2020 ජනවාරි 01 වනදා සිට 15 වනදා අතර කාලය තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142ක් ද බරපතළ ලිංගික අපයෝජන 42ක් ද ළමා අපයෝජන 54ක් ද වාර්තා වී ඇති බව පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානයේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
2020 මුල් දින 15 තුළ පොලීසියට වාර්තා වී ඇති බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාලේඛන මෙසේ ය:
ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්,බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් මින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මඩකළපු දිස්ත්‍රිකයෙනි. ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 21 ක්, 2020 පළමු දින 15 තුළ වාර්තා වූ ළමා අපයෝජන සිද්ධීන් 34 ක් පිළිබඳ පරීක්ෂණ දැන් අවසන් බවද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනුම් දුන්නේ ය.
ස්ත්‍රී දූෂණ 11,998 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 4,806 ක් සහ ළමා අපයෝජන 5,891 ක් 2012 සිට 2020 දක්වා ගත වු වසර 08 තුළ වාර්තා වී තිබේ. ලිංගික අපයෝජනයන්ගේ බලධාරීන්ට වාර්තා කැරෙන්නේ සුලු ප්‍රමාණයක් බව සමීක්ෂන වලින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ළමා ලිංගික අපයෝජනයන්ගෙන් වාර්තා වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව එම සමීක්ෂන පෙන්වා දෙයි. සෑම බාලිකාවන් පස් දෙනෙකෙුගෙන් එක් අයෙක් ද බාලකයින් විසි දෙනෙකුගෙන් එක් අයෙක්ද එවැනි අපයෝජනයන්ට මුහුණ දෙන බව එකසත් ජනපදයේ කරන ලද සමීක්ෂනවලින් පෙනී ගොස් තිබේ.
එබැවින් ඉහත කී සංඛ්‍යා ලේඛන සැළකිය යුත්තේ පාවෙන හිම කන්දක හුදෙක් මතු පිට පෙනෙන ප්‍රමාණය ලෙස බව දැනුවත් අංශ ප්‍රකාශ කරති.