හෝම්-මේඩ්-මල්ටි-ප්ලග්

Jun 26, 2014
43
20
0
හෝම්-මේඩ්-මල්ටි-ප්ලග්

හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු

වඩේ චන්දරේගේ අවවාදය : ඔබට ප්‍රධාන විදුලි සපුම පිලිබඳ අවබෝධයක් නොමැතිනම් මේවගේ අත්හදා බැලීම් නොකරන ලෙස අවවාද කරමි. නැතිනම් තාක්ෂණ වේදියකුගේ අදීක්ෂණය යටතේ සිදු කරන්න. අවරුදු 18 අඩු පුද්ගලයින් මෙවැනි ප්‍රධාන විදුලිය ( AC ) සමග අත්හදා බැලීම්වල නොදෙන්න

අද මම කතා කරන්න යන්නෙ, මම සාමාන්‍යයෙන් කතා නොකරනම දෙයක්. ගැහැණු අපි කවදත් උයන පිහන වැඩ කරනවා. ඒත් විදුලි වැඩ කරනවා අඩුයි. ඉතින් මම කතා කරන්න හදන්නෙ ඒ ගැන. පොඩි විද්‍යුතය සම්බන්ධ වැඩක් ගැන

ගෙදර කුස්සියෙ වැඩ කරන අක්කලාට නංගිලාට නැන්දලාට සමහර වෙලාවට තමන්ගෙ කුස්සියෙ ප්ලග්ස් කීයක් තිබුණත් මදි කියන එක සාමාන්‍ය කරුණක්. පරිපූර්ණ කුස්සියක අවන් එකක්, හීටරයක්, හොට් ප්ලේට් එකක්, රයිස්කුකර් එකක්, ටෝස්ටරයක්, බීටරයක්,බ්ලෙන්ඩරයක් සහ සමහර වෙලාවට විදුලි කේතල් එහෙමත් තියෙනවා. මම දන්න ටික විතරයි මේ. (අපේ ගෙදර මෙයින් බාගයක්වත් නෑ.) හරි දැන් මේ හැම එකටම වෙන් වෙන් වශයෙන් අපිට ප්ලග් එක ගණනෙ නැති නිසා අපිට මල්ටි ප්ලග් එකක් උවමනා කරනවා. කුස්සියට විතරක් නෙවෙයි පරිගණකය තියෙන තැනකට, ෆෝන් චාජර් ගහන්න, බෆල් වලට, ඩෙක් වලට මේ හැම දේටම අපේ ගෙවල් වල වැඩි වශයෙන් භාවිතා වෙන්නෙ මල්ටි ප්ලග්.

නමුත් අද තියෙන මල්ටි ප්ලග් වලින් බොහෝමයක් වැඩ කරන්නෙ කෙටි කාලයයි. අනික් ඒවත් පුංචි කාලයක් යනකොට ස්පාක් වෙන්න ගන්නවා ඒකට ප්‍රධාන හේතුව විදිහට අපිට වැරදි භාවිතය පෙන්වා දෙන්න බැරි කමකුත් නෑ.

socketoverload_1.jpg




දැන් බලන්න මේ ප්ලග් කිරීම දිහා. ස්පාක් නෙවී චට පට ගාලා පුපුරන්නත් ඉඩ තියෙනවා. මේ වගේ අනාරක්ෂිත නොවී අපිට ඇතිවෙන්න ලයිෆ් ටයිම් ප්ලග් බේස් එකක් හදන හැටි මම කියා දෙනවා. දැන් කෙනෙක් කියයි...

201010298838.jpg


කෙලින්ම බිත්තියට ප්ලග්


Multi_plug_Socket_with_Power_meter.jpg


වයර් දිගේ ප්ලග්





දැන් ඉතින් කෑ ගහන්ට එපා අපිට මේවා ගන්ට පුලුවන් අක්කෙ. හොඳම එකත් රුපියල් 2000 යි කියලා. ඒකත් බොහොම ඉක්මනට ස්පාර්ක් වෙනවා. කරන්ට් වදිනවා. සමහර ප්ලග් වැඩ කරන්නෙ නෑ.. ලෙඩ ගොඩයි. ඉතින් නියමාකාරයෙක් කොහොමද මල්ටි ප්ලග් එකක් අපි හදන්නෙ. කියලා දැන් බලමු.

හෝම් මේඩ් මල්ටි ප්ලග් එක සෑදීම සඳහා මොනවද ඕනෙ කරන්නෙ?

multi+plug+1.jpg




මෙන්න මේ බඩු ටික තිබ්බා නම් සිම්පල් ලස්සන මල්ටි ප්ලග් එකක් හදන්න අපිට පුළුවන්.

මොනවද මේ බඩු -

multi+plug+2.jpg



1 . ප්ලග් බොක්ස් එකක්. (තමන්ට අවශ්‍ය පරිදි තෝරාගන්න
2 . ප්ලග් බේස් (රවුම් පින්, කොටු පින් ගහන්න පුළුවන් කැමති විදියට තෝරාගන්න.)
3 . 4 . පින්තූර වල පෙනෙන පරිදි 3 core වයර් අවශ්‍ය දිග ප්‍රමාණය අරගන්න.
5 . අලු පාට පොඩි වයර් නම් ගෙවල් වල ඕනෙ තරම් තියෙනවා. කඩෙන් ගන්න ඉස්සර පොඩ්ඩක් ලයිට් බඩු පෙට්ටි අස්සෙත් හොයලා බලන්න. )
6 . ප්ලග් ටොප් එකක් (කූරු 3ක් තිබීම ආරක්ෂිතයි)
7. 8 . දැක්වෙන්නේ ප්ලග් බේස් සවිකරන ඇණ සහ ඇණ වසන ටොප්ස්.( මේවා වැඩේ අවසාන වනතුරු නැති කරගන්න නම් එපා.
9. ටෙස්ටරයක්, කුඩා පිහියක්, මල් ඉස්කුරුප්පුවක් තිබ්බා නම් මේ වැඩේට හොඳටම ඇති.

පියවර 1

plug+h.jpg



මුලින්ම ඇණයක් රත් කරලා ප්ලග් ටොප් එකේ අවශ්‍ය කෙලවර හිල් කර ගන්න ඕනෙ. 3 core වයර් එක බස්සන්න පුළුවන් තරමට ඒක කරගන්න. ලොකු හිල් වත් පොඩි හිල් වත් හදාගෙන කැත වුණා කියන්ඩ එපා.

පියවර 2

plug+2.jpg



අලුපාට වයර් වල අග්ගිස්ස සුද්ද කරලා මේ විදියට ප්ලග් බේස් වලට තියලා සෙට් කරගන්ට ඕනෙ. විදුලියට සම්බන්ධ කරගෙන කිසිම දෙයක් කරන්න එපා. ඔක්කොම සවි කළාම මෙන්න මෙහෙමයි පෙනෙන්නෙ. උඩ තියෙන ප්ලග් බේස් දෙකෙන් එකකට තමයි අපි විද්‍යුත් ධාරාව සම්බන්ධ කළ යුත්තේ. හොඳට බලා ගන්න ..

plug+3.jpg


පියවර 3

අර මුල්න්ම පෙන්වපු ප්ලග් බොක්ස් එකේ අපි ඇති කරගත්තු සිදුරෙන් හෙමිහිට හූරන්නෙ නැතිව 3 core වයර් එක ඇතුළු කරන්න. ඉන්පස්සෙ වයර් එකට ඇතුළෙන් ගැටයක් දමන්න. ආයෙ ඇදපු ගමන් එළියට එන්නෙ නැති වෙන්න. ඉන්පස්සෙ වයර් එකේ කෙලවරවල් දෙකම සුද්ද කරන්න. ප්ලග් බොක්ස් එක ඇතුළෙ තියෙන කෙළවර මේ විදිහට ප්ලග් බේස් හතරෙන් එකකට (මම කලින් කී විදිහට ) සම්බන්ධ කරගන්න.

pluh+u.jpg





පියවර 4

මම සුද්ද කරගන්න කීවානෙ 3 core වයර් එකේ අනික් කෙළවර, දැන් ඒ කෙලවර තුන අපි සම්බන්ධ කරගන්න ඕනෙ ප්ලග් ටොප් එකට. කොහොමද සම්බන්ධ කරන්නෙ කියලා දැන් අපි බලමු.


plugj.jpg



පියවර 5

දැන් අමාරුයි කියලා හිතෙන වැඩ සියල්ලම ඉවරයි. දැන් තියෙන්නෙ ප්ලග් බොක්ස් එකයි ප්ලග් බේස් හතරයි, අමුණපු වයර් කෑලි නොගැලවෙන්න, ප්‍රෙව්සමෙන් පිළිවෙලට අපි අරන් තියා ගත්ත ඇණ දමලා තද කරන එක. ටිකක් පරිස්සමට කරන්න ඕනෙ වැඩක්. ත්‍රෙඩ් පැන්නොත් හරි නෑනෙ.


my+plug.jpg


පියවර 6

විදුලියට සම්බන්ධ කරලා ටෙස්ටරය ආධාරයෙන් පමණක් පරීක්ෂා කරලා බලන්න. ආරක්ෂිතව, නියම ආකාරයෙන් හදාගෙන ඉවරයි කියලා සහතික නම් අර අරන් තියා ගත්ත ප්ලග් බේස් එකේ සුදු පැහැ ඇණ ටොප් ටික අරන් සවි කරගන්න. දැන් ඔබට ලැබෙයි හොඳ නිමාවකින් යුතු මල්ටි ප්ලග් එක්. කිසි දේකට බය වෙන්න එපා.. ඕනෑම ප්ලග් ප්‍රමාණයකින් ඕනෑම දිග ප්‍රමාණයකින් නිවසේදීම හදාගත් මේ මල්ටි ප්ලග් එකෙන් ඔබට ආඩම්බරයෙන් වැඩ කළ හැකියි. විදුලියෙන් හැම විටම පරෙස්සමට මෙවන් අත්හදා බැලීම් කරන්න මතක තියා ගන්න.

හැදුවාම ලස්සන බලද්දි මෙන්න මේ වගේ...

on+t.jpg


දැන් තියෙන්නෙ මේකෙන් වැඩ ගන්න.


කොපි කරේ මෙතනින්
 
Last edited:

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    TFS machan...

    mona wireda hoda bn kaden ganna( brand)

    kohomada oya 3 core wire eka illanne kaden...e kiwwe brand ekath ekka?
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    habai oka mara safe ban kade ganna thiyana ewath ekak balanakota.
    yes.gif


    okta tripswitch ekak dammanam tawath safe.mama computer ekata dila theyenne ewage ekak.
    smile.gif


    obata sthuthi !!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    habai oka mara safe ban kade ganna thiyana ewath ekak balanakota.
    yes.gif


    okta tripswitch ekak dammanam tawath safe.mama computer ekata dila theyenne ewage ekak.
    smile.gif


    obata sthuthi !!

    කොහොමද බන් ඕකට ට්‍රිප් ස්විච් එකක් දාන්නෙ....
     

    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    thawa podi deyak add karannam
    oya jathi 4ka socket outlet use karanawata wada
    puluwannam universal socket outlet 2k set kara ganna ekata 5 A,13 A,110 v wala use karana plug gahanna puluwan:cool: