ශ්‍රී ලංකාවේ ළමා ගණිකා ව්‍යාපාරය
අපේ රටේ එනම්, ශ්‍රී ලංකාව ( Sri Lanka ) ළමා ගණිකා වෘත්තිය පවත්නා රටක් හැටියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසූලන අතර ළමා ගණිකා වෘත්තිය වඩාත්ම පවතින්නේ ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය වැනි රටවලයි. ඒ රටවල ළමා ගණිකාවෝ ලක්ෂ ගණන් සිටිති.
ශ්‍රී ලංකාවේ ( Sri Lanka ) ළමා ගණිකා ව්‍යාපාරය
ළමයින් ගණිකා ව්‍යාපාරයේ යෙදවීමත්, ළමයෙකු යොදා ලිංගික කටයුතු සිදු කිරීමත් කාරණා දෙකකි. ළමයෙක් ලිංගික සේවයේ යෙදවීම එය එතනින් නැවතී නම් ළමයා ගණිකා තත්වයට පත්වන්නේ නැත. උවමනාවෙන්ම ළමයා එහි නැවත නැවත යෙදෙව්වේ නම් ඒ කාරණය ළමයාගේ ජීවිතයේත් අංගයක් වේ නම් ළමයාද ගණිකාවක් බවට පත් වන්නේ ය.
ලිංගික වශයෙන් ළමයින්ගෙන් ප්‍රයෝජන ගැනීම බෙහෙවින් සිදු වේ. වෙරළ අසල වෙසෙන ළමයින් හා මිත්‍ර වන සංචාරකයෝ ඒ අයගෙන් ලිංගික වාසි ලබා ගනිති. සුළු සුළු තෑගි දී ළමයින්ටත් නොදැනුවත්ම ඔවුන් තමන්ගේ ලිංගික පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට යොදවනු ලැබේ.
කෙතරම් සංඛ්‍යාවක් ළමයින් මෙසේ ලිංගික කාරියට යොදවනු ලැබේ දැයි කිසිම සමාජ විද්‍යාඥයෙකු විසින් මෙතෙක් ගණන් බලා නැත. 1980 දී ටිම් බොන්ඩ් කොළඹ පමණක් ළමා ගණිකාවන් 1000ක් පමණ ඇතැයි ගණන් බැලිය. ඔහු ලංකාවේ සිටියේ දවස් කිහිපයක් පමණි. මෙවැනි භාරදූර ගණන් බැලීමක් ඔහුට කිසිසේත් නොහැක. ඔහුගේ නිගමන පහත සඳහන් කරුණු නිසා අසාධාරනය.
වැරදි ක්‍රම විද්‍යාව - ශ්‍රී ලංකාවේ ( Sri Lanka ) භාෂාව හෝ සංස්කෘතිය නොදැන කල සමීක්ෂණයක්
ශ්‍රී ලංකාවේ භාෂාව හෝ සංස්කෘතිය නොදැන දින කිහිපයකදී ( 18කදී ) කරුණු එකතු කිරීම කළ නොහැක. කොළඹ පමණක් 1000ක් පමණක් ළමා ගණිකාවන් ඉන්නා බවත්, මී ගමුවේ 200ක් ළමා ගණිකාවන් ඇති බවත් කියැවින. 1994 දී ඉතා පැහැදිලිව ගණන් බැලු අපිට කොළඹ නගරය පුරාම දක්නට ලැබෙන්නේ ලිංගික ක්‍රියාවල යෙදෙන ළමයින් 505කි. මී ගමුවේ එකල සිටියේ 95කි.
තමන් සොයා ගත් කරුණු කොතරම් වැරදි ද නිවැරදි ද යන්න සොයා බැලීමට ටිම් බොන්ඩ්ට මඟක් නැත. ඔහු කී සමහර කරුණු පමණක් සත්‍ය වෙයි. ඒ නිසාම ඔහු කී සෑම දෙයක්ම සත්‍ය නොවන්නේය. ඔහුට සුදු හමක් ඇති නිසා ඔහු කී සෑම දෙයම රජයට ඉතා වැදගත් විය. ඒවා රජයේ දෙපාර්තුමේන්තු මඟින් පිටපත් කරගෙන ඒ ගැන කරුණු සොයන්නට යෙදිණ.
