ළමයි ඉන්න නොයින්න ඔක්කොම මේක කියවන්න.
පළවෙනි දේ,
"මාව අම්මලා හැදුවේ ගහලාය. මම හොඳය. එනිසා ළමයින්ට ගහන එක හොඳය"
කියන සූත්‍රය පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා දරුවන්ට ශාරීරිකව වද දීමේ හොඳ නරක ගැන කතා කරන්න. මොකද ලෝකේ ඉන්න හැම පර බල්ලෙක්ටම තමා හොඳ කෙනෙක් තමා. ඕක මෙතන කමෙන්ට් කරල තියෙන අයියලට අක්කලට විතරක් නෙමේ. බඩේ බෝම්බයක් බැඳගෙන තමාව පුපුරගන්න ඉස්ලාම් අන්තවාදියටත් පොදුයි. එනිසා ඒ සූත්‍රය පැත්තකින් තියමු මුලින්ම. මෙතන තියෙන ප්රශ්නය මේකයි.
දරුවෙක්ව හදන්න, ඒ කියන්නේ දරුවෙක්ව සදාචාරාත්මක වර්ධනය කරන්න ඔහුව/ඇයව ශාරීරික වධහිංසාවට (වේදනාවට) සහ ලැජ්ජාවට පත් කිරීම කල යුතුද නැද්ද කියන එක. (පාසැලක වගේ නම් මේක වෙන්නේ ප්‍රසිද්ධියේ, පවුලක වගේ නම් තමාගේ සහෝදර සහෝදරියන් ඉදිරියේ වෙන්න පුළුවන්)
මුලින්ම කියන්න ඕන දරුවෙකුට ගහන එකෙන් කෙරෙන්නේ ඔහුගේ/ඇයගේ හැසිරීම පාලනය කිරීම පමණයි. ඒ දරුවාව බිය වැද්දීම මඟින්. මෙතනදි බොහෝ විට ශාරීරික වේදනාවට පත් කිරීම (වේවැල් වලින් පහර දීම, ඉස්සර නම් ගහක බැඳලා දිමි ගොටු දැමීම, දණ හැස්වීම) සහ තර්ජනය කිරීම (ආයේ කලොත් කටේ මිරිස් දානවා) , ලැජ්ජාවට පත් කිරීම (තෝ වගේ බූරුවෙක්, තොපිව හැදුවට වඩා හොඳයි යකෝ හරකෙක් හදා ගත්තනම්) වගේ ක්‍රම භාවිතා වෙනවා.
මේ දේවල් වලින් වෙන්නේ දරුවාව පාලනය කිරීමක්. බිය වැද්දීමක්. බිය වැද්දීම තුළින් සිදුවන්නේ අවබොධය තුළින් වන සදාචාරාත්මක වර්ධනයක් නෙමේ. තමාට වඩා බලවත් අධිකාරී බලයකින් (authoritative figure) එකකින් එන නියෝග කොන්දේසි විරහිතව පිළිගන්න ළමයා පුහුණු කිරීමක්.
මේ මඟින් ළමයාට මානසිකව වෙන හානිය ඉතා විශාලයි. දරුවාගේ පෞරෂය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.
ඒ වගේම අධිකාරී බලයට බියෙන් නියෝග පිළිපදින දරුවා තුළ බිය මිසක හරිවැරැද්ද ගැන සැබෑ අවබෝධයක් නැහැ. අම්මා නැති වෙලාවට හොරෙන් සීනි කන ළමයා තමා පොලිසිය නැති බව දන්නා අතුරු පාරවල් වල හෙල්මට් එක නැතුව යන්නේ. මොකද ළමයාගේ හැසිරීම තීරණය වෙන්නේ අවබෝධය තුළින් නෙමේ, බිය කියන සාධකය මත නිසා. මොකද සීනි හොරෙන් කන එකේ හරි වැරැද්ද වගේම හෙල්මට් එක දැමිමේ උවමනාව ගැනත් අවබොධයක් නැහැ. තමාගේ වැරැද්ද අල්ලලා දඬුවම් කරන්න කෙනෙක් නැත්නම් ඕනම ජඩ වැඩක් කරන සමාජයක් බිහි වෙන්නේ මෙහෙමයි.
ඊටත් වඩා දරුණුම දෙය තමා ළමයින්ගේ පෞරෂත්වයට වෙන හානිය. ගොඩක් දරුවන් අම්මලාට තාත්තලාට බයයි. විශේෂයෙන්ම වැරදි කලාම ගුටි දෙන අම්මලා තාත්තලාට. ඉස්කෝලෙදී ගුරුවරුන්ට බයයි. ප්‍රින්සිපල්ට බයයි. ඒ කියන්නේ අදාල සිස්ටම් එකක් තුළ අධිකාරී බලය ඉස්සරහා ඇඹරෙන, දෙකට නැමෙන, සද්ද නැතුව ඉන්න, කීකරු බලු නකුටෙක් තමා මේ දෙමාපියනුයි, ඉස්කෝලෙනුයි කෙවිටෙන් දක්කලා හදන්නේ.
ඉතින් මේ ළමයි තමා අර කව්ද කිව්වා වගේ බස් එකේදී කොන්දොස්තරට බය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියාම එතන ඉන්න කැෂියර්ට පවා බයයි, ඉස්පිරිතාලෙට ගියාම එතන ඉන්න ඇටෙන්ඩර්න්ට්ලට බයයි, මන්ත්‍රීට බයයි, ඇමතිට බයයි, රජයට බයයි. හැම දේටම බය නැට්ට පුකේ ගහගෙන ඉන්න කොන්ද පණ නැති ජාතියක් ඇති වෙන්නේ මෙහෙමයි.
ඉතින් උඹල හොඳද?
තව එක දෙයක් කියන්නම්. මෙතන ඉන්න අය ගොඩක් වෙලාවට ළමයින්ට ගහන එකේ ඇත්තම හේතුව ළමයින්ව හොඳ පුරවැසියන් කරන එක නෙමේ. තමාට ළමයින්ගෙන් තියෙන කරදරෙන් මිදෙන්න. තමාගේ එදිනෙදා ජීවිතයේ පීඩනය ළමයාගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙන නිසා ඒ ස්ට්‍රෙස් එකටයි ළමයට ගහන්නේ.
"මම තොට කිව්ව නේද සැරයක්" කියල..
හයක් හතරක් නොතේරෙන ළමයෙක්ගේ ගොං වැඩ ඉවසන්න බැයි නම් ඔබ දෙමාපියෙක් වෙන්න සුදුසු කෙනෙක් නෙමේ. අපි හැමෝම මේ ලෝකෙට ළමයි ගේන්නේ අපේ ආසාවල් ඉෂ්ඨ කරගන්න, උවමනාවල් ඉෂ්ඨ කරගන්න. කවුරුත් ඇවිත් කන් දෙකට කෑගහන්නේ නෑනේ 'අනේ අපිව මේ ලෝකෙට බිහි කරපල්ලා' කියල.
ඉතින් එහෙම තමාගේම කැමැත්තෙන් මේ ලෝකෙට ගේන ඒ අසරණයින්ගේ වැඩ ඉවසන්න බැයි නම්, ඒ තරම් හික්මීමක් නැත්නම් එක්කෝ සරමේ පිහා ගන්න, නැත්නම් කොන්ඩම් එකක් දාගන්න. ඒකයි වඩා හොඳ.
