හෞතික විද්‍යාවේ බලේ පෙන්වයි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,364
    573
    113
    උබල එන්නද ?
    හෞතික විද්‍යාවේ බලේ පෙන්වයි

    පර්යේෂණ හා කැපකිරීම් ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය 2012 වසරේදී විද්‍යාඥයින් සොයාගත් ‘‘හිග්ස් බොසෝනය‘‘ හෙවත් දේව අංශුවට මුළු පෘථිවියම අසුරු සණින් විනාශ කිරීමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අනතුරු අගවයි.
    ඔහු පවසන්නේ මෙම අංශුව සොයාගැනීමට ප්‍රෝටෝන කදම්බ 2 ක් ස්විට්සර්ලන්තයේ ‘‘ලාර්ජ් හාර්ඩන්‘‘ අංශු ත්වරකය යොදාගෙන එකිනෙක ගැටීමට සැළැස්වුවාක් මෙන් විද්‍යාඥයින් මෙම අංශුව තවත් අංශුවක් හා අධි වේගයෙන් ආ අධි ශක්තියකින් ගැටීමට සැළැස්වුවහොත් සුවිශාල රික්ත අවකාශයක් ඇතිවී එය පෘථිවිය ගිල ගනු ඇති බවයි.
    මහා විද්‍යාඥයාගේ ප‍්‍රකාශය හිග්ස් බොසොනය සම්බන්ධ පර්යේෂණ නව මානයකට ගෙන යනු ඇතැයි මත පළවී තිබේ.
    ‘‘හිග්ස් බොසෝනය‘‘ මෙතෙක් සොයාගෙන ඇති කුඩාම අංශුව ලෙස සැළැකෙන අතර කිසියම් වස්තුවකට එහි ‘‘බර‘‘ ලබාදීමට මුල් වන්නේ මෙම අංශුව බව සැළකේ.
    2012 වසරේදී ප්‍රෝටෝන කදම්භ 2 ක් ලාජ් හාර්ඩන් අංශු ත්වරකය ආධාරයෙන් එකිනෙක හා ගැටීමට සැළැස්වූ විද්‍යාඥයින්ට එම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම අංශුව සොයාගැනීමට හැකිවිය.මෙවන් අංශුවක් පැවතීමට ඉඩ ඇතැයි මුලින්ම මත පළ කර තිබුණේ මහාචාර්ය හිග්ස් වන අතර ඒ 1964 තරම් ඈත කාලයකදීය.
    සොයාගත්තද අංශුව තවමත් විද්‍යාඥයින්ට අභිරහසකි.එහි කාර්යභාරය තේරුම්ගැනීමට තවමත් කිසිවෙකුටවත් හැකිව නොමැත.
    කෙසේනමුත් තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය හෝකින්ස්ම හිග්ස් බොසෝන දෙකක් එකිනෙක හා ගැටීමට සළස්වා ලෝක විනාශයක් සිදුකිරීමට දැනට ලෝකයේ ඇති අංශු ත්වරක එකකටවත් හැකියාවක් නොමැති බවද පෙන්වා දේ.
    මේ සදහා අවැසි වනු ඇති අංශු ත්වරකය පෘථිවිය තරම්ම විශාල වනු ඇතැයිද වත්මන් ලෝක ආර්ථික තත්ත්වය හමුවේ කිසිවෙකුවත් එවැනි දේයකට ඉදිිරිපත්වනු නැතැයි තමන්ට සහතික යැයිද ඔහු පවසයි.



    1410083904547_wps_9_Television_Programme_Step.jpg



    1410084397564_wps_10_FILE_A_May_31_2007_file_p.jpg



    1410084416870_wps_12_Undated_CERN_Geneva_hando.jpg
     
    Last edited: