හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    [SIZE="5"


    [COLOR="Red"]ඇයගේ නම එස්‌තර්. වයස අවුරුදු තිහයි. ඇය උප්පත්තියෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්‌. වෘත්තියෙන් නිදහස්‌ මාධ්‍යවේදිනියක්‌.


    Post the source of these before you initiate another copyrights war with other sites.
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    තව කතා මග එනවා... කට්ටිය කැමතිද කියවන්න...????කමෙන්ට් එකක් දාල කැමැත්ත පල කරන්න .... ඔයාල කැමති නැත්තම් මම කතා දාල වැඩක් නෑනේ....!!!:love::love::love:
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    දඩල්ලේ අවතාරය..!!

    එක්තරා දවසක ගාල්ලේ මෝටර් ර‍‍ථ ධාවන තරඟයකට සහභාගී වු ඩිලෝනී බෙල්විල් ධාවන ශූරයා හික්කඩුව තානායම බලා ගමන් කරමින් සිටියේ ය. කාරය පිරී තිබුණ නිසා ඔහුගේ සහකරු ලගේජ් කැරියරය මත හිඳ‍ ගෙන සි‍ටියේ ය. ඔහු පසු පස බලා හිඳගෙන සිටි අතර ධාවන ශූරයාම රථය පැදවි ය.

    හදීසියේ ම දලල්ල සුසාන භූමිය අසල දී රථයේ විදුලි පහන් අක්‍රිය විය. එවිට ඔහුගේ කාරය නැවැත් විය. සහකරු බිම‍ට බැස විශාල කාබයිට් ලාම්පු දෙකක් දැල්වි ය. ඉන්පසුව හික්කඩුව තානායම‍ට පැමිනි ඔවුහු සහකරු පැමින දොර විවෘත කරනතුරු මොහොතක් බලා සි‍ටියේ ය. ඔහු නොපැමිනියෙන් කනස්සල්ලට පත් ධාවන ශූරයා රථයෙන් බැස්ස විට ඔහු‍ට දක්නට ලැබුනේ ලගේජ් කැරියරය මත මළ මිනිසෙක් සේ විසංඥව සිටින සහකරු ය. ඔහුට ප්‍රථමාධාර දීමෙන් පසු සිහිය පැමිණියෙන් ඔහු මෙසේ සිද්ධිය විස්තර කළේය.

    දල්ලලේ දී ලාම්පු දැල්වීමෙන් අනතුරු ව වාහනය ‍ගමන් ගත් වි‍ට සුදු ඇඳුමකින් සැරසුණු කිසිවෙක් කාරය පසුපස දුවන්නට වූහ. ඔහු කාරයට ළංවන සෑම විට ම විශාල පුද්ගලයකු බවට පත් වී සහකරු බදා ගැනීම සඳහා දෑත දිගු කරයි. මෙහි දී සහකරු කෑගැසූ විට මෙම රූපය කෙමෙන් කුඩා වී පසු බසී. කෑගැසීම් හඬ කාරය තුළ වු අයට නො ඇසුන නිසා ඔහුට පිළිසරණක් ද නො ලැබිණි. ‍ටික වේලාවකින් රූපය නැවත ළංවෙයි.

    මො‍ටර් ‍රථ පදවන්න් කී දෙනකුට මේ අත්දැකීම දලල්ලේ දී ලැබී ඇද් ද?
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ජේ. මහතා (කතාව වාර්තා කරන ලද පුද්ගලයා) විසින් දක්වා ඇති ඊළඟ කතන්දරය නම් කුලී රියක ගමන් ගනිමින් සිටිය දී රොස්මිඩ් පෙදෙසේ සිදු වු අනතුරකින් මිය ගිය විදේශ කාන්තාවක් ගැන යි. එතැන් පටන් කනත්ත සුසාන භූමියේ ලිව් දොරකඩ රාත්‍රි කාලයේ දී පසු කර යන කුලී රථවලට අත ඔසවන සුදු කාන්තාවක් අනතුරු ව රථයට ගොඩ වී රොස්මිඩ් පෙදෙසේ ලිපිනයක් දෙයි. නියමිත ලිපිනයට ළගා වී බලන විට කිසිවකු රථය තුළ නැති බව කුලී රථයේ රියදුරා‍ට දැනගන්නට ලැබෙයි.

    විග්‍රහය

    ඉහත දැකිවෙන කතාන්දර විග්‍රහ කළ වි‍ට මෙම කරුණු සහ ප්‍රශ්ණ මතුවෙයි.

    ළමයා සහ කකාන්තාව
    මෙය සිදුවන්නේ තනියම ගමන් කරණ අයවලුන්ට පමනක් නිසා එය සිය දෑසින් ම දුටු අන් අය නැත.

    සැබවින් ම සිදු‍ වුයේ කුමක් දැයි නිවැරදිව කිව හැකි වන්නේ මියගිය අය‍ට පමණකි. මියගිය අයට කථා කිරීම‍ට හෝ ලිවීමට නොහැකි නිසා මරණය සිදුවුයේ භයවීම හෝ ළමයා වඩා ගැනීම නිසා ය යි නිගමනය කළේ කෙසේ ද?

    භූතයා දැකීමෙන් පසු ද මරණයට පත් නො වු අය තමා භය වුයේ නම් හෝ ළමයා වඩා ගත්තේ නම් හෝ මිය යන බව දන්නේ කෙසේ ද?

    දලල්ලේ භූතයාට මෙන්ම සුදු කාන්තාවගේ භූතයාට ද කන් ඇසීම පුදුම සහගත දෙයක් වන්නේ මරණයෙන් පසු මස්තිස්ක පටකයන් සහ කන් බෙරය දිරාපත් නොවු නිසා ද?

    මොටර් රථ පදවනන්ට මෙම කාන්තාව හමු නොවන්නේ නම් “කුමක් දෝ හෝතුවක් නිසා” ඔවුන් භීතියට පත් වීම කාන්තාව හා දරුවා නිසා සිදුවන්නකැයි නිගමනය කිරීම විහිළුවකි.

    එක ම ස්ථානයේ රථවාහන අනතුරු රාශියක් සිදුවන්නේ නම් ඊට හේතුව භූතයන් නොව මහා මාර්ගයේ වරදක් ය යි නිගමනය කිරීම වඩා සාධාරන නොවේ ද? අන් රට වල නම් එසේ අනතුරු සිදුවුව හොත් ඒ ගැන මාහා මාර්ග ඉන්ජිනේරුවන්ගේ අවධානය යොමු වෙයි. ලංකා වේ නම් එවැනි අනතුරු වල‍ට පිළියම් කළ හැක්කේ යකැදුරන්ට ය.

    මෙම කුනුහරුප කීම ඕනෑම භාෂාවකින් කළ හැකි ද? එසේනම් මෙම භූතයා භාෂා රාශියක් දන්නේ ද? එසේ නොවන්නේ නම් භූතයා දන්නා භාෂාවෙන් කුණුහරුප නොදන්නා, පාරේ ගමන් කරන අයවලුන්ට බේරුමක් නැද්ද?

    සෑහෙන කාලයක් තිස්සේ මේ ස්ථානයේ දී මිය ගිය පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ජේ. මහතාට ඉදිරිපත් කළ හැකි ද? හදිසි මරණ පරීක්ෂකගේ වාර්තා සහ ප්‍රදේශයේ පොලිස්ථානයේ වාර්තා ද මගින් අදාල තොරතුරු ලබාගත හැකි ද?

    රාත්‍රි කාළ‍‍යේ අනතුරු වලට භාජනය නොවී අවුරුදු පතා මේ ස්ථානය පසුකර යන දහස් ගණනක් දෙනා ගැණ ‍ජේ. මහතා කල්පනා කර බැලුවේ ද? මම (ආචාර්‍ය ඒබ්රහම් ටී කොවුර් මහතා) ද එවැනි ‍රියදුරෙක්මි.



    කනතේ භූතයා

    දලල්ලේ භූතයා හා ගොරකානේ භූතයා දුටු පුද්ගලයින් මිය ගියේ වී නමුදු විදේශ කාන්තාව රථයේ පටවාගෙන රොස්මිඩ් පෙදෙසට ගිය කුලී රථ රියදුරන් රාශියක් දැනට කොළඹ නග‍රයේ ජීවත් වනවා විය යුතු ය.