ලෝකේ දියුණු රටවල සත්ව හිංසාවට පවා නිති තියෙනවා. අපේ රටෙත් වැඩිහිටියෙක් තවත් වැඩිහිටියෙක්ට පහර දුන්නොත් නීතිය ඉදිරියට යනවා. ඒත් හයක් හතරක් නොතේරෙන, අසරණ දරුවන්ට පහර දෙන්න කිසිම කෙනෙක්ගෙන් තහනමක් නෑ. ඒ පහර කන එකෙන් තවමත් වැඩෙන මනසක් තියෙන ඒ දරුවන්ගේ මානසිකත්වයට වෙන බලපෑම ගැන හිතන්න එකෙක්ටවත් උවමනාවක් නෑ.
මේක ගැන විවේචන තියෙනවා නම් ගේන්න. කතා කරමු. ඔව් මම මේ මාතෘකාව ගැන සංවේදියි. අසරණ දරුවන්ට හරක්ට වගේ වේවැල් වලින් තලන එකට දැඩි ලෙස විරුද්ධයි.
අවුල් ද?
තව දෙයක්, මේකෙන් කියවෙන්නේ නෑ ළමයින්ගේ වැරදි වලට දඬුවම් නොකර බලාගෙන ඉන්න ඕන කියලා. දඬුවම් කරන්න ඕන. ළමයාට හානියක් නොවන විදිහට.
උදාහරණයක් කියනව නම්,
දරුවෙක් පාඩම් න්කර, ගෙදර වැඩ නොකර ඉන්නවා කියල හිතන්න. දරුවව ගෙනල්ලා වේවැලෙන් පුකට නෙලලා, දරුවව බිය වද්දලා, අපහාස කරලා දරුවාගේ මනස විනාස කරන එක නෙමේ කරන්න ඕන.
දරුවාට අවබෝධය එන විදිහට දඬුවම් දෙන එක.
"පුතේ, අම්මයි තාත්තයො ඔයාට ගොඩක් ආදරෙයි. ඒත් පුතා මේ කරන වැඩේ ගැන නම් අපි කොහෙත්ම කැමති නෑ. ඔයා තේරුම් ගන්න ඕන ඉගෙන ගන්න එකේ වැදගත්කම. අපි ඔයාට කොච්චර ආදරේ වුනත් ඔයා මේ කල දේ ගැන දුකයි. දැන් ගිහින් ගෙදර වැඩ ටික කරලා එන්න. එතකන් අපි එක්ක කතා කරන්න එන්න එපා"
මෙන්න මේ වගේ දඬුවම් තමා ළමයින්ට දෙන්න ඕන. අම්මයි තාත්තයි කුණුහරපෙන් බැණ ගන්න., පොඩි දේකටත් මරා ගන්න පරිසරයකනම් ළමයා මෙහෙම කිව්වට සතේකට ගනන් ගන්න එකක් නෑ. මොකද හිංසාකාරී පරිසරය ළමයාගේ මනස තුළ සාමාන්‍යකරණය වෙලා නිසා. නමුත් අම්මයි තාත්තයි තමා එක්ක කතා නොකරන එකත් ශොක් එකක් තරම් වන ආදරයෙන් පිරුණ සාමකාමී පරිසරයක හැදෙන ළමයාට ඔය වගේ දඬුවමකුත් ලොකු ඉම්පැක්ට් එකක් කරනවා.
හැම දේකටම ගුටිකන ළමයා හිතන්නෙ ප්‍රශ්නවලට උත්තරේ හිංසාව කියලා. ඌ තමා ලොකු වෙලා කියන දේ අහන්නැති කෙල්ලට ගහන්නේ, පාරේ අනතුරක් වුනාම බස් එක කුඩු කරලා ඩ්‍රයිවර් ගේ අඬු කඩලා බස් එක ගිණි තියන්නේ. අපරාධ වලට එල්ලුම් ගහ ඕන කියන්නේ. මොකද දරුවා පොඩි කාලෙයේ ඉඳලා හැදුනේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ හිංසාව කියන පරිසරයක් තුළ නිසා.
from FB

me kathawa aththa thamai loku wenakota e balapama tikak thiyenawa. samahara kala waladi gedara aya okkoma epa wechcha welawal godak thiyenawa.