ළඟදීම_ප්‍රබල

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ළඟදීම ප්‍රබල උද්ඝෝෂණ රැල්ලක් – බුද්ධි අංශ


    imagescaofoytv.jpg


    257354-sri-lanka-protest.jpg



    ඉන්ධන මිල ඉහළ යාමත්, රුපියල අවප්‍රමාණය වීමත් හේතුකොටගෙන සිදුවන භාණ්ඩ හා සේවා මිල ඉහළයාම් ඇතුළු ආර්ථික ගැටලු මුල්කරගනිමින් ඉදිරියේදී මහජන උද්ඝෝෂණ රැල්ලක්ම රට තුළ ඇතිවීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ විසින් බලධාරීන් දැනුවත් කර ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

    එම උද්ඝෝෂණ හලාවත ධීවර උද්ඝෝෂණයට වඩා දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීමක්ද බුද්ධි අංශ කර තිබේ.ඉන්ධන මිල ඉහළ යාමත්, විදුලිය හා ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් ජනතාවට තදින්ම දැනී තිබෙන බවත්, රුපියල අවප්‍රමාණය හේතුකොට ගෙන ඉදිරියේදී ආනයනික භාණ්ඩ මිල ගණන්ද ඉහළ යාමෙන් ජනතාවට ඒ ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිවනු ඇති බවත් බුද්ධි අංශ පවසා තිබේ.



    :shocked:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මම යන්නේ වගකීම් ඉටුකරලයි - ජනපති :lol:

    604738892mahin.jpg



    ඇතැම් විදෙස් බලවේග තමන් තනතුරෙන් ඉවත්කිරීමට කුමන්ත්‍රණය කළ ද තනතුරෙන් ඉවත්වන්නේ වගකීම් ඉටුකිරීමෙන් පසුව පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    කඩවත ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද(18) ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එමෙන්ම ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳව කලබලයට විය යුතු නොවන බව ද ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළේය.

    ලෝක වෙළඳපොළේ තත්ත්වය මත මෙසේ තෙල් මිල ඉහළ නැංවීමට සිදුවූ බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය.

    ඉන්ධන මිල ඉහළ නැංවුව ද සහන ලබාදිය යුතු පිරිස් වෙත ඉන්ධන සහනාධාර ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



    pora bayawela :lol:



    සහනාධාර එපා-ගාස්තු වැඩිකරනවා


    1914868108threewheel.jpg



    රජයෙන් ලබාදීමට නියමිතව තිබු ඉන්ධන සහනාධාරය තමන්ට අවශ්‍ය නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

    එම සහනාධාරය වෙනුවට ත්‍රීරෝද රථ ගාස්තු සියයට පහකින් ඉහළ නංවන බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පෙන්වා දෙයි.

    ඌව පළාත් ත්‍රීරෝද රථ සංගම් නියෝජනය කරමින් බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති හමුවකදී ඔහු මේ අදහස් පල කළේය.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු එම සංගමයේ ලේකම් සුනිල් ශාන්ත මහතා කියා සිටියේ දිවයිනේ සියලු පළාත් සඳහා එකම ක්‍රමවේදයකට ත්‍රීරෝද රථ මීටර් සවිකිරීම ප්‍රායෝගික නොවන බවයි.

    ඒ හේතුවෙන් ත්‍රීරෝද රථ නියාමනය කර කොමිසන් සභාවක් පත්කිරීමෙන් අනතුරුව මීටර් සවිකරන්නේ නම් ඊ‍ට තම සංගමය එකඟ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    :(
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ ආණ්ඩුව දැන් විකාරයක් වෙලා... අවුරුද්දක් යන්නත කලින් කුණු බක්කි පෙරල ගන්නවා.. එහෙන් විජයදාස රාජපක්ෂයි ෆොන්සේකායි, රාජිතයයි, ලප කුමාරයි. දැන් ළඟදී දැක්කා, රවියයි කබීර් හෂිම් දෙන්නා කොකු කියලා.. එහෙන් දුන්න පොරොන්දු පැත්තක තියලා කිව්වද කියලවත් මතක නෑ, මුන් විපක්ෂේ ඉන්නකොට දීපු ටෝක් වල කොහොමද.. එහෙන් ජනාධිපති කියල ඉන්නවා. හිටියත් එකයි නැතත් එකයි වගේ. වෙන දේවල් මොකුත් දන්නේ නෑ.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඕක කියන්න බුද්ධි අංශ ඔනි නැහැනේ...මේ යන විදියට එහෙම එකක් වෙයි කියලා නොකියන්න බැරි කාටද..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යකෝ මුන් රිප්ලයි දාන්නෙ දිනේ බලලදෑ.... හැබැයි අනාගතේටත් ඕකම තමා රනිල්ට වෙන්නෙ බජට්ටුවෙන් පස්සෙ