    සුදු කාන්තාවගේ භූතයා පෙනී සිටින්නේ නිර්වස්ත්‍රව ද නැතහොත් යුරෝපීය ඇදුමින් සැරසී දැ යි දක්වා නැත. ඇය නිර්වස්ත්‍රව සි‍ටියේ නම් එවැනි කාන්තාවක් කුලී රියදුරෙකු විසින් තම රථයට පටවා නොගනු ඇත. විශේෂයෙන් ම කනත්ත සුසාන භූමියේ ලීව් දොර‍ටුව අසල දී ඔහු එසේ කරණ්නට මැලි වනවා නිසැක ය. අනිත් අත‍ට ඇය සාමාන්‍ය කාන්තාවක් ලෙස ඇද පැලද සිටියේ නම් එම කාන්තාව‍ට පමනක් නොව ඈ හැදි ඇදුම් වල‍ට ද මරණීන් මතු ශරීරයෙන් බැහැරව යන භූතාත්ම ඇතැ යි තීරණය කිරීම‍ට අපට සිදුවේ. ඇට ක‍ටු හෝ මාංශ ‍පේශී නො තිබියදීත් කාරය පසු පස හබා ආ දලල්ලේ භූතයා ගැන ද මේ දෙයම කිවයුතුය තිබේ. නැතහොත් සමහර වි‍ට මේ භූතයන්ට ඇටකටු හා මාංශ‍ පේශී සහිත ශරීරයක් තිබෙනවාද විය හැකි ය.



    මිය ගියා ද? ජීවත්ව සිටී ද?

    මෙම භූත කාන්තාව කුළී රථ රියැදුරන්ට කතා කළ බව පිළිගන්නේ නම් දැන‍ට බොහෝ කාලයකට පෙර කනත්තේ සුසාන භූමියේ දී දිරාපත් වී පස් සමග එකතු වු නමුදු ඇගේ උච්චාරණේන්ද්‍රිය, පෙනහලු, මුඛය, දිව සහ මොලයේ උච්චාරණ කේන්ද්‍රය ද තවමත් ක්‍රියාකාරී ව පවතින බව අපට නිගමනය කිරීම‍ට සිදුවේ. නැත්නම් ශබ්ද තරංග නිකොත් කොට අනිත් අය‍ට අන් අයට ශබ්ද ඇසීමට සලස්වන ශබ්ද නිශ්පාදන යන්ත්‍ර මේ භූතයන් සතුව තිබෙනවා විය යුතුය. (ඔබ දියතලාව දිණූෂා ගැන කියවු අයෙකු නම් ඉහත ප්‍රකාශය නැවත වරක් කියවා බලන්න. දීණූෂා ‍ට ද හැඩීම‍ට හැකි යයි කථාවේ දැක්වේ.)


     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    1950 දශකයේ වයස් ගතව මිය ගිය මිත්තණියක ගේ භූතාත්මයක් පිළිබඳ ගවේෂණයක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඊට හේතු වූයේ ඒ ගෙදර කාලයක් තිස්සේ තිබුණු පෙට්ටගම දැඩි මිලකට පරණ බඩු එකතු කරන්නෙකුට විකුණන්නට තීරණය කිරීමයි. ඒ ගැන ගෙදර අය සාකච්ඡා කරද්දී මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වූවාය.

    එහි දී අනාවරණය වූයේ රසවත් කතාවකි. ඒ මිත්තණිය විවාහ වීමට පෙර ළමාවියේ දී ම ගමේ රාලහාමි කෙනකු ඇසුරු කොට තිබුණි. ඇය වැඩිවිය පත් උත්සව දවසේ මේ රාලහාමි ද පැමිණ මගුල් කා ඇගේ මවට තෑගි බෝග දුන්නේය. මේ අතර කිසිවකුට නොපෙන්නට ඇයට යමක් තෑගි දුන්නේ ය. ඇය කිසිවකුටත් නොපෙනෙන්නට මේ තෑග්ග සඟවා ගෙන ආරක්ෂා කළාය.

    පසු කලෙක මේ නිවසේ කෙනෙකු සමඟ විවාහ වී පැමිණෙන විට ද ඒ ආදරණීය තෑග්ග ඇය සඟවා ගෙන ආවා ය. ඇය වයස් ගත වූ විට බුලත් හැපීම සඳහා භාවිත කළ බුලත් හැඹිලියේ එය සඟවා ගෙන, නිතර තමන් ළඟ තබා ගෙන සිටියාය. ඇය විසින් ම ඉඳිකොළවලින් වියා ගන්නා ලද මේ හැඹිලියේ ඇතුල් පැත්තේ සාක්කුවක් සකස් කොට ඒ තෑග්ග එහි සඟවා මසා තිබුණි.

