණාකරුවෙක්ට ඕන දෙයක් දෙන්න සමාගම් ලෑස්තියි. උදාහරණයකට දොස්තර කෙනෙක් ගමු. එයාට හම්බවෙන්නේ රජයෙන් මේ මේ දේවල් කියලා සදහන් වෙනවා. ඒත් හොද කලමණාකරුවෙක්ගෙන් ආයතන අහන්නේ අපේ හෝටලයේ වැඩ කරනවට ඔයාට මොනාද ඕනි කියලා. ඉන්නකං හොද සැලකිලි. ළමයිගේ සම්පූර්ණ අධ්‍යාපන වියදම් , මොන්ටේරෝ ...
    8.gif
    . අයියො සැලරි තමයි. ( මේව ගන්න නම් ඉතින් හොද කලමණාකරුවෙක් . හොද නමක් හදාගන්න ඕන ඉතින් )





    ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.. . :yes::yes::yes::yes::yes:





    ඇයි බන් උඔ එහෙනම් අස් උනේ එකත් ඔය එක්කම කියලා දාපන් එකෙන්ම
     

    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    Machan loku udawwak depan mama machan jathika vurthiya puhunu adikariye course aka kala .june mase tamai iwara wune.machan mata puluwannam otel akak set karala depan ....loku help akak
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මැක්සා මචං.... මමත් කලින් VTA එකේ කලා පේස්ට්‍රි & බේකර් කෝස් එක....කෝස් එක නං එල...ජොබකුත් ටෙක් එකෙම්ම හම්බුනා....ඒත් ෆීල්ඩ් එකේ බර කටු කන්න වෙනව... ෂිෆ්ට් එක එන්න විනාඩි 15 ක් පරක්කු උනත් කුණුහබ්බෙන් බැනුං තමා.....

    ආපහු හිතං ඉන්නවා ස්ටුවඩ් කෝස් එකක් කරන්න VTA එකේම.... බලමු..උඔගෙ ත්‍රෙඩ් එක සෑහෙන්න ප්‍රයෝජන උනා....

    REP ++ :) :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩේ මේකේ ඉතුරු හරිය ලියන්න බැරි උනා කියපල්ලකෝ. මම මේකේ ඉතුරු හරියත් දාන්නම්.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අඩේ මේකේ ඉතුරු හරිය ලියන්න බැරි උනා කියපල්ලකෝ. මම මේකේ ඉතුරු හරියත් දාන්නම්.


    සිරාවටම.... :lol::lol: දෙවනි නූලත් ඇදපං හොටෙල් ෆීල්ඩ් එක ගැන... :):)
     
    Oct 13, 2007
    230
    6
    0
    මචන්ලා Swiss Lanka Hotel School (14 Sri Dhamma Mw, Colombo 10 ) Management Diploma (http://www.swisslanka.com/management.html) කරපු කවුරැ හරි ඉන්නවද? call කරලා විස්තර නම් ඈහුවා. ඒත් දැන් මේවගේ ඒවායෙ diploma එකට hotel වල validity එක කොහොමද දන්නෙ නැහැ? මෙතන මේක හොදද? මම දන්න මල්ලි කෙනෙක් යන්න ඉන්නෙ. ඒකයි අහන්නෙ. වෙන හොද දන්න තැනක් තියෙනවනම් කියන්න.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වටින් ගොඩින් අහලා තිබුනත් සම්පූර්ණ කතාව අද තම‍යි දැනගත්තේ........:)