ඒ අතරමය ලංකාවේ ළමා ගණිකාවන් 30000ක් ඉන්නා බව කියෙවුනේ. මෙය රජයේ මාධ්‍ය වල පවා පළ විය. ( සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍යංශය , 1997 ) එසේම ජාත්‍යන්තර සංවිධාන වල ලේඛන වල ද පළ විය.
මේ 30000 ගණන් බැලීමට මුල්වූ තැනැත්තා කව්දැයි අද පවා අපිට දැනගත නොහැකිය. නියමිත ක්ෂේත්‍ර ගවේෂණයක් නැතිව ඒ ප්‍රමාණය කෙසේ තක්සේරු කෙරිනිදැයි නොවැටහේ.
PEACE ආයතනය ද මේ කියන දේම සඳහන් කරයි. ඔවුන් කියන හැටියට අවුරුදු 6 - 14 අතර ළමයින් 10,000 ක් ගණිකා වෘත්තියේ යෙදී ඇත. තවත් 500 ක් නිදහස්ව වැඩ කරති. ඒ අය අපේ වෙරළ හා සංචාරක ඇති තැන්වල දක්නට ඇත.
අපට ළමා ගණිකාවන් 30000 ක් ඇතැයි සිතමු. එසේ නම් දවසට එක පුද්ගලයෙකු හෝ ඒ අය සමඟ සම්බන්ධ විය යුතුය. මාසයකට 30000ක් ඒ අය අතර සිටින අතර අවුරුද්දකට 360000 ක් එබඳු තැනැත්තන් ඇති වනු ඇත. 1994 දී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගේ ගණන 393700 කි. මෙය මෙසේ නම් මෙයින් වැඩි හරියක් ළමා ගණිකාවන් හා සම්බන්ධකම් පවත්වනු ඇත. මේ 360000 ටම ගැහැණු ළමයින් හා ළමා සියලු දෙනාම ඇතුලත් බව සිතන විට කෙතරම් හාස්‍යජනක දැයි සිතේ.
ළමා ලිංගික පැවැත්ම ගැන කළ වැදගත්ම සමාජ විද්යානුකුල විග්‍රහය ආචාර්ය ඒ. ජේ . වීරමුන්ඩ මහතාගේ විස්ලෙෂනයි. හෙතෙම කළුතර දිස්ත්‍රිකයේ ළමයින් හා සංචාරකයන් අතර ලිංගික සම්බන්ධතා සවිස්තරව විග්‍රහ කළේය. එය ලිංගික සම්බන්ධතාවයක් මිස ළමා ගණිකාවක් ගැන විග්‍රහ කොට නැත. කලින් කළ සංචාරකයන් හා සම්බන්ධතා පැවැත්ම හා ලිංගික ගණිකා ව්‍යාපාරය එකක් නොව දෙකක් බව වටහා ගැනීම වැදගත්ය.
මේ ගවේෂණය පටන් ගන්නා ලද්දේ 1970 සිටය. 1987 - 1990 පමණ වන විට ළමයින් ලිංගික වශයෙන් ග්‍රහණය කිරීමට සංචාරකයන් පුරුදු විය. ළමා ගණිකාවන් ඇතිවුයේ ද මේ නිසාමය. ඒ අය ඇති කලේ තැරැව්කාරයන් විසිනි. විදේශීන්ට ළමයින් අල්ලා දී ඒ ළමයින් රැවටීමෙන් හා බලහත්කාරයෙන් ලිංගික කාරියෙහි යොදවා මුදල් ලබා ගැනීම ස්වදේශික ඇතැම් අයගේ සිරිතය.
source http://thewoman.lk/sri-lanka-child-prostitution/