    එදා ඇයට එම තෑග්ග දුන් රාලහාමි පසු කලෙක තමන් ගේ ඉඩකඩම් දේපොළ තම ළමාතැනීට හා දූ දරුවනට පවරා, එක් ඉඩමක් හා කුඹුරක් පන්සලකට පූජා කොට, එහිම පැවිදිව බණ භාවනා කොට අපවත් වී ඇත.

    රාලහාමි පැවිදිව අපවත්වීම පිළිබඳ මේ මිත්තණියට ආරංචි මාත්‍රයක් පවා ලැබුණේ ද නැත. එයිනුත් අවුරුදු හැත්තෑවකට පමණ පසු මේ මිත්තණිය මිය ගියාය. ඇගේ පැරැණි ඇඳුම්, කංහැන්ද හා හුණු කිල්ලෝටය සහිත බුලත් හැඹිලිය ද මේ පෙට්ටගමේ පරණ රෙදි කඩමාලු අතර කාලයක් තිස්සේ තිබිණි.

    මේ මිත්තණිය මිණිපිරියකට ආවිශ්ට වීමෙන් එය අනාවරණය වූයේ මෙසේ ය. “ඔය පෙට්ටගම උඹලා විකුණාගෙන කාපල්ලා. මට ඒකෙන් කාරියක් නෑ. ඒක උඹලගෙ මුත්තණ්ඩිගෙ පෙට්ටගමක්. මගේ ඒකට ආශාවක් නෑ. ඒ වුණාට ඔය පෙට්ටගමේ මගෙත් වටිනා වස්තුවක් ඇති.”

    “ඒ මොකක්ද අත්තම්මේ?” ඇගේ මුණුපුරෙකු ඇසුවේ ය.

    “පෙට්ටගම ඇරපල්ලා මං පෙන්නන්න” ඇය ආවිශ්ටව සිටි දැරිය කීවාය.

    නිවසේ අය පෙට්ටගම විවෘත කොට ඇයට ඉඩ දුන්හ. “මේක මගේ නෙවෙයි. මේක මගේ නෙවෙයි” කියමින් එහි තිබු පරණ ඇඳුම් එකින් එක ගෙන පෙට්ටගමෙන් ඉවතට දැමුවාය. “ආ… උඹලගෙ මුත්තගෙ පට ලේන්සුව… හිඞ… හිඞ… හිඞ…” යැයි ඒ වන විට කාවුන් විසින් කා දමා තිබුණු පරණ පටලේන්සුවක් ද හිනාවෙමින් ඉවතට දැමුවා ය. “මගේ හැට්ටෙ… මගේ චීත්තෙ…” යැයි කියමින් ඒවා ද ඉවතට දැමුවා ය. මේ අතර තිබූ කුඩා බුලත් හැඹිලිය දැක මහත් ආසාවෙන් එය අතට ගෙන පපුවට තද කැර ගත්තා ය.

    “මේන්න මගෙ වස්තුව“

    “ඔය මොන කෙහෙල්මලක් ද? පරණ හැඹිලි කබලක්නෙ” මුණුපුරා සිනාසුණේය.

    “අනේ! මෝඩයෝ උඹ දන්න කෙහෙල්මල. හීඞ… හීඞ… හී…” යි ඇය නැවතත් හැඹිලිය තුරුලු කැර ගත්තා ය.

    “කෝ… බලන්න…” යැයි එය උදුරාගත් මුණුපුරා හැඹිලිය විවෘත කැර බැලුවාය. එහි තිබුණු රිදී කංහැන්ද ගෙන “ආ… මහ ලොකු වස්තුව“ යැයි දැරිය අතට දුන්නේය.

    “මට එපා. මේක මට වැඩක් නැහැ” යැයි මේ වන විටත් රුපියල් දෙතුන් සියයක රිදී වටිනාකමක් ඇති කං හැන්ද ඇය ඉවතට විසි කළාය.

    “ආ… එහෙනම් මේක” යැයි හුණු කිල්ලෝටය ඇයට දුන්නා ය. “ඒක උඹ තියා ගනිං” යැයි ඉදිරියට පැන්න ඇය ඔහුගෙන් හිස් හැඹිලිය උදුරා ගෙන නැවත තුරුලු කැර ගත්තා ය.

    ඉන් පසු මෙසේ ආවිශ්ටව සිටි දැරිය එම හැඹිලිය සිය ගවුමට යටින් තන පටයේ සඟවා ගෙන හඬ හඩා ඇඳට ගොස් නින්දට වැටුණා ය.

    මේ පාසල් දැරියට හිටි හැටියේ කඩා පාත් වූ භූත උවදුර කුමක්දැයි පවුලේ උදවිය සාකච්ඡා කරන්නට වූහ. එදින ම හැන්දෑවට ගමේ පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා හාමුදුරුවන් ලවා පිරිත් ටිකක් කියවා ගෙන එමු යි මෑණියන් කළ යෝජනාවට පියාත් පුත්‍රයාත් කැමැත්ත දුන්හ.

    “ඔව්! ඔව්! ඒක හොඳයි. බොහොම හොඳයි.” නින්දේ සිටි දැරිය හීනෙන් මෙන් හඬ නඟා කියන හැටි ද ඔවුනට ඇසුණි.

    කතා කැර ගත් පරිදි එදින හැන්දෑවේ මේ පවුලේ අය දැරිය ද සමඟ පන්සල් ගියහ. විහාරාධිපති හාමුදුරුවෝ ම පැමිණ බෝධි පූජාව පවත්වා සෙත් පිරිත් දේශනය ආරම්භ කරන විට ම දැරිය වෙව්ලා ආවිශ්ට විය.

    “මොකද මේ? කව්ද මේ ළමයට හිරිහැර කරන්නේ?” හාමුදුරුවෝ ඇසූහ.

    “හාමුදුරුවනේ! මම මුතු මැණිකෙනෙ. ඔබ වහන්සේට මාව මතක නැද්ද?”

    “මොකද මතක නැත්තෙ? මට උපාසකම්මව හොඳට මතකයි.”

    “ඔව්! ඔව්! ඔබ වහන්සෙ මං මැරිච්ච දවසෙ පාංශුකූලෙටත් වැඩියනෙ. මටත් මතකයි. හැබැයි ඉතින් ඔබ වහන්සෙ එදා වැරැදි වැඩකුත් කළා. නේද!” ඇය හිනාවෙමින් පැවසුවාය.

    තරමක් කලබලයට පත් හාමුදුරුවෝ ඒ බව නොඅඟවා හෙමින් සැරේ “ඒ මොකක්ද උපාසකම්මේ?” යි ඇසූහ.

    “ඇයි? මතක නැද්ද? ඔබ වහන්සෙ මගෙ මිනිය ඉස්සරහින් තියා ගෙන මගේ දූලා පුතාලගෙ ගුණ වරුණෙම නෙ දේශනා කළේ, මගේ ගැන ඩිංගයි නෙ කීවෙ. මම ඔය පන්සලට වස් පිංකම්වල දී කඨින සිවුරුම හයක් පූජා කරල තියෙනවා අවුරුදු හයකදී. ඝංඨාර කුලුන හදන්න වැඩියෙන්ම උදව් කළේ මම. මම ලෙඩ්ඩුන්ට කොයි තරම් උදව් කරල තියෙනවද? ගමේ නාන ළිඳ හදන්න සිමෙන්ති අරන් දුන්නෙ මම. ඉතින් හාමුදුරුවනේ. ඒ වගේ පිංකම් මතක් කරනවා නම් මළගිය ප්‍රාණකාරයා සතුටුයි. ඒවා ඇහෙන කොට පින් සිතුවිලි ගොඩ නැඟෙනවා. දූ දරුවන්ගෙ ගුණ කිව්වාට කමක් නැහැ. ඒත් වැඩිපුර මතක් කරන්න ඕනැ මැරිච්ච පුද්ගලයා කරපු හොඳ වැඩ. එදා මගේ පාංශුකූලෙ දෙන වෙලාවෙ මමත් එතනට ආවා. මමත් අහගෙන හිටියා. හත් දවසෙ බණ අහන්නත් ආවා. ඒත් මට මතක් වුණේ මේ හැඹිල්ල මයි.” කියමින් පපුවට දෑත් තබා තද කැර ගත්තා ය.

    “කෝ දෙන්න අම්මේ ඔය හැඹිල්ල. ගන්න ඕක එළියට. මොකක්ද ඔය හැඹිලි කබලට තියෙන තණ්හාව?” පුතා කීවේ ය.

    “උක්කු බණ්ඩෙ උම, කෑ නොගහ හිටපං. උඹ පුදුමයි අද පන්සල් ආව එකත්. ඇයි පලයං වෙනදා වගේ කසිප්පු පොළට. කෙල්ල අසනීප වෙයි කියල බයට අද නම් පන්සල් ආවා නේද?” යි දැරිය පියා දෙස ඔරවා බැලුවා ය. පියා නිහඬ විය.

    “කෝ මට දෙන්න උපාසකම්මෙ බලන්නැ” යි හාමුදුරුවෝ ඉල්ලූහ.

    “හා… දෙඤ්ඤං… දෙඤ්ඤං…” යැයි දැරිය හැට්ටය අස්සට අත දමා සඟවා තබා ගෙන සිටි හැඹිල්ල එළියට ගෙන දෝතින් ම හාමුදුරුවන් අත තැබූහ.

    “මොකක්ද උපාසකම්මෙ මේ පරණ හැඹිල්ලක් නෙ” යි හාමුදුරුවෝ ද පැවසූහ.

    “මෙහෙට දෙන්න මම ඕකෙ වටිනාකම පෙන්නන්න” යැයි හැඹිල්ල ආපසු ඉල්ලා ගත්තා ය.

    සියලු දෙනා ම බලා සිටිය දී හැඹිල්ල ගෙන එය ඇතුළට ඇඟිලි දමා ඬයපොත්තෙන් ඉරුවා ය. “හීඞ… හීඞ… හී…. මේන්න මගේ වස්තුව“ යැයි රන් පවුමේ කාසියක් ආඩම්බරයෙන් පෙන්නුවා ය.

    “කෝ බලන්න” යැයි එය ඉල්ලා ගත් හාමුදුරුවෝ “ඔව්! ඔව්! බොහෝ ම වටිනවා. විලිසියානු රත්තරන් පවුමක්” යැයි කීහ.

    “ඔව්! ඔව්! රුපියල් පනහක් හැටක් වටිනවා” ඇය කීවාය.

    “නෑ… නෑ… උපාසකම්මෙ ඒ ඒ කාලෙ. දැන් ඕක රුපියල් තිස් හතළිස් දාහක් වටිනවා” යි හාමුදුරුවෝ පැවසූහ.

    “මම මේක පන්සලට පූජා කරනවා. ඕක විකුණලා පොරෝජං වැඩක් කරන්නැ” යි ඇය කීවා ය.

    “බොහොම හොඳයි. උපාසකම්මෙ අපි ඒ මුදල් වලින් පන්සල් ගේ රෙපයාර් කරන්නං. එහෙම කරලා උපාසකම්මට පිං අනුමෝදන් කරන්නම්.”

    “එපා… එපා… ඒවට වියදම් කරන්න එපා. අර පන්සල් ගෙයි වයස්ගතව වැඩ ඉන්න නායක හාමුදුරුවන්ට, ඔව්! අසනීපෙන් ඔත්පලව ඇඳට වැටිලා ඉන්න නායක හාමුදුරුවන්ට හොඳ දොස්තර මහත්තැන් කෙනෙකුට පෙන්නලා බෙහෙත් අරගෙන දෙන්න. හොඳ හොඳ පෝසනේ තියෙන විටමිං ආහාර අරන් දෙන්න. පස්සෙ නෙවෙයි, දැන් පිං අනුමෝදන් කරන්න. මට විතරක් නොවෙයි. අපේ ගමේ හිටපු ආරච්චිල මහත්තැන්ටත් පිං අනුමෝදන් කරන්නැ” යි පවුමේ කාසිය ගරු සරු ඇතිව දෝතින් ම පූජා කොට මහ හඬින් සිනා සී” සාදු සාදු සාදු” යි කීවා ය.

    දැරිය හොඳින් දෑස් ඇර පුදුමයට පත්ව වට පිට බලා පියවි සිහියට එළැඹුණා ය.
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කට්ටිය මේකට කැමති නැද්දෝ..??? පොඩි කමෙන්ට් එකක් දාල මට පොඩි මොරාල් එකක් දෙන්න මේක දිගටම කරගෙන යන්න...!!!!!
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කට්ටිය මදිනේ...!!! කෝ කෝ... ඇවිල්ල මට මොරාල් එකක් දෙන්න කෝ..>.!>>> තව කතා මාර සෙට් එකක් තියෙනවා දාන්න .... ඕනද ...??/??????:rofl::rofl::rofl::rofl::rofl::rofl: