හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !

Oct 25, 2009
228
19
0
හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !

හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !


ලිව්වේ දුකා on Sunday, March 21, 2010 Labels: දුකට ලියූ කවි, විවාහය සහ සතුට / Comments: (0)




හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !

ඔච්චර ම ආතල් ගන්න
හෝදන්න ජාති ගොඩාක් ඕනෑද ආයිබෝං . . ?

රෙද්ද . .. ! මොන පිස්සුද
එකක් තිබුනත් හොඳටෝ. . .ම ඇති !
මනරම් යුග දිවිය
වසරද, දෙකද, පනහද
කිසි ප්‍රශ්නයක් නෑ . .
එකම හේතුව
වසර ගානක්
මඩේ ඔබ ඔබ හෝදතෑකි
හරිම ආතල් ඕයි . .
සොල්ලි වේල ඉල්ලෙයි . . !

මඩේ ඔබලා හෝදන්න ජාති නැත්නම්
ලොකු ප්‍රශ්නයක් නේද අනේ . . !

ඔල්මාදෙද . . ?
මේ හලෝ
අපි සිරි ලාංකිකයෝ හරිද
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි . . !

වීරයා ද්‍රෝහියා කරන
ද්‍රෝහියා වීරයා කරන
මේ සුභ අනාගතේ ඉන්න අපිට
ඕකත් කජ්ජක්ද ඕයි . .

මඩේ ඔබන්න ජාති නැත්නම්
ජාති හදනවනේ . .
සිම්පල් ප්ලෑන් එකක් . . !
ඕන වෙන්නේ
තේ කෝප්පේ කිඹුල්ලු දකින
මහා පන්ඩිත ඥානය විතරයි . . !

අම්මට සිරි ඔය තියෙන්නේ
බඩුම තමයි . . . !
ඉතිං අපි
හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !
 
  • Like
Reactions: cspmaxx

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හේ හේ.. ටිකක් වෙනස්ම විදියෙ නිර්මාණයක්.මට නම් තාම අත් දැකීම් නැති නිසා වැඩි දෙයක් කියන්න බෑ.. අමුතු ලස්සනක් තියෙනවා.දිගටම ලියන්න :)
     

    nwnbs

    Member
    නිශාන් මල්ලියා හරි, වෙනස්ම ශෛලියක්... :D
    මොනව උනත් මරු අදහසක්... :D ඔන්න ඉතිං ඕව ගැන වැඩියෙන් දන්න අය වැඩිපුර අදහස් දක්වයි තව ටිකකින්... ;)
     
    Oct 25, 2009
    228
    19
    0
    හේ හේ.. ටිකක් වෙනස්ම විදියෙ නිර්මාණයක්.මට නම් තාම අත් දැකීම් නැති නිසා වැඩි දෙයක් කියන්න බෑ.. අමුතු ලස්සනක් තියෙනවා.දිගටම ලියන්න :)

    tnx tnx . . . !
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    නිශාන් මල්ලියා හරි, වෙනස්ම ශෛලියක්... :D
    මොනව උනත් මරු අදහසක්... :D ඔන්න ඉතිං ඕව ගැන වැඩියෙන් දන්න අය වැඩිපුර අදහස් දක්වයි තව ටිකකින්... ;)

    e kiwwe me mama wage aya...

    duka podi unaata sahathika atta kiyala tiyenne..

    weldone..!:D
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    උපහාසයෙන් පිරි පද පෙලක්, ඒත් පොඩි විමසුමක් කරන්න සිතුනා.

    මහ සයුර හා මහ පොළොව යාකරන රන්වන් තීරය මූදු වැල්ල. වැල්ල සිප ගන්න රැල්ල නොආවොත් ඒ රන්වන් තීරය වියලී ගොස් පරඩැල් බැඳි, වල් වැදුන වැල්, කැලි කසල වලින් පිරී ක්‍රම ක්‍රමයෙන් නැතිවී යා හැකියි.

    වැල්ල සිපගන්න මහරළ පලාතම සුද්දකර ඔතා අරන් යනවා. ඒත් නිරතුරුව වැල්ල සිඹින පොඩිරළ ගේන කිරිපෙන ගෙලවට මාලයක් සේ රන්වැල්ල සරසනවා. පරිස්සමෙන් වැලි තලය පිරිසිදු කරනවා. ඒ මුදු මොලොක් කිරිපෙන කියන්නෙ කඩාගෙන එන සයුරු ජලතල සමඟ පොළොව සුරකින ගල්පර හැප්පි කල සටනින් අඩාල වූ කැඩී බිඳී බලසුන්වූ මහරල නොවෙද.

    රන්වන් වැල්ල වියලීම, තෙත්වීම නිසා නොවෙද වෙනස් පාටවලින් (shades) අලංකාරව දිස්වෙන්නේ. මෙයම නොවේද ජීවිතය.

    මල සයුරේ (Dead Sea) රළ, අලංකාර කිරිපෙන ඇතිවන්නේ නැහැ.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිර්මාණාත්මකව ඉදිරිපත් කල මඩ ගොඩක කතාවක් :D
    අපූරු නිර්මාණයක් යාළුවා
    වෙනස් ........ අර්ථවත්
    දිගටම ලියමු
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    උපහාසය පිරැණු හොදම හොද කවියක්!
    මිනිස්සු මිනිස්සුන්ටම හිනා වෙනවා...
     
    Oct 25, 2009
    228
    19
    0
    නිශාන් මල්ලියා හරි, වෙනස්ම ශෛලියක්... :D
    මොනව උනත් මරු අදහසක්... :D ඔන්න ඉතිං ඕව ගැන වැඩියෙන් දන්න අය වැඩිපුර අදහස් දක්වයි තව ටිකකින්... ;)

    අහ් නොබැඳපු අයටත් පුලුවන් අදහස් දක්වන්න . . ඇයි බඬින්න කලින් යාලුවෙලා ඉන්න කාලෙත් මේ වැඩේ අපූරුවට වෙනවා . . බොරුද ?