සියලුම දෙමව්පියන්ට සහ ඉදිරියේ දී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ආදරෙන් ලියමි....
" අම්මෙ, මගේ ඔලුව රිදෙනවා "
"තව ඔබපන් ෆෝන් එක"
"අම්මෙ, මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්නකො "
"පාඩුවේ ඉන්න ඕනි නම් උබ තනියම ජීවත් වෙයන්"
" අම්මෙ, මට මහන්සියි"
" ඇයි හම්බකරලා මහන්සි ද ?"
"අම්මෙ, මට කිසිම නිදහස් නෑ,ටිකක් කෑගහන්නෙ නැතිව ඉන්නකො"
"නිදහසෙ ඉන්න උබ උබේ තැනකට පලයන්"
"අම්මෙ, හැම වේලෙම මට කෑගහන්න එපා,ඔලුව රිදෙනවා මගේ"
"උබව හැදුවටත් පාඩුයි"
"අම්මෙ, ගහලා හදන වයසක නෙමෙයි මන් දැන් ඉන්නෙ "
"අපේ අම්මලා අපිට ගැහුවේ ඉලපතෙන්"
"අම්මෙ, මට පාලුයි "
" උබ එක්ක ඉන්න කැමති කවුද බන් "
"අම්මෙ, මගේ ඇස් පේනවා අඩුයි වගේ "
"තව ඉදපන් කාමරේ අස්සට වෙලා"
"අම්මෙ, මට කොහෙහරි යන්න ඕනි ""ගෙදරට වෙලා හිටපන් "
"අම්මෙ, මට ටිකක් වෙනස් වෙන්න ඕනි.මාව නැටුම් පන්තියකට දාන්න"
"ඇයි පෙරහැරේ නටන්නද? කොල්ලො ඕවා කරන්නෙ නෑ "
"අම්මෙ, එහෙනම් මාව වයලීන් පන්තියකට යවන්න"
"ඇයි ඒලෙවල් වලට වයලීන් ගහන්නත් තියෙනවා ද "
" අම්මෙ, මගේ ඔලුව බරයි.පැලෙන්න වගේ"
"තව නාපන් රෑට"
"අම්මෙ, මන් සමලිංගිකයෙක් "
"උබ මානසික රෝගියෙක්.උබව හැදුවටත් ලැජ්ජයි "
"අම්මෙ, මට ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න ඕනි "
" දැන්වත් මානසික රෝගවලට බෙහෙත් ගන්න එක හොදයි "
"අම්මෙ, මේ ඉන්නෙ මගේ පෙම්වතා"
" ඒඩ්ස් බෝකරන්නෙ උබලා වගේ උන් තමයි "
"අම්මෙ, මට බයයි"
"උබ එක්ක ජීවත් වෙන අපිටත් බයයි .උබ අපිව මරයි"
"අම්මෙ, මන් යන්නම යනවා"
"අනේ ඇයි පුතේ මෙහෙම අපරාධයක් කරගත්තෙ.උබට මොනාද අපි නොදුන්නෙ..?.අත පය නොකඩා හැදුවේ මෙහෙම දෙයක් කරගන්නද.කියපන් මගේ පුතේ.ඇයි මෙහෙම දෙයක් කරගත්තෙ?"
" මානසික නිදහස......"
අවසානයේදි මා මෙසෙ කියමි,
දෙමාපියනි,
කෑම,බීම,ඇදුම්,අධ්‍යාපන පමණක් නොව , ඔබගේ දරුවාව තේරුම් ගන්න.ඔබගේ දරුවාද හැගීම් දැනිම් තිබෙන මනුශ්‍ය පරානයක් බව වටහාගන්න.ඔවුන්ට සිටින්නෙ ඔබ පමණය.ඔවුන්ට ඔබව විශ්වාසය.ඒ විශ්වාසයට අවධානය යොමු කරන්න.
Copyright Ram Dulip Randombage