ළමයින්ගෙන්_සමාජයට පාඩමක්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ළමයින්ගෙන්_සමාජයට පාඩමක්

    සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත‍්‍ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි.

    ඉකුත් දිනෙක මේ විදු පියසේ දී ක‍්‍රීඩා උත්සවයක් පැවැත්විණි. මුළු ගමටම ආලෝකයක් ගෙන දුන් මේ පුංචි උත්සවයේ ‘‘මීටර් සියය’’ තරගය සිත් ගන්නා තරගයක් මෙන්ම මවිතයට පත් කරවන දර්ශනයක් ද ගෙන දුන්නේය. දුෂ්කර ගම්මානයට දහම් සිසිල බෙදා දුන් දිවයිනේ විචිත‍්‍ර ධර්ම කථික බහුශ‍්‍රැත යතිවරයාණන් වහන්සේ නමට මෙහි විනිශ්චය බාර විය.


    දැන් මීටර් සියය පොඩිත්තන් සඳහා විවෘත විය. ක‍්‍රීඩා ලෝලීන් මෙන්ම නරඹන්නෝ හුරේ දමමින් පොඩිත්තන් දිරිමත් කරන්නට පටන් ගත්හ. අම්මලා තාත්තලා දුවේ පුතේ කියා කෑ ගසමින් දරුවන් උනන්දු කළත් පොඩිත්තන් රැුළම පිටිය මැද නතර වී උන්හ. නරඹන්නන්ට ප‍්‍රහේලිකාවකි. සිදුවී ඇත්තේ තවත් සංවේදී දෙයකි. මීටර් සියය තරගයට ඉදිරිපත් වූ 21 දෙනා අතරින් එක් පොඩිත්තෙක් කකුල නොණ්ඩි ගසමින් තරගයට ඉදිරිපත් වීමය.
    එක, දෙක, තුන ලබා ගැනීම පසෙක දමා තම සගයා එන තුරු අනිත් පොඩිත්තෝ බලා සිටියහ.


    අවසානයේ දී දරුවන් විසිඑක් දෙනාම එකට අත්වැල් බැඳගෙන දිනුම් කණුව අසලට පැමිණියේ ජයග‍්‍රාහක විලාසයෙනි.
    කෙසේ නමුත් තරගයේ පළවැනියන් විසිඑක් දෙනකු තරුණේ කුළල් කා ගන්නා වැඩිහිටි සාමාජයට කදිම පාඩමක් උගන්වමිනි.
    වස්සාන සමය වෙනුවෙන් දිවයිනේ සෑම විහාරයකම පවත්නා ධර්ම දේශනා මාලාවක දී උගත් විචිත‍්‍ර ධර්ම කථික හිමිනමක විසින් තම ධර්ම දේශනයේ දී මේ සිද්ධිය උවැස උවැසියන්ට දේශනා කළේ සුමධුර විලසිනි.

    උපුටා ගැනීමකි

     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    11.gif
    11.gif

    rep
     
    • Like
    Reactions: anju